මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සීඅයිඩී පරීක්ෂණයක් ඇරඹේ
ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරණ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වේ.නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් ලිඛිත උපදෙස් පරිදි මෙම පරීක්ෂණ අරඹා ඇති බවද දැන ගැන්මට තිබේ.මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය වසරේ අරගලය පැවැති සමයේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම සදහා යුද හමුදාවට නියෝග නොකිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් පරීක්ෂණය අරඹන ලද බව පැවසේ.එහිදී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවැති විරෝධතා සම්බන්ධ යෙන් අවධානය යොමු නොකිරීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිණි තැබීම දක්වා පැතුරුණ ප්‍රචන්ඩත්වය වලක්වා නොගැනීම හා රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව තහවුරු නොකිරීම ආදී චෝදනා ගනනාවක් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ගෙන් සමන්විත කමිටුවක් මගින් සිදු කළ නිර්දේශ පරිදි මෙම පරීක්ෂණය සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.හිටපු යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා කට්ටඬියකු යැයි පැවසෙන මානසික ආබාධිතයකු ගේ අනාවැකි වලට රැවටී සතියකට වරක් කෙම්මුර දිනයන්හිදී සීනිගම දේවාලයේ පුද පූජා පැවැත්වූයේ මෙරට අගමැතිකමට පත්වීමේ අපේක්ෂාවෙනි.රාජපක්ෂ වරුන් ඔහු හමුදාපතිකමින් එළවා දැමීමට හේතු වූයේද මේ සීනිගම දේවාලයේ පැවැත්වූ පූජා බාර හාර වේ.පසුව මෙරට ඇතිවූ අරගලය අවස්ථාවේද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එම මානසික ආබාධිත කට්ටඬියා ලවා මෙරට අගමැති ධුරය ලබා ගැනීමට ගුරුකම් කර ගන්නා ලදී. රට තුළ උද්ගත වූ අර්බුදකාරී තත්වය පිළිබඳ ඔහු අවධානය යොමු නොකරන ලද්දේ කට්ටඬියාගේ අනාවැකිය පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටි නිසා බව පැහැදිලිය.අප මේ ලියන්නේ අතේ ගෙතූ අසත්‍ය තොරතුරු බව පවසන්නේ නම් අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ සහන් නම් ජානගත මානසික ආබාධිතයකු සමග මේජර් ජනරාල්වරයා සීනිගම දේවාලයේ කෙම්මුර දිනවල බාර හාර පැවැත්වූ ආකාරයත් ඒ කවර ආකාරයේ අරමුණකින්ද යන්න සීනිගම දේවාලයේ කපුවන්ගෙන් දැන ගත හැකිය. සහන් නම් වූ මේ කට්ටඬියා මානසික ආබාධිතයකුද නැද්ද යන්න ඔහු ජීවත්වූ ගමේ ප්‍රදේශවාසීන් ගෙන් විමසා දැනුවත් වන්නට පුළුවන.ඒ දිනවල මේ ගමේ පදිංචිකරුවන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගැන පවසන ලද්දේ උපන් ගෙයි මෝඩයකු ලෙසය.
Comments
Post a Comment