පොහොට්ටු කාර්යාලය ආරක්ෂා කරන්නේ යුද හමුදාව බව හෙළිවේ
පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ කාර්යාලයට අද දින සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු ලිපි තොගයක් බාරදීම සඳහා ගියහ.එම ලිපි වල සඳහන්ව තිබුණේ ආණ්ඩුව ඊටීඑෆ් මංකොල්ල කෑම සඳහා ගන්නා කුමන්ත්‍රණකාරී වැඩ පිළිිවෙළට නිදහස් වෙළඳ කළාපයේ සේවක සේවිකාවන්ගේ විරෝධයයි.
ලිපි තොගය බාර ගැනීමට පොදු ජන පෙරමුණට සම්බන්ධ නායකයකු එහි නොසිටීම නිසා එම ලිපි තොගය කාර්යාලයේ තබා ඒමට ඒ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට සිඳු විය.ඒ අවස්ථාවේ පොදු ජන පෙරමුණ කාර්යාලයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් මුර රාජකාරියේ නිරතව සිටින ආකාරය දැක ගත හැකි විය.දැන් අපට ප්‍රශ්ණය වී ඇත්තේ දේශපාලන කාර්යාලයකට යුද හමුදාව යොදවා ඇත්තේ කවර පදනමකින්ද යන්නය.මේ වන විටත් පොදු ජන පෙරමුණ මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂය.තමන්ගේ නිවසේ බල්ලන් නෑවීමට නාවුක හමුදා සෙබළුන් යොදා ගත් බැසිල් රාජපක්ෂ ගේ නෝනා ගේ හැට්ටයේ කටු ගැසීම පවා සිඳු කරන ලද්දේ නාවුක සෙබළියන්ය.පොදු ජන පෙරමුණේ කාර්යාලයට යුද හමුදා සෙබළුන් රාජකාරියට යොදවා ගෙන ඇත්තේද රාජපක්ෂවරුන්ගේ අධිකාරිවාදී මේනියාව නිසා බව පැහැදිලිය.මේ සිද්ධියෙන් තහවුරු වන්නේ රාජපක්ෂ වරුන් තමන්ගේ දේශපාලන බල අධිකාරිය තවමත් බාධාවකින් තොරව පවත්වාගෙන යන බවය. එහිදී ඔවුන් සිතන්නේ යුද හමුදාවෙි සෙබළුන් ඔවුන්ගේ වහළුන් විදියටය.පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට නම් මේ ගැන කියන්නට බොහෝ දේ තියෙන්නට පුළුවන.
Comments
Post a Comment