ශානි අබේසේකර ඉදිරිපත් කළ පෙත්සමට අදාලව පිස්සු පූසා කොමිසමේ සාමාජිකයන්ට සිතාසි යැවේ

 



 ඔබගේ පදිංචිය කොහෙද?


නාරාහේන්පි⁣ට ඇල්විටිගල ප්ලැට්ස් ස්වාමීනි

එය ඔබගේ නිවසක්ද?

මම අවුරුදු විස්සක් පදිංචි වෙලා හිටියා කුලී කාරයෙක් විදියට.ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කුලී ගෙවූ පසු මට ඒ ගෙය ගන්න පුළුවන් වුනා ස්වාමිනි

ඒ ගෙදර වර්ග අඩි ප්‍රමාණය කොපමණද?

වර්ග අඩි පන්සිය පනහයි ස්වාමීනි


මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ලබා දුන් සාක්ෂියක කොටසකි.
 
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අ⁣බේසේකර ගැන කියවා තේරුම් ගැනීමට මෙි සාක්ෂි කොටස හොඳටම සෑහේ.එය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අද දවසේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන උප පොලිස් පරීක්ෂක වරයෙකුට ඉහළ බොහෝ පොලිස් නිළධාරීන් විඳින සුඛෝපභෝගී ජීවිත හා ඔවුන් විසින් ඉඳි කර ඇති මාලිගා වන් නිවාස ගැන අවධානය යොමු කළ යුතුය.

ශානි අබේසේකර නීතියේ පාලනය යුක්තිය හා සාධාරනත්වය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිළධාරියෙකි.මෙරට අධිකරණ ඉතිහාසයේ ඉතා බරපතල හා ආන්දෝලනාත්මක නඩු ගනනාවක විමර්ශන නිළධාරියා වූයේ ඔහුය.2019 ආණ්ඩු වෙනස ඇතිවූ වහාම දේශපාලන පළි ගැනීමට ලක්වූ රාජ්‍ය නිළධාරියා ශානි අබේසේකරය.ඔහු බොරු චෝදනා කර අත්අඩංගුවට පවා ගැණිනි.වැටුප පවා නො⁣ගෙවන තැනට කටයුතු කෙරිණි.දිගින් දිගටම ශානි අබේසේකරගෙන් පලි ගැනීම සඳහා විවිධ ⁣අනීතික ක්‍රමෝපායන් දියත් කරන ලදී.එම පලිගැනීමේ උපරිමය ලෙස සඳහන් කළ හැක්කේ මිල්ටෙරි නන්දසේන විසින් පත් කරන ලද පිස්සු පූසා කොමිෂම මගින් ශානි අබේසේකර පිළිබඳව සිඳු,කරන ලද නිර්දේශයන්ය.
ඇවන්ගාර්ඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපති එම කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වූ ශානි අබේසේකරට දේශපාලන පළිගැනීම් විමර්ශනය කළ කොමිසමෙන් සිතාසියක් ලැබුණ අතර සේනාධිපති රජයේ සේවකයෙක් නොවන තත්වයක් යටතේ ඔහුගේ පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට නැති බව ප්‍රකාශ කරමින් ශානි අ⁣බේසේකර අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.එම පෙත්සම කැඳවීමෙන් පසුව ශානි අබේසේකරට එරෙහිව වූ එම පැමිණිල්ලට අදාලව කටයුතු නොකරන බවට කොමිසම පාර්ශවයෙන් එකඟතාවක් ලබා දී තිබුණේය.
එම එකඟතාව තිබියදී කොමිසමේ අවසන් වාර්තාව මගින් සේනාධිපති ගේ පැමිණිල්ලට අදාලව ශානි අබේසේකර වැරදිකරුවකු කර නිර්දේශ ඉදිරිපත් කර ඇත.කොමිසමේ මෙම අනීතික මැදිහත් වීම පිළිබඳව අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය අධිකරණයට
අපහාස කිරීම පිළිබඳව කරුණු දැක්වීම  සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොමිසමේ හිටපු සාමාජිකයන් වන උපාලි අබේරත්න ඇතුළු තිදෙනාට පසුගියදා සිතාසි නිකුත් කරන ලදී.
අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳව විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකුට සිතාසි නිකුත් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.

මිල්ටෙරි නන්දසේන විසින් සිය බලය භාවිතා කරමින් 2015 ජනවාරි 08 දින සිට 2019 නොවැම්බර් 19 දක්වා රාජ්‍ය නිළධාරීන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට 2020 ජනවාරි 09 දිනැතිව 2157/44 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලද මෙම කොමිසම පිහිටුවන ලදී.මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න පත් කළ අතර විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා ජයතිලක,හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ අනෙකුත් සාමාජිකයන් විය.ජනපති වරයා වෙත බාරදෙන දෙන ලද මේ කොමිසමෙි අවසන් වාර්තාව මගින් අධිකරණයේ විභාග වන නඩු 79 ක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. 

එහෙත්  දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ එම කොමිසමේ නිර්දේශ පිළිබඳව ඉදිරි පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති සංජය රාජරත්නම් අභියාචනාධිකරණයට දැනුම් දෙන ලද්දේ මේ වර්ෂයේ පෙබරවාරි මාසයේදීය.ඒ මෙම කොමිසමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් කිහිපයක් නිශ්ශංක බන්දුල කරුණාරත්න,ඩී.එමි. සමරකෝන්,සහ ලෆාර් තාහර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අවස්ථාවේදීය.ඒ අතරේම පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 28 වන දින අභියාචනාධිකරණය ⁣මෙම කොමසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අහෝසිකර රිට් ආඥාවක් නිකුත් කරන ලදී.එම රිට් ආඥාව නිකුත් කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් ජනක බණ්ඩාර විසින් එම අධිකරණයට ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් පසුවය.එම ජනපති කොමිසම සිය බල අධිකාරිය ඉක්මවා කටයුතු කර ඇති බව අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන්ව තිබේ.
 
මේ අතරේ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න ගැන පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද නීතිඥවරුන් සිව් දෙනෙකු විසින් අගවිනිසුරු ජයන්ත  ජයසූරියගෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබූණි.නීතිඥවරුන් වන අචලා සෙනෙවිරත්න,සේනක පෙරේරා, තම්බයියා ජෙයරත්න රාජා, සහ නාමල් රාජපක්ෂ විසින් මේ ඉල්ලීම කර තිබුණි.    

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද මෙම කොමිසම පිළිබඳව පසුගිය සැප්තැම්බර් 7 වනදා  පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර ඇත.


ඔහු එහිදී මෙසේ පවසා තිබේ.

⁣......මෙම කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා දැනට වංචා දූෂණ පිළිබඳව පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගැනීමට.⁣කොමිසම නිර්දේශ කර තිබෙනවා චෝදනාවට ලක් වූ අය නැවත සේවයේ පිහිටුවීමට.මෙම කොමිසම නිර්දේශ කර තිබෙනවා ඒ වගේම ඒ අයට වන්දි මුදල් ලබා දීමටත් නිර්දේශ කරල තිබෙනවා.එය වංචාවේ
දූෂණයේ යෙදුන අයට  අනුබල දීමක්.ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩු ඉල්ලා අස් කරගන්න ආදී විශාල නියෝග ගණනාවක් මේ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙි හිටපු අධ්‍යක්ෂ  ශානි අබේසේකර ඇතුළු පුද්ගලයන්ට වගේම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවෙි හිටපුුඅධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් ඇතුළු නිළධාරීන් ගණනාවකට නඩු පවරන්න විතරක් නොවෙයි සිවිල් අයිතිවාසිකම් ,ප්‍රජා අයිතිය ,අහෝසි කිරීමටත් මේ කොමිසම නිර්දේශ කර තිබෙනවා.ඒ විතරක් නෙමේ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාත් මෙම කොමිෂන් සභා වාර්තාවේ  චුදිතයෙක්.මතක තබා ගන්න .ඔහුගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්න කියල යෝජනා කරල තියෙනවා.ඔහුට නඩු පවරන්නත් නිර්දේශ කරල තියෙනවා.මේක සාමාන්‍යයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ අය හඳුන්වන්නේ පිස්සු පූසා ගේ කොමිසන් සභා වාර්තාව කියලයි ......"


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්