හෑලි නොලියා කෙටියෙන්ම කිව්වොත් Get link Facebook X Pinterest Email Other Apps July 18, 2023 මේ බැනරය දුටු විට ඔබට ශ්‍රද්ධාව, පූජනීයත්වය ,සිත නිවීම,සිංහල බෞද්ධ කම,සිල්වත්කම,විනය,භක්තිය,පින ආදී ලට්ට ලොට්ට උපාසක වචන බර තොගයක් සිහිපත් වන්නට පුළුවන.ඒත් අපට කියන්නට ඇත්තේ මෙච්චරය.".......ඇතැම් නරියන් බණ දේශණා කරමින් ඔබේ කිකිළියන් බිල්ලට ගන්නට පුළුවන. ප්‍රවේශම් වන්න.." Get link Facebook X Pinterest Email Other Apps Comments
අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත January 11, 2026 පසුගියදා සිඳුවූ ව්‍යසනයෙන් හානියට පත් පවුල් සඳහා නිවාස තැනීමේ ව්‍යාපෘතියක ආරම්භක උත්සවයකට සහභාගි වූ ජනපති අනුර කුමාර දිසානායක එහි සිටි කුඩා දැරියකගේ අතින් අල්ලා ගෙන කතා බහක නිරත වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ පල වී තිබේ. එම ඡායාරූපයේ දැක්වෙන ජනපතිවරයාගේ ශරීර භාෂාවෙන් අනාවරණය වන්නේ ආදරණීය පීතෘත්වයක පවතින සේනේබර බව මිසක මවා ගත් කෘතිම වේෂ නිරූපනයක් නොවේ. මේ ඡායාරූපය දේශපාලනික ව්‍යාජ මවා පෑමක් යැයි චෝදනා කරන්නන්ද වේ. තවත් සමහරු විවේචන ඉදිරිපත් කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට වඩා දරුවන්ට ආදරය කළ දේශපාලඥයෙක් බවට චරිත සහතික ඉදිරිපත් කරමිනි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තුළ දරුවන් පිළිබඳව පැවැති ආදරය කෘතිම රංඟනයක් බව දන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ ඒ දින වල සේවය කළ නිළධාරීන්ය.ඔහු කුඩා දරුවන් බදා වැළඳ ගැනීම හා ඒ දරුවන් වඩා ගැනීම අහඹුවෙන් සිඳු වූ ඒවාද නොවේ.මහජන රැළියකට යාමට පෙර ජනාධිපති ආරක්ෂක අංශයේ පෙර ගමන් රාජකාරියේ යෙදෙන නිළධාරීන් එම රැස්වීම් භූමියේ සිටින දරුවන් වඩා ගත් මව්වරුන් ගැන විමසිලිමත් වීම රාජකාරියේ ප්‍රධාන මෙහෙයුමක් විය. අනතුරුව ඔවුන් පිරිස... Read more
සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා February 28, 2026 පොලිස් පරීක්ෂක වරයකුව සිට සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වූ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් යොදමින් මෙසේ ලියා ඇත්තේය. "සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම පොලිස් පරීක්ෂක වරයෙකුගේ හීනයක්.ඒ වගේම අභියෝගයක්.අනේක විධ අභියෝග මැද මම අද 2025 මාර්තු මස 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වීම් ලැබීමි " සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ භාතිය ජයසිංහ කවුරුන්ද යන්න පොලිස්පති වරයාට අමතක වී ඇතත් අපට නම් අමතක නැත.අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප තවරා කුරිරු වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පැවරුණ නඩුවේ 2 වන වග උත්තරකරු මෙි භාතිය ජයසිංහ ලොක්කාය. හිස මුදුනේ සිට දෙපතුල දක්වාම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටින බවට හතර අතේ දිවුරමින් හා සහතික වෙමින් බලයට පත් වූ ජාජබ ආණ්ඩුවෙි කෙරුම්කාරයන්ට ලැජ්ජාවක් හිරිකිතයක් තිබේ නම් භාතිය ජයසිංහ වැනි වදකයන් සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කරනවා තබා පොලීසියේ හතර මායිමෙි තබා ගන්නේ නැත.එහෙත් ඡන්ද කතිරය ලබා ගැනීම... Read more
රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා February 04, 2026 ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව නගුට පස්ස පත්තේ ගසා ගෙන සැඟවුන දේශපාලන තක්කඩියන් යලි දහ අට සන්නිය නැටීමට පටන් ගෙන තිබේ. ආණ්ඩුවට එරෙහිව විවිධ ආකාරයේ අසත්‍ය චෝදනා කරමින් ඉතා සැළසුම් සහගතව හා කුමන්ත්‍රණකාරීව සමාජය තුළ කැළඹීම් ඇති කිරීම එම පාර්ශවයන් ගේ අපේක්ෂාව වී ඇති බව පැහැදිලිය. එහිදී ජාජබ ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙස සැළකිය හැකි මැති ඇමතිවරුන්ගේ පෞරෂය හා කීර්ති නාමය බිඳ දැමීමද ආණ්ඩුව පොදු මහජනතාවගේ ශුභ සිද්ධිය සඳහා ගන්නා ව්‍යාපෘති පිළිබඳව බිල්ලන් මැවීමද එහි එක් අදියරකි.ඒ අතරේම ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු යටපත්ව තිබූ ආගම් හා ජාතිවාදය ඉතා සියුම් ආකාරයෙන් අවුස්සා සමාජය බිය වැද්දීමටද ප්රයත්නය දරමින් සිටින බව පෙනී යයි.මේ සියල්ල සිද්ධ වන්නේ අහඹු ලෙස බව හැඟවුනද එය එසේ නොවේ.මෙතෙක් ඒ සියළු සිදුවීම් නිර්මාණය කළ කර්තෘවරුන් කුල්ල කුජීතව සිටින පට්ට දූෂිත දේශපාලඥයන් බව මේ වන විට ඇස් පනා පිට තහවුරු වී ඇත.සැබැවින්ම මේ දූෂිතයන් දැන් සිටින්නේ තැති ගැන්මෙනි. බියට පත්වය.තව දුරටත් ජාජබ ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පැවතුනහොත් තමන්ට අනිවාර්යයෙන්ම වැලිකඩ ජම්පරය අඳින්නට සිඳුවන... Read more
Comments
Post a Comment