පොලීසියට සේවා නියෝග කළ හැක්කේ පොලිස්පතිවරයාට පමණකි
යහපාලනය මෙරට පැවැති අවදියේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක එක් අවස්ථාවකදී ජනපති මෛත්‍රීපාල සිරිසේනට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ තම හමුදා සේනාංකසේනාධිපති වරුන්ට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යම් යම් නියෝග ලබා දීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්වීමට සිදු වී ඇති බවය.
මෙහිදී ජනපතිවරයා හමුදා සේනාංකාධිපතිවරු කැඳවා නියෝග කරන ලද්දේ පිටස්තර පාර්ශවයන්ගේ නියෝග අනුව රාජකාරි කටයුතු නොකරන ලෙසත් හමුදාවට නියෝග කිරීම සිදු කරන්නේ හමුදාපතිවරයා පමනක් බවත් එහිදී තමාට හෝ තම රජයේ ඇමතිවරයෙකුටවත් හමුදාවට අණ දීමට නොහැකි බවත්ය.තමා සේනාවිධායකවරයා වුවද හමුදාවට යම් නියෝගයක් කිරීමට පෙර හමුදාපතිවරයා විමසන බවත් ඔහු එහිදී සේනාංකාධිපතිවරුන්ට පවසන ලදී.
අප මේ සිදුවීම උදාහරණයට ගත්තේ මෙරට පොලීසිය බාරව කටයුතු කරන ටිරාන් අලස් අමාත්‍යවරයා අනවශ්‍ය හා අනීතික ආකාරයට පොලීසියේ රාජකාරියට මැදිහත් වෙමින් පවතින බව දැක ගත හැකි නිසාය.
පොලිස් ඇමතිවරයා වශයෙන් ඔහුට නෛතිකව පැවරී ඇති කාර්යය වන්නේ පොලීසිය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා යටිතල පහසුකම් සැළසීම සඳහා මැදිහත්වීමය.
එහෙත් මේ වන විට ටිරාන් අලස් අමාත්‍යවරයා මහජන විරෝධතාවන් මැඩ පැවැත්වීම සඳහා යම් යම් පොලිස් නිළිධාරීන්ට නියෝග දෙමින් තිබෙන බව අනාවරණය වී තිබේ.මෙය ඉතා බරපතල කාරණයකි.
අමාත්‍යවරයාගේ අනීතික නියෝග මත ක්‍රියාත්මක වන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු අතින් මනුෂ්‍ය ඝාතනයක් වුව හොත් එහි වගකීම හා වගකීම ඇමතිවරයාට කිසිසේත්ම නොපැවරේ. එහි වගකීම හා වගකීම පැවරෙන්නේ සිද්ධියට සෘජුව සම්බන්ධ වන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියාටත් ප්‍රතිපුරුෂ වගකීම පොලිස්පතිවරයාහටත්ය.
විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග හා සේවා උපදෙස් දීමට නෛතික බලය හිමිව ඇත්තේ පොලිස්පතිවරයාට පමණක් බව සිහිපත් කරමු.
එහිදී පොලිස්පතිවරයාට සහාය වීම සඳහා පොලිස් කොමිෂම ක්‍රියාත්මකව පවතී.
එසේ නොමැතිව පොලිස් ඇමතිවරයා ගේ නියෝග පිළිපැදීමට ගොස් අමාරුවේ නොවැටෙන ලෙස අපි පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලමු.
Comments
Post a Comment