මානව හිමිකම් කොමිෂමට ෂොට් එක දෙන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුව සූදානම්
රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙි සභාපති විශ්‍රාමික ශ්‍රේෂඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහට එරෙහිව මානව හිමිකම් කොමිෂමේ අනෙකුත් කොමසාරිස්වරුන් සියලුම දෙනා මේ වන විට ජනපති රනිල් රාජපක්ෂට සහ කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිඛිතව පැමිණිලි කර ඇති බව වාර්තා වේ. මෙම කොමසාරිස්වරුන් සියළුම දෙනා පොදුජන පෙරමුණෙහි ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ අයවළුන් වේ.
මානව හිමිකම් කොමිෂමේ අනෙකුත් කොමසාරිස්වරුන් වන පූජ්‍ය කළුපහන පියරතන හිමි, ආචාර්ය නිමල් කරුණාසිරි ,ආචාර්ය විජිත නානායක්කාර ,අනුසුයා ෂන්මුගනාදන් යන කොමසාරිස්වරුන්ගෙන් කරුණු නොවිමසා සභාපතිවරිය අත්තනෝමතිකව කටයුතු කරන බවට එම ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර ඇත.හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන විසින් මෙම කොමිෂන් සභා නියෝජිතයන් පත් කෙරුවද එහි ආරම්භයේදී කොමිෂමේ සභාපතිවරියගේ විෂය මැදිහත්වීම පිළිබඳව සමාජය තුළ පොදු ගෞරවණීය ඇගයීමක් පැවතුණි.
පසුගියදා (26) මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය කොමිෂමේ සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව විරෝධතාවක් පවත්වන ලදී.මෙම කොමිෂන් සභා කොමසාරිස්වරු තිදෙනා වූයේ විජිත නානායක්කාර,නිමල් කරුනාසිරි ,හා කළුපහන පියරත්න හිමියන්ය.එම විරෝධතාවට එක්ව සිටි මානව හිමිකම් කොමිෂමේ කාර්ය මණ්ඩලය මානව හිමිකම් කොමසාරිස්වරුන් හට පෙන්වා දෙන ලද්දේ මානව හිමිකම් විෂය සම්න්ධයෙන් අවබෝධයක් නොමැතිව කටයුතු කරමින් කොමිෂමේ සභාපතිනිය ඇතුළු නිළධාරීන්ට එරෙහිව මාධ්‍ය යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යාම අනුමත කළ නොහැකි බවය.
මානව හිමිකම් කොමිෂමේ කාර්ය මණ්ඩලය කොමිෂන් සභා කොමසාරිස්වරුන් හට එරෙහිව සිදු කළ ප්‍රථම චෝදනාව වූයේ පසුගිය 26 වන දා මව්බිම පුවත්පතෙහි පල කරන ලද ප්‍රධාන ශීර්ෂ පාඨයයි.එහි සඳහන් කර තිබුණේ සභාපතිණිය එක්ක අපට වැඩ කරන්න බැහැ මානව හිමිකම් කොමසාරිස්වරු ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලති යනුවෙන්ය.ඉහත කොමසාරිස්වරුන් උපුටා දක්වමින් අදාල ප්‍රවෘත්තියේ සදහන් වූයේ කොමිෂමේ සභාපතිණිය හා කොමසාරිස්වරුන් අතර ගැටුමක් ඇති බවය.ඒ අතරම තමන්ගෙන් නොවිමසා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කොමිෂන් සභාව වෙත කැඳවීමද මෙම කොමසාරිස්වරුන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.මෙම ප්‍රවෘත්තිය පිළිබඳව මානව හිමිකම් කොමිෂම් සභා සේවක සංඟමය මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරන ලදී.එම මාධ්‍ය නිවේදනය මගින් මහජන ආරක්ෂක අමාත්‍ය මානව හිමිකමි කොමිෂමට කැඳවීම දේශපාලන කුමන්ත්‍රණයක්ද යනුවෙන් මාර්තු 12 මව්බිම පුවත්පතේ පල කර තිබූ පුවතට අදාලව මානව හිමිකම් කොමසාරිස්වරුන් වන විජිත නානායක්කාර ,නිමල් කරුණාසිරි,පූජ්‍ය කළුපහන පියරත්න හිමි ,අනුසුයා ශන්මුගනාදන් විසින් සිදු කර ඇති ප්‍රකාශ අසත්‍ය බව අවධාරණය කර තිබුණි.
කොළඹ විශ්වවවිද්‍යාලයට ආරක්ෂක අංශ කැඳවා විරෝධතා කරුවන්ට සිදු කළ පහරදීමක් ගැන කරුණු විමසීමට ටිරාන් අලස් ඇමතිවරයා කොමිෂම වෙත කැඳවා තිබුණි.එසේ කැඳවීමට පෙර කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් අදාල කෙමෙසාරිස්වරුන්ට මේ පිළිබඳව ලිඛිතව දන්වා තිබියදී ඔවුන් එසේ කර නැති බවට අසත්‍ය තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කිරීම කොමිෂන් සභාවෙි ස්වාධීනත්වයට ,ගෞරවයට සහ පැවැත්මට බරපතල හානියක් සිදුු කර ඇති බවට සේවක සංගමය චෝදනා කර තිබේ.
1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 03 වන වගන්තියට අනුව එහි කොමසාරිස්වරයකු ලෙස පත්වීමට මානව හිමිකම්වලට අදාල කාරණා ගැන දැනුමක් හෝ ප්‍රායෝගික පලපුරුද්දක් ඇත්තාවූ තැනැත්තන් අතරින් තෝරා ගත යුතුය යන්න දැක්වේ.
මානව හිමිකම් කොමිෂමේ කොමසාරිස් වරයෙකුට මාසික දීමනා වශයෙන් රුපියල් 144250ක් ගෙවනු ලබයි.ඒ අතරින් රුපියල් 90000ක් කොමසාරිස් රාජකාරිය වෙනුවෙන්ද දුරකථන දීමනාව ලෙස රුපියල් 4250 ක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 50000 ක්ද ගෙවීම කරයි.
මේ අතර පසුගිය පෙබරවාරි මාසයේ එක දිනක්වත් කොමිෂමට නොපැමිණි පියරත්න හිමි රුපියල් 144250 ක දීමනාව ලබා ගෙන ඇති බව තහවුරු වී තිබේ.2021 දෙසැම්බර් 17 වන දින කොමිෂමට පත් කරන ලද මෙම හිමියන් මේ වන තුරු මානව හිමිකම් කොමිෂමේ එක නිර්දේශයකටවත් අත්සන් කර නැත.එම මාසයේදීම කොමසාරිස් නිමල් කරුණාසිරි දින 9 ක් කොමිෂමට පැමිණ ඇත.විජිත නානායක්කාර එක් දිනකි.අනුසුයා ශන්මුගනාදන් දින 14 ක් පැමිණ ඇත.එක දිනයක් කොමිෂමට වාර්තාකර ඇති විජිත නානායක්කාර ප්‍රවාහන දීමනාව ඇතුළු සියලු දීමනා ලබා ගෙන තිබේ.
මෙලෙස කොමසාරිස් වරුන් කොමිෂමේ රාජකාරියට නොපැමිණියද ප්‍රවාහන දීමනාව ඇතුළු සියළු දීමනා හා වරප්‍රසාද ලබා ගෙන තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් අප හට මානව හිමිකම් කොමිෂම තුළ මතුවී ඇති අර්බුදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් පවතී.රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ කුමන්ත්‍රණය කරන්නේ මෙරට ස්වාධීන කොමිෂන් සභා ඩෝසර් කර ගෙන යාමටය.මේ වන විට මහජන උපයෝගිතා කොමිෂමේ කප්පාදු කර අහවරය.ඊළඟට මානව හිමිකම් කොමිෂමට ෂොට් එක දෙන්නට සූදානම්ය.
Comments
Post a Comment