පොලිස්පති දේශබන්දු නැති දවසට පොලීසිය සෙත්ත පෝච්චිද හලෝ

  • පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරේ කටයුතු කිරීම වලක්වාලමින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කළ හොත් ඉන් ඉදිරි මැතිවරණ ක්‍රියාදාමයට දැඩි බලපෑමක් විය හැකි බව පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පසුගියදා (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

    පොලිස්පතිවරයා ලෙස පත්කරන ලද දේශබන්දු තෙන්නකෝන් ගේ පත් කිරීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් යසන්ත කෝදාගොඩ,අචල වෙංගප්පුලි හා මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවරුන් හමුවේ විභාග වෙමින් පවතී.පෙත්සම් විභාගය අවසන් වන තුරු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අත්හිටුවීම පිළිබඳ අතුරු තහනම් නියෝගය ජුලි මස 24 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    පොලිස්පතිවරයා ලෙස ජනපතිවරයා විසින්  නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන් ගේ නම 2024 පෙබරවාරි මස 26 වන දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ඇති විධි විධාන අනුව අනුමත වී නැති බව ඒ පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන ජනපතිවරයාට යවා තිබූ ලිපියෙන් අනාවරණය වේ.එම ලිපිය මගේ අංක CC/22/06/IGP/06 යටතේ
    2024 පෙබරවාරි මස 26 වන දාතමැතිව ජනපතිවරයා වෙත කථානායකනවරයා විසින් යවා තිබුණි .එම ලිපියේ දෙවන කරුණ වශයෙන් පොලිස්පති ධුරය සඳහා නිරිදේශ කරන ලද  නම සම්බන්ධයෙන් එම සභාව සළකා බැලීමේදී ලබා දෙන ලද තීන්දුව සඳහන් කර ඇත.එහි මෙසේ දැක්වේ.

    "2024 පෙබරවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.ඩී.තේනන්කෝන්
    මහතා ⁣පොලිස්පති ධුරයට පත් කිරීම සදහා උක්ත ලිපිය මගින් ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අද දින පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභා රැස්වීමේදී සලකා බලන ලදී.එහිදී ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත නොකරමින් ⁣සිව් දෙනකුද ,අනුමත නොකරමින් සාමාජිකයන් දෙදෙ⁣නෙකුද ඡන්දය ප්‍රකාශ කළ අතර අනෙකුත් සාමාජිකයන් දෙදෙනා ඡන්දය දීමෙන් වැලකී සිටින ලදී."

    එම ලිපියේ 3 වන ඡේදයේ මෙසේ සඳහන් වේ." ඒ අනුව ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය අනුමත කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඉ) (4)ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි අවම සාමාජිකයන් 05 විසින් සනාථ නොකරන ලදී."

    එම ලිපියේ අවසන් ඡේදය වන 4 වන ⁣ඡේදයේ කථානයකවරයා මෙසේ සදහන් කර තිබේ."කෙසේවුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඉ) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමකදී ඡන්දය දීමෙන් වැලකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතාපාදන සලසා නොමැති බැවින් නීතිය ඉදිරියේ ඡන්දය දීමෙන් වැලකී සිටීම විපක්ෂ වීමක් ලෙස සළකනු ලබන්නේ නම් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41(ඉ) (5)ව්‍යවස්ථාව අනුව

      උක්ත ප්‍රශ්ණය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සළකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මගේ තීරක ඡන්දයද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි.

      මෙහිදී කථානායකවරයා විසින් ජනපතිවරයාට යවා ඇති එම ලිපිය අනුව පැහැදිලි වන කරුණු කිහිපයක් තිබේ.ඉන් එකක් වන්නේ 2024 පෙබරවාරි 24 පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී පොලිස්පති ධුරය සඳහා ජනපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන් ගේ නම  අනුමත වී නැති බවය.ඒ බව කථානායකවරයගේ ලිපියෙන් ජනපතිවරයා දැනුවත් කර ඇති බව හෙළිවේ.එහිදී වැඩිදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත නොකරන ලද ජනපතිවරයා දැන දැනම ඒ නොතකා ජනපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිසපතිවරයා ලෙස පත් කර තිබෙි. 
      ඉන් අනාවරණය වන්නේ ජනපතිවරයා දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය.එසේම කථානායකවරයාද යම් පත් කිරීමක නිර්දේශයක් අනුමත කිරීමේදී ඊට පක්ෂව හා විරුද්ධව ඡන්දය සම වන අවස්ථාවකදී එම සභාවේදීම භාවිතා කළ යුතු තීරක ඡන්දයක් ඡන්ද සම නොවී තිබූ තත්වයකදී ඉන්පසු ජනපතිවරයාට යවන ලිපියකදී භාවිතා කිරීම මගින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත.

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපකිවරයා වන කථානායක වරයාට මුල් වටයේ ඡන්දයක් නැත.ඔහුට තීරක ඡන්දයක් හිමිවන්නේ යම් කාරණයක් සම්බන්ධයෙන් සභාවේ ඡන්ද සම සමව බෙදී ගායහොත් පමණය.මෙහිදී එක පැත්තකට ඡන්ද හතරක් තිබුණත් දෙකක් විරුද්ධ වී තිබුණි.දෙකක් ඡන්දය දීමෙන් වැලකී තිබේ.කථානායකවරයා මේ අවස්ථාව කූඨ ලෙස උපයෝගී කර ගනිමින් තීරක ඡන්දයක් යැයි සිය ඡන්දය පාවිච්චි කර තිබුණි .එය තීරක ඡන්ද ගණයේ අර්ථ දැක්වීමට වැටෙන්නේ නැත.පසුව මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කළ කථානායකවරයා ප්‍රකාශ කර තිබුණේ යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටි ඡන්ද දෙක විරුද්ධව ලැබුණ ඡන්ද දෙකක් ලෙස සළකා තමා තීරක ඡන්දය භාවිතා කළ බවය.මෙය අතිශය ලැජ්ජාව දනවන කතාවකි.නිහඬව සිටීම විරුද්ධව ඡන්දය දීමක් ලෙස සළකන්නේ කවර පදනමක් යටතේද.ඉන් වටහා ගත හැක්කේ කථානායක වරයා හිතූමතේ තීන්දු ගෙන ඇති බවය.

      මේ නාටකයේ තවත් විහළුවක් තිබේ.කථානායකවරයා සිය තීරක ඡන්දය භාවිතා කර තිබුණේ ව්‍යවස්ථාදායක සභා රැස්වීම අවසන් වීමෙන් පසුවය.ඔහු තීරක ඡන්දය සභා රැස්වීම තුළදී  භාවිතා නොකළ බව කාර්ය සටහන් වලින් තහවුරු වේ.ඒ නිසා ටපාලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කථානායක වරයා තීරක ඡන්දය භාවිතා කර ඇති ආකාරය ව්‍යවස්ථා විරෝධී වේ.මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව පිළිබඳව කථානායක වරයා විසින් සෘජුව  
      ජනපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.එහෙත් ව්‍යවස්ථාදායක සභාවෙි තීන්දු තීරණ දැනුම් දෙන්නේ එහි ලේකම්වරයා විසින් ජනපති ලේකම් වරයා වෙතය.මෙම සිදුවීමේදී කථානායක වරයා ඒ පිළිවෙතද කඩා දමා තිබේ.

      ඒ වන විටත් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07 ක් පවරා තිබුණි.මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන ඇත්තේ එම නඩු වේ. 
      ජනපතියරයා විසින් දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති වරයා ලෙස නම් කරන ලද්දේ 2023 නොවැම්බර් මස 29 වන දිනය.පොලිස් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිරිසක් ක්‍රෑර අමානුෂික වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවක් දෙන්නේ 2023 දෙසැම්බර් 14 වනදාය.

      එම තීන්දුවේ සදහන් ආකාරයට දේශබන්දු තෙන්නකෝන් එම සැක කරුවන්ට දෙයාකාරයකින් වද හිංසා පමුණුවා ඇති බව අනාවරණය වේ.එක් ආකාරයක් නම් සෘජුවම වද හිංසා පැමිණවීමය.දෙවැන්න තමන් යටතේ සිටින නිළධාරීන්ට නීති විරෝධීවපඅත් අඩංගුවේ තබා ගැනීමට හා වද හිංසා කිරීමට ඉඩ සැළසෙන ආකාරයෙන් ඊට විරුද්ධව කිසිවක් නොකිරීමය.ඒ අනුව දේශබන්දුට සැක කරුවන් හට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස නියම කළ එස්.තුරෙයිරාජා ,ප්‍රියන්ත ප්‍රනාන්දු,කුමුදනීි වික්‍රමසිංහ , යන ත්‍රිපුද්ගල විනිසුරුවරුන් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ජාතික පොලිස් කොමිසටමටද ,අනෙකුත් රාජ්‍ය බලධරයන්ටද නියෝග කරන ලදී .

      ජනපති රනිල් වික්‍රමසිංහ වංගුවක් ගසා ⁣⁣මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කරන ලද්දේ එවැනි අමානුෂික මෙලේච්ඡ වදකයෙකි.

      ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ පොලිස් පති දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් අධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන හොත් ඉන් ⁣ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ වලට බලපෑමක් විය හැකි බවය.

      එම කියවීම ගැන අපට ජනපති රොමේෂ් සිල්වා ගෙන් අසන්නට ඇත්තේ එකම එක ප්‍රශ්ණයකි.ඒ හදිසියේවත් දේශබන්දු තෙන්නකෝන් මියගිය හොත් මෙරට පොලිස් දෙපාර්තමේන්තුව මෙහෙයවීමට කිසිම නිළධාරියකු නැද්ද යන්නය.     

උක්ත ප්‍රශ්ණය සම්බන්ධයෙන් සම සමව ඡන්දය ලැබුණා සේ සළකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මගේ තීරක ඡන්දයද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි.

මෙහිදී කථානායකවරයා විසින් ජනපතිවරයාට යවා ඇති එම ලිපිය අනුව පැහැදිලි වන කරුණු කිහිපයක් තිබේ.ඉන් එකක් වන්නේ 2024 පෙබරවාරි 24 පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී පොලිස්පති ධුරය සඳහා ජනපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන් ගේ නම  අනුමත වී නැති බවය.ඒ බව කථානායකවරයගේ ලිපියෙන් ජනපතිවරයා දැනුවත් කර ඇති බව හෙළිවේ.එහිදී වැඩිදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත නොකරන ලද ජනපතිවරයා දැන දැනම ඒ නොතකා ජනපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිසපතිවරයා ලෙස පත් කර තිබෙි. ඉන් අනාවරණය වන්නේ ජනපතිවරයා දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය.එසේම කථානායකවරයාද යම් පත් කිරීමක නිර්දේශයක් අනුමත කිරීමේදී ඊට පක්ෂව හා විරුද්ධව ඡන්දය සම වන අවස්ථාවකදී එම සභාවේදීම භාවිතා කළ යුතු තීරක ඡන්දයක් ඡන්ද සම නොවී තිබූ තත්වයකදී ඉන්පසු ජනපතිවරයාට යවන ලිපියකදී භාවිතා කිරීම මගින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපකිවරයා වන කථානායක වරයාට මුල් වටයේ ඡන්දයක් නැත.ඔහුට තීරක ඡන්දයක් හිමිවන්නේ යම් කාරණයක් සම්බන්ධයෙන් සභාවේ ඡන්ද සම සමව බෙදී ගායහොත් පමණය.මෙහිදී එක පැත්තකට ඡන්ද හතරක් තිබුණත් දෙකක් විරුද්ධ වී තිබුණි.දෙකක් ඡන්දය දීමෙන් වැලකී තිබේ.කථානායකවරයා මේ අවස්ථාව කූඨ ලෙස උපයෝගී කර ගනිමින් තීරක ඡන්දයක් යැයි සිය ඡන්දය පාවිච්චි කර තිබුණි .එය තීරක ඡන්ද ගණයේ අර්ථ දැක්වීමට වැටෙන්නේ නැත.පසුව මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කළ කථානායකවරයා ප්‍රකාශ කර තිබුණේ යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිටි ඡන්ද දෙක විරුද්ධව ලැබුණ ඡන්ද දෙකක් ලෙස සළකා තමා තීරක ඡන්දය භාවිතා කළ බවය.මෙය අතිශය ලැජ්ජාව දනවන කතාවකි.නිහඬව සිටීම විරුද්ධව ඡන්දය දීමක් ලෙස සළකන්නේ කවර පදනමක් යටතේද.ඉන් වටහා ගත හැක්කේ කථානායක වරයා හිතූමතේ තීන්දු ගෙන ඇති බවය.

මේ නාටකයේ තවත් විහළුවක් තිබේ.කථානායකවරයා සිය තීරක ඡන්දය භාවිතා කර තිබුණේ ව්‍යවස්ථාදායක සභා රැස්වීම අවසන් වීමෙන් පසුවය.ඔහු තීරක ඡන්දය සභා රැස්වීම තුළදී  භාවිතා නොකළ බව කාර්ය සටහන් වලින් තහවුරු වේ.ඒ නිසා ටපාලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කථානායක වරයා තීරක ඡන්දය භාවිතා කර ඇති ආකාරය ව්‍යවස්ථා විරෝධී වේ.මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව පිළිබඳව කථානායක වරයා විසින් සෘජුව  
ජනපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.එහෙත් ව්‍යවස්ථාදායක සභාවෙි තීන්දු තීරණ දැනුම් දෙන්නේ එහි ලේකම්වරයා විසින් ජනපති ලේකම් වරයා වෙතය.මෙම සිදුවීමේදී කථානායක වරයා ඒ පිළිවෙතද කඩා දමා තිබේ.

ඒ වන විටත් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07 ක් පවරා තිබුණි.මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන ඇත්තේ එම නඩු වේ. 
ජනපතියරයා විසින් දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති වරයා ලෙස නම් කරන ලද්දේ 2023 නොවැම්බර් මස 29 වන දිනය.පොලිස් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිරිසක් ක්‍රෑර අමානුෂික වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවක් දෙන්නේ 2023 දෙසැම්බර් 14 වනදාය.

එම තීන්දුවේ සදහන් ආකාරයට දේශබන්දු තෙන්නකෝන් එම සැක කරුවන්ට දෙයාකාරයකින් වද හිංසා පමුණුවා ඇති බව අනාවරණය වේ.එක් ආකාරයක් නම් සෘජුවම වද හිංසා පැමිණවීමය.දෙවැන්න තමන් යටතේ සිටින නිළධාරීන්ට නීති විරෝධීවපඅත් අඩංගුවේ තබා ගැනීමට හා වද හිංසා කිරීමට ඉඩ සැළසෙන ආකාරයෙන් ඊට විරුද්ධව කිසිවක් නොකිරීමය.ඒ අනුව දේශබන්දුට සැක කරුවන් හට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස නියම කළ එස්.තුරෙයිරාජා ,ප්‍රියන්ත ප්‍රනාන්දු,කුමුදනීි වික්‍රමසිංහ , යන ත්‍රිපුද්ගල විනිසුරුවරුන් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ජාතික පොලිස් කොමිසටමටද ,අනෙකුත් රාජ්‍ය බලධරයන්ටද නියෝග කරන ලදී .

ජනපති රනිල් වික්‍රමසිංහ වංගුවක් ගසා ⁣⁣මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කරන ලද්දේ එවැනි අමානුෂික මෙලේච්ඡ වදකයෙකි.

ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ පොලිස් පති දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් අධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන හොත් ඉන් ⁣ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ වලට බලපෑමක් විය හැකි බවය.

එම කියවීම ගැන අපට ජනපති රොමේෂ් සිල්වා ගෙන් අසන්නට ඇත්තේ එකම එක ප්‍රශ්ණයකි.ඒ හදිසියේවත් දේශබන්දු තෙන්නකෝන් මියගිය හොත් මෙරට පොලිස් දෙපාර්තමේන්තුව මෙහෙයවීමට කිසිම නිළධාරියකු නැද්ද යන්නය.     

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි