ටිරාන් හා දේශබන්දු ගේ මල විකාර යුක්තියේ මෙහෙයුම සමාජයට හිසරදයක් වෙලා

 


ටිරාන් අලස් හා දේශබන්දු ගේ මල විකාර යුක්තියේ මෙහෙයුමෙන් තවත් අහිංසකයෙකුගේ ජීවිතය ⁣බිල්ලට ගන්නා ලදී.ඒ නාරම්මලදීය.පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයක් පැදවූ අහිංසකයකු පසුපස පන්නාගෙන ආ සිවිල් ඇඳුමෙන් සැරසුණ පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගෙන් එක් අයකු එම ලොරිය නවතා රියදුරුගේ ඔළුවට තැබූ ⁣පිස්තෝලය පත්තු වී එම රියදුරා එතැනම  ජීවිතක්ෂයට පත් විය.ලොරි රථ රියදුරා විවාහක කුඩා දරුවන් සිටින වඩු කාර්මික අසරණයෙකි.


සිවිල් ඇඳුමෙන් සැරසී වාහනයක් නතර කිරීමට සංඥා කළ විට යම් වාහනයක් නතර නොකර යාම වරදක් නොවේ.මේ රියදුරාටද එසේ සිතෙන්නට ඇත.රියදුරා වෙඩි වැදීමෙන් පසු වෙඩි තැබූ ආයුදය ඇති තැනැත්තා ඒ ගැන කිසිම කම්පාවකට පත් වෙන බවක් පෙනෙන්නට නැත.ඔහු සිය පිස්තෝලය රැගෙන එ⁣හාට මෙහාට යමින් පවසන්නේ ඌ මැරෙන්ඩ ඇති නේද  හිතල කරේ නෑ වැනි ප්‍රකාශයන්ය.වෙඩි තැබූ පුද්ගලයා තුළ වැරදීමකින් හෝ සිඳුවූ එම ඝාතනය ගැන කණගාටු වෙන මනෝ භාවයක් ප්‍රකාශනය වෙන බවක් දකින්නට නැත.ඔහු මිය ගිය මිනිසා ගැන සිතන්නේ සතෙක් ගානටය.

මේ පොලිස් කාරයා ආධුනිකයෙක් බවටද පෙනෙන්ට නැත.උප පොලිස් පරීක්ෂක වරයෙකි.ඔහුගේ සේවා කාලය අවුරුදු විසි තිහකට ආසන්න බව නිගමනය කළ හැකිය.මොහු පැන්ෂන් යන දොරකඩ සිටි පොලිස් කබ්බෙකි.

මීට ඉහත දවසක කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයකම පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තරුණයකු අත් අඩංගුවට ගැනීම සදහා මහ පාරේ බිම දමා අත පය ලණු වලින් බඳින අයුරු මාධ්‍ය වලින් පෙන්වන ලදී. 

 ⁣අලස් හා දේශබන්දු ජෝඩුව යුක්තියේ මෙහෙයුම නම් අනීතික ක්‍රියා දාමය සඳහා පොලිස් කාරයන්ගේ ඔළුව හදා ඇත්තේ ඔය විදියටය.ඊයේ පෙරේදා දවසක අලස් ඇමතිවරයා රැස්වීමක ප්‍රකාශ කෙරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තඹ දොයිතුවකට ගණන් නොගන්නා බවය.ඇමතිවරයා එසේ ප්‍රකාශ කරද්දී ඔහු පිටුපස සිටියේ කිරි පැණි හිනාවක් දමමින් ටයි පොල්ලක් එල්ලා ගත් නීතිය හා සාමය බාර අමාත්‍යංශයේ ලේකම් වරයාය.ඒ විතරක් නොවේ .ඔහු අලස් ඇමතිවරයාගේ ප්‍රකාශය අනුමත කරන්නට මෙන් හිස වැනුවේ හරිම සතුටකිනි.

 මේ රටේ  පරිපාලනයේ ඉහළ පුටු වල  සිටින කොන්ද පණ නැති පොන්සියන් පිළිබඳ එක පැතිකඩක් විදියට මේ ලේකමාගේ ස්වරූපයය උදාහරණයට ගන්නට පුළුවන.අමු මී ගොන් වස්සෙක් වෙන ඇමතියා ගොන් කතා කියන ඒවා අනුමත කරන තරමට ලේකමා වැටී ඇත්නම් ඌ ඇමතියාටත් වඩා ගොන් තඩියෙක් වෙන්නට පුළුවන.එහෙත් මෙතැන ඇත්තේ තක්කඩි කම බව අපට සිතේ.ඇමතියාගේ කක්කා පස්ස හෝදන තරමට තමන්ගේ ලේකමි පු⁣ටුව ආරක්ෂා කරගන්නට පුළුවන් බව මේ ගොන් තඩියා වටහා ගෙන ඇති බව නිසැකය.

නුමුත් ඇමතියාට කෙල වුන දවසට තමන්ට හිරේ විලංගුවේ තපින්න සිද්ධ වෙන බව මුන්නැහේ කල්පනා කෙරුවේ නම් ඇඟට ගුණය.එයට හොඳම උදාහරණය කෙහෙළියගේ බෙර පදයට නටන්න ගිය සෞඛ්‍ය අමාත්‍යංශයේ  හිටපු ලේකමා වැලිකඩ පදිරි වෙන හැටිය.

⁣අලස් හා දේශබන්දු ජෝඩුවේ තක්කඩි වැඩ හා රඟ පෑම කෙළවරක් නැත.මුන් දෙන්නා මහජන මුදල් කාබාසිනියා නොකර ඕනෑ මඟුලක් නටා ගත්තාට අපට රුදාවක් නැත.කෙසේ වෙතත් මේ බාන එකතු වී රනිල් වික්‍රමසිංහ බිංදුවටම බස්සන බව ඉන්තේරුවෙන්ම කිව හැකිය.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට තග දාන ඇමති අලස් ගේ කයිවාරුවෙන් ෆෝම් වෙන්නේ පොලීසිවල ඉන්නා අම්බ දූෂිතයන්ය.
උන් දැන් හිතන්නේ තමන් මොන හැඩයේ මදාවි කමක් කරත් ප්‍රශ්ණයක් නැති බවය.දැන් බොහෝ පොලිස්කාරයන් කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව ඩියු⁣ටිය බිස්නස් එකක් කරගෙන තිබේ.යක්ති⁣යේ මෙහෙයුමෙන් අත් අඩංගුවට ගත් හෙරොයින් කිලෝ නවසියයක් රස පරීක්ෂණයේදී පාන් පිටි බවට පරිවර්තනය වන්නේ ඒ නිසාය.රස පරීක්ෂක මහත්තරුන්ද ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන් වාගේය. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර ගුහාවකි.එහි මහත්වරුන් පමණක් නොවේ නෝනාවරුන්ද ගණු දෙනු කරන්නේ ලක්ෂ දහයේ සිට ඉහළටය.
මේ වන විට යුක්තියේ මෙහෙයුමෙන් අත් අඩංගුවට ගන්⁣නා හොරොයින් කාරයින්ට මහාධිකරණ නඩුවකින් ගැලවීම සඳහා පොලීසියේ උන්දැලා ඉල්ලන්නේ රුපියල් දහ පහලොස් දාහකි.පජාත ඕඅයිසීලටද කල්ල මරේය.දැන් ක්‍රියාත්මක වන 
යුක්තියේ මෙහෙයුමෙන් වඩාත් අසරණ වී ඉන්නේ රටේ පවතින නීතියට රාජකාරි කළ පොලිස් නිළධාරීන් සමූහයයි.පොලිස් දෙපාර්තමේන්තුවේ ගුණාත්මක පෞරෂය යම් තාක් දුරකට හෝ රැඳීී තිබුණේ මේ නිළධාරී කුලකය නිසාය.

දැන් බලාගෙන යන විට ටිරාන් අලස්ට හා දේශබන්දු ඩබල යුක්තියේ මෙහෙයුම නමින් මේ ගෙනියන්නේ ජාවාරාමකි.මේ දෙදෙනා වටා ඉන්නේද අමු තක්කඩියන්ය.ටිරාන් අලස් පවසන විදියට යුක්තියේ මෙහෙයුමට එරෙහිවන්නේ කුඩු ජාවාරම්කාරයන් හා සම්බන්ධතා පවත්වන වුන්ය.මෙහිදී ඔහුගේ දැඩි විවේචනයට හසු වී ඇත්තේ නීතිඥවරුන්ය.නමක් ගමක් සඳහන් නොකළද ටිරාන් අලස් මේ පතුරු ගහන්නේ දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලද නීතිඥවරුන්ය.අප හොඳින් දන්නා ආකාරයට එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලද නීතිඥ වරුන් බොහොමයක් මෙරට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සෘජු මානව හිතවාදී සමාජ ක්‍රියාකාරිකයන්ය.ඔවුන් මුදල් පස්සේ දුවන්නන් නොවන බවට අධිකරණ ක්ෂේත්‍රය තුළ වටිනාකමක් අත් කර ගෙන සිටින්නන්ය.එහෙත් තමන් විසින් පොලිස්පති තනතුරට දක්කා ගෙන යන දේශබන්දු⁣ට එරෙහිව අධිකරණයේ නඩු 40 ක් විභාග වන බව ටිරාන් අලස් නොදැන සිටීම පුදුමයකි.

එසේම මැයි 9 ගාලු මුව දොර පහරදීම සම්බන්ධයෙන් දේශබන්දු⁣ට එරෙහිව ඇති නඩුු⁣වේ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වූයේ නලින් ලද්දුවහෙට්ටිය.
පසුගියදා මැඩගස්කරයේදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු යෂිත් ගුණරත්න ගේ මව සිය පුත්‍රයාගේ ජීවිත රැකවරණය ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී හිටියේද නලින් ලද්දුවහෙට්ටිය.ටිරාන් අලස්ට එරෙහිව තිබූ රාඩා නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ⁣යා වූයේද මෙි නීතිඥ ලද්දුවහෙට්ටිය.අරගලය අවස්ථාවේ ජනපති නිල නිවසේ තිබී හමු⁣වූ කෝටි ගණනක මුදල ටිරාන් අලස් ඇමතිවරයාට දෙන ලෙසට බලපෑම් කරන ලදැයි චෝදනා කරමින් දේශබන්දුට එරෙහිව පවරා ඇති නඩුවට පෙනී සිටින්නේ ජනපති නීතිඥ රොමේෂ්ද සිල්වාය. හෙරොයින් ජාවරම්කරුවකු ලෙස දඬුවම් ලබා සිටින වෙලේ කඩේ සුදා නොහොත් සමන්ත කුමාරගේ මව විසින් 2021 වසරේදී සිය ප්‍රත්‍රයා වෙනුවෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේ නීතිඥයා වූයේද මේ රොමේෂ් සිල්වාය.

මේ වන විට මෙරට හා ජාත්‍යන්තර මානව හිමිකම් වලට අභියෝග කරමින් හා තර්ජණය කරන ටිරාන් අලස් 2015 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය⁣ට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.ඉන් අපට වටහා ගත යුතු අදහසක් තිබේ.ඒ ටිරාන් අලස් බලයෙන්  උන්මාදයට පත් වී ඇති බවය.මේ වාහේට මූලික අයිතිවාසිකම් ගැන සිහිපත් වනු ඇත්තේ ඇමතිකමෙන් එළියට විසිවූ දවසටය.නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කරන විට  කරපු  තකතිරුකම්වලට වැලිකඩ දම්වැලේ ඇමිනී උසාවියට යන එන විටය.ඒ දිනය වැඩි ඈතක ⁣නොවන බවද අපට සහතිකය.

යුක්තියේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම දේශබන්දු තෙන්නකෝන් ගේ වැඩ බලන පොලිස්පති කම ඉවත් කර ගනිමින් මෙරට පොලිස්පතිවරයා බවට පත් කරගැනීම⁣ට සිදු කරනු ලබන සෙප්පඩ විජ්ජාවක් බව මහජනතාව මේ වන විට වටහා ගෙන සිටී.ඒ ව්‍යාපෘතියේ ප්‍රධාන දායකයා වී ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාය.මෙහිදී දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස්පතිවරයා බවට පත් කිරීමට දත මිටි කන්නේ අගමැති දිනේෂ් ගුණවර්දන උන්දෑය.දේශබන්දු පිළිබඳව ජනපති  රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ මනාපයක් නැතත් අගමැති එක පයින් ඔහුට කැමැතිය.

දැන් ප්‍රශ්ණය දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කර තිබීමය.⁣එහිදී ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පවරන ලෙසටද නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දී තිබේ.
එහෙත් නීතිපතිවරයා මෙතෙක් ඒ පිළිබඳව අවධානය⁣ යොමු කර නැත.
ටිරාන් අලස් ඇමතිවරයාටද ඒ ගැන වගේ වගක් නැත.

මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටිනේ ඡ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ත ජයවර්ධනය.ඊළඟට ඉන්නේ ඡේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකය.තෙවැන්නා දේශබන්දු තෙන්නකෝන්ය.නිලන්ත ජයවර්ධන හා දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.එහෙත් චන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ පොලිස් කොමිෂම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්⁣නකෝන් වග කිව යුතු නැති බවට සඳහන් කර ඒ පිළිබඳව තිබූ ඔහු⁣ට එරෙහිව තිබූ  චෝදනා වලින් ඔහු නිදහස් කෙරිණි.  

පාස්කු කොමිෂම මගින් කිසිම අවස්ථාවක ඡෙ.නි.පොලිස්පති ලලිත් පතිනායකට එරෙහිව චෝදනා කිරීමක් නොකෙරුණද පසු කාලීනව ඔහුට එරෙහිව පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබුණි.එම පැමිණිල්ලේ සදහන් වූයේ පාස්කු ප්‍රහාරයට ලලිත් පතිනායකද වග කිව යුතු බවය.මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා විමර්ශනයක් කළ බවද ඔහු ගේ විමර්ශන වාර්තාව අනුව ලලිත් පතිනායකද පාස්කු පුහාරයට වග කිව යුතු බවට පොලිස් කොමිෂම මගින් එළිදරව් කෙරිණි.

එහෙත් මෑතකදී පත් කරන ලද නව පොලිස් කොමිෂම මගින් ලලිත් පතිනායකට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති  මෙවන් සිල්වා විසින් සිඳු කරන ලදැයි සඳහන් කළ  වාර්තාව සම්බන්ධයෙන්  විමර්ශනයක් කරන ලදී.එහිදී සාක්ෂි ලබා ගැනීමට විශ්‍රාමිකව සිටින මෙවන් සිල්වාද කැඳවිණි.මෙහිදී සාක්ෂි දුන් හිටපු නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා ප්‍රකාශ කර ඇත්තේ තමන් එවැනි විමර්ශන වාර්තාවක් සකස් නොකරන ලද බවත් එම වාර්තාවේ තමාගේ අත්සන ලෙස ඇත්තේ ව්‍යාජ අත්සනක් බවත් එහි සදහන් දිනය වන විට තමන් පොලිස් සේවයෙන් ⁣විශ්‍රාම ගොස් සිටි බවත්ය.අනතුරුව පොලිස් කොමිෂම මගින් ලලිත් පතිනායකට එරෙහිව තිබූ පාස්කු චෝදනා වලින් ඔහු නිදහස් කරන ලදී. 

මේ සිද්ධි දාමය පෙල ගස්වන විට සැබෑව පැහැදිලි කර ගන්නට පහසුය.චන්ද්‍රා ප්‍රනාන්දුගේ පොලිස් කොමිෂම මගින් දේශබන්දු තෙන්නකෝන් පාස්කු චෝදනා වලින් මුදා හරින විට ලලිත් පතිනායක ඒ සඳහා කොටු කර ගැනීමේ සැළසුමක් ක්‍රියාත්මක කර තිබේ.ව්‍යාජ පැමිණිල්ලක් හා අසත්‍ය විමර්ශන වාර්තාවක් සකස් වෙන්නේ ඒ සැලසුම මගින් බව පැහැදිලිය.      
  
මේ කූඨ ලේඛන සැලසුම ක්‍රියාත්මක කරන ලද්දේ දේශබන්දු තෙන්නකෝන් ගේ අවශ්‍යතාව අනුව යමින් බව වටහා ගත හැකිය.දේශබන්දු තෙන්නකෝන් පාස්කු චෝදනා වලින් පොලිස් කොමිෂම මගින් නිදහස් කරන්නේ එහි පළමු පියවර ලෙසිනි.එහෙත් දැන් ඒ සැලසුම ව්‍යවර්ථ වී තිබේ.ඡ්‍යෙෂ්ඨතාව අනුව ඊළඟ පොලිස්පතිවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සුදුසුකම් සපුරා තිබේ. 

අලස් හා දේශබන්දු ජෝඩුව මේ ඡ්‍යෙෂ්ඨත්වය පිළි ගන්නා බවක් නම් පෙනෙන්නට නැත.මේ තක්කඩියන් දෙන්නා සූදානමිව සිටින්නේ හොඳින් හෝ නරකින් සිය අරමුණු ඉෂ්ඨ කර ගැනීමටය.එහිදී ජනපතිවරයාගේ පාර්ශවය බිය වද්දා ගැනීම අලස් ගේ යටි බිම් ගත උපක්‍රමයයි.යුක්තියේ මෙහෙයුම සමාජය වෙත මුදා හරින්නේ ඒ සඳහාය.මත්ද්‍රව්‍ය හා පාතාලය මර්ධනය පොදු මහජන අවශ්‍යතාවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ.ටිරාන් හා දේශබන්දු ජෝඩුව සිතා සිටින්නේ ඔවුන්ගේ වැඩ පිළිවෙල ගැන මහජනතාව මහත් වූ ගෞරවයෙන් යුතුව ප්‍රශංසා කරන බවය.එහෙත් එය එසේ නොවේ.මුන් දෙන්නා එක්ව සිඳු කරන මේ නාටකය අමු තක්කඩි ගේමක් බව දැන් සමාජයට වැටහී අවසන්ය.    

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි