රාජා භවතු ධම්මකෝ

 


  • මේ ගණ්ඩතින්දු ජාතකය.උපුටගත්තෙ  මහචාර්ය විලේගොඩ අරියදේව අපේ නායක හාමුදුරුවන්ගෙ පොතකින්.....

    පුරාණ භාරතයේ කම්පිල්ල රාජ්‍යයේ පංචාල නම් රජ කෙනෙක් හිටියා.මේ රජාගෙ පාලනය හරිම දූෂිතයි.රටේ කිසිම සංවර්ධනයක් තිබුණෙ නැහැ.ජනතාව ගත කෙරුවෙ බොහොම දුක්ඛිත ජීවිතයක්.

    මේ පංචාල රජා⁣ට අවශ්‍යවුනා තමන් ගැන ජනතාව කියන්නෙ මොනවද කියල දැනගන්න.රජා වෙස් වලාගෙන තමන්ගෙ පුරෝහිතය එක්ක තමන්ගෙ රාජධානිය වටේ සැරිසරන්න ගත්තා.

    මේ දෙන්න යන ගමනෙ අතරමගදි වලක⁣ට වැටිලා අත පය කැඩුණු මහළු ගැහැණියක් රජතුමාට සාප කර කර විලාප දෙන හැටි දැක්කා.තමන්ගෙ නොසැලකිල්ල නිසා වලකට වැටිල ම⁣ට සාප කරන එක අසාධාරණ නේද කියල රජා ඒ මැහැල්ලගෙන් ඇහැව්වා.
    මහළු ගැහැණිය රාජාට  මේ විදියට පිළිතුරු දුන්නා.

    "..මට දීග තල දෙන වයසෙ ළමිස්සියො දෙන්නෙක් ඉන්නවා.උන් දීග ගෙනියන්න කවුරුවත් එන්නෑ.ඉතින් ඒ ළමිස්සියොන්ට කන්න බොන්න ⁣දෙන්න වෙලා තියෙන්නෙ මට.මං ඉතින් කැලේට ගිහින් දර කඩාගෙන ඇවිත් ඒව විකුණල යන්තමින් ජීවිතේ ගැට ගහ ගන්නව.තමන්ටවත් ජීවත් වෙන්න බැරි මේ වගේ කාලෙක ගෑනු ගන්න පිරිමි ලෑස්ති නෑ.මගේ ළමිස්සියො ගෙදරට නාකි වෙන්නෙ රටේ රජා හන්දා තමයි.ඒ නිසාම තමයි මට මේ දේ සිද්ධ වුනෙත්..."   

    මහළු ගැහැණියගේ සාප කිරිල්ල සාධාරණ බව රජාටත් පුරෝහිතයටත් තේරුණා.දැන් දෙන්න තවත් ඉස්සරහට ඇවිද ගෙන ගියා.

    ඒ යන අතරමග මහළු මනුස්සයෙක් කකුලෙ කටුවක් ඇනිල මහ හයියෙන් මොර දෙනවා.

    අපොයි මගේ කකුල ..පංචාල රජා හීයක් ඇණිලා මැරියන්.පංචලෙ රජා මට වඩා  විදොවන්න ඕන කිය කිය තමා උන්දැ මොරදුන්නෙ.

    ඇයි බං නාකියො උඹේ ඔළුව හොඳ නැද්ද අපේ රජ්ජුරුවන්ට බැණ වදින්න කියල .පාරට කටු ගෙනත් දැම්මෙ උන්වහන්සෙද ....කියල පුු⁣රෝහිතය ඒ මහළු මනුස්සයට බැණ වැදුනා.

    ".....මේ දුෂ්ඨ පංචාල රජාගෙ අධාර්මික පාලනය හන්දනේ රටේ හොර හතුරො වැඩිවෙලා .දහවල් කා⁣ලයට උගේ භටයො අපේ ඔළුව කන්න හදනවා...රෑට හොරු අපි කන්න හදනවා...මුන් ගෙන් බේරෙන්න අපි අපේ ගෙවල් වටේ කටු අකුල් දාගෙන තමා ඉන්නෙ ...ඒ කටුවක් තමයි මේ ඇනිල තියෙන්නෙ ....."මහළු මනුස්සයා කිව්වා.   
    රජාටත් පුරෝහිතයටත් තේරුණා මහළු මනුස්සයගෙ කේන්තිය සාධාරණ බව.දැන් දෙන්න ආපහු එතැනින් තවත් ඉස්සරහට ඇවිද ගෙන ගියා.එහෙම යද්දි කුඹුරක ඉන්න ගොවියෙක් රජාට සාප කරන හඬක් ඇසුනා.

    ඔය පංචාලය මැරෙන්ටෝන....ඕකා යුද්ධයකදිවත් කඩු ගෑවිලා යන්ටෝන ....කියල තමයි ඒ ගොවියා සාප කෙරුවෙ.

    සීසාන කොට ගොනාගෙ කකුල නගුල් තලයට කැපිලා ලේ ගනවා.ගොවියා රජාට සාප කෙරුවෙ ඒ හන්ද.දැන් පංචාල රජාටයි පුරෝහිතයටයි ඒක ප්‍රශ්ණයක් වුනා.ගොනාගෙ කකුල කැපිල තුවාල වුනේ රජාගෙ වරදක් වුනේ කෝමද කියල.ගොවියා ඒ ගැන පැහැදිලි කරල දුන්නා.

    ....මම අද උදේ ඉඳන් මේ ගොනාගෙන් වැඩ ගන්නවා.දවල් මගේ ගෙදර මනුස්සය මට ඇඹුල අරන් එද්දි රාජ පුරුෂයො ඒව උදුරගෙන කාල .ඒ නිසා ගෙදර මනුස්සය ආපහු ගෙදර ගියා මට කෑම උයාගෙන එන්න.රාජපුරුෂයන්ට ගහන්න බැරි කමට මම ගොනාට ගැහැව්වා.මහන්සිවෙලා හි⁣ටිය ගොනා වෙලේ වැටිල නගුල් තලයට කකුල කැපුණා.මේ දුෂ්ට රජා නිසා තමයි අපට මෙි විදියට විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ.."

    ගොවියාගෙ කේන්තිය සාධාරණ බව රජාටයි පුරෝහිතටයි වැටහුනා.එතැනින් පිට වෙලා ඇවිදගෙන ගිය මේ දෙන්නට මුණ ගැහුණෙ ඇහැ තුවාල වෙචිච ගොපොල්ලෙක්.ගාලෙ බැඳන් හිටිය කුළු දෙන කඹය කඩාගෙන ගිහිල්ල.කිරි හට්ටි ඔක්කොම බිඳිලා කුළු දෙනට පෑගිලා.කුළු දෙනගෙ පය පහරකට තමයි ඇහැ තුවාල වෙලා තියෙන්නෙ.

    පාහර පංචාලයගෙ ඔළුව මගේ කිරි හට්ටි බිඳුනා වාගෙ කුඩු වෙලා යන්නෝන .....කියල ගොපොල්ලා කෑ ගහනවා.

    පුරෝහිතය ගොපොල්ලගෙන් විමසුවා ඇයි රජාට ඔහොම බැණ වදින්නෙ කියල

    ගොපොල්ල උත්තර දුන්නා.

    "....ඔය පංචාල රජාගෙ මැති ඇමතියාගෙ පටන් පහලම රාළහාමි දක්වා අප⁣ට හිරිහැර කරනවා.උන්ට කොච්චර කිරි දොවා දුන්නත් මදි.උන් ඉල්ලන තරම් කිරි නුදුන්නොත් අපට වද දෙනවා. ඒ හන්ද අපි අපේ වැස්සියොන්ගෙ කිරි එච්චර නැති නිසා කැලෑවෙන් කුළු දෙන්නු අල්ලගෙන කිරි දොවා ගන්නවා.උන් හීලෑ නැති නිසා වැඩේ ලේසි නෑ.ඉතින් මගේ ඇහැ තුවාල වුනේ මේ රජා නිසා කියල 
    තේරෙනවනේ....."

    මේ අස්සෙ ඒ ගමේ වුන් හැමෝම රජාට සාපකරනවා .දෙස් දෙවොල් තියනවා.රජ පවුලටම බනිනවා.

    දැන් රජා ඒ ඇයි කියල ගැමියෙකුගෙන් ඇහැව්වා.

    ගමේ හිටිය වහු පැටියෙක් රාජ පුරුෂයො මරා ගෙන කාලා ඒකයි ගමේ මිනිස්සු රජාට සාප කරන්නෙ කියල.ඒ ගැමියා පැවසුවා.  

    රජා වටහගත්තා ගැමියන් තමන්ට බැණ වදින එක වරදක් නැහැ කියල.රජා පුරෝහිතය එක්ක තවත් ඉස්සරහට ඇවිදගෙන යන කොට ජලය හිඳුන දිය කඩිත්තක ගොම්බො වගයක් රජාට සාප කරනවා.

    ඕකා මැරීයන්......ඕකා මැරීයන් ...කියල.

     උඹල ඇයි ඔහොම රජතුමාට සාප කරන්නෙ කියල පුරෝහිතය ගෙම්බන්ගෙන් ඇසුවා.

    ගෙම්බො මෙහෙම පිළිතුරු දුන්නා...........

    රටට නිසි කලට වහින්නෙ නැත්තෙ රජාගෙ අධර්මිෂ්ට කම නිසා.මේ රජා අධාර්මික නිසා  රට පුරා සාගතය පැතිරිලා.ඒ නිසා කපු⁣ටන්ට කන්න නැතුව හිඳුන දිය කඩිති වල ඉන්න අපි අල්ලගෙන බුදිනවා.කපුටන් ගෙම්බන් කන්න එන්නෙ වෙන කන්න දෙයක් නැති නිසානේ....

    ඉන්පස්සෙ පංචාල රජාට තේරුණා රටෙි හැම විපත්තියකටම මුල තමා බව.....රටක සමෘද්ධිය රඳා පවතින්නෙ තමාගෙ දුර දක්නා නුවන මත බවත් පංචාල රජාට වැටහුනා.තමන් අධාර්මික වුනාම මැති ඇමතියො අධාර්මික වෙලා පැවිද්දන් දුස්සීල වෙනවා.ජනතාව දුකට පත්වෙනවා කියලත් පංචාල රජා තේරුම් ගත්තා.

    හැබැයි අපේ රටට එහෙම තේරුම් ගන්න රජෙක් මේ ඉර හඳ කප තියෙන තුරු පහල වෙිද කියල සැකයක් තියෙනවා.මොකද රජාට එහා ජනතාවක් මේ රටේ  ඉන්න හන්ද එහෙම හිතන්නම වෙනවා.අපට පහල වුන හැම රජාම මරු......ජනතාවත් මරු....

    මේ කතාවට දාල තියෙන පොටෝව කැමති විදියට තේරුම් ගන්න ඕන කෙනෙකුට පුළුවන්.ඒකට අපෙන් බාධාවක් නෑ.
     

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්