දළදා මාලිගාවේ දියවඩන නිළමෙි පට්ට හොර තඩියෙක් - අස්ගිරිය පාර්ශවයේ පුත්තලම දෙදිසාවේ සංඝනායක සුමිත්ත නාහිමිපාණන් පවසයි

 


මහනුවර දළදා මාලිගාවෙි දියවඩන නිළමේ දෑල බණ්ඩාරගේ වැඩ තහනම් කර ඔහු විසින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති වංචා ,දූෂණ,අක්‍රමිකතා ,සොයා බැලීමට ජනපති කොමිසමක් පත් කරන ලෙසට අස්ගිරිය පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිපාණන් වහන්සේ ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ. 


එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෑතකදී ප්‍රකාශයට පත් කර ඇති "කපටි උපාසකයා" නම් පොතෙහි දළදාා මාලිගාවේ  දියවඩන  නිළමේවරයාගේ දූෂණ වංචා හා අක්‍රමිකතා ගැන සඳහන්ව ඇති බවත් එහි සඳහන්ව ඇති ආකාරයට බස්නායන නිළමේගේ සමීපතමයකු වන ක්‍රිශාන්ත හිස්සැල්ල නැමැත්තා කිසිදු වත්කමක් නැති පුද්ගලයකුව සිට මේ වන විට ප්‍රකෝටිපතියකුව සිටින්නේ දියවඩන නිළමේගේ සමග කළ වංචනික උපයාගැනීම් වලින් බවත්ය.දළදා මාලිගාව පූජනීය ස්ථානයක් වුවද මෙම දියවඩන නිළමේවරයා එය මාධ්‍ය  මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යමින් ඒ සඳහා සිය ගනනකට ආසන්න කාර්ය මණ්ඩලයක්ද බඳවා ගෙන ඇති බවද පූජ්‍ය සුමිත්ත නාහිමිපාණන් පවසා සිටී.

දළදා මාලිගාව පරිශ්‍රයේ පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබූ  මිල කල නොහැකි වටිනාකමින් යුත් රන් රිදී කෞතුක භාණ්ඩ ගණනාවක් අතුරුදන් වී ඇති බවත් ඒ කෞතුක භාණ්ඩ සොරකම් කර ඇත්තේ දියවඩන⁣ නිළමේ බවත් පූජ්‍ය සුමිත්ත නාහිමිපාණන් වැඩි දුරටත් ජනපතිවරයා වෙත දන්වා තිබෙි. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්