පොලිස් ලොක්කන්ට විශ්‍රාම යන විට ලැබෙන පොලිස් දෑවැද්ද මෙහෙමය
- Get link
- X
- Other Apps
- හිටපු පොලිස්පති ගේ කෙරුවාව පිළිබඳව අප පල කරන ලද ලිපියට පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ නිරත විවිධ තරාතිරමේ බොහෝ දෙනෙකුද පොලීසියෙන් විශ්‍රාම ගත් අයවළුන්ද අප වෙත ප්‍රතිචාර දක්වන ලදී.එහිදී යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකද විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියකුද විය.ඔවුන් අප වෙත පැවසූ තොරතුරු මෙහි සඳහන් කිරීමට පෙර යහපාලන ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ලේකම්වරයා වූ ලයනල් ප්‍රනාන්දු තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ජනමාධ්‍ය වෙත අනාවරණය කළ කරුණක් පිළිබඳව නැවත සිහිපත් කිරීම වටී.ජනපතිවරයාගේ ලේකම්වරයා ලෙස සිටි ලයනල් ප්‍රනාන්දු සේවයෙන් ඉල්ලා අස්වූයේ මෛත්‍රීපාල සිරිසේනගේ දුර්වල පාලනය හේතු කර ගෙනය.ලයනල් ප්‍රනාන්දු යනු මෙරට පරිපාලන සේවයේ සිටි දැවැන්තයෙකි.ජනපතිවරයා වෙත අස්වීමේ ලිපිය බාර දුන් ලයනල් ප්‍රනාන්දු පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙන් එලියට බැස තුන්රෝද රථයක් හයර් කරගෙන බත්තරමුල්ල නිවසට ගිය බව ඒ දිනවල ජනමාධ්‍ය වෙත පවසා තිබුණි. අවුරුදු හතලිහකට ආසන්න කාලයක් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල තනතුරු වල සිටි ලයනල් ප්‍රනාන්දු සේවයෙන් ඉල්ලා අස්වී ගියේ එහෙමය .උතුරු නැගෙනහිර යුද ක්‍රියාන්විතයේ සේවය කළ බොහෝ මේජර් ජනරාල්වරුද මේ වන විශ්‍රාම ගොසිනි.මේජර් ජනරාල් නිලයේ සේවයේ නිරතව සිටියදී හිමි වූ වරප්‍රසාද හමුදා සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔහුට නොලැබේ.එසේ ලැබෙන එකම පහසුකම හමුදා රෝහළෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අවස්ථාව පමණය.මේ තොරතුරු සම්බන්ධයෙන් අප දැනුවත් කළ මේජර් ජනරාල් වරයා අපට පෙන්වා දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාම යන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට රියදුරකු හා වාහනයක් පොලිස් දෙපාර්තමේන්තු වෙන් ලබා දෙන බවය.සැබවින්ම එය සත්‍යය තොරතුරකි.ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සේවයෙන් විශ්‍රාම යන විට අනුයුක්ත කරන පොලිස් රියදුරා ඔහු මිය යන තුරුම ඔහුගේ නිවසේ සේවය කළ යුතුය.මෙලෙස අනුයුක්ත කළ බොහෝ පොලිස් රියදුරන් විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවසේ මෙහෙකරුවා බවට පත් වී සිටින බව අප වෙත වාර්තා වී තිබේ.මෙරට පැවැති වාර්ගික යුද්ධයේදී ක්‍රියාන්විතයේ රාජකාරි කර විශ්‍රාම ගිය මේජර් ජනරාල්වරයෙකුට පවා නොලැබෙන වරප්‍රසාදයක් ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විශ්‍රාම යන විට හිමි වීම කවර නෛතික පදනමක් යටතේ සිදුවන්නක්ද යන්න වාර්තා නොවේ.එසේම විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියකුටද මෙම පහසුකම හිමි නොවන බව හිටපු ජනපති ලේකම් ලයනල් ප්‍රනාන්දු ගේ සිද්ධියෙන් තහවුරු වෙි.රාජ්‍ය සේවාවෙි කිසිදු ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු විශ්‍රාම යන විට නොලැබෙන වරප්‍රසාදයක් පොලීසියේ ලොක්කන් විශ්‍රාම යන විට හිමි වීම ගැන කාගෙ කාගේත් අවධානය යොමු විය යුතුය.සක්‍රීය සේවයේ නිරත පොලිස් රියදුරකු ගේ සේවය හිමි කර ගෙන සිටින විශ්‍රාමික පොලිස් ලොක්කාට සමාජය හා ගණුදෙනු කරන අවස්ථාවලදී පවා සුවිශේෂී බලපෑමක් කළ හැකි බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත .අනෙකුත් ඡ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරී විශ්‍රාමිකයන්ට ඒ සියල්ල අහිමිය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment