කෙහෙළිය ඇමතිකමෙන් අස්වෙයිද ?

 


මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින අර්බුදය පිළිබඳව ජනපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා සෞඛ්‍ය  ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධානීන් ගනනාවක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.ගුනාත්මක බවින් තොර ඖෂධ ගෙන්වීම හා බොහෝ අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීම සම්බන්ධයෙන් ජනපතිවරයා මෙහිදී අවධානය දැක්වූ බවද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අ⁣බේවර්ධන සහභාගි වී සිටි බවද අපට වාර්තා විය.කෙසේ වෙතත් මේ සාකච්ඡාවෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය කෙ⁣හෙළිය රඹුක්වැල්ල  අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි කියවෙන ආරංචියක් ආණ්ඩු පක්ෂය තුළ ප්‍රචාරය වේ.⁣

 කෙහෙළිය රඹුක්වැල්ල ඇමති තනතුරෙන් ඉල්ලා අස් වීමට කටයුතු කළ හොත් සෞඛ්‍ය අමාත්‍යය තනතුර තමන් විසින් ලබා ගන්නා බව මෙි අතරේ වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා සිය හිතවතුන් වෙත ප්‍රකාශ කරමින් සිටී.


කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් පසුව සෞඛ්‍ය අමාත්‍ය තනතුර වජිර අබේවර්ධනට ලබා දීම යනු නරියාට කුකුල්ලු බාර දීම බව බොහෝ දෙනා පවසති.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා