ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නේ නැති ශ්‍රී ලංකා පොලීසිය

 


මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මාධ්‍ය ආවරණය කරමින් සිටියදී පොලීසිය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ.ඒ පැහැරගැනීමත් ඔහුට ශාරිරිකව වද හිංසා කිරීම පිළිබඳවත් ලංකා දවසේ පිළිකුළ හා  විරෝධය පල කරමු. 

ලංකාවෙි පොලීසියට ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නේ නැත.බොහෝ පොලිස්කාරයන්ගේ ලැජ්ජා නහරය කපා දමා තිබේ.ඊයේ පෙරේදා දවසක මහා ජනසන්නිපාතයක් ඉදිරියේ අවුරා සමාගමෙි අයිතිකාරයා රාජාංගනයේ ඕඅයිසීට බැණ වැදුනේ උ⁣ඹේ තරු පිටි ගලවනවා යැයි කියමිනි.

ඕඅයිසී උසාවියට තමන්ට සිද්ධ වූ තර්ජනය ගැන කියා පැමිනිලි කරන විට උසාවියේ අනිත් දොරටුවෙන් ඇතුලට ආ අවුරා ලොක්කා ඇප අරගෙන එළියට ගියේ ඕඅයිසීට කොකා පෙන්වමිනි.අන්තිම තීන්දුව ආවේ ඕඅයීසී රාජාංගනයෙන් ස්ථාන මාරු කර හරිමිනි.සල්ලි වල⁣ට තමන්ගේ රැහේ එකා පාවා දී පොලිස් ලොක්⁣කෝ අවුරා ලොක්කා ගාව කලිසම ගලවා පස්ස පැත්ත උස්සා දෙකට නැවුනේ එහෙමය.

තරිදු උඩුවරගෙදර කුදලාගෙන ගියේ එහෙව් නපුසංක පොලීසියේ වාහේලාය.

පොලීසියට ගෙන යන අතරමගදී තරිඳු ⁣ගේ පුරුෂ ලිංගය මිරිකුවේය.පහර දුන්නේය.එහෙම පහරදුන් පොලිසියේ එකෙකුගේ අංකය 706648 බව හෙළිවී තිබේ.මරදාන පොලීසියේ මේ පොලිස් කාරයා බිජු අල්ලන්නට අත ගාන්නට මිරිකන්නට  කැමැති එකෙක් වෙන්ට ඕනෑය.

කෝමත් මේ ගැන අපේ සත දෙක මෙහෙමය.ගෙදරක සතා සරුපයා වුනත් හැඩගැහෙන්නේ ගෙදර මහ එකා ගේ තාලයට බව ගම්වල හරුපයක් තිබේ

ඒක නම් ඇත්ත කියා හිතන්නට පුළුවන.

සිරිමාවෝ කාලයේ පොලීසිය කේලාම් කිව්වේය

ජේආර් කාලයේ පොලීසිය පිළි කණුවල වලං පිඟන් හේදුවේය.

ප්‍රේමදාස ජනාධිපති කා⁣ලයේ පොලීසිය මහ පාරේ ටයර් පිච්චුවේය.

ජනපති විජේතුංග ඉන්න කාලයේ පොලීසිය ඔහේ නිකම් බලා ගෙන සි⁣ට්යේය

චන්ද්‍රිකා ජනාධිපති කාලයේ පොලීසිය බාබර් සාප්පු දමා තිබුණේය.

මහින්ද ජනපතිවරයාව සිටිද්දී පොලීසිය මිනිසුන් අතුරුදන් කෙරුවේය.  

දැන් ජනපති රනිල් හාමුය

ඉතින් පොලීසිය කැමති බිජු  මිරිකන්නය.ඇඟ පත අත ගාන්නය.

බලන්කෝ ඒකෙත් හැටි

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්