වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා
- Get link
- X
- Other Apps
- අප ජාතික ජන බලවෙිගය පත් කරවීම සඳහා ඒ දිනවල මරාගෙන මැරෙන තරමට විපක්ෂයේ කෙරුවාව ගැන තොරතුරු අනාවරණය කෙරුවෙමු.පොලීසියේ රාජකාරි කළ පාතාල මැරයන් ගැන වාර්තා කෙරුවෙමු.
අධිකරණයේ කලු ලෝගුවට වසන් වී සිටින ජරා බායියන් ගැන පෙන්වා දුන්නෙමු.හමුදාවේ මිනීමරුවන් ගැන හෙළි කෙරුවෙමු. දීර්ඝ කාලයක් මෙරට සිටි පාලකයන්ගේ ඕනෑ එපා කම් මත මේ නින්දිත දූෂිත සාහසිකයන් විසින් හසුරවන ලද පොලීසිය හා හමුදාව හා අධිකරණ යන ක්ෂේත්රයන් ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව පිරිසිදු කර විශිෂ්ටත්වයට ඔසවනු ඇතැයි අපට විශ්වාසයක් තිබුණි.
ඒ විශ්වාසය තහවුරු කරන්නට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එහි නායකයන් දේශපාලන වේදිකා වල විසි කළ ඇඟ කිළිපොළවන කයිවාරු තුරුම්බු හේතු වූ බව අප මේ ලිපියේ පළමුවෙන් ලියමු.ඉන් අනතුරුව අප ගේ විශ්වාසය සමග ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට එක්වූ ලංකා දවසේ පාඨකයන්ගෙන් අපි සමාව අයදිමු.අපට වැරදී තිබේ.ඒ වැරැද්ද එසේ මෙසේ වැරැද්දක් නොවෙි.සමස්ත ජාතියටම කෙලවෙන ආකාරයේ බරපතල වැරැද්දකි.අනුර කුමාර මෙරට ජනපතිවරයා වීමෙන් මෙරට ජනතාවට සාධාරණයක් කරනු ඇතැයි තවදුරටත් අපට විශ්වාස නැත.ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ ඝාතනය කරන ලද ආරක්ෂක හමුදා සාහසිකයන් ගැන ඔහු දැඩි වේදනාවකින් ජනතාවට පවසන හඬ අපගේ සිත්ද කම්පනය කෙරුවේය.එහෙත් එසේ කම්පනය වූ අපගේ ආදරණීය සිත් මොහු ඉතා නින්දිත අශීලාචාර පාහර විදියට පාවා දී ඇති බවට පැවසෙන තොරතුරක් අද අපට ලැබුණි.ඒ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුවකිනි.විශේෂ කාර්ය බලකායේ පොප කොළඹගේ නම් සාහසික අපරාධකරුවකු විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවකු අත් අඩංගුවේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා විභාගයට ගැනීමෙන් අනතුරුව ඔහු විසින් නියෝග කරන ලද්දේ සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.එහෙත් මෙහිදී සිඳු වූයේ විශ්වාස කළ නොහැකි තරමේ අශීලාචාර මැදිහත් වීමකි.ඒ නීතිපතිවරයාගේය.නීතිපතිවරයා ගේ මේ මැදිහත්වීම සිඳු කළ පළමු වතාවේ අප හා පෝද්දල ජයන්ත ක්‍රියාත්මක වී ජනපති අනුර දැනුවත් කර බලපිටිය අධිකරණයට නීතිපතිවරයා විසින් පොප කොළඹගේ නිදහස් කරන ලෙසට එවන ලද ලිපිය යොමු කිරීම වලක්වන ලදී.ජනපති අනුර ඉතා කැත ආකාරයෙන් අප එහිදී මුලා කරන ලද බව වැටහෙන්නේ (11)අද දිනනීතිපතිවරයා විසින් එම ලිපිය නැවත ඉදිරිපත් කර පොප කොළඹගේ නම් සාහසික අපරාධකරු නඩුවෙන් නිදහස් කර ගත් බැවිනි. නීතිපතිවරයාට හිතූ මතේ එවැනි වංගුවක් ගහන්නට බැරිය.ඔහු මේ පාහර මැදිහත්වීම කෙරුවේ ජනපති අනුරගේ සෘජු උපදෙසින් බව සහතිකය.ජනපති අනුර දිසානායක ඒ සඳහා පොළඹවන ලද්දේ ටිරාන් අලස් බවට ජනපතිගේ සමීපමයේ ඉන්නා දේශපාලඥයකු අපට පැවසීය.ඔහු අපට කීවේ අනුර දිසානායක සභ්‍ය හා ශිෂ්ඨ මිනිසකු ලෙසට විශ්වාස නොකරන ලෙසය.මේ නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ මැද්දෙගොඩය.අද (11)දින නීතිපති නියෝගයෙන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් විශේෂ කාර්ය බලකායේ මිනීමරුවා නිදහස් කිරීම ගැන ජාජබයට උදව් කළ ඉහළ ඇවරියේ නීතිඥවරුන් ගණනාවක් දැඩි කම්පනයට පත්ව සිටී.මේක අදහගන්නත් බෑ අපට.ඉදිරියේදී සිද්ධ විය හැකි දේවල් ගැන අපට මෙි සිද්ධියෙන්ම තේරුම් ගන්න පුළුවන්.ජනපතිවරයා අධිකරණයේ සළු පිළි ගලවා ඉතා අශීලාචාර විදියට දූෂණය කර තියෙනවා.ඇත්තටම මේ කැත වැඩේ රාජපක්ෂල හරි රනිල් හරි කෙරුවනම් හිත හදාගන්න තිබුණා.ඒත් මේ අශීලාචාර වැඩේ කෙරුවෙ අපරාධකාරයන්ට දඬුවම් දෙන්න පහල වුන ගැලවුම් කාරයා.හිතා ගන්නවත් බෑ.ලැජ්ජයි.කැතයි.නින්දිතයි.ඒ වැඩේ අන්තිම බලු වැඩක්.එම නීතීඥයන් ලංකා දවසට පැවසීය.ජනපති අනුර කුමාරට අද (11) දින අඩුම තරමේ මානව හිමිකමි දිනය බව වත් දැනීමක් අවබෝධයක් හෝ හැඟීමක් නොතිබුණි.සාධාරණ සමාජයක පදනම වන්නේ මානව හිමිකම්ය.මානව හිමිකම් දිනයේ ජනපතිවරයාගේ නියෝග මත නීතිපතිවරයා විසින් පොලිස් පාතාල අපරාධකාරයකු නිදහස් කර ගැනීම ගැන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල කට හා අධෝමුඛය වසා ගෙන සිටීමද කණගාටුදායකය.බලයට පත් වීමෙන් පසුව නීතිඥ සුනිල් වටගලද ගඳ සුවඳ නොදැනෙන කුඩා ජීවියෙකු බවට පත් වී සිටී.කෙසේ වෙතත් මේ ගැන අපට කියන්නට ඇත්තේ අපේ රෙදි නෑ කියාය.සැබවින්ම අප මේ ලිපිය ලියන්නේ අමු හෙළුවෙනි.අප හැඳ සිටි ලන්කට් එක පවා ජනපති අනුර කුමාර ගලවා ගත්තේය.වෙනදා අප ඔහු ගැන ලංකා දවසේ ලියන්නේ ආදරණීය අපගේ සහෝදරයා විදියටය.එහෙත් ඒ අපගේ සිතීම සම්පූර්ණයෙන්ම වැරදිය.මොහු ඉතා නින්දිත අයුරෙන් අපගේ ආත්මය හා හෘද සාක්ෂිය පාවා දී තිබේ.ඒ දිනවල ජවිපේ ප්‍රධාන ලේකම් වරයා දේශපාලන වේදිකාවේ තම කතාව අවසන් කරන්නේ නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා යන කවියෙනි.මේ උන්නැහේ ඒ කවිය කියා ඇවිස්සුවේ අපගේ සැඟවුන ආත්මය බව අප ඒ දිනවල දැඩි ලෙස සිතුවෙමු.ඔහු ගායනා කරමින් පැවසූ නුඹලාගේ වාරය අපේ වාරය බව අපි ඉතා බැතියෙන් වැළඳ ගතිමු.ඒ වාරය තුළ අප විසින් මේ කයියන් පිරිස මෙරට දේශපාලනයේ ඉහළට ඔසවා තබන ලදී.අප මොවුන් ගැන සිතුවේ දේශපාලනයේ අව්‍යාජ මිනිසුන් ලෙසය.එහෙත් මොවුන් අමුම අමු තක්කඩියන් පිරිසක් බව ගෙවී යන හැම පැයකදීම රටට පෙන්වා දෙමින් තිබේ. ටිල්වින් සිල්වා උන්නැහේ ඇතුළු ජාජබ නායකයන් රොත්ත මුළු රටම වංචනිකව රවටා ඇතැයි දැන් අපට පැහැදිලිය.අපගේ දෑස් කඳුළින් තෙත් වන්නේ මේ තරමට බොහෝ ජනතාව වීරයන් හා ශුද්ධ වූ ජීවිත ගත කරන්නන් ලෙස ගරු බහුමානයෙන් වන්දනා කළ ජාජබයේ නායකයන් ජනතාව රැවටීමට තරමේ පාහරයන් හා නොසන්ඩාලයන් වූයේ මක් නිසාද යන්නට සිතා ගන්නටවත් බැරි නිසාය.මොවුන් මිනිසුන් මුලා කරන ලද්දේ වචන වලිනි.ඒ වචන මෙරට ජනතාවගේ හැඟීම් අවුස්සන වචන විය.මෙරට මෙතෙක් කල් දේශපාලනයේ නිරත වූ පෝරිසාදයන් සාහසිකයන් හා මිනීමරුවන්ට තවදුරටත් මෙරට සමාජය තුළ ඉඩක් නොදෙන බවට මොවුන් සිඳු කළ මොරදීම් වලට මෙරට සෑම ජනතාවක්ම මුලා විය.එහෙත්මොවුන් හා සංසන්දනය කරන ව්ට මර්වින් සිල්වා චාමර සම්පත් ප්‍රසන්න රණවීර වැන්නන් දේශපාලනිකව අහිංසකයන්ය.කෙටියෙන්ම කියතොත් දැන් රට පාලනය කරන්නේ ටිරාන් අලස් නම් ලුම්පන් ජාවාරම්කාර අපරාධකාරයාය.අනුරලා ටිල්වින්ලා විජිත හේරත්ලා අඩව් අල්ලන්නේ මේ ලුමිපන් අපරාධකාරයා කියන විදියටය.සත්‍ය වශයෙන් අනුර දිසානායකගේ කෙරුවාව ගැන සැක කරන්නට ගත්තේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ චෝදනා ලද පොලිස්කාරයා නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයා බවට පත් කළ දවසේය.පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ලුම්පන් පාදඩයකු වූ විශ්‍රාමික ඡේයෂ්ඨ පොලිස් අධිකාරී රණවීර නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස පත් කරනු ඇතැයි අපි සිහිනෙකින් වත් නොසිතුවෙමු.එහෙත් එය එසේ සිදූවී තිබේ.ජනපති අනුර කුමාර ගේ සහෝදරයා ඝාතනය වූ 89 භීෂණ කාලයේම මේ සාහසික අපරාධකරු වැලිපැන්න පොලීසියේ යෙදී සිටියදී කළුතර ජවිපේ දිස්ත්‍රික් නායකයා වූ කේ.කේ.සයිමන් සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන් ගණනාවක් වද බන්ධන වලට ලක් කර තිරිසන් මෙලේච්ඡයෙකි විය.ජනපති අනුර දිසානායක හා ටිල්වින් සිල්වා මේ තිරිසන් මෙලෙච්ඡයා ගේ පැටි කිරිය ගැන නොදන්නවා නම් මොවුන් තොත්ත බබාලා විය යුතුය.අඩුම වශයෙන් ජනපති අනුර දිසානායකට ඝාතනය වූ තමන්ගේ සහෝදරයා වත් මේ උපදේශකයා පත් කිරීමේදී සිහියට ඇවිත් නැත.එවන් කෙළෙහිගුණ නොදන්නා මිනිසකු ජනතාවට සාධාරණයක් ඉටු කරනු ඇතැයි සිතීම වැල් බයිලාය.අද වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ විනය පාලන අධ්යක්ෂ වරයා ලෙස කටයුතු කරන්නේ මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා වූ අවධියේ ගංජා ජාවාරම්වලට අත් අඩංගුවට පත් වූ පොලිස් කාරයාය.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද චෝදනා ලද මේ ජාවාරම්කාර පොලිස් කාරයා අද ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි.අනුර දිසානායකගේ කෙරුවාව ඉන් තක්සේරු කර ගන්නට පුළුවන.හෙට අනිද්දාට ජනපති ආරක්ෂක උපදේශකයා ලෙස පත් කර ගැනීමට නියමිතව ඇත්තේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර බව අපට තොරතුරු ලැබී තිබේ.මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු යුද හමුදාව දේශපාලනීකරණය කරමින් අසූචි ගොඩක් බවට පත් කළ ගල් මූසලයාය.ඔහු සිය අනියම් බිරිය සමගින් කළ මුල්‍යමය වංචාවන් කෙළවරක් නැත.මේ කාලකණ්නියා රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කකු ලෙස මස් කටු ලෙව කමින් සිට අවසන් පැයේදී රාජපක්ෂවරුන් පාවා දුන් ජඩයෙකි.දැන් අනුර දිසානායක තමන්ගේ ආරක්ෂක උපදේශකයා බවට පත් කර ගන්නට හදන්නේ මෙවැනි පාහරයෙකි.හෙට අනිද්දාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස් වන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වෙන්නටත් බොහෝ ඉඩ කඩ පවතී.ඒ සදහා ටිරාන් අයියා සැළසුම් සකස් කරමින් සිටින්නටද බැරි නැත.කෙසේ හෝ එය එසේ සිදු වුව හොත් ජනපතිවරයාගේ බබා කයිවාරුව රටට ඇසෙන්නට ඉඩ ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය අගයන වාචාල පම්පෝරියද සමගිනි.කුණු එකතුවන්නේ කූණු වලට බව කතාවක් ජන සමාජයේ තිබේ.ජාතික ජන බලවේගයේ කුණු ආන්ඩුවට පෝරිසාදයන් මිනීමරුවන් හා සාහසිකයන් එක් වී තිබීමද ඒ හා සමානය. ජරා ගඳ ගසන අසූචි වලින් සෑදූ සීනි අයිසින් වලින් හැඩ කෙරූ අසූචි කේක් එකකට මෙරට ජනතාව මුළාවී හමාරය.රහස් පොලීසියේ තවමත් රාජකාරි කරන්නේ විවිධ ආකාරයෙන් මැර වැඩ කළ සාහසික අපරාධ කරුවන් රොත්තකි.මින් සමහර අයට එරෙහිව පවතින අපරාධ නඩු පවා විභාග වෙමින් පවතී.මේ අපරාධකරුවන් ඒ ඒ ස්ථාන වලින් මාරු කර යවන්නේ නැති බවද අපට දැන් තහවුරු වී තිබේ.ඒ සැබෑව වසන් කිරීම සදහා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා අතීත අපරාධ විමර්ෂණය සඳහා විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කෙරිණි.මේ දෙදෙනා මේ වන විට පඹයන් බවට පත්ව සිටී.ටිරාන් අලස් හරහා ජනපති අනුර කුමාර දෙන නියෝග වලට යටත්ව රාජකාරි කරනවා හැරෙන්නට වෙන ලබුවක් කරන්නට මේ දෙන්නාට නොහැකිය.ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සදහා විශාල කාර්ය භාරයක් ඉටු කළ බොහෝ පොලිස් නිළධාරීන් අද රාජකාරි කරන්නේ දැඩි කම්පාවෙනි.අතිශය කණගාටුවෙනි.ජනපති අනුර කුමාර හා ටිරාන් අතර පවතින ප්‍රේම සම්බන්ධය ජනතාව ගේ අපේක්ෂාවන්ට වඩා බලවත් වීම එයට හේතුවයි.ටිරාන් අලස් හා අනුර ජනපතිවරයා අතර පවතින ගනුදෙනුව ගැන ජාජබයේ ඇතැම් නායකයන් කිහිප දෙනෙක් මේ වන විටත් කළකිරී සිටී.මාර්තු අය වැයෙන් පසුව ආණ්ඩුවට කෙල වෙන කෙලවිල්ල ජනපති අනුර කුමාර හිතා ගන්නටත් බැරි වෙනු ඇති බව නම් නිසැකය.අපට ඒ ගැන මෙහෙම ලියන්නටත් පුළුවන.ජනතාව පාරට බැස මිල්ටෙරි නන්දසේන ජනපති ධුරයෙන් එළවා දැමූ පසු ඔහු සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට හමුදාවෙි හා පොලීසියේ ඉහළ ඇවරියේ බොහෝ දෙනෙකු සීරුවෙන් සිටියහ.එහෙත් මේ නොසන්ඩාල කයිවාරු කාරයන් එළවා දමන දිනයක බලු බල්ලෙක් මොවුන් ආරක්ෂා නොකරන බව නම් සහතිකය.තවදුරටත් කිංකොං මෙන් පපුවට ගසා ගනිමින් මම මෙහෙමයි වැඩ කරන්නේ යැයි ජනපති අනුර දිසානායකගේ ගරු රඟපෑම් සමාජයට වලංගු නොවෙනු ඇත.ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන්ට මේවා ලියන්නේ කඩාකප්පල්කාරීන් යැයි අපට චෝදනා කරන්නට බැරිය.ඒ මන්ද යත්.ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සදහා කොන්දේසි විරහිතව පෙනී සිටියවුන් නිසාය.හදිසියේවත් ජාතික ජන බලවේගය බලයට පත් නොවී වෙනත් දේශපාලන බලවේගයක් මෙරට ආණ්ඩු බලයට පත් වූයේ නම් අද වන අපගේ දරු පවුල් හමුදා හා පොලිස් මෙලේච්ඡයන්ගේ වද බන්ධන වලට ගොදුරු වී අවසන්ය.අප ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටියේ ඒ බිහිසුණු වටපිටාව පිළිබඳ නොදැන නොවේ.මේ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එමේ දැඩි අවශ්‍යතාවක් අප හට තිබුණි.එහෙත් අද අපගේ ඒ අපේක්ෂාවන් කණ පිට හැරී තිබේ.මිනීමරුවන් හා සොරුන් අල්ලන්නට ආ අනුර කුමාර ඇතුළු නඩය ඒ මෙලේච්ඡයන් විසින් ගොදුරු කර ගෙන තිබේ.අප මේ ලියා ඇති වචනයෙන් වචනය අසත්‍ය බව අනුර කුමාර දිසානයක ජනපතිවරයා ඇතුළු නඩය පවසන්නේ නම් අපි ඔවුන් හට එක අභියෝගයක් කරමු.ඒ ස්වාධීන දක්ෂ පොලිස් කණ්ඩායමක් යොදවා වැලිගම W 15 සංචාරක නිකේතනයට ටිරාන් අලස් විසින් සිදු කළ අනීතික මෙහෙයුම ගැන පරීක්ෂණයක් කර සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසය.පාස්පෝට් වංචාවට අයියාට කරදරයක් වෙන්නෑ යැයි ටිරාන් අලස් අයියාට සහතික දුන් ජනපති මල්ලී සිටින තුරු මෙවැනි අපරාධයක් ගැන පරීක්ෂණයක් මතු යම් කිසි දිනක වන්නේ නැති බවද අපට අපගේ රුධිරයෙන් ලියා තියන්නට පුළුවන.ටිරාන්අයියාට ජනපති මල්ලී ඒ සහතිකය ලබා දුන් දවස වේලාව හා තැන අපට ඕනෑ නම් කියන්නටත් පුළුවන.ජනපති මල්ලී ටිරාන් අයියගේ දාන ගෙදර හොරාට ගිය හැටිත් අපි දනිමු.ජනපති මල්ලී හා ටිරාන් අයියා නොදන්නා එක දෙයක් තිබේ.ඒ ජාජබ ආණ්ඩුව හදන්නට කැප වූ පොලිස් ඔත්තුකරුවන් ඔය හැම තැනකම මේ තක්කඩි අයියාගේ හා කයිවාරු මල්ලීගේ නඩලම් බලමින් හූල්ලමින් සිටි බවය.හෙණ ඉල්ලූ බවය.අප මේ ලියවිල්ලේ ලියා ඇති තොරතුරු අසත්‍ය බව කියන්නට ජාතික ජන බලවේගයේ කොන්ද පණ තියෙන නායකයකු නැති බවද අපි දනිමු.ගෙවී ගිය දින හැටක් වැනි කාලයකදී ජනපති අනුරදිසානායක ඇතුළු ජාජබ නායකයන් මේ තරමට අශීලාචාර පාවා දීීම් සිදු කර තිබේ නම් ඉදිරි අනාගතයේ අපේ ඉරණම කවර ආකාරයෙන් විසඳෙන්නේද යන්න ගැන අපට ඇත්තේ ඉතා අසරණ අදහසකි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment