හෑලි නොලියා කෙටියෙන්ම කිව්වොත් Get link Facebook X Pinterest Email Other Apps July 18, 2023 මේ බැනරය දුටු විට ඔබට ශ්‍රද්ධාව, පූජනීයත්වය ,සිත නිවීම,සිංහල බෞද්ධ කම,සිල්වත්කම,විනය,භක්තිය,පින ආදී ලට්ට ලොට්ට උපාසක වචන බර තොගයක් සිහිපත් වන්නට පුළුවන.ඒත් අපට කියන්නට ඇත්තේ මෙච්චරය.".......ඇතැම් නරියන් බණ දේශණා කරමින් ඔබේ කිකිළියන් බිල්ලට ගන්නට පුළුවන. ප්‍රවේශම් වන්න.." Get link Facebook X Pinterest Email Other Apps Comments
අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත January 11, 2026 පසුගියදා සිඳුවූ ව්‍යසනයෙන් හානියට පත් පවුල් සඳහා නිවාස තැනීමේ ව්‍යාපෘතියක ආරම්භක උත්සවයකට සහභාගි වූ ජනපති අනුර කුමාර දිසානායක එහි සිටි කුඩා දැරියකගේ අතින් අල්ලා ගෙන කතා බහක නිරත වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ පල වී තිබේ. එම ඡායාරූපයේ දැක්වෙන ජනපතිවරයාගේ ශරීර භාෂාවෙන් අනාවරණය වන්නේ ආදරණීය පීතෘත්වයක පවතින සේනේබර බව මිසක මවා ගත් කෘතිම වේෂ නිරූපනයක් නොවේ. මේ ඡායාරූපය දේශපාලනික ව්‍යාජ මවා පෑමක් යැයි චෝදනා කරන්නන්ද වේ. තවත් සමහරු විවේචන ඉදිරිපත් කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට වඩා දරුවන්ට ආදරය කළ දේශපාලඥයෙක් බවට චරිත සහතික ඉදිරිපත් කරමිනි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තුළ දරුවන් පිළිබඳව පැවැති ආදරය කෘතිම රංඟනයක් බව දන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ ඒ දින වල සේවය කළ නිළධාරීන්ය.ඔහු කුඩා දරුවන් බදා වැළඳ ගැනීම හා ඒ දරුවන් වඩා ගැනීම අහඹුවෙන් සිඳු වූ ඒවාද නොවේ.මහජන රැළියකට යාමට පෙර ජනාධිපති ආරක්ෂක අංශයේ පෙර ගමන් රාජකාරියේ යෙදෙන නිළධාරීන් එම රැස්වීම් භූමියේ සිටින දරුවන් වඩා ගත් මව්වරුන් ගැන විමසිලිමත් වීම රාජකාරියේ ප්‍රධාන මෙහෙයුමක් විය. අනතුරුව ඔවුන් පිරිස... Read more
සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව June 11, 2025 බන්ධනාගාර කොමසාරිස් අත් අඩංගුවට පත් විය.ඒ වෙසක් පෝය ජනපති සමාව නොලැබූ සිරකරවකු මුදා හැරීමේ චෝදනාවටය.ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිටම බොහෝ පුද්ගලයන්ද සිවිල් සංවිධානද බන්ධනාගාර කොමසාරිස්ට එරෙහිව චෝදනා නගන ලද්දේ ඔහු දූෂිතයෙක් බවටය.සැබවින්ම ඔහු දූෂිතයෙක්ද නැද්ද යන්න ගැන අපට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැත.ඒ මන්ද යත් ඔහු මෙතෙක් වැරදිකරුවකු නොවු නිසාය. එහෙත් සිර ගෙවල් තුළ සිද්ධවෙන දූෂිත ජාවාරම් ගැන විවිධ අවස්ථා වලදී මාධ්‍ය අනාවරණය කර තිබේ.සිරකරුවන් හා ඇතැම් බන්ධනාගාර නිළධාරීන් අතර පවතින සහ සම්බන්ධතාව මෙරට අපරාධ වර්ධනය සඳහා බලපා ඇති බව නොරහසකි.මෙරට සිරගෙවල් තුළ සිර දඬුවම් විඳින සිරකරුවන් ප්‍රසිද්ධ පාතාල ක්රියාකාරිකයන් ,දූෂණයේ වරදට හසුවූ රාජ්‍ය නිළධාරීන් හා සාමාන්‍ය සිරකරුවන් ලෙස වාර්ගීකරණය කළ හැකිය.එහිදී සාමාන්‍ය සිරකරු ගනයට අයත් වන්නේ පුරවැසියන් ලෙස ජීවත්වන විට හදිසි කෝපය නිසා අපරාධමය වැරැද්දකට හසුවූ හෝ ජීවත්වීම සඳහා සුලු සුලු වැරදි කර දඬුවම් ලැබූවන්ය.මේ කුලකයේ සිරකරුවන් සිය දඬුවම බන්ධනාගාර නීති රීති වලට යටත්ව නිහඬවම ගෙවා දමන්නන් ලෙස සැළකිය හැකිය. එහෙත් දඬුවම් ලද පාතාල ක්රියාකාරිකයන් සි... Read more
කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා June 05, 2025 ජාජබ ආණ්ඩුවට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින කුමන්ත්රණකාරී වැඩ පිළිවෙල ගැන අප දිගින් දිගටම තොරතුරු වාර්තා කෙරුවෙමු.ඒ පිළිබදව අලුත්ම තොරතුර වාර්තා වන්නේ කල්පිටිය පොලිස් බල ප්‍රදේශයෙනි. මෙරටට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මත් ද්‍රව්‍ය ගෙන එන එන මුහුදු තීරයක් ලෙස සළකෙන්නේ කල්පිටිය මුහුදු තීරයයි.මෙරට සිට ඉන්දියාවට බොහෝ අපරාධකරුවන්ද පලා යන්නේද කල්පිටියෙනි.ගනේමුල්ල සංජීව ඝාතකයා අත් අඩංගුවට ගත්තේද කල්පිටියට පලා යමින් සිටියදීය.එම ඝාතනයේ සැකකාරියක වන සෙව්වන්දි නැමැත්තිය විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් ඉන්දියාවට පලා යන ලද්දේද කල්පිටියෙනි. නිමල් ලන්සා ,දුමින්ද සිල්වා නියෝමාල් පෙරේරා වැනි දේශපාලඥයන්ට නීති විරෝධී ජාවාරම් වලදී බොහෝ උදව් උපකාර කරන ලද්දේ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.ඒ.ලක්ෂමන් නැමැත්තාය.පොදු ජන පෙරමුණ වෙනුවෙන් කඩේ ගිය මෙි පොලිස් පරීක්ෂක වරයා කල්පිටිය පොලිස් ස්ථානයේ වසර හයක සේවා කාලයෙන් පසුව අඩප්පන් පොලිස් ස්ථානයට මාරු කර යවන ලදී. එහෙත් මේ වන විට මෙම දූෂිත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නැවත කල්පිටිය පොලිස් ස්ථාන... Read more
Comments
Post a Comment