Posts

Showing posts from April, 2025

ජාජබය අමාරුවේ දාන පත්තරේ විස්තරේ ඇත්තද

Image
2 නඩුකාරයා,මාළු කාරයා,වැඩ කාරයා,ආමි කාරයා,පොලිස් කාරයා අතරේ පත්තර කාරයාද සිටී.මේ පත්තරකාරයන් අතර වැඩියෙන් ඉන්නේ කියවන විට ලිවීම ලියන කාරල්ලන්ය.කිසි දිනක අප් ඩේට් නොවන ඔළු සහිත මේ උන්දැලා වැඩියෙන් සිටින්නේ ප්‍රාදේශීය මට්ටමිනි. ජනමාධ්‍ය හැඳුනුම්පත එල්ලගෙන කෙරුම්කාරයන්  මෙන් සමාජය තුළ හැසිරෙන මෙවැන්නන් වාර්තාකරණයට වඩා කරන්නේ දේශපාලන කක්කුස්සි සේදීමය.ඒ වාර්තාකරණය තුළ ඇත්තේ තමන් සේවය කරන මාධ්‍ය බංකරයේ ඕනෑ එපාකම් මිස සැබෑ වූ සත්‍යය නොවේ.⁣එසේම ප්‍රවෘත්තියක් නැතුව අහේනියක් ඇති වූ විට අතේ පැලවෙන බොරුවක් නිර්මාණය කිරීමට තරම් මේ උන්දැලා දක්ෂයන්ය.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ මුහුදු තීරයේ ගිණි බත් වීමෙන් පසු මෙරට මුහුදේ කැස්බෑවුන් මිය යන බවට මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන ලදී.ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තා කරණයේ නිරත එක්තරා නාලිකාවක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු  ඒ දින වල වෙරළ⁣ට ගොඩ ගැසූ  කැස්බෑවකු පිළිබඳව දින ගණනාවක් සිය නාලිකාවට ප්‍රවෘත්ති සපයන ලද්දේ "අද එකෙක් ,අදත් එකෙක්, මෙන්න තවත් එකෙක්" වෙරළට ගොඩ ගසා තිබේ යන්න සඳහන් කරමිනි.එකම කැස්බෑවා පිළිබඳව ඇත්ත සඟවා වාර්තා කරමින්  සිය මාධ්‍ය ආයත...

බලා හෙල්ල-හෙළුව හෙල්ල- මුලම බෙල්ල- මරු තැනේ නැතහොත් ඩෑන් ⁣ඩාං ඩෝං වීම

Image
  ඩෑන් ප්‍රසාද් වෙඩි තබා ඝාතනය කෙරිණි. ඔහූ ඝාතනය කිරීම ශිෂ්ඨාචාර සමාජයක සතුටින් වර නැගිය යුතු සිදුවීමක් නොවේ. එහෙත් ඩෑන් ප්‍රියසාද්ගේ සිය දේශපාලන මතය හැසිරවූයේ ප්‍රතිවාදියා කෙරෙහි පිළිකුළ දනවන ආකාරයටය.එහිදී ඔහුගේ එම හැසිරීම අනුමත කළ දායක සභාවක්ද සිටි බව අමතක කරන්න⁣ට නොහැකිය. එම දායක සභාවේ නායකත්වය පැවතුනේ රාජපක්ෂ වරුන් අතය.රාජපක්ෂවරුන්  තෘප්තිමත් කිරීම සදහා කොන්දේසි විරහිතව ඩෑන් ප්‍රියසාද් පිළිකුල් සහගත ක්‍රියාකාරකම් වල නිරත විය.එහිදී සමාජය තුළ ජාතිවාදය හා ආගම් භේදය අවුළුවාලීම මොහුගේ න්‍යාය පත්‍රයට ඇතුළත් වූ බව රහසක්ද නොවේ. දීර්ඝ කාලීන යුද්ධයෙන් මෙරට ගලවා ගත් නායකයා ලෙස සමාජ මානසිකත්වයේ කිරුළු පැළඳ ගත් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල බලයෙන් වියරු වැටීම තුළ මෙරට ව්‍යවස්ථාව පවා තඹ දොයිතුවකට නොසළකන ජාවාරම්කාර වටපිටාවක් රට තුළ නිර්මාණය විය. මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරයා ලෙස පත්ව පාලනය ගෙන ගිය ඒ අවදියේ ලුම්පන් සමාජය නියෝජනය කළ  ඩෑන් ප්‍රියසාද් වැන්නන්ට රාජපක්ෂ වරුන් සමීපයට යන්නට තබා ඒ ගැන හිතන්නටවත් නොහැකි වටපිටාවක් පැවතුනි.ඒ අවදියේ මේ ලුම්පන් සමාජය හැසිරවූයේ මර්වින් සිල්වා දුමින...

ඩීමන් ආනන්ද කියවා එස්ටීඑෆ් රාජකාරි කිරීම වලංගු නැත

Image
  විශේෂ කාර්ය බලකායේ  සේනා විධායක ලෙස කටයුතු කරන ලද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර එහි රාජකාරියේ නිරතව සිටියදී සිදු කරන ලදැයි පැවසෙන මනුෂ්‍ය ඝාතනයන් පිළිබඳව අන්තර්ජාලයේ බොහෝ චෝදනා සටහන් වී තිබුණි.එහිදී විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මිනිස් ඝාතනයන් ඔහුගේ අනු දැනුම මත සිදුවූ බව බොහෝ පුරවැසියන් විශ්වාස කරන බව පෙනී යයි.එහිදී එම මිනිස් ඝාතන වලට ඔහුගේ සෘජු මැදිහත් වීමක් අනාවරණය වී නැති නමුත් බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක⁣⁣ට ඡෙ.නි.පොලිස්පති වරුණ ජයසුන්දර සෘජුව මැදිහත් වූ බවට එම මිනිස් ඝාතනයේ වින්දිත පාර්ශවය චෝදනා කර සිටී.විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගත් තරුණයකු මරා දැමීම සම්බන්ධයෙන් ⁣මේ වන විට චෝදනා ලබා ඇත්තේ එම බලකායේ පොලිස් පරීක්ෂක  වරයකු වූ කොළඹගේ නම් තැනැත්තෙකි.මේ තරුණයා අත් අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි රූ හෝටලය ඉදිරිපිට සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු වශයෙනි.එහිදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කොස්ගොඩ සුජී නම් පාතාල ක්‍රියා කාරිකයාගේ සමීපතමයෙකි.එම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බ...

ජාජබ ආණ්ඩුව වටේ යවන පොලීසියේ රාජපක්ෂ ලොක්කෝ

Image
  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සමාජය තුළ පවතින නොනවතින සංවාදය අවසන් වන දිනය ගැන කිසිවෙකුටත් අදහසක් නැත.දැන් මේ සංවාදය හිඟන්නාගේ තුවාලය මෙන්ය. අනුර දිසානායක සහෝදරයා බලයට පත් වීමෙන් පසුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් අධිකරණයට ගෙන එනු ඇතැයි බොහෝ දෙනා ගේ  විශ්වාසය විය. එහෙත් ඔහු ඒ ප්‍රහාරයට සම්බන්ධ වූවන් අධිකරණය⁣ට ගෙන ඒම කෙසේ වෙතත්  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති ජනපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සීඅයිඩීය⁣ට බාර දුන්නේය.මේ වන විට පොලීසිය එම වාර්තාව පිළිබඳව විමර්ශනය⁣ට පොලිස් කෙරුමන් ගෙන් කමිටු පත් කර තිබේ.නොකෙරෙන වෙද කමට කෝඳුරු හත් පට්ටයක් ඕනෑ කරනවා යැයි අපේ පැරැන්නන් කිව්වේ කට කහනවාට නොවේ. ⁣පොලීසියේ රාජකාරිවලට ජාජබ ආණ්ඩුව  අත දාන්නේ නැති බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් නිතර නිතර සිදු කෙරෙන ප්‍රකාශනයකි.මහජන ආරක්ෂාව බාර දී ඇත්තේ පොලීසියේ සේවය කළ එස් අයි මහත්තයෙකුටය.ඔහු උපදෙස් ගැන්නේ පැන්ෂන් ගිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකුගෙනි.මේ උපදේශක පැන්ෂන් පොලිස් මහත්තයා පැන්ෂන් යන දවස දක්වාම රාජපක්ෂවරුන්ගේ සට්ටැඹිරාළ කෙනෙක් බව ඔහුගේ සේවා ගොනුව පෙරලන විට වටහා ගත හැකිය...

පැන්ෂන් යන්නට පෙර සලේ පත්තරකාරයින් ආණ්ඩුවේ සල්ලි වලින් පාටියක් දීලා

Image
  විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ විශ්‍රාම යාමට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව සිය පාර්ශවීය නිර්දෝශී බව සඳහන් කරමින් වාර්තා කරණයේ නිරත වූ මාධ්‍යවේදීන් කණ්ඩායමක් කරන්දෙණිය පිහිටි යුද හමුදා බුද්ධි මූලස්ථානයට කැඳවා සාදයක් පවත්වා ඇතැයි අනාවරණය⁣ වේ. මේ සාදයට මෙරට මාධ්‍යයන්හි ආරක්ෂක තොරතුරු වාර්තා කරණයේ නිරත මාධ්‍යවේදීන් සහභාගි වී සිටි බවද වැඩිදුරටත් දැනගැන්මට තිබේ.එම සාදයට සහභාගි වූ එක් මාධ්‍යවේදියෙකු තම මාධ්‍ය ආයතනයටද නොදන්වා විදේශ ගත වී ඇතැයිද ගිරිතලේ කඳවුරෙන් ආයුද තොගයක් නැති වීමේ සිද්ධියෙදී එම මාධ්‍යවේදියාගේ සම්බන්ධයක් ඇතැයිද පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබුණි යැයිද දැන ගැන්මට තිබේ.

මාධ්‍යවේදී කසුන් පුස්සවැල්ල උසාවි පොලිස් තගරියකට අහුවෙලා

Image
  මාධ්‍යවේදී කසුන් පුස්සවැල්ල මෙරට පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සදහා කොන්දේසි විරහිතව පෙනී සිටින මාධ්‍යවේදියෙකි.හිටපු ජනපති නන්දසේන ගෝඨාභය මෙරට ආරකෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී වැලිකඩ බන්ධනාගාරය තුළ රාජ්‍ය මිල්ටෙරි යාන්ත්‍රණය විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයේ මෙලේච්ඡත්වය පිළිබඳව සමාජයට අනාවරණය කළ මාධ්‍යවේදීන් අතර කසුන් පුස්සවැල්ල ඉදිරියෙන්ම සිටියේය.එහිදී ඔහු ඒ සිදුවීම වාර්තාකරණයෙන් නොනැවතී ⁣එහි මෙලේච්ඡත්වය අන්තර්ගතය කරමින් "වැලිකඩ" නම් ග්‍රන්ථයක්ද සමාජගත කෙරුවේය. කසුන් පුස්සවැල්ල අප්‍රේල් 22 වන දින ගාල්ල අධිකරණ කටයුත්තක් සදහා    එහි ගිය අවස්ථාවේ පොලීසිය විසින් ඔහු වෙත සිදු කරන ලද බලහත්කාරී හා අනීතික ක්‍රියාවක්  පිළිබඳව ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබේ. "කණ්නාඩි කූට්ටමට තගරි දමා ගාල්ල අධිකරණයේ ගෞරවය රකින්න හදන පොලීසිය" යන සිරස්තලය ය⁣ටතේ ඔහු කළ සටහන මෙසේය සාමාන්‍යයෙන් මා නිතරම පාහේ සුප්‍රිම් උසාවියටද ඉන් පහල සියලුම අධිකරණයන් වෙතද යන්නෙකි.ඒ සෑම අවස්ථාවකම අධිකරණයට උචිත ඇඳුමක් ඇඳීම අතිශය සාමාන්‍ය කාරණාවකි.මා විසින් සුප්‍රිම් උසාවියේ ගොනු කළ නඩු කටයුත...

දීඝායු පුත ළඟ නොබලන්න දුර බලන්න

Image
  අප විසින් මීට ඉහතදී පළ කරන ලද පුවතක් හා සබැඳිව නැවත පල කිරීමට සිඳු වී ති⁣බේ.ඒ cyber   news.lk   නම් සයිබර් ප්‍රකාශනය පිළිබඳවය.මේ සයිබර් ප්‍රකාශනය දිගින් දිගටම අප විසින් පල කරන ලද ප්‍රවෘත්ති වංචා සහගතව සොරා ගනිමින් පල කරන ලදී.අපි ඒ සම්බන්ධයෙන් අනාවරණය කෙරුවෙමු. මෙම සයිබර් ප්‍රකාශනයේ හිමිකරු හට මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.ඒ විනිසුරු තිලිණ ගමගේට අපහාස කිරීමක් සම්බන්ධයෙනි.මොහු එම චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර තිබේ.එහෙත්මොහුගේ හිමිකාරිත්වය යටතේ ලියා පදිංචි වී ඇති cyber  news.lk  සයිබර් ප්‍රකාශනය මගින් දිගින් දිගටම අධිකරණ විනිසුරුවරුන් විවේචනය කරමින් ඔවුන්  අපහාසයට හා අවමානයට පත් කරමින් ප්‍රවෘත්ති සහ එම විනිසුරුවරුන්ගේ ඡයාරූප පල කරන ලදී. මේ වන විට ඇප කොන්දේසි මත මුදා හැර තිබෙන සැකකරු තමාගේ හිමිකාරිත්වය යටතේ පැවතුන සයිබර් ප්‍රකාශනය තමන්ගේ බාරයේ නොමැති බවට  ⁣රහස් පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල විභාග නොකිරීම සම්බන්ධව පොලිස්පති වරයා⁣ වෙතද පැමිණිල්ලක් කර තිබේ.ඒ කිසිදු පැමිණිල්ලක් විභාග කිරීමට ...

පිල්ලෙයාන් දේශපාලන ⁣සුනාමියක් වීමට ඉඩ තිබේ

Image
  හිටපු අමාත්‍ය පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනීමත් සමගම සමාජ මාධ්‍ය තුළ ඔහුට එරෙහිව නැගෙන චෝදනාවන් අතර පසුගිය යුද සමයේ කැබිලිතිගොල්ලෑව  ප්‍රදේශයේදී බස් රථයකට එල්ල කරන ලද මෙලේච්ඡ ප්‍රහාරයට ඔහු සම්බන්ධ යැයි කියවෙන චෝදනාවද වේ.ප්‍රදේශයේ ජනතාව ගමන් කළ බස් රථයක් එල්ල කරමින් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මේ ප්‍රහාරයෙන් මිය ගිය අතර තුවාල ලද පිරිස ආසන්නය.⁣ මෙරට සමාජය බලවත් කම්පනය⁣ට ලක් කරවන සිදුවීමක් වූ එම ප්‍රහාරය සිදු වූ ස්ථානයට එවකට ජනපති මහින්ද රාජපක්ෂ යාම මාධ්‍ය විසින් ඉතා උත්කර්ෂවත්ව වාර්තා කෙරිණි. කුඩා දරුවන් ඇතුළු 70 දෙදෙනෙකු මෙම මේලේච්ඡ ප්‍රහාරයෙන් ඝාතනය වූ අතර බරපතල ලෙස තුවාල ලැබූ සංඛ්‍යාව  65 දෙනෙකු වේ.මෙම ප්‍රහාරයේ වගකීම එල්ටීටී සංවිධානය විසින් බාර නොගැනීම විශේෂ සිදුවීමකි.කැබිලිතිගොල්ලෑව බෝම්බ ප්‍රහාරය සම්බන්ධව හිටපු එල්ටීටී ක්‍රියාකාරිකයකු වූ මහාලිංඟම් මුත්තුලිංඟම් පසුව අඩංගුවට ගන්නා ලදී. එහෙත් ඔහු පවසන ලද ආකාරයට    කැබිලිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරය එල්ටීටිය මැදිහත් නොවූ හුදකලා ප්‍රහාරයක් බව අනාවරණය විය.ඒ වන විට කරුණා හා පිල්ලෙයාන් කණ්ඩායම එල්ටීටියෙන් කැඩී ර...

සිංහල අළුත් අවුරුදු උත්සවය පිළිබඳව පුවත්පතක පළමුවරට පළ වූ ප්‍රවෘත්ති වාර්තාව මෙන්න

Image
  සිංහල අළුත් අවුරුදු උත්සවයට ඇත්තේ තව හෝරා ගණනකි.අවුරුදු උදාවත් සමගම මෙරට සෑම ප්‍රදේශයකම සිංහල අළුත් අවුරුදු උත්සව පැවැත්වේ.මේ වන විට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි එම අවුරුදු උත්සව ගැන ප්‍රචාරය කරමින් තිබේ.    එහෙත් මෙරට පවත්වන ලද අවුරුදු උත්සවයක් පිළිබඳව පළමු වරට වාර්තා කර ඇත්තේ  1914 අප්‍රේල් 14 වන පල වූ දිනමිණ පුවත්පතයි.ඒ 1914 අප්‍රේල් මස 13 වන දින කොළඹ වික්ටෝරියා පාර්ක් හි පවත්වන ලද අවුරුදු උත්සවයයි. එහි ශීර්ෂය ලෙස මෙසේ සඳහන් කර ඒ යටතේ පල කර තිබූ ප්‍රවෘත්ති වාර්තාවය මේ. ජාතිකෝත්සවය ආරම්භ කිරීම සිංහල මහා ජන සමාගමක්  බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේ සම්භෝගය (අප වාර්තාකරු විසිනි) සූර්යයා මේෂ රාශියට පැමිණෙන දින නිමිත්ත කොට ගෙන පවත්නා සංවත්සරය සිංහලයන්ට නොයෙක් අතින් හිමිවූ ලෞකික මහෝත්සවයයි.මෙය පුරාතන සිටම නානා විධ නක්ෂස්ත්‍ර ක්‍රීඩා ජල ක්‍රීඩාදියෙන් සමන්විතව බෞද්ධ සිංහලයන් විසින් සම්භාවිතය.නුමුත් මේ මස 13 වන දිනය යෙදුන සූර්ය සංවත්සරය විශේෂ වශයෙන්ම ලංකා ඉතිහාසයේ ලියවෙන වැදගත් සිද්ධියක් විය.ඊට කාරණය නම් සිංහල අවුරුදු මංඟල්‍ය ආගමක් සම්බන්ධ මංඟල්‍යයකැයි තතු නොදත් ක්...