ටිරාන් අලස් ගේ උම්බෑ කීම අළුත්කඩේට අදාල නැත

 


නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් ඊයේ බබා හුකුම් ගනයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.එහිදී ඔහු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නීතිපතිවරයා  විසින් නිදහස් කිරීම  හා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දක්වන ලද්දේ දැඩි ආතතියකිනි.වෛරයකිනි.ඔහුගේ හැම වචනයක් තුළම පැවතියේ ශානි අබේසේකර ගෙන් ද්වේෂ සහගත පලිගැනීමේ වෛරක්කාරී අපේක්ෂාවය.


ශානි අබේසේකර නීතිපතිවරයා විසින් නිදහස් කිරීම ඔහු විසින් අනුමත නොකරන බව ඔහුගේ කතාවෙන් පැහැදිලිව තහවුරු විය. පාස්කු ප්‍රහාරය පිළිබඳව ටිරාන් අලස් එම මාධ්‍ය සාකච්ඡාවේ දැක්වූ අදහස්  වෙනමම සාකච්ඡා කිරීම අපගේ අපේක්ෂාවයි.
මේ අප ලියන්නේ ශානි අබේසේකරගේ නිදහස් වීම ගැන නහය කසමින් ඔහු දුන් වෛරී සහගත අදහස් දැක්වීම කෙතරම් නිවැරිදිද යන්න ගැනය.

ශානි අබේසේකර නීතිපතිවරයා  විසින් නිදහස් කිරීම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවේ සිටි මාධ්‍යවේදියකු ප්‍රශ්ණ කළ විට ප්‍රශ්ණයට පිළිතුරු දීමට පෙර ටිරාන් අලස් "නාසය කසන"ආකාරය දැක ගත හැකි විය.

බොරු කියන පුද්ගලයකු තම අත් මගින් අසාමාන්‍ය ලෙස තම නහය කැසීම හෝ කන පි⁣ටුපස කැසීම සිදු කරන බව ශරීර අංඟ චලන භාෂාවේ දැක්වේ.

ශානි අබේසේකරගේ නිදහස් වීම ගැන ටිරාන් අලස් ගේ ද්වේෂ සහගත අසත්‍ය බේගලයට පිළිතුරු දිය හැක්කේ බන්ධනාගාරගතව සිටි ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් 2021 ජුනි මස 26 දා  ඇප මත මුදාහරිමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න හා රංජිත් ගුරුසිංහ දුන් තීන්දුව තුළිනි.මෙහිදී මේ දෙදෙනාට ඇප ලබා දීමට ප්‍රධාන හේතුව වශයෙන් අභියාචනාධිකරණය සඳහන් කර ති⁣බුණේ මාස දහයක කාලයක්  මොවුන් බන්ධනාගාරගත කර ඇත්තේ අභූත චෝදනා මත නිසා බවය.ඒ බව අභියාචනාධිකරණ තීන්දුවේ දැක්වෙන්නේ මෙසේය.

"....,ශානි අබේසේකර බොරු සාක්ෂි ගෙතුවේ යැයි කියා පැමිණිලි කිරීමට (2014)සිට සෑම හැකියාවක්ම තිබියදීත්
(2020 දක්වා)එය කිරීමට අසාමාන්‍ය සහ සුවිශේෂී ලෙස ප්‍රමාද වීම මගින් පෙන්නුම් කරන්නේ ඔහුට එරෙහි චෝදනා අසත්‍යකරණයේ හා අලංකරණයේ ප්‍රතිඵලයක් මෙන්ම පසුව හිතාමතා කරන ලද චෝදනා බවය එම අසාමාන්‍ය සුවිශේෂී ප්‍රමාදය හේතුවෙන්ශානිට එරෙහි පැමිණිල්ලට ස්වයං සිද්ධතාවේ (කෘතිම පෙළඹවීමක් නොමැතිව සිඳුවීමේ)වාසිය අහිමි වී තිබේ.එපමණක් නොවේ.සෑහීමට පත්වන ලෙස හා විශ්වාස කළ හැකි ලෙස එම ප්‍රමාදය ගැන පැහැදිලි කිරීමටද (නීතිපති) අපොහොසත් වී ඇත.පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 2020 දුන් ප්‍රකාශ හා 2014 දුන් ප්‍රකාශවලට පරස්පර වන බව සක්සුදක් සේ පැහැදිලිය..."

මේ තීන්දුව වඩාත් පැහැදිලිව වටහා ගැනීමට ශානි අබේසේකරට චෝදනා එල්ල කිරීම සදහා පදනම කරගත් නියෝජ්‍ය  පොලිස්පති වාස් ගුණවර්ධනට හා තවත් කිහිප දෙනෙකුට මරණීය දඬුවම දුන් නඩුව ගැන අවබෝධයක් ගත යුතුය.

නියෝජ්‍ය පොලිස්පති ගනේන්ද්‍ර වාස් ගුණවර්ධනට ඔහුගේ පුතාට හා තවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට මරණීය දණ්ඩනය හිමි වූයේ මුසල්මානු ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ශ්‍යාම් නම් තැනැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධයටය.මෙසේ ඝාතනය කරන ලද මුසල්මානු ව්‍යාපාරිකයාගේ ඥාතීන් එවකට ජනපතාවරයා වූ මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතුන් විය.ඔවුන් ජනපතිවරයා හමුවී ශ්‍යාම් ගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක් කරන ලෙසට ඉල්ල සිටින ලදී.ජනපති මහින්ද රාජපක්ෂ 2013 වෙසක් පෝය දින පොලිස්පති එන්.කේ .ඉලංඟකෝන් හා සීඅයිඩීය බාරව සිටි ඡෙ.නි.පොලිස්පති රවි සෙනෙවිරත්න කැඳවා මෙම අපරාධය විමර්ෂනය සඳහා සෘජු දක්ෂ නිළධාරියෙකුට බාර දෙන ලෙස උපදෙස් දුන්නේය.එහිදී ඡෙ.නි⁣.පො.රවි සෙනෙවිරත්න නිර්දේශ කෙරුවේ ⁣ශානි අබේසේකර ගේ නමය.ශානි ඒ වන විටත් අඟුලාන පොලීසිය විසින් සිඳු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳවද විමර්ශන කර සැකකරුවන් වූ අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබූණි.ඡෙ.නි.පො රවි සෙනෙවිරත්න විසින් ශ්‍යාම් ඝාතන විමර්ශනය ශානි අබේසේකරට පැවරූ විට ඔහු එය ප්‍රතික්ශේප කර ඇත්තේ සර් දැන් අඟුලාන කේස් එක නිසා පොලීසියෙ බාගයක් මා එක්ක අමනාපයි.ඒක නිසා මට ඔය නඩුව බාර ගන්න බැහැ කියමිනි.එහෙත් පොලිස්පති හා ඡෙ.නි⁣.පො  රවි සෙනෙවිරත්න එහිදී ශානි අබේසේකරට ප්‍රකාශ කරන ලද්දේ මේ නඩුව ජනපතිවරයාගේ උපදෙස් මත ඔහුට බාර දෙන බවය.       

ෂ්‍යාම් ඝාතනය ගැන විමර්ශනය ශානි අබේසේකරට ලැබෙන්නේ එහෙමය.
ශානි අබේසේකර එම අපරාධය ගැන විමර්ශනය ඇරඹීමත් සමගම නියෝජිය පොලිස්පති වාස් ගුණවර්ධන මෙම අපරාධයට සම්බන්ධ බවට තොරතුරු ලැබුණි.එහෙත් ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමට ශානිට අවස්ථාවක් නොලැබුනේ වාස් ගුණවර්ධන තම අධිකාරී බලය භාවිතා කරමින් ශානි මගහැරීම නිසාය.ශානි අවසානයේදී වාස් ගුනවර්ධනට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියදී 2013 ජුනි 15 වනදා වාස් ගුනවර්ධන ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේය.ශානි අබේගුණවර්ධන විසින් වාස් ගුනවර්ධනගේ ප්‍රකාශය සටහන් කර ගන්නා අතර තුර වාස් ඔහුට තර්ජනය කරන ලද්දේ ශානි "මං මිණීමරුවෙක්. උඹට බෑ හැමදාම මාව ඇතුළෙ කියාගන්න .මං එළියට ආවහම උඹලා ඔක්කොටම වෙන්නෙ මොනවද කියල බලං ඉඳහං යැයි පවසමිනි.

මේ මරණ තර්ජනය ගැන ශානි අබේසේකර පැමිණිලි කරන ලද අතර එම නඩුව කොළඹ මහාධිකරණයේ වාස් ගුණවර්ධනට එරෙහිව විභාග විය.එම නඩුවේ චෝදනා වලට වාස් ගුණවර්ධන වැරදිකරු වූ අතර ඔහුට එම චෝදනා වලට අවුරුදු පහක බරපතල වැඩ ඇතුව සිරදඬුවම් නියම කෙරිණි.

ශානි අබේසේකර විමර්ශනය කළ ශ්‍යම් ඝාතන නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණයකදී විභාග වූ අතර වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 2105 දී මරණීය දණ්ඩනයට නියම වූහ.

එම ශ්‍යාම් ඝාතනය ගැන විමර්ශනය කරන විට ශානි අබේසේකරට ලැබුණ තොරතුරක සඳහන් වූයේ වාස් ගුණවර්ධන සතුව තිබූ ආයුද තොගයක් කළගෙඩිහේන ඌරු කොටුවක වලලා ඇති බවය.එම ආයුද⁣ තොගය වාස් ගුණවර්ධනගේ නිවසේ සිට කළගෙඩි හේනට ගෙන ගොස් ඇත්තේ ඔහු ගේ කාර්ය මණ්ඩ⁣ලයේ සිටි පොලිස් පරීක්ෂක නිරෝෂ් විල්ලවආරච්චි නැමැත්තා බවද ශානිට අනාවරණය විය.

මෙම තොරතුර පිළිබඳව විමර්ශන කටයුතු කළ සීඅයිඩීයේ පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා ඇතුළු කණ්ඩායමට 2014 මැයි මාසයේදී කළගෙඩිහේන ඌරු කොටුවේ වලලා තිබූ එම ආයුද තොගය හමු විය.ඒ පිළිබඳව සීඅයිඩීය නීතිපතිට හා කොටුව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කරන ලදී.
ඉන් අනතුරුව එම ඌරු කොටුව ප්‍රියන්ත නැලිගම හා ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගන්නා ලෙස ගම්පහ  මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එහිදී ඔවුන් එම නියෝගය වෙනස් කරවා ගැනීමට මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ශේප කරනු ලැබිණි.පසුව නීතිපති උපදෙස් දෙන ලද්දේ එම යුවල රජයේ සාක්ෂිකරුවන් කරන ලෙසය.

මෙම සිද්ධිය හා සම්බන්ධ  විල්ලවආරච්චි හා නැලිගම සීඅයිඩීයට ප්‍රකාශ දෙමින් සඳහන් කර තිබුණේ එම ආයුද තොගය ඌරු කොටුවේ සඟවන්නට නියම කෙරුවේ වාස් ගුණවර්ධන බවය.මේ දෙදෙනා ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයාටද ප්‍රකාශ ලබා දී ඇති අතර 2015 වර්ෂයේදී මහාධිකරණයේ  පැවැති නඩු විභාගයේදීද දිවුරුම් පිට සාක්ෂි දෙමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.මේ කිසිම අවස්ථාවක ඔවුන් තමන්ට ශානි අබේ⁣සේකරගේ බලහත්කාරී බලපෑමක් පවතින බවක් සදහන් කර නැත.

2019 වර්ෂයේදී මෙරට ජනපතිවරයා ලෙස මිල්ටෙරි නන්දසේන පත් වූ විට ඉහත සඳහන් සාක්ෂි කරුවන් කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශ ලබා දෙමින් ඌරු කොටුව තුළ ආයුද සඟවන්නට තමන්ට උපදෙස් දුන්නේ ශානි අබේසේකර බව කියා සිටියහ.මෙලෙස මොවුන් එම ප්‍රකාශ කර ඇත්තේ අවුරුදු හතකට පසුවය.
කෙසේවෙතත් ශානි අබේසේකර බන්ධනාගාර ගත කරන ලද්දේ එම ප්‍රකාශ අනුවය.

එම ආයුද තොගය පිළිබඳව ශ්‍යාම් ඝාතන නඩු විභාගයේදී සැකකාර වාස් ගුනවර්ධන  විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් ඒවා තමන්ගේ බව පිළිගෙන තිබේ.ඔහු එහිදී පවසා ඇත්තේ එම ආයුද එල්ටීටියෙන් අල්ලාගත් ආයුද  බවය.එහෙත් එම ආයුද තොගයෙන් ටී පනස් හය තුනක් මහවිලච්චිය හා තන්තිරිමලේ පොලීසිවලින් වාස් ගුනවර්ධන ලබා ගත් ඒවා බවට අනාවරණය වී තිබේ.එම අවි සම්බන්ධ⁣යෙන් අදාල පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවා පැවැත්වුන බව කියවේ.

ශානි අබේසේකර අත් අඩංගුවට ගන්නා ලද්දේ 2020 දී ලබා දුන් අලුත් කට උත්තරය නිසාය.මේ සම්බන්ධයෙන් ශානි අබේසේකරගේ බිරිඳ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම්පත සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුවේ පැහැදිලිව
 විග්‍රහ කර තිබේ.

".....පෙත්සම්කරු(ශානිගේ බිරිඳ) ප්‍රකාශ කරන්නේ සැකකරු (ශානි අබේසේකර)ට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ පොප විල්වලආරච්චි ගේ ප්‍රකාශය හා අසංග නැලිගම ගේ සිද්ධීන් පදනම් කරගෙන බවයි.බොරු නඩුවක් නිර්මාණය කිරීම සදහා ඔවුන් සාක්ෂි ගොතා තිබේ.

පෙත්සම්කාර  පාර්ශවය සඳහන් කරන්නේ 01 පැමිණිලිකාර වග උත්තරකරුගේ විරෝධතාවලින් පහත තොරතුරු ඉදිරිපත් වී ඇති බවය.

(අ)2013/05/22දින මොහොමඩි ශ්‍යාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක ඊ 3279/05/2013 යටතේ රහස් පොලීසිය පරීක්ෂණ පවත්වා ඇත.

(ආ)හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නිවසේ හා කාර්යාලයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් ඩයස් සහ පොකො සමීර සුසන්ත 2013 /නොවැම්බර් 11 සහ 18 යන දෙදින සීඅයිඩීයට සෙවෙච්ඡාවෙන් පැමිණ හා 2013/06/04 දින මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ශ්‍යාම් ඝාතනයට යොදා ගත් ගිණි අවි කිහිපයක් පොප විල්වලආරච්චි වාහනයක රැගෙන ගිය බවට ප්‍රකාශ ලබා දී තිබේ.

(ඇ)පොකො ඩයස් ,පොකො සමීර සුසන්ත සහ පොප විල්වලආරච්චි යන අයගේ ප්‍රකාශයන්ට අනුව මෙම නඩුවේ සැකකරු (ශානි අබේසේකර)සහ සෙසු විමර්ශන නිළධාරීන් විසින් ඉහත ආයුද නැලිගමට අයත් කලගෙඩිහේන  ඉඩමක මඩුවකින් සොයා ගෙන තිබේ.

(ඈ)පොප විල්වලආරච්චි 2014/03/03 සිට රැඳවුම් නියෝග මත රඳවා තිබේ.

(ඉ)2014/05/27 වැනිදා ඉහත ආයුද පිළිබඳ උදෘත සීඅයිඩීය විසින් නීතිපති වෙත ඉදිරිපත් කර ඇත.ඉන්පසුව නීතිපති උපදෙස් ගොනුවක් විවෘත කර ආයුද රජයේ රස පරීක්ෂක වෙත යවා ඇත.

(ඊ) පොලිස් පරීක්ෂක විල්වවලආරච්චි 2014/03/03 දින සිට මාස තුනක් පමණ රඳවාගෙන තිබේ.ඉන්පසු නීතිපති උපදෙස් මත 2014/05/30 වන දින නිදහස් කර ඇත.

(උ)පොකො ඩයස් ,පොකො සමීර සුසන්ත,අසංග නැලිගම සහ චිරන්ති සංජීවනී(නැලිගමගේ ගේ බිරිඳ) අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට 2014/03/04 දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් සීඅයිඩීයට නියෝග කර ඇත.

(ඌ) මහේස්ත්‍රාත්ගේ 2014/03/04 වන දින එම නියෝගයට අදාලව මහාධිකරණයේ ප්‍රතිශෝධන නඩුවක් තිබුණි.මූලික විරෝධතා මතු කිරීමෙන් පසු එය 2017/06/30දින මහාධිකරණය විසින් ප්‍රතික්⁣ශේප කරන ලදී.

(එ)එහි ප්‍රතිඵළයක් වශයෙන් පොකො ඩයස් ,පොකො සමීර සුසන්ත,අසංග නැලිගම,චිරන්ති සංජීවනී යන අයවළුන් අත් අඩංගුවට ගන්නා ලෙසට නීතිපති 2019/12/09දින සීඅයිඩීයට උපදෙස් දී තිබේ.මේ කාලය වන විට වර්තමාන නඩුවේ සැකකරු (ශානි) රහස් පොලීසියේ සිට ගාල්ල නිටෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මාරු කර යවා තිබේ.

(ඒ) 2020/ 06/03 දින පොකො සමීර සුසන්ත,සහ පොකො ඩයස් නිදහස් කරන ලෙස නීතිපතිවරයා යලි වරක් සීඅයිඩීයට උපදෙස් දී ඇති අතර ,ඒ අනුව 2020/06/03 දින ඔවුන් නිදහස් කර ති⁣බේ.නීතිපතිවරයා යලි වරක් 2020/06/11 වන දින අසංග නැලිගම හා චිරන්ති සංජීවනී නිදහස් කරන ලෙසට උපදෙස් දී ඇති අතර ඔවුන් පිළිවෙලන් 2020 ජුනි 15 සහ 12 යන දෙදින  තුළ නිදහස් කර තිබේ.

(ඔ)අසංග නැලිගම හා චිරන්ති සංජීවනී යන අයවළුන් නීතිඥවරයකු මගින් 2020/06/09වන දින සීඅයිඩීයට ඉදිරිපත් වීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.එම ප්‍රකාශවලදී නැලිගමගේට අයත් ඉඩමට ආයුද ගෙනවිත් දමා ඡායාරූප ගෙන බොරු සාක්ෂි  ගෙතූ බවට අසංග නැලිගම හා චිරන්ති සංජීවනී හා ශානි අබේසේකරට හා පොප විල්වලආරච්චි ඇතුළු විමර්ශන නිළධාරීන්⁣ට එරෙහිව චෝදනා කර තිබේ.

(ඕ) තමා හා පොප  විල්වලආරච්චි  අතර ඇතිවූ දුරකථන සංවාදයක් අසංග නැලිගම ඉදිරිපත් කර තිබේ.

(ක) එම ප්‍රකාශයන් මත ශානි අබේසේකර 2020/07/31 වන දින අත් අඩංගුවට ගනු ලැබීය.පෙත්සම්කරු සදහන් කරන්නේ 2020/07/29 දින සිට විමර්ශනය කර ඇති අතර සාක්ෂි කරුවන් 9 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවය.එහෙත් සකේෂිකරුවන් පස් දෙනෙකුගේ ප්‍රකාශයන් මත පමනක් සැකකරුට එරෙහිව නඩුව පවරා ඇත.දිලිප් අසංග නැලිගම ,චිරන්ති සංජීවනී,චමින්ද විල්වලආරච්චි,සමරපාල ඩයස් සහ සමීර සුසන්ත ඒ අය වේ.

පෙත්සම්කරු තවදුරටත් සදහන් කරන්නේ මහේස්ත්‍රාත්වරයාගේ  2015/03/04දින නියෝගයට අදාලව නීතිපතිගේ ප්‍රතිශෝධන අයදුම්පත මූලික විරෝධතා මතු කිරීමෙන් පසු 2017/06/30 දින නිශ්ප්‍රභා කළ බවයි.මහේස්ත්‍රාත් නියෝගයට අනුව ඉහත පුද්ගලයන් හතර දෙනා අත් අඩංගුවට ගත් බවත් පෙත්සම් කරු කියයි.මේ අනුව මේ පිරිස අත් අඩංගුවට නොගැනීම ගැන ශානි අබේසේකරගේ වරදක් සොයා ගත නොහැකි බව පෙත්සම්කරු කියයි.

2020 .12.09දින නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබෙන විට පෙත්සම්කරුගේ සැමියා(ශානි අබේසේකර)ඇතුළු සැකකරුවන් සිවු දෙනා රහස් පොලීසියේ සිට වෙනත් විවිධ අංශ වලට මාරු කර තිබුණු බව පෙත්සම්කරු කියයි.සැකකාර නිශාන්ත ද සිල්වා විදේශගත වී ඇත්තේ මේ කියන විමර්ශන ඇරඹීමට සහ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මාස කිහිපයකට පෙර බවත් නිශාන්තද සිල්වා රට හැර යන විට ඔහු⁣ට විදේශගත වීමේ කිසිදු තහනමක් නොතිබුණ බවත් පෙත්සම්කරු කියයි.

පෙත්සම්කරු තවදුරටත් කියා සිටින්නේ 2020 දී එම සාක්ෂිකරුවන් පස් දෙනා ප්‍රකාශ 2014 දී ඔවුන් දුන් ප්‍රකාශවලට සම්පූර්ණයෙන්ම පරස්පර බවය. 2020දී ඩයස් කළ ප්‍රකාශය 2014 දී කළ ප්‍රකාශයට සමාන නොවේ.සංජීවනී වික්‍රමසිංහගේ නිවසේ සිටියදී සීඅයිඩීය විසින් තමා පැහැරගෙන ගිය බව ඔහු සදහන් කර ඇත.සංජීවනී යනු ශ්‍යාම් ඝාතනයට වාස් ගුණවර්ධන සමග වරදකරු වූ සරත්චන්ද්‍රගේ සමීපතම මිතුරියකි.2020දී සමීර සුසන්ත ප්‍රකාශ කර ඇත්තේ 2014 දී සිය ප්‍රකාශය ලබා දුන්නේ සීඅයිඩීයට බයෙන් බවය.එහෙත් අවසානයේ අධිකරණයේ විශේෂ ඉල්ලීමක් කරමින් වාස් ගුණවර්ධන නියෝග කළ විට තමා ආයුධ මෝටර් රථයට දැමූ බවක් ඔහු සදහන් කර තිබේ.

තන්තිරිමලේ සහ විලචචිය පොලිස් ස්ථානවලින් කෙලින්ම වාස් ගුණවර්ධනට ලබා දුන් ආයුද දෙකක් තිබුණ බව  අනාවරණය වූ අතර පොලිස් ස්ථානවලින් ආයුධ ලබා දීම සම්බන්ධයෙන් එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව චෝදනා පත්‍ර ලබා දී විනය පියවර ගෙන තිබේ.2014 දී සීඅයිඩීය විසින් මේ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට හා නීතිපතිට වාර්තා කරන ලදී.මෙම ආයුද වාස් ගුණවර්ධන බාරයේ තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශය සහ නීතිපති දන්නා බව පෙත්සම්කරු කියයි.

ආයුද කිහිපයක් වාස් ගුණවර්ධනගේ බාරයේ තිබී ඇති බව තහවුරු කරණු ලැබිණි.තන්තිරිමලේ සහ විලච්චිය සිද්ධියට අදාල සාක්ෂි වලට අමතරව වාස් ගුණවර්ධන විසින්ම නඩුවට අදාලව ප්‍රකාශ ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එල්ටීටීටි යට එරෙහි යුද්ධයෙන් පසු සොයා ගත් ආයුද තිබුණු බවය.ඒ බව නඩු තීන්දුවේද සඳහන් කර ඇත.

ශානිිඅබේසේකරට එරෙහිව අලුත් චෝදනා ගොනු කිරීම ගැන නැවත අභියාචනාධිකරණය මෙසේ සඳහන් කරයි.

මෙම චෝදනාවට ලක් වී ඇති වරද සිඳු වී ඇත්තේ 2014/03/11 වීම සහ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සීඅයිඩීයට ලැබී ඇත්තේ 2020/06/09වීමත් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ලැබී ඇත්තේ 2020/06/24වීමත් සැලකිල්ලට ගැනීම වැදගත්ය.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර ශානි අබේසේකර සතුව කිසිදු නීති විරෝධී ආයුධයක් නොතිබූ අතර ඉහත සදහන් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හැරුණු විට එම ආයුධ සන්තකයේ තබා ගැනීම  සම්බන්ධව වැදගත් සාක්ෂි නැත.ශානි අබේසේකරට එරෙහිව පූර්ව වැරදි හැසිරීමක් හෝ වරදකරුවකු වූ අවස්ථා කිසිවක් නැත.සැකකරුට එරෙහිව  නඩු පවරා නැත.සැකකරු අධිකරණ බලයෙනි සහ නීතිමය ක්‍රියාවලියට යටත් නොවී පලා යනු ඇතැයි සාධාරණ ලෙස යෝජනා කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත.

මාගේ නිරීක්ෂණයට අනුව ශානි අබේසේකර බොරු සාක්ෂි ගෙතුවේ යැයි කියා පැමිණිල්ලක් දැමීමට (2014සිට) සෑම හැකියාවක්ම තිබියදීත් (2020දක්වා) එය කිරීමට අසාමාන්‍ය සහ සුවිශේෂ ලෙස ප්‍රමාද වීම මඟින් පෙන්නුම් කරන්නේ ඔහුට එරෙහි චෝදනා අසත්‍යකරණයේ හා අලංකරණයේ ප්‍රතිඵලයක් මෙන්ම පසුව හිතා මතා කරන ලද චෝදනා බවයි.
එම අසාමාන්‍ය හා සුවිශේෂ ප්‍රමාදය හේතුවෙන් ශානිට එරෙහිව පැමිණිල්ලට ස්වයං සිද්ධතාවේ වාසිය අහිමි වී තිබේ.එපමනක් නොවේ සෑහීමට පත්වන ලෙස හා විශ්වාස කළ හැකි ලෙස එම ප්‍රමාදය ගැන පැහැදිලි කිරීමටද නීතිපති අපොහොසත් වී ඇත.පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 2020 දුන් ප්‍රකාශ 2014 දී ප්‍රකාශවලට පරස්පර වන බව සක් සුදක් සේ පැහැදිලිය. 

ඉන් කියවෙන්නේ කුමක්ද. ශානි අබේසේකරට එරෙහිව නීතිපති හා පොලීසිය ගොනු කළ චෝදනා පදනම් විරහිත හා පුස් චෝදනා බව අභියාචනාධිකරණය නිගමනය කර ඇති බවය.ශානි අබේසේකර සමග එදිනම ඇප ලැබූ අනෙක් පොලිස් නිළධාරියා වූයේ පොප සුගත් මෙන්ඩිස්ය.ඔහු කාලයක් සීඅයිඩීයේ රාජකාරි කළ අතර අත් අඩංගුවට ගන්නා විට ඇඹිලපිටිය පොලීසියේ සේවය කෙරුවේය.ඔහු රිමාන්ඩ් කරන ලද්දේ ශානි තමන්ගේ අතින් ආයුද ගෙනවිත් කලගෙඩිහේන ඉඩමේ දැමූ බවට සීඅයිඩීයට ප්‍රකාශයක් නුදුන් නිසාය. 

2020 අගොස්තු 04 වනදා ගම්පහ මහේස්ත්‍රාත් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් පොප මෙන්ඩිස් පැවසුවේ ශානි අබේසේකර තමා සන්තකයේ තිබුණ ආයුධ තොගයක් ගෙනැවිත් දී කළගෙඩිහේන වත්තක ඌරු කොටුවක් තුළ හිටපු නිපෝ වාස් ගුණවර්ධන එම වරදට හසු කිරීමෙන් වලලන්ට කී බවට ප්‍රකාශයක් දෙනවානම් තමා අත් අඩංගුවට නොගෙන මුදා හරින බව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් දෙදෙනෙකු තමාට පොරොන්දු වූ බවයි.සිය නිල මැදිරියේදී පොප මෙන්ඩිස් ගේ ප්‍රකාශය සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කෙරුවේය.මෙන්ඩිස් එහිදී  වැඩි දුරටත් ප්‍රකාශ ඇත්තේ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරී නෙවිල් පෙරේරා සහ නිශාන්ත නැමති තවත් පොලිස් පරීක්ෂකවරයකු තමාට එසේ කී බවය.තමා එවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම කල නිසා අගෝස්තු 03 වන දා අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලද බවද පොප මෙන්ඩිස් අධිකරණයට කියා තිබේ.

ටිරාන් අලස් ගේ ඔළුවේ තියෙන දේ නීතිය නොවන බව මෙහි අන්තර්ගතයෙන් නිශ්චය කර ගත හැකිය.ශානි අබේසේකර කොටු කර ගැනීමේ මෙහෙයුම  මිල්ටෙරි නන්ද සේන බලයට පත් වූ දින සිට ක්‍රියාත්මක විය.2015 ට කලින් ආණ්ඩුවේ රාජ්‍ය බලය භාවිතා කරමින් සිඳු කළ පැහැරගැනීම් අතුරුදන් කිරීමි මහජන දේපොල මංකොල්ල කෑම් හා මිනීමැරීම් ඇතුළු අපරාධ බොහොමයක ප්‍රධාන විමර්ශකයා වූයේ ශානි අබේසේකරය.මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා වීමෙන් පසුව ප්‍රසිද්ධියේ ශානි අබේසේකර ගැන අප්‍රසාදය හා නොසතුට පල කෙරුවෙිය. 

ටිරාන් අලස්ද මෙරට ව්‍යවස්ථාවට එරෙහිව ත්‍රස්තවාදීන්ට  උපකාර කළ දේශද්‍රෝහි⁣යෙකි.රාජපක්ෂවරුන් වෙනුවෙන් එල්ටීටී ත්‍රස්තවාදීන් හා සිදු කළ මුල්‍ය ගණුදෙනුවක ප්‍රධාන වග උත්තරකරු මේ ටිරාන් අලස්ය.මිල්ටෙරි නන්දසේනට ශානි අබේසේකර පිළිබඳව පැවැති පරාණ බය ටිරාන් අලස්ටද තිබෙන්නට පුළුවන.⁣නීතිපති වරයා විසින් ශානි අබේසේකර නිදහස් කළ විට ට්රාන් අලස් ඇතුළු අපරාධ කරුවන් දැඩි කම්පනයට පත් වීම  ස්වභාවිකය.

ශානි අබේසේකර නීතිපති උපදෙස් මත මුදා හැරීමේදී සීඅයිඩීයේ නිළධාරීන් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ නීතිපතිවරයාගේ  උපදෙස් නැවත සළකා බැලීමට සීඅයිඩියෙන් ඉල්ලා ඇති බවය.ඒ නිසා ශානි අබේසේකර නඩුවෙන් නිදහස් නොකරන ලෙසද සීඅයිඩීය මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටින ලදී.ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය සීඅයිඩීයෙන් ඉතා වැදගත් නීතිමය ප්‍රශ්ණයක් විමසුවාය.ඒ ශානි අබේසේකර මුදා හැරීමට එරෙහිව නීතිපතිවරයාගෙන් නැවත සළකා බලන ලෙස සීඅයිඩීය ඉල්ලන ලද්දේ අළුත් විමර්ශනයක උධෘත සමගද යන්නය.එහෙත් සීඅයිඩී නිළධාරීන් අධිකරණයට ප්‍රකාශ කෙරුවේ එසේ අළුත් විමර්ශනයක් නොකළ බවය.

සීඅයිඩියේ මේ ප්‍රකාශයෙන් සියල්ල වටහා ගත හැකිය.නීතිපති යම් වරදකරුවකු අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධානයන් යටතේ සැක කරුවකු මුදා හරින්නේ ඇඟේ පතේ අමාරුව හන්දා නම් නොවේ.ශානි අබේසේකරට එරෙහිව පවරා ඇති නඩුව අභූත චෝදනා  යටතේ පවරා ඇති නඩුවක් බව අභියාචනාධිකරණය සඳහන් කර ඇති වටපිටාවකය.මෙරට ඉහළ අධිකරණයක තීන්දුවක එසේ සඳහන්ව තිබියදී කුණු ගොඩක් ඔළුවේ තියා ගන්නට නීතිපති මෝඩයෙක්ද නොවේ.

අඩුම වශයෙන් ටිරාන් අලස්ට  මෙහෙමවත් සිතන්නට පුළුවන් විය යුතුය.ඒ සීඅයිඩීය සිදු කරන අපරාධ විමර්ශනයකින් පසුව පවරන නඩුවක තීන්දුවට අවුරුදු පහ හයකට පසුව සාක්ෂිකාරයන් විසින් සීඅයිඩීය අපට බලපෑම් කර ප්‍රකාශ සටහන් කර ගත්තා යැයි පැවසුවොත් ඒ නඩුව පිළිබඳ විමර්ශන කළ නිළධාරීන් හිරේ දැමිය හැකි වන බවය.ඒ නඩුව මෙහෙයවූ රජයේ නීතිඥවරයාත් තීන්දුව දුන් නඩුකාරයාත් වැරදිකරුවන් කර දඬුවම් පමුනවන්නට හැකි වන බවය.

එහෙත් ටිරාන් අලස් හා සුදු කර පටි අපරාධකරුවන්ට මේ සැබෑව අදාල නැත.මේ අපරාධකරුවන් තවමත් සිතා ගෙන ඉන්නේ නීතිය තමන්ට ඕනෑ ආකාරයට හැසිරිය යුතු බවටය.ටිරාන් අලස් වැනි අපරාධකරුවන් දැන් සිටින්නේ ජංගියේ හුජ්ජ කර ගන්නට ඔන්න මෙන්නය.මෙරට මහා දේශපාලන බල පෙරළියකට ජනතාව සූදානමි බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ.
 
 ජවිපෙ සමග අපේ සම්බන්ධකම් අද ඊයේ නොවේ යැයි ටිරාන් අලස්ලා ප්‍රසිද්ධියේ   පවසන්නේ හිත හදාගන්ටය.ජනතා ප්‍රසාදයෙන් බලයට එන්නට සිටින දේශපාලන බලවේගයන්ද බලය ලබා ගත් පසු ⁣ටිරාන් අලස් වැනි තක්කඩි දේශපාලඥයන් සමග එක යහනේ නිදි වදින්නට සිතා සිටින්නේ නම් ජාතක කළ අම්මා සමග නිදි වැදීම එයට වඩා වැදගත් වනු ඇත්තේය.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්