පාර්ලිමේන්තුව විසුරවා හැරීම ස්ථිරයි

 


සැමදා නියං එකදා වැහි වලාවේ ජනව⁣හරේ කතාවක් තිබේ.මේ රටේ  දේශපාලනයද මහා නියඟයකට හසු වී තිබේ.සිද්ධ වෙන්නට යන්නේ කුමක්ද යන්න ගැන ජනතාව සිටින්නේ අන්දුන් කුන්දුන් වෙලාය.දේශපාලන නියඟය තුරන් කර මහා ධාරානිපාත වැස්සක් වහින තුරු ජනතාව බලා සිටී.එහෙත් පවතින වටපිටාව තුළ මේ දේශපාලන නියඟයද තමන්ගේ වාසියට සළසා ගත්තවුන් ආණ්ඩුවේ සිටින බව අසන්නට කියවන්නට ලැබෙන තොරතුරු වලින් තහවුරු වෙමින් පවතී.කෙහෙළිය රඹුක්වැල්ල මෙරටට ගෙන්වන ඖෂධ ජාවාරමක කො⁣ටස්කරුවෙකි.

 පොදුජන පෙරමුණු ආණ්ඩුව කාලයේදී මෙරටට එන ආයෝජකයන් ගසා කෑ කොමිස් කාක්කා වූ බැසිල් රාජපක්ෂ ගේ ගෙන ගිය සියයට දහයේ ජාවාරම මේ ආණ්ඩුවේ සිදු කරන්නේ සාගල රත්නායකය.නිමල් සිරිපාල හා දියණිය කල දුටු කළ මල්ල පුරවා ගනිමින් සිටී.ප්‍රසන්න රණතුංඟ කොළඹ කේන්ද්‍රීය කරගෙන පිහිටි වටිනා ඉඩම් ඔහුගේ ජාවාරම්කාර හිතවතුන්ට බදු දෙමින් ගාන කපා ගනී.විජේදාස රාජපක්ෂ හා පුත්‍රයා පාතාලයේ ගෝඩ් ෆාදර්ලා සමග ගනුදෙනු කරමින්  කෝටි ගණන් උපයා ගනිමින් අධිකරණය නැති භංගස්ථාන කරයි.කතානායක ගේ පවුලේ වුන් සියළුම දෙනාම කතානායක කාර්ය මණ්ඩලයේය.

ඒත් අවාසනාවකට කතානායකට තවමත් ගෙදර බල්ලාට රැකියා අවස්ථාවක් පංගාර්තු කරන්නට නොහැකි වී තිබේ.විදුලි බල ඇමති කාංචන මාමණ්ඩියගෙ ව්‍යාපාර ගොඩ දාන්නට බලවත් වෙහෙසක් දරයි.එල්ලෙන්න වැලේ වැල් නැතුව සිටි මනූෂ නානායක්කාර පරමිපරා හතක⁣ට ජීවත්වීමට වැඩේ ගොඩ දාගෙන හමාරය.මෑතකදී ඔහු මිලයට ගත් වාහනයේ මිල කෝටි තිස් දෙකකි.හරීන් ප්‍රනාන්දු සංචාරක ව්‍යාපාරය ගොඩ දාන බව කියමින් හොඳම එකෙන් ආතල් ගනිමින් ඉන්නේය.ඒ සනත් ජයසූරිය වැන්නන් සමගය.


රට තුළ ආයෝජන කිසිවක් නැත.රට යන්නේ රීලෝඩ් සිස්ටමි එකටය.මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා  ප්‍රකාශයක් කරමින් පැවසුවේ අපේ රටට නැවත ණය ගැනීමට ඉඩ පහසුව සැළසෙනු ඇති බවය.මේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ රට ණය කරමින් ජනතාව ගොනාට අන්දන්නට මේ තක්කඩියන් සූදානමින් සිටින බවය.ණය ගත්තා වගේ නොව ඒවා නැවත ගෙවිය යුතුය.එහෙත් මේ තක්කඩියන්ට ඒ ගැන වගේ වගක් නැත.දැන් මේ තක්කඩියන් හදන්නේ රාජපක්ෂ හොර කල්ලිය සිඳුු කළ මංකොල්ලය නැවත අළුත් වටයකින් ආරම්භ කිරීමටය.වැඩි පොලියට ණය අරගනිමින් අහවල් ව්‍යාපෘතිය අරඹනවාය මේ ව්‍යාපෘතිය කරනවාය කියා නව හැඩයේ කොමිස් ⁣ගැහිල්ලකට මේ තක්කඩියන් සූදානම් වන බව පැහැදිලිය.  

මුදල් නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දැන් හරියට කතා කරන්නේ ඩිමෙන්ෂියා රෝගියකු විදියටය. රාජපක්ෂ හොර කල්ලිය සතුව බලය පැවති ආණ්ඩු වල ඇමතිවරයකු ලෙස තමන් සිටි බව මේ උන්නැහේට අමතකව ගොසිනි. මේ තක්කඩියා ලියන ලද බව කියවෙන  පොතක් තිබේ. පොතේ නම උල්පත් පෑන.මේ පොත ලියන්නට ඇත්තේ මොහු නොවන බව අපි දනිමු. මොහුගේ නමින් එක කාලයකදී පත්තරයකට දේශපාලන කොලමක් ලියවිණි.

 ඒ කොළමේ මොහුගේ නම සඳහන් වූවාට ලිව්වේ රාවය පත්තරේ කර්තෘ මණ්ඩලයේ සිටි සරත් වන්නිආරච්චිය.උල්පත් පෑන පොත ලිව්වේ රංජිත් සියඹලාපිටියගේ මාධ්‍ය ලේකම්  පැතුම් පැස්කුවල්ය.එම උල්පත් පෑන පොතේ පළවෙනි විශේෂාංඟයේ ඒ දිනවල පැවති මහින්දගේ ආණ්ඩුවේ ඇමතිවරයකු විදියට රටේ පවතින සංවර්ධනය ගැන මේ තක්කඩියා වර්ණනා කර ඇත්තේ මෙහෙමය.


"...සහනාධාර වැඩි කර මිල ඉහල යාමට මුහුණ දීමට ඇවැසි පියවර රජයට ගත හැකිය.එම කටයුත්ත අප රජය ඉටු කළේ 2004 දී සමෘද්ධිය සහනාධාරය අද වන විට දෙගුණ කරමිනි.විපක්ෂය බෙරිහන් දෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක් සදහා සංයුක්ත බද්දක් 2008 දී ඇති කළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම වැලැක්වීම සදහාය......රටක උද්ධමන යම් ප්‍රමාණයකින් පැවතිය යුත්තේ සංවර්ධනය කරා අප යන ගමන නිසාවෙනි.එය අද තනි අගයක පවතී.රටක උද්ධමන පාලනයට විවිධ පියවර අප ගන්නේ මහ බැංකුව ආදී ආයතන සෘජු අධීක්ෂණ යටතේය.බැංකු පොලී අනුපාතය වෙනස් කිරීම ඉතිරි කිරීම් සඳහා කැමැත්ත වැඩි කිරීම අපේ උපක්‍රම අතර විය.කෙසේ නමුත් බඩු මිල වැඩිවීමට දිගු කාලීන පිළියම් වන්නේ රටක නිෂ්පාදනය සහ ඵළදායීතාවය වැඩි කිරීමයි.වසරකට මිලියන තිහ හතලිහක් වියදම් කර පොහොර සහනාධාරය ලබා දෙමින් කෙතට බසින රාජ්‍ය නායකයා වී ගොවිතැනේ නිෂ්පාදනය වැඩි කර ඵළදායිතාව වැඩි කිරීමට ජවය දුන් හෙයින් එහි ප්‍රතිඵළය අද අපි භුක්ති විඳින්නේ සතුටෙනි......"

අද රනිල් හාමු ගේ ආණ්ඩුවේ මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සිදු කරන  ප්‍රකාශත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටියදී  එදා ලියා ඇති ලියවිලිත්  විමසා බැලූ විට මේකාගේ තක්කඩි පාදඩකම ගැන හොඳින් වටහා ගන්නට පුළුවන.

 ඒ දිනවල මොහු ලියා ඇති ලියවිලි සඳහන් කර ඇති ආකාරයට රට සංවර්ධනය කරා යමින් තිබී ඇත්තේ අධි වේගයෙනි.එහෙත් දැන් අපට ඒ ගැන කියන්නට තියෙන්නේ අනේ උඹේ අම්මාට කියාය.එදා භුක්ති විඳිනවා යැයි පවසන ලද සතුට අද  ඇත්තේ උඹෙි අඹුව ලඟ දැයි දැන් අපට අසන්නට පුළුවන. 

රනිල් හාමු ගේ ආණ්ඩුවේද ඇමතිවරුන් වී සිටින මේ වාහෙලාට රට ගැන කැක්කුමක් තියෙනවා යැයි කවුරුහරි හිතනවා නමි  ⁣ඒ මොළය අමාරුකාරයෙක් විතරමය.රනිල් හාමු නහින දෙහින කාලයේ ජනාධිපති⁣ කමේ ආතල් ගනිමින් සිටිනවා මිස රට ගොඩ දාන්නට සිදු කරන ලබුවක් නැත.

ඉදිරියේ මෙරට දේශපාලනය හිතන තරම් ලේසි පහසු නොවන බව රනිල් හාමු දනී.දැන් ඔහු හදන්නේ අළුත් හැඩයේ ගේමකට බව පෙනී යයි. ඉදිරියේදී එන ජනාධිපතිවරණය කල් දැමීමට ව්‍යවස්ථානුකූලව ඔහුට කිසිම ඉඩක් නැත.ඒ නිසා ඔහු දේශපාලන සූදුව කවුරුත් නොසිතූ ආකාරයට සෙල්ලම් කිරීම සඳහා කූට්ටම අනන්නට සූදානමිනි.

කවුරුත්⁣ නොසිතූ විදියට රනිල් හාමු පාර්ලිමේන්තුව විසුරවා හැරීමට නියමිතය.මෙරට ⁣පාර්ලිමේන්තු  බලය ලබා ගනිමින් ආණ්ඩු පිහිටුවීම පිළිබඳව වූ ඉතිහාසය ගැන දැනුවත් අයෙකුට රනිල් හාමු පිටියට දාන්නට හදන මේ තුරුම්බුව වටහා ගත හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව තනි පක්ෂයකට මෙරට බලය ලබා ගැනීමට නොහැකි බව රනිල් හාමු දනී.

 ඔහු සෙල්ලම පටන් ගැනීමට හදන්නේ එතැන් සිටය.විධායක ජනපති බලතල භාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ තමන්ට කැමති හැඩයේ ආණ්ඩුවක් හදා ගැනීම ඔහුගේ අපේක්ෂාවයි.ඒ සඳහා අවශ්‍ය තරමේ මුදල් මළු මේ වන විටත් ගොඩ ගසා හමාරය.සුළු ජාතික නියෝජනයන් සහිත පක්ෂ නායකයන් රනිල් හාමුගේ ඔඩොක්කුවෙි දාගැනීම සිම්පල්ය.සමගි ජන බලවේගයේ බාගයකට වඩා දැනටමත් ඉන්නේ රනිල් හාමු සමගය.

මාලිමාව මේ වන විට සිටින ඉහළ ජන ප්‍රසාදය මෙරට සියළුම පක්ෂවල ඉරිසියාවට හේතු වී තිබේ.එයද රනිල් හාමු ගේ ඉදිරි සැලසුම් වලට පහසුවකි.පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව මාලිමාව ගනන් හදා ගෙන තියෙන තරමේ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණහොත් පාර්ලිමේන්තුව තුළ බලය පිහිටුවීම දැඩි අර්බුදයකට හේතු වනු ඇත.රනිල් හාමු බලාපොරොත්තු වන්නේද එම අර්බුදයයි.ඉන්පසුව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක කැමැත්ත පරිදි අගමැතිවරයා පත් කර ගනු ඇත.ඒ බහුතරය අනිවර්යෙන්ම හැදෙන්නෙ රනිල් හාමුට  පක්ෂපාතීවය.ඉන් අනතුරුව එළඹෙන ජනාධිපතිවරණයද තමන්ගේ කැමැත්තට ගොඩ දාගන්නට රනිල් හාමු ගේ හිතේ තියෙන්නට පුළුවන.

ඒ බල ආධිපත්‍යය තහවුරු වූ විට රනිල් හාමු  බටලන්ද පන්නයේ වදකාගාර මෙරට පිහිටුවන්නට ඉඩ තිබේ.බොහෝ දේශපාලන නායකයන්ට ජම්පර් අඳින්නටද සිඳු වෙනු ඇත. මේ සියල්ල සිද්ධ වන්නේ ඊනියා සංවර්ධනයේ නාමයෙනි.
     
රනිල් හාමු ගේ මේ කුමන්ත්‍රණය පැරදවීමට විරුද්ධ පක්ෂ පොදු එකඟතාවකට පැමිණීම අනිවාර්ය කාරණයකි.එසේ නැතුව  "අපි පොරවල්" ලෙස සිතා සිටිතොත් පක්ෂ වලට පමණක් නොව මුළු රටටම කෙල වෙන බව ලියා තැබිය හැකිය.

 ඒ කෙලවීම ඇරඹෙන්නේ පාර්ලිමේන්තුව හදිසියේ පාත්වෙන හෙණයක් විදියට විසුරවා හරින දිනයේ සිටය.එහිදී තවත් කාරණයක් කිව යුතුය.ඒ රනිල් හාමු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දින කාල වකවානු ගැන තීරණයකට එළඹීමට පෙර කේන්දර ග්‍රහයන්ගේ පෙරෙට්ටු ගැන කිසිම විශ්වාසයක් නොතබන බවය.එබැවින් හෙට උදෑසන නින්දෙන් අවදිවන විට පවා පාර්ලිමේන්තුව විසුරවා ඇතැයි අපට අසන්නට ලැබුණහොත් එය පුදුම වන්නට කාරණයක් නොවේ.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්