පොලීසියට බැණ තර්ජනය කළ අවුරා ලංකා සභාපති ඇප මත මුදා හැරේ-සැකකරුට පොලීසිය විශේෂ වරප්‍රසාද දී ඇති බව මහේස්ත්‍රාත්වරයා පවසයි

 


 රාජාංගනය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්.එස්.ගජසිංහ හට එම පොලිස් බල ප්‍රදේශයේ යාය 18 පැවැති අවුරා සංගීත ප්‍රසංග භූමියේදී බැණ මරණීය තර්ජනය කිරීම පිළිබඳව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී අමිල සෙනෙවිරත්න ඇතුළු රාජාංගනය පොලීසියේ නිළධාරීන් කණ්ඩායමක් අද (26) බී වාර්තාවක් මගින් නොච්චියගම මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබේ.

එම අවස්ථාවේ නීතිඥවරියක මාර්ගයෙන් එම අධිකරණයට බාර වූ අවුරා ලංකා සමාගමේ සභාපති නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර ඉලංගරත්න විසින් නියෝග කරන ලදී.   


අධිකරණයට සිද්ධිය වාර්තා කිරීමට පැමිණි පොලිස් කණ්ඩායම පිටුපසින් ආ සැකකරු අත්අඩංගුවට නොගෙන නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාරවීම ගැන මෙහිදී මහේස්ත්‍රාත් වරයා පොලීසියට තදබල ලෙස දෝෂාරෝපණය කළ බවද වාර්තා වේ.එම සිදුවීම අධිකරණයට කරුණුුට  වාර්තා කිරීමෙන් පොලීසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරයා  පොලීසියෙන් විමසූ විට පොලීසිය එයට පිළිතුරු සපයා නැති බවද වැඩිදුරටත් දැනගැන්මට තිබේ.මෙම සැකකරුට නීතිඥවරියක මගින් අධිකරණයට බාරවීමට පොලීසිය විසින් ලබා දෙන ලද වරප්‍රසාදය වෙනත් සාමාන්‍ය පුරවැසියන් හට ලබා දෙන්නේ නැත්තේ ඇයිද යන්නත් මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී පොලීසියෙන් විමසන ලදී.

අනතුරුව සැකකරු ඇමතූ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියේදී පොලිස් නිළධාරීන් පමණක් නොව වෙනයම් රාජ්‍ය නිළධාරියකු වෙත අනියම් බලපෑමක් වන ආකාරයට තර්ජනය කිරීමක් වාර්තා වුව හොත් තරාතිරම නොබලා බන්ධනාගාර ගත කරන බවටද අවවාද කෙරිණි.

කෙසේ වෙතත් මෙම සැකකරු හා ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් අතර ගජ මිතුරු සම්බන්ධතාවක් පවතින බවට ලංකා දවසට හෙළි වී තිබේ.ඔහුට  ඇප ලබා දීමෙි සැළසුම ක්‍රියාත්මක කර ඇත්තේ උතුරු මැද පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ උපදෙස් මතය.තමන් ගේ සහෝදර පොලිස් නිළධාරියකුට මහජනතාව ඉදිරියේ සිදු  කරන ලද  මරණීය තර්ජන තඹ දොයිතුවකට නොසලකා විලි ලැජ්ජා නැති ආකාරයට පොලීසිය මුදලට පාවා දුන් පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ගැන පොලිස් පොඩ්ඩෝ කළකිරීමකින් කතා බහ කරන බවද ලංකා දවසට වාර්තා වේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්