එන්නත් කුප්පි වලින් ගතමනාව අරන් /විගණනයෙන් හෙළිවේ
- Get link
- X
- Other Apps
- සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ බත් බැලයන්ට අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු අර්බුදයක් නැත.මේ නසරානී තක්කඩියන් ගේ අදහස වී ඇත්තේ රජයේ රෝහල් වලට ප්‍රතිකාර සඳහා යන රෝගීන් මිය යාම සාමාන්‍ය දෙයක් බවය.මේ පාහරයන් මිනිස් ජීවිත තක්සේරු කරන්නේ සිල්ලර විදියටය.එහෙත් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති විගනන වාර්තාවකින් අනාවරණය වන ආකාරයට නියුමෝනියාව,මෙනිජයිටීස් ඇතුළු රෝගාබාධ කිහිපයක් සඳහා භාවිතා කරන එන්නත් කුප්පියක මිල රුපියල් 45.71කට ඇස්තමේන්තු ගත කර තිබියදී කුප්පියක් මිලයට ගැනීමට රුපියල් 390.60 වියදම් කර එම එන්නත් කුප්පි 250000ක් මිලයට ගැනීමට සෞඛ්‍ය බලධරයන් කටයුතු කර තිබේ.එම ගනුදෙනුවේදී එන්නත් කුප්පියකට වැඩිපුර රුපියල් 353.89 ක් වන පරිදි සමස්ත එන්නත් තොගයට වැඩිපුර 88,400,00( රුපියල් අට කෝටි අසූ හතර ලක්ෂයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම් කරු වෙත ගෙවා වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදී ගෙන ඇති බවද එම විගනන වාර්තාවේ සඳහන් වේ.වැඩිදුරටත් එම විගනන වාර්තාවෙි සඳහන් කර ඇත්තේ අදාල එන්නත් කුප්පි මිලයට ගැනීමට ප්‍රථමයෙන් මිල ගනන් කැඳවීමේදී අවම මිල ගනන ඉදිරිපත් කරන ලද සැපයුම්කරුගේ මිල වූයේ එක එන්නත් කුපිපියක් සඳහා කුප්පියක මිල රුපියල් 70.70කි.මෙම සැපයුම්කරු එම ඖෂධ සැපයීමට දින 45 ක් ගතවන බව සඳහන් කර ඇති හෙයින් දින තිහක් ඇතුළත එම එන්නත් තොගය මිලයට ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් බලධරයන් විසින් නැවත මිල ගණන් කැඳවා තිබෙි.දෙවන වරට එම මිල කැඳවීමෙන් පසු තෝරා ගන්නා ලද සැපයුම්කරුගේ මිල එක එන්නත් කුප්පියකට රුපියල් 540ක් වූ අතර එන්නත් 65000ක් නොමිලයේ සපයන්නේ නම් එම මිලට එන්නත් තොගය මිලට ගැනීමට ඖෂධ සංස්ථාව එකඟ වී ඇත.ඒ අනුව එන්නතක මිල රුපියල් 399.60ක් වේ.මෙම සැපයුම්කරුම පළමුවර මිල ගණන් කැඳවීමේදී එක එන්නත් කුප්පියක මිල රුපියල් 235ක් බවද එම විගනන වාර්තාවේ දැක්වේ.දින 30ක් ඇතුළත එම එන්නත් කුප්පි තොගය අවශ්‍ය බව සඳහන් කෙරුවද දින 45 ක් ඇතුළත ඒවා සැපයීමට එකඟ වූ පළමු මිල ගණන් කැඳවීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කරන ලද සැපයුමිකරු ප්‍රතික්ෂේප කර මාස දෙකකට ආසන්න කාලයක් තුළ සිදු කළ දෙවන මිල ගණන් කැඳවීමෙන් තෝරාගත් සැපයුම්කරු දින 30 ක් ඇතුළත එම එන්නත් සැපයීමට අපොහොසත් වී ඇති බවද වැඩිුරටත් එම විගනන වාර්තාවේ සඳහන් කර තිබේ.මෙම විගනන වාර්තාව කෙරෙහි අවධානය යොමු කරන විට ඖෂධ මිලදී ගැනීමේදී පැහැදිලිවම වංචාවක් සිදු කර ඇති බව අනාවරණය වේඑහෙත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට යටි ගිරියෙන් මොර දෙන්නේ ඖෂධ මිලදී ගැනීම් වලදී කිසිදු වංචාවක් දූෂණයක් වී නැති බවටය.
සැබැවින්ම මේ නසරානියා හිතාගෙන ඉන්නේ මේ රටේ ජීවත්වන හැම එකාම මොලෝ හසරක් නොදන්නා අමු ගොබ්බයන් විදියටය.කෙහෙළිය රඹුක්වැල්ලගේ පීචං වහසි බස් වලට චූන් වෙන ගැලරිය ගැන අපට ඇතිවෙන්නේ දුකකි.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිද්ධ වෙමින් පවතින මහා විනාශය එවුන්ට දැනෙන්ට නම් එවුන්ගේ එකෙක් බාල ඖෂධ නිසා වල කජ්ජ ගැසිය යුතුමය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment