කොස්ගොඩ සුජීගේ ගෝලයෙකුට ගාල්ල බන්ධනාගාරයේදී ප්‍රහාරයක් එල්ල වේ.
පසුගියදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අප විසින් අනාවරණය කරන ලද තොරතුරු වල සඳහන් කරන ලද්දේ කොස්ගොඩ සුජීවගේ පාතාල කෙරුම්කාරකම් වල අවසානය ඇරඹී ඇති බවය.වෙඩි වැදී තුවාල ලද එම නියෝජ්‍ය විදුහල්පතිවරයා කොස්ගොඩ සුජීවගේ බිරිඳගේ මවගේ සොහොයුරාය.
මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා ගුරු වෘත්තියේ නම්බුකාර කම පසෙක තබා කොස්ගොඩ සුජීවගේ කෙරුම්කාර කම් හිතට ගෙන පඩ ෂෝ දැමූ පඟර නැට්ටෙකි.කොස්ගොඩ සුජීව පාතාලයේ වැඩ පෙන්වූ වැඩ කාරයෙක් නොවේ.
අම්බලන්ගොඩ නගරයේ මිනීමැරුම් අටක් සිදු කළ යසරත්න මරා දැමීමට කොන්ත්‍රාතුව ගත්තේ කොස්ගොඩ සුජීවය.කොන්ත්‍රාතුව දුන්නේ හැළඹගේ ප්‍රේමසිරිය.එහෙත් යසරත්න වෙඩි තබා ඝාතනය කරන්නේ කොස්ගොඩ රණාය.රණා ඒ ඝාතනයට පැමිණි යතුරු පැදිය ධාවනය කෙරුවේ කොස්ගොඩ සුජීය.මෙම සිදුවීමට කොස්ගොඩ සුජීව බන්ධනාගාර ගත කෙරිණි. බන්ධනාගාර ගතව සිටියදී එහි සිටි එල්ටීටී සැකකරුවකු වූ කෙනඩි මුණ ගැසේ.දීර්ඝ කාලයක් ඇප මත බන්ධනාගාරගතව සිටි කෙනඩිට ඇප තැබීමට කොස්ගොඩ සුජීව මැදිහත් වෙයි.ඉන් අනතුරුව සුජීව විසින් කෙනඩි ලවා මෙරට දාම ඝාතයකුව සිටි පියරත්න බලපිටිය අධිකරණය ඉදිරිපිටදී මරා දමන ලදී.කොස්ගොඩ සුජීව කරලියට එන්නේ ඉන් පසුවය.බන්ධනාගාරයෙන් ඇප මත මුදා හැරෙන කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයට පලා ගොස් මෙරට හෙරොයින් ජාවාරමට මැදිහත් විය.එම හෙරොයින් ජාවාරමෙන් ලද මුදල් යොදවා කොස්ගොඩ සුජීව අම්බලන්ගොඩ නගරය තුළ බලපිටිය මාදු ගඟ අසබඩ හා කොස්ගොඩ සංචාරක නිකේතන ව්‍යාපාරික ගොඩනැගිලි හා ඉඩ කඩම් මිලයට ගෙන තිබේ.මේ දේපොළ සම්බන්ධයෙන් රහස් පොලීසියේ මුදල් විශුද්ධිකරණ අංශයට බොහෝ පැමිණිලි ලැබී ඇතත් ඒවා සියල්ල යටපත් වී ඇති බව වාර්තා වේ.එම පැමිණිලි යටපත් කිරීම සඳහා මැදිහත් වී ඇත්තේ කොස්ගොඩ සුජීව හා සම්බන්ධකම් පවත්වන ඒඇස්පී ළමාහේවාය.
කොස්ගොඩ සුජීවගේ ගෝල බාලයෝ දැන් නන්නත්තාර වී ඇති බව වාර්තා වේ.එහිදී වඩාත් බියට පත්වී සිටින්නේ කොස්ගොඩ සුජීවට දේශපාලන සම්බන්ධතාවන් ගොඩ නගා දෙන ලද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිමාන්නය.මේ සිරිමාන්න මතුගම පාම වෙල්ගමගේ අනියම් පුත්‍රයාය.ඊයේ පෙරේදා දවසක කොස්ගොඩ පොලීසිය ඉදිරිපිටදී කොස්ගොඩ සුජීවගේ මාමා ඝාතනය කෙරිණි.ඒ ඝාතනය සිදුු කරන ලද්දේ ඌරගහ එස්එෆ් ඉන්දික ගේ ගෝල බාලයන්ය.කොස්ගොඩ සුජීවගේ ගෝල බාලයන් සමග පාටි දමමින් ජොලි කළ සිරිමාන්නගේ දැන් පුක ගිණි ගෙන තිබේ.තමන් කොස්ගොඩ සුජීව හා සම්බන්ධයක් නැති බවත් සුජීවගේ මාමා මරා දැමීමට තමන් සම්බන්ධ වූ බවට සුජීව තමන් සැක කරන බවත් කියමින් බෙන්තොට සිරිමාන්න දැන් අමුතු පානියක් දමමින් සිටී.
සිරිමාන්නට අපට කියන්නට ඇත්තේ ගින්දර කෑවා නම් අඟුරු රෙන්න වෙන බව දැන සිටියා නම් ඔහොම මුක පූට්ටු වී දඟලන්න වෙන්නේ නැති බවය.කොස්ගොඩ සුජීවගේ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ මිටි සැන්ටා හෙරොයින් ගෙන ඒමට පාකිස්තානයට යන විට ගුවන්තොටුපොලට රැගෙන ගියේද මේ සිරිමාන්නය.
කොස්ගොඩ සුජීවගේ ගෝල බාලයන් බංකර් හදා ගෙන සැඟවෙන්නට ගේම දෙන බව අපට කතා කර පැවසූ පාතාල වැඩකාරයා ඒ ආකාරයටම ගේම ගහන බව දැන් පෙනෙන්නට තිබේ.එය තහවුරු කෙරෙන පුවතක් අපට ඊයේ ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා විය.ඒ බන්ධනාගාරගතව සිටි කොස්ගොඩ සුජීවගේ සගයකු වූ සුජිත් ප්‍රසන්න නොහොත් ඇන්ටාට බන්ධනාගාරය තුළදී රත්ගම විදුරගේ ගෝල බාලයන් විසින් පහරදීම පිළිබඳවය.ඇන්ටා දැන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.මෙම පහරදීමේ නායකත්වය ගෙන ඇත්තේ රත්ගම හාමු නැමැත්තාය.මේ වන විට කොස්ගොඩ සුජීවගේ ගෝල බාලයන්ට හතර අතින් ප්‍රහාර එල්ල වෙමින් තිබේ.ඒ රත්ගම විදුර, දොස්තර හොඳ හිත ඝාතනයේ සුද්දා,ඌරගහ එස්එෆ් ඉන්දික ,පොඩි ලැසී,රෝයල් බීච් සමන්,ආදීන් ගේ පාතාල කණ්ඩායම් වෙතිනි.මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායට සම්බන්ධ 700 කට ආසන්න පිරිසක් බලපිටිය අම්බලන්ගොඩ රත්ගම කේන්ද්‍රීය කර ගනිමින් රාජකාරියේ යොදවා තිබේ.එහෙත් මෙම විශේෂ කාර්ය බලකායේ සමහර නිළධාරීන් කොස්ගොඩ සුජීවගේ ගෝල බාලයන් හා මත්පැන් සාද පවත්වමින් සිටී. මේ සුහද හමුවල සම්බන්ධීකරණය රහස් පොලීසියේ ඒඇස්පී ළමාහේවා බව මේ වන විට එස්අයිඑස් වාර්තා වල දැක්වේ.
අම්බලන්ගොඩ ධීවර වරාය තුළ පැවැත්වූ මෙවැනි සාදයක් ගැන අපට අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මේ තොරතුරු
පිළිබඳව එස්ටීඑෆ් අණදෙන නිළධාරියා සොයා බලන්නේ නම් හොඳය.අප දන්නා ආකාරයට එස්ටීඑෆ් අණදෙන්නා වන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිසියේ නියම මහත්මයෙකු බව කාගේත් පිලිගැනීමය, සිය සේවාවේ කැත කුණු ගාගත් නිළධාරියකු නොවේ.
Comments
Post a Comment