සය නිවුන් දරු උපතේ තිත්ත ඇත්ත මෙහෙමය



 

ආර්ථිකය කුල්ල කුජීත වී තිබියදී අද (17) දින කොළඹ කාසල් වීදිය රෝහලේදී සය නිවුන් දරු උපතක් පිළිබඳව වාර්තා විය.මෙලොවට අමුත්තන් වූ ඒ අහිංසක කිරි සප්පයන් ගැන සතුටු වෙනවාට වඩා අපට ඇත්තේ කණගාටුවකි.ඒ කවුරු කවුරුත් සය දරු උපත ගැන සතුටු වන හා කතාබහ වන  වටපිටාවකය.


මේ දරුවන් හය දෙනා පිරිමි දරුවන්ය.ඔවුන් මේ වන විටත් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවේ.ඒ එම දරුවන් උපත ලබා ඇත්තේ සති 26 ක නොමේරූ ළදරුවන් ⁣ලෙසය.මෙම දරුවන් උපතේදී බර ග්‍රෑම් 400 /700 අතර වන බවද වැඩිදුරටත් වාර්තා විය.මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහ⁣ළෙහිළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය 
එල්.පී.සී.සමන් කුමාර ප්‍රකාශ කර ඇත්තේ දැනට කෘතිම ස්වසනය ලබා දෙන මේ දරුවන් ජීවත් කරවීම බරපතල අභියෝගයක් බවය.

එහෙත් මේ සය නිවුන් දරුවන් පිළිබඳව මාධ්‍ය වසන් කරන අමිහිරි කත⁣න්දරයක්ද තිබේ.ඒ කතන්දරය තුළ සැඟවී ඇත්තේ මෙරට මුදලට මිනිස් ජීවිත පවා සෞඛ්‍ය සේවාව තුළ තුට්ටුවට දෙකට විකිනෙන ජාවාරමක් වී ඇති බවය.අනික් කාරණය වන්නේ මෙරට සමාජය විද්‍යාත්මකව දැනුම්වත් සමාජයක් ⁣නොවීම නිසා සිඳුවන හානියයි.මේ කාරණා දෙකෙන්ම වාසි ගන්නේ ජාවාරම්කාර වෛද්‍යවරුන් හා ඔවුන් හා සම්බන්ධ  පෞද්ගලික සෞඛ්‍ය සේවාවේ මුදලාලිලාය.සුදු ළුෑනු සමාගම් හරහා ගෙන්වන ඖෂධ ජනතාවට ලබා දෙන ආණ්ඩුවටද ඒ ගැන වගේ වගක් නැත.මේ නිවුන් දරුවන් සය දෙ⁣නා මෙළොවට ජනිත වන්නේ කලල ගර්භාෂයේ තැන්පත් කිරීමේ ක්‍රියාවලියක් තුළිනි.සැබැවින්ම එය නළ දරු උපතක් ලෙස හැඳින්විය හැකිය.මේ වන විට මෙය මෙරට පෞද්ගලික වෛද්‍ය සේවාව තුළ යහමින් මුදල් හම්බ කරන විශාල ජාවාරමක් ලෙස පවතී.

සය නිවුන් දරුවන් ගැන තරගයට උජාරු කතා ලියන කියන මෙරට මාධ්‍යය වසන් කරන එම තිත්ත කතාව ගැන කාසල් රෝහළෙහි ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්.පී.සී.සමන් කුමාර පවසන මේ අදහස් වලින් වඩාත් හොඳින් වටහා ගත හැකිය.

".....මේ දරුවන් හයදෙනාගෙ කතාව ඇතුළෙ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා.ඒ තමා නළ දරු උපත් සිදු කරන කොට නියාමනයක් තිබෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා.ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ.මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එක පාර ජීවත් කරවීම රෝහලටත් ,ඒකකයටත් මේ පවුලටත් විශාල අභියෝගයක් සහ බරක්.සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදු කරන කො⁣ට කලලයක් හෝ දෙකක් තමා ගර්භාෂයක තැන්පත් කරන්නේ.ඒත් ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නැහැ.ඒ නිසා මේ කටයුත්ත කිරිිමේදී කලල කිහිපයක්තැන්පත්කරනවා.එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවන්නේ. මේ වගේ හැමෝම අසරණ වන්නේ.

 ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.ඒ නියාමනය වහාම නීතිගත කිරීමට මැදිහත් වීම අනිවාර්ය වෙනවා.අනිත් පැත්තෙන් මහජනතාව මේ ගැන දැනුම්වත් කිරීම මාධ්‍ය වල වගකීමක්.මොකද මේ දරුවන් හය දෙනාගෙම ජීවිත මේ වන විට අවදානමේ පවතින්නෙ.ඒත් අපි මේ අභියෝගය බාර අරගෙන තියෙනවා....."

මේ විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රකාශය ඉතා බැරෑරුම්ය.අප තව දුරටත් ජීවිත සමග සෙල්ලම් කිරීමට ⁣පුද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ජාවාරමිකාරයින්ට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කළ යුතුය.ඒ තීරණය ගත යුත්තේ පාර්ලිමෙින්තුවේ සිටින උන්දැලා බවත් අපි සිහිපත් කරමු.
දැනටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍ය වරුන් කිහිප දෙනෙක් හා දරුවන් වැදූ අම්මලා හතර පස් දෙනෙක්ද සිටින බැවින් මේ මිනිස් ජාවාරමට වහාම තිත තියන්නට මැදිහත් වනු ඇතැයි අපි සිතමු.




Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්