පොලිස්පති පත්කිරීම ගැන අස්ගිරියේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමි හා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමි මත දෙකක


 

පොලිස්පති ධුරයට සුදුසු නිළධාරියකු පත් කිරීමෙිදී ආගමික නායකයන් බලපෑම් කිරීම කිසිසේත්ම අනුමත කීරීම නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවෙි ආනන්ද හිමි පවසයි.

 නාරම්පනාවේ ආනන්ද හිමිට ඩෝං ගොස් ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැර රාජකාරිමය වගකීම පැහැර හරින ලද ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පති ⁣නිලන්ත ජයවර්ධන හෝ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් නොකරන ලෙසට අගරද ගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානන් ලිඛිතව ජනපතිවරයාට දැන්වීම නිසාය.

නාරම්පනාවේ හිමි ගේ ප්‍රකාශයෙන් අපට හැගෙන්නේ පොලිස්පති තනතුරට කොස්ගොඩ සුජීව හෝ කිඹුලඇලේ ගුණා පත් කළ යුතු යැයි ජනපතිවරයා තීරණය කරන්නේ නම් රටේ ජනතාව කට පුප වසාගෙන ඒ පත්වීම අනුමත කළ යුතු බවය.නාරමිපනාවේ හිමි දැන් මරදානේ  චොප්පෙට ඇඳ ඇති බවක් අපට සිතේ.
 
චොප්පේ එල යූඇන්පී කාරයාය.චොප්පේගේ ⁣පුතා දැන් මරදාන කොට්ඨාශයේ යූඇන්පී නාගරික මන්ත්‍රීවරයාය.නාරම්පනාවෙි ජනපතිවරයා සුද්ධ කරන්න යන්නේ යූඇන්පී ⁣චොප්පේ ජාන නිසා බව පැහැදිලිය.
 
එලෙසම මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් දළඳා මාලිගාවට  බෝම්බ තැබූ කරුණා අම්මාන් කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති වරයා ලෙස පත් කළ දිනවල නාරම්පනාවේ ආනන්ද හිමියන්  මුඛය පමණක් නොව අධෝමුඛයද වසා ගෙන සිටි⁣න්නට ඇත්තේද රටේ ජනපතිවරයාට ඕනෑම ලබ්බක් කරන්න පුළුවන් විය යුතු නිසාද නැතිනම් රාජපක්ෂලා කෙරෙහි පැවතුන පරාණ බය නිසාද යන්න ගැනද සොයා බැලිය යුතුය.

අස්ගිරිය හා මල්වත්ත ගැන දැන් බෞද්ධ ජනතාව තුළ ඉතා හොඳ අවබෝධයක් පවතී.අගරදගුරු හිමිපණන් රටේ ජනතාවගේ ප්‍රශ්ණ වලට සෘජුව මැදිහත් වේ.මල්වත්ත හා අස්ගිරිය උන්වහන්සේලාට රට තුළ සිද්ධ වන හා සිඳුවෙමින් පවතින විනාශය ගැන කිසිදු දැනුමක් අවබෝධයක් නැත.උන්වහන්සේලා ශ්‍රී මුඛය අරින්නේ වීඅයිපී වරයෙකු පලතුරු වට්ටියක් හා අටපිරිකරක් අරගෙන විහාරයට ආ විටය. 
 
හීල හා දවාල දානය කරදරයක් නැතුව ලැබෙන බැවින්ද  පින් කැටය හා බැංකු ගිනුම්ද  ස්වයං ක්‍රියාකාරීව ⁣පි⁣රෙන බැවින්ද උන්වහන්සේලාට රටේ ජනතාව පාරේ හිඟා කෑවාත් කමක් නැත.ඒ ජනතාවගේ කරුමය මිස වෙන දෙයක් නොවන බව බණට කියා හිත හදන්ටත් උන්වහන්සේලාට පුළුවන.පොලිස්පති තියා ජනපතියා මොකා වුනත් උන්වහන්සේලාට අදාල නැත.

එහෙත් නාරම්පනාවේ ආනන්ද හිමි ගේ ප්‍රකාශයට එරෙහිව යන ප්‍රකාශයක් ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් පවසා තිබේ.උන්වහන්සේ පවසා ඇත්තේ චෝදනා වලින් තොර රටටත් ජනතාවටත් පිළිගත හැකි නිළධාරියකු පොලිස්පති ධුරයට ⁣පත් කිරීමට  ජනපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවය. පසුගිය කාලය පුරා පොලීසියට විවිධ ⁣චෝදනා එල්ල වූ බවත් දැන් පොලීසියට අවශ්‍ය වන්නේ කීර්තිමත් වර්තමානයක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

දැන් අප ⁣සිට ගත යුත්තේ ⁣අස්ගිරිය ලේඛඛාධිකාරී හිමිගේ පාර්ශවය පැත්තේද රාමඤ්ඤ නිකාය පැත්තේද කියා සිංහල බෞද්ධ උපාසක උපාසිකා ඇත්තන්ට බරපතල ප්‍රශ්ණයක් ඇති වන්නට පුළුවන.එහෙත් අප ඒ ගැන සිතිය යුතු වන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පාදඩයකුට බාර දීමෙන් තමන්⁣ට පමනක් නොව හෙ⁣ට උපදින තමන්ගේ දරුවන්ට කෙල වෙනවා නොවේද යන්න ගණන් හදා බැලීමෙනි.ඒ ප්‍රශ්ණය ආගමික දෘෂ්ඨිකෝනයෙන් තක්සේරු කර විසදාගත හැකි ප්‍රශ්ණයක්ද  නොවේ.



  




Comments

  1. Excellent. You are a great asset for the Country

    ReplyDelete
  2. Bhikkhu wanahi Rajapaksha nikaye napunsakotthama awalangu kaasi wethi

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

මහනුවර පොලිස් ⁣ලොක්කාට ලංකා දවසෙන් මල් මිටක්

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ