හොර ඖෂධ ගෙන්වූ ජාවරම්කරුවන් තවමත් නිදැල්ලේ
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද හියුමන් ඉම්යුනෝග්ලෝබියුලින් නැමැති රුධිරය හා සම්බන්ධ ඖෂධය පිළිබඳව බරපතල අර්බුදයක් මතු වී තිබේ.පසුගිය කාල සීමාවේදී මෙරටට බාල ඖෂධ ගෙන්වන බවට ජනතාවගේ බලවත් විරෝධයක් පවතින වටපිටාවක මේ හියුමන් ඉම්යුනෝග්ලෝබියුලින් ඖෂධය ගැන තොරතුරු අනාවරණය වී ඇත.කෙසේ වෙතත් අදාල ඖෂධය රෝගීන් හට ආසත්මිකතා ඇති කිරීමට හේතු වූ බවට වාර්තා වීම නිසා එය භාවිතය තහනම් කරනු ලැබිණි.එහෙත් දැන් අනාවරණය වී ඇති තොරතුරු අනුව මේ ඖෂධය මෙරටට ගෙන්වූ සමාගම එය ගෙන්වීමට අනුමැතිය ලබා ගැනීමේදී ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට හඳුනා ගෙන ඇත.මෙම ව්‍යාජ ලේඛන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කළ බව කියවේ.
මෙරට රෝහල්
කිහිපයකදී එම ඖෂධය භාවිතා කිරීමෙන් පසුව රෝගීන් කිහිප දෙනෙකුටම ආසාත්මිකතා
ඇති කළ බවට වාර්තා වීමත් සමග එය භාවිතයෙන් ඉවත් කරන ලදී.ඒ සමගම එම ඖෂධය
මෙරටට ගෙන්වන ලද ඉන්දියානු සමාගමෙන් බලධරයන් කරුණු විමසීමක් කිරීමේදී එම
සමාගම මෙරට ඖෂධ නියාමන අධිකාරියට දන්වා ඇත්තේ එය නිෂ්පාදනයට තමන්ගේ සමාගමේ
කිසිදු සම්බන්ධතාවක් නැති බවය.ලයිව් අර්ත් බයෝෆර්මා නම් එම සමාගම
වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව ඉන්දියානු රජයටද,ප්‍රාන්ත
කලාපීය ආහාර හා ඖෂධ පාලානාධිකාරියටද පැමිණිලි කරන බවය.අදාල ඉන්දියානු සමාගම
මේ වන විට මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් මේ සිද්ධිය ගැන වැඩිමනත්
තොරතුරු විමසා ඇතැයි වාර්තා වේ.තම සමාගමේ මුද්‍රාව යටතේ මෙවැනි වංචනික සහ
අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති පුද්ගලයන් හඳුනාගැනීමට මේ තොරතුරු අවශ්‍ය බව
එහිදී දන්වා ඇති බව දැන ගැන්මට තිබේ.
ව්‍යාජ
ලියකියවිලි මගින් මෙරටට ගෙන එන ලද හියුමන් ඉමියුනොග්ලොබින් ඖෂධ ටෙන්ඩරය ලබා
දී ඇත්තේ සුදු ඵෑණු ගෙන්වන සමාගමකටය.එම සමාගම මගින් මෙරටට ගෙන්වන ලද ඖෂධ
ප්‍රමාණය 22500කට ආසන්නය.මෙම ඖෂධය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සැපයුම් කරුවන්
තිදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඉන් පළමු වැන්නා සුදු ළුෑණු ගෙන්වන සමාගම
වේ.දෙවන හා තැන්වැනි සැපයුම්කරුවන් අදාල ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා
ලියාපදිංචි ඖෂධ සමාගම් වේ.එහෙත් ඖෂධය ගෙන්වීමට අවස්ථාව ලබා දී ඇත්තේ මෙරට
ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි වී නැති සුදු ළුෑණු ගෙන්වන සමාගමටය.මෙම
ඖෂධය මෙරට ගෙන්වූ ආකාරයද ප්‍රශ්ණ සහගත වී තිබේ.එම ඖෂධ තොගය ලංකාවේ
වරායකින්,ගුවන්තොටු පොළකින් රේගු නිෂ්කාශනය යටතේ ගෙන්වූ ඒවා නොවන බවට
තොරතුරු අනාවරණය වීම එයට හේතුවයි.
මෙම ව්‍යාජ ඖෂධ
ගණුදෙනුව පිළිබඳව අතවශ්‍ය පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ගේ ඒකාබද්ධ බල
මණඩලයේ සභාපති රවි කුමුදේශ් මාධ්‍ය හමුවකදී මෙසේ ප්‍රකාශ කරන ලදී.
"....ව්‍යාජ
ලෙස මෙරටට ගෙන්වන ලද හියුමන් මියුනෝග්ලොබියුලින් ඖෂධය ගැන අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට පැමිණිලි කරල දින ගනනක් පසු වුනත් මේ හා සමිබන්ධ
වගකිවයුතුත්තන් ප්‍රශ්ණ කරල නැහැ.තව ටික දවසකින් කියාවි මොවුන් රටින් පිටව
ගිහින් කියල .අප තවමත් දන්නෙ නැහැ මේ හොරකම
ඒ සමාගම තනියෙන් කළ
එකක්ද කියලා.ඒ නිසා එම සමාගම හොරෙකුටත් වඩා අපට සම්පතක්.එම සමාගම දන්නා
තොරතුරු නිවැරිදිව හෙළි කර ගතහොත් ඖෂධ නියාමන අධිකාරිය හරහා සිඳුවන දූෂිත
ජාවාරම් ගණනාවක් හෙළි කර ගැනීමට හැකියි.මේ සමාගම 2021 වර්ෂයේ සිට ඖෂධ
සැපයීම් කරලා.ඉතා ප්‍රසිද්ධියේ ඖෂධ හදලා.දැන් ඖෂධ නියාමන අධිකාරිය කියනවා
ඖෂධ හදන්න එම සමාගමට අවසර දීල නැහැ කියලා.එහෙමනම් අවසර නැති සමාගමකට ඖෂධ
නිෂ්පාදනයට ප්‍රසිද්ධියේ ඖෂධ නිපදවල රජයටම දෙන්න පුළුවන්නම් ඖෂධ නියාමන
අධිකාරියක ඇති වැඩේ මොකද්ද...."
Comments
Post a Comment