ඇවන්ගාඩි සේනාධිපති හා ආරක්ෂක ලේකම් කමල් ගුණේ නයිජීරියා ගියේ තවත් මිනිස් ඝාතනයකටදැයි සැකයක් මතුවේ


 

 පසුගියදා නයිජීරියාවේ සංචාරයක් සදහා මෙරටින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න යුද හමුදාපති විකුම් ලියනගේ හා ඇවන්ගාඩ් සේනාධිපති ගිය බව අප වාර්තා කෙරුවෙමු.මෙම සංචාරය පිළිබඳව අපට දැන ගැන්මට ලැබුණ දවසේ සිටම ඒ ගැන අපට ඇති වූයේ බරපතල සැකයකි.නයිජීරියාව ලෝකයේ සියයට හැටක දිළිඳු ජනතාවක් ජීවත්වන හා ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වූ බොකෝරාම් සංවිධානය ක්‍රියාත්මක වන රාජ්‍යයකි.නයිජීරිිියානු රාජ්‍යයේ ඡ්‍යෙෂ්ඨ ආරක්ෂක නිළධාරීන් පවා බොකෝරාම් ත්‍රස්ත සංවිධානය සමග අන්ත දූෂිත ගණුදෙනු වල යෙදෙන බවද අනාවරණය වී තිබේ. මෙලේච්ඡ ආගමික ත්‍රස්ත සංවිධානයක් වන මෙම සංවිධානය කුඩා දරුවන් හා කාන්තාවන් යොදා ගනිමින් එල්ල කර ඇති මරා ගෙන මැරෙන ප්‍රහාර සංඛ්‍යාව පන්සියයට ආසන්න බව පැවසේ.


ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු කණ්ඩායම නයිජීරියාවේ සංචාරය කරන ලද්දේ ආරක්ෂක හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සහයෝගිතා සාකච්ඡාවන් සදහා බව අනාවරණය කරන ලද මුත් අන්ත දිළිඳු රාජ්‍යයකින් අපේ රටට ලබා ගත හැකි ආර්ථික සහයෝගයක් නැති බව පැහැදිලි කාරණයකි.තව දුරටත් නයිජීරියාව සිය රාජ්‍ය තුළ බොකෝරාම් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් මර්දනය කර ගැනීමට නොහැකි වටපිටාවක ලංකාවට ආරක්ෂක කටයුුුතු සම්බන්ධයෙන් උපකාර කරන්නේ කවර ආකාරයටද යන්නත් ප්‍රශ්ණයකි.

කමල් ගුණරත්න විකුම් ලියනගේ හා සේනාධිපතිගේ නයිජීරියානු සංචාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ මේ පසුබිම තුළය.

මෙරට සිඳුවූ පාස්කු ප්‍රහාරයේ එක් සැකකරුවකු ලෙස සැළකෙන ඇවන්ගාඩ් සේනාධිපති මෙම සංචාරයට සහභාගි වීම ඉතා බරපතල කාරණයකි. එල්ටීටීයෙන් සතුව තිබී මෙරට ආරක්ෂක හමුදා අත් අඩංගුවට ගන්නා ලද ගිණි අවි මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති විසින්  බොකොරාම් ත්‍රස්තයන්ට අලෙවි කරන ලද බවට චෝදනාවක් ඒ දිනවල  සමාජය තුළ පැවතුණි.

වර්තමානයේ මෙරට පවතින දේශපාලනයේ උණුසුම තක්සේරු කරන විට ආණ්ඩුවට වැලේ වැල නැති වන බවට ස්ථිර ලකුණු පහල වී තිබේ.ජනතා රැල්ල සුනාමියක් සේ ඉහලට නැගෙමින් තිබෙන්නේ රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ දූෂිත ගජ මිතුරු කල්ලියට එරෙහිවය.

එහිදී ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කෙරෙහිද පවතින මහජන විරෝධය සුළු පටු නොවේ.එහෙත් මෙම මහජන විරෝධය  ආණ්ඩුව තඹ දොයිතුවකට මායිම් කර නැති බව පැහැදිලිව දැකිය හැකිය.ආණ්ඩුව පාර්ශවයේ දේශපාලඥයන්ගේ හැසිරීමෙන් පවා හැඟ වෙන්නේ සිය දේශපාලන බලය අත් නොහරින බවකි.

මිල්ටෙරි නන්දසේන බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය සැළසුමි කෙරිණි.
එම මහා මිනිස් ඝාතනයට සම්බන්ධ වූවන් තවමත් ආණ්ඩුවේ ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිදැල්ලේ සිටී. එය එසේ වන්නේ නම් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යුද හමුදාපති විකුම් ලියනගේ හා ඇවන්ගාඩි සේනාධිපති හදිසියේ නයිජීරියාවේ සංචාරය කරන ලද්දේ මෙරට වර්තමානයේ නිර්මාණය වෙමින් පවතින දේශපාලනයේ හැ⁣ඩ රුව වෙනස් කිරීම සඳහා වූ ත්‍රස්ත සැලැස්මක් මුදා හැරීමටද යන්න ගැන සැකයක් අවිශ්වාසයක් ඇතිවේ.මෙම සංචාරය ඉතා රහසිගතව සිදු වූ සංචාරයකි.අප එසේ සඳහන් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ හා හමුදාපති ගේ මේ සංචාරය ගැන යුද හමුදා වෙබ් අඩවියේ හෝ ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ සඳහන්ව නැති බැවිනි.

මොවුන් සැළසුම් කරන ප්‍රහාරය කවර ආකාරයේද යන්න ගැන අපට අනාවැකි කිව නොහැකිය.එහෙත් බලය අත් හරින්නට සූදානමි නැති ආණ්ඩුව තිරශ්චීන මෙලේච්ඡ ප්‍රහාරයක් සැළසුම් කරමින් සිටින බව නම් අපට වැටහීමක් තිබේ.ඒ සඳහා ඇවන්ගාඩ් සේනාධිපති ඇති තරම් මුදල් වියදම් කරන්නටද ඉඩ තිබේ.නයිජීරියාවේ බොකෝරාම් ත්‍රස්තයන් ගේ සහාය ඒ සඳහා ලබා ගැනීමටද ඉඩ තිබිය හැකිය.

කෙසේවෙතත් මෙරට දේශපාලනය තුළ බරපතල අවදානමක් නිර්මානය වෙමින් පවතින බවට සැකයක් නැත.ඒ නිසා විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන්ට අපට කියන්න⁣ට ඇත්තේ ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසය.බලයේ සිටින දේශපාලන මෙලේච්ඡයන් අනුකම්පාවක් දැනෙන වුන් නොවේ.

ප්‍රවේශම් වෙයල්ලා සහෝදරවරුනි.

අපට කියන්නට ඇත්තේ එපමණය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්