කොස්ගොඩ සුජීව කුජීතයි -සුජීවගේ හාල් කෑලි ඩුබායි වල අනාථ නාථයන් වෙලා

 


Sun, 27 Aug at 19:48

අම්බලන්ගොඩ බලපිටිය රත්ගම බෙන්තොට කේන්ද්‍රීය කර ගනිමින් පවත්වාගෙන ගිය කොස්ගොඩ සුජීවගේ හෙරොයින් ජාවාරම මේ වන විට කඩා වැටී ඇති බව වාර්තා වේ.රත්ගම විදුර  හා මිනුවන්ගොඩ රුවන් විසින් මුහුදු මගින් හොරොයින් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රා දෙකක් දකුණු මුහුදු සීමාවේදී අත්  අඩංගුවට ගැනීම සඳහා නාවුක හමුදාවට කොස්ගොඩ සුජීව ඔත්තු සැපයීම නිසා බලපිටියේ  ගිණි කෙලි ඇරඹීම එයට හේතුවයි.

සටන ඇරඹෙන්නේ මිනුවන්ගොඩ පාතාල ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු කොස්ගොඩ සුජීව ගේ මාමා වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය  විදුහල්පති දිනුක සොයිසා හට වෙඩි තැබීමෙනි.මේ වෙඩි තැබීමෙන් කොස්ගොඩ සුජීවගේ මාමා හට බේරීමට හැකි වුවද එය සුජීවගේ පාතාල බල පරාක්‍රමයට අභියෝගයක් විය.

කොස්ගොඩ සුජීවගේ සිල්ලර ගෝල බාලයන් රට පනින්නට වූයේ  එම සිදුවීමෙන් පසුවය.කොස්ගොඩ සුජීව සමග සම්බන්ධව ඔහුගේ හෙරොයින් ජාවාරමට සහ⁣යෝගය දුන් බලපිටියේ පදිංචිව සිටි  දිනුක සොයිසා,තට්ට සමන් ,පොන්සි  දසුන් ,කොට සැන්ටා,මානවඩු හා  අබිලිං නොහොත් මනෝජ් රාජපක්ෂ ඩුබායි වෙත පලා ගොස් මහල් නිවාසයක පදිංචිව සිටී.මේ අතර ඩුබායි වලට පැන ගොස් සිටින්නන් අතර    කොස්ගොඩ සුජීවගේ සොයුරියද අජාසත්තගේ පුත්‍රයාද ⁣සිටින බව වාර්තා වේ. 

මෙම කණ්ඩායමේ  සිටින කොට සැන්ටා හා පොන්සි දසුන් මරා දැමීමට වාස වසන්ත කුරුමානම් අල්ලමින් සිටී.ඒ මොවුන් අතර වූ සිදුවීමක් නිසාය.එක් දිනයක කොට සැන්ටා සහභාගි වූ සාදයකට වාස වසන්තද  සහභාගි වී තිබේ.මේ සාදයට වාස වසන්ත සහභාගි වූ විට කොට සැන්ටා හා පොන්සි දසුන් ඩුබායි වල සිටින කොස්ගොඩ සුජීව හට ඒ ගැන දැනුවත් කර තිබේ.වසන්ත එහිදී මරා දැමීම ඔවුන්ගේ සැලසුම විය.එහෙත්  වසන්තට ඒ පිළිබඳව ඉව වැටී එම ස්ථානයෙන් වහා ඉවත්ව ගොස් ඇත.වාස වසන්ත හා සුජීව අතර ආරවුලක් ඇති වී ඇත්තේ හෙරොයින් ජාවාර⁣ම් ගණුදෙනු සම්බන්ධයෙනි.   

ආයුධයෙන් සිය ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට නොහැකි වූ තැන කොස්ගොඩ සුජීව ඒ සඳහා මුහුණු පොත යොදා ගනිමින් අපූරු ගේමක් දියත් කර ඇති බව අපගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.ඒ සුජීවගේ උපදෙස් පරිදි පවත්වා ගෙන යන රටේ අබිලිං නම් මුහුණු පොත් ගිණුමයි.අබිලිං යනු මෙරට ස්වාධීන රූපවාහිනී සේවය මගින් විකාශනය කරන කෝපි කඩේ නම් ටෙලි නාට්‍යයේ චරිතයකි.මෙම නාට්‍යයේ අබිලිං
ඕප දූප හොයමින් ගම පුරා ඇවිදිමින් සිටින්නෙකි.ඔහු පිරිමි පරාණයක් වුවද කෙරුවාව කාන්තාවකගේ හා සමානය. ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරිකයකු වූ කොස්ගොඩ සුජීව නපුංසක අබිලිං ලෙස රූපාන්තරය වීම හාස්‍යජනකය. 


එසේම රටේ අබිලිං නම් මුහුණු පොත් ගිණුම මගින් කොස්ගොඩ සුජීවට එරෙහි ප්‍රතිවාදී කල්ලි සාමාජිකයන් ගැන හා ඔවුන්ගේ හඬ පට ප්‍රකාශයට පත් කෙරේ.ඒ සමගම කොස්ගොඩ සුජීවට සම්බන්ධ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් එම සාමාජිකයන් ගේ නිවෙස් වලට කඩා වැදී හිරිහැරයට හා භීතියට පත් කරනු ලබයි. ඇතමුන් ව්‍යාජ චෝදනා නගා අත්අඩංගුවට ගනු ලබයි.

විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ගේ ජරාව කෑම ගැන අපූරු වාර්තාවක් එස්අයිඑස් නිළධාරයකු අප වෙත එවා තිබේ.දළුවතුමුල්ල  ගමගේ මල්ලිකා යනු අම්බලන්ගොඩ ප්‍රසිද්ධ හෙරොයින් ජාවාරම්කාරියකි.ඇයගේ දියණියක පසුගියදා රාත්‍රී නවයට දහයට පමණ බහුදින යාත්‍රා හිමිකරුවකු හමුවී බෝට්ටු කරවල කිලෝ පහක් ඉල්ලා තිබේ.ඒ බහු දින යාත්‍රා හිමිකරු ඇයගෙන් විමසා ඇත්තේ ඇයි බං හදිසියේ මේ රෑ කරවල හොයන්නේ කියාය.නෑ මුදලාලි මේ එස්ටීඑෆ් එකේ අපි දන්න කියන මහත්වරු දෙන්නෙක් හෙට නිවාඩු යනවා.එයාලට ගෙදර අරන් යන්න කරෝල ටිකක් ඉල්ලුවා යැයි ඇය පිළිතුරු දී තිබේ.එස්ටීඑෆ් කෙරුවාව මේ කතාවෙන් වටහා ගන්නට පුළුවන.

මනෝජ් හෙවත් අබිලිං පිළිබඳව රත්ගම විදුර ගේ ගෝල බාලයන් හා අනෙකුත් පාතාල ක්‍රියාකාරිකයන්   සිටින්නේ දැඩි කෝපයෙනි. සුජීවගේ උපදෙස් පරිදි ඔහු විසින් ෆේස් බුක් වල පවත්වාගෙන යන රටේ අබිලිං නම් එම ගිණුමෙහි නිතර නිතර  රත්ගම විදුරට හා අනෙකුත් පාතාල ක්‍රියාකාරිකයන්⁣ට එරෙහිව හා ඔවුන් හඳුන්වා දීමට පෝස්ටු දැමීම නිසාය.

කොස්ගොඩ සුජීවගේ මාමා වූ දනුකට මිනුවන්ගොඩ පාතාලය විසින් වෙඩි තැබීමෙන් පසුව බලපිටිය අම්බලන්ගොඩ හා රත්ගම කේන්ද්‍රීය කර ගනිමින් විශේෂ කාර්ය බලකාය අනුයුක්ත කරන ලදී.⁣එලෙස රාජකාරියේ නිරත  විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිළධාරීන් සමග කොස්ගොඩ සුජීවගේ ප්‍රධාන ගෝලයින් ලෙස සැළකෙන කොට සැන්ටා හා පොන්සි දසුන් අතර සම්බන්ධතා ජාලයක් ගොඩ නැගීමට සහකාර පොලිස් අධිකාරී ළමාහේවා මැදිහත් වී තිබේ.සහකාර පොලිස් අධිකාරී ළමාහේවා සෘජුවම කොස්ගොඩ සුජීව හා සම්බන්ධතා පවත්වන පොලිස්කාර අප⁣තයෙකි.මොහු
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් සීඅයිඩි යෙන් නෙරපා හරින ලද  දූෂිතයෙකි.

ඒඑස්පී ලමාහේවාගේ උපදෙස් මත මෙරට හෙරොයින් නඩුවක සාක්ෂිකරුවකු කළුවමෝදරදී මරා දැමීමට කොට සැන්ටා සම්බන්ධ විය. 
මෙම පාතාල කවයේ හෙරොයින් ජාවාරමට අත් උදව් සැපයූ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක් සිටී.ඒ බෙන්තොට ප්‍රාදේශීය සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගමගේ අනියම් පුත්‍රයා වන ගයාන් සිරිමාන්නද බලපිටිය මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රීලනිප සංවිධායක වරයා ලෙස සිටි ලාල් සිල්වාද වේ.සුජීවගේ හෙරොයින් මෙරට වි⁣විධ ප්‍රදේශවලට බාධාවකින් තොරව බෙදා හැරියේ මෙම දේශපාලඥයන්ගේ වාහන වලිනි.   බලපිටියට රාජකාරි සදහා පැමිණි විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ හට කොට සැන්ටා පොන්සි දසුන් හා මනෝජ් නොහොත් අබිලිං  විසින් මත්පැන් සාද පැවැත්වූ බවටද තොරතුරු වාර්තා වේ.පොලිස් පරීක්ෂක කොළඹගේ ඇතුළු විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් කොට සැන්ටා හා පොන්සි දසුන් සමග මාදු ගගේ සංචාරයකද නිරත වී තිබේ.

කොස්ගොඩ සුජීව ගේ හෙරොයින් ජාවාරම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී  ඇත. බලපිටිය අම්බලන්ගොඩ ප්‍රදේශවල කොස්ගොඩ සුජීවට හිමිව තිබූ දේපොල පවා අලෙවි කිරීමට ඔහු කටයුතු කරමින් සි⁣ටී.එහෙත් එම දේපොල මිලයට ගන්නන්ට පවා මරණ සහතික නිකුත් කරන බව සුජීවට එරෙහි කණ්ඩායම් පවසයි.සුජීවට එරෙහිව පිටියට බැස ඇත්තේ එක කණ්ඩායමක් පමණක් නොවේ.⁣ගාල්ල සහ ගම්පහ කේන්ද්‍රීය කරගත් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ කණ්ඩායම් ඒ අතර වේ.මේ වන විට සුජීවගෙන් යැපුන පොලිස් නිළධාරීන් පවා කිසිත් කර කියා ගත නොහැකි තත්වයකට පත් වී සිටී.මනෝජ් නොහොත් අබිලිං ඇතුළු කොස්ගොඩ සුජීවගේ හාල් කෑලි වලට ආරක්ෂාවට ඩුබායි යන ලෙසට උපදෙස් දුන්නේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා බව අනාවරණය වී තිබේ. 

රත්ගම විදුරගේ පාතාල ජාලය නාවුක හමුදාව තුළද ක්‍රියාත්මකය.ඒ අතරේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක්ද විදුරගේ සෙවනැල්ල ලෙස සිටී.කොස්ගොඩ සුජීව යනු කෙළෙහිගුණයක් නැති එකෙක් බව අනෙකුත් පාතාලයන්ගේ අදහසයි.සිය සමීපතමයන්ගෙන් වැඩ ගෙන ඔවුන් පාවා දීම සුජීවගේ සිරිතය.මේ වන විට සුජීවගේ පිළිසරණ සොයා ඩුබායි රටට පැන ගොස් සිටින හාල් කෑලි වලටද මාස හය හතකදී අනාථ නාථයන් වීමට සිදු වන බවට සුජීව ගැන දන්නා කියන අය පවසයි.

කෙසේ වෙතත් සුජීව  හා  විදුර අතර ඇතිවී ඇති ආරවුල ගැන  අපට සදහන් කරන්නට ඇත්තේ අවි ගත්තෝ අවියෙන් නැසෙති යන වදනය.ඔවුන් එකිනෙකා සමාජය මත වැපිරූ අස්වැන්න ඔවුන් විසින්ම කපා ගත යුතුය.මෙම පාතාල ක්‍රියාකාරකම් මර්ධනයට ජනතාව එක හෙලාම කැමැත්තෙන් සිටී. ඒඇස්පී හරක් ගුණයා හා දේශබන්දු වැන්නන් ඔඩොක්කුවේ හුරතල් කරමින් ඇමති ටිරාන් අලස්  පාතාලය මර්දනය කරනවා කියන එක බඩ කොරවෙන තරමේ විහිළුවකි.පාතාල මර්දනය පිළිබඳව මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ ඔවුන්ගේ ආණ්ඩුවකට ඒ සඳහා ගත වන්නේ සති දෙකක කාලයක් බවය.

කාට හෝ මෙරට පාතාලය මර්දනය කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් පළමුවෙන් කළ යුත්තේ පොලීසියේ සිටි ශානි අබේසේකර මුද්‍රාව ඔළුවේ ඇති පොලිස් නිළධාරින්ට වැඩේ බාර දීමය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්