Posts

Showing posts from May, 2025

ඇත්තටම මහින්දානන්ද කට්ට කලුද

Image
  රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් දූෂණය කිරීමේ වරදට දඩුවම් ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේත් හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දුත් මේ වන විට රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේය.මෙරට  අධිකරණයකින් පළමු වරට වරදකරු වන තැනැත්තන් රඳවා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයේය.2015 ජනපතිවරණයේදී සතොස ආයතනයේ මුදල් ප්‍රතිපාදන යොදවා කැරම් බෝඩ් 14000 ක් හා දාම් බෝඩ් 11000ක් අවිධිමත් ආකාරයෙන් මිලට ගෙන ක්‍රීඩා සමාජවලට බෙදා දී රජයට මිලියන පාඩු කිරීම මහින්දානන්දට හා නලින් පුනාන්දුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂම වෙතින් නැගුන චෝදනාවන්ය.⁣මේ⁣ දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිලි කරන ලද්දේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද සමරසිංහය.මේ නඩුකරයේදී දාම් බෝඩ් හා කැරම් බෝඩ් ක්‍රීඩා සමාජ වලට බෙදා දුන් බව සඳහන් කෙරුනද මේ සියල්ල දුන්නේ මැතිවරණ කොට්ඨාශවල පිහිටුවන ලද පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාල වලටය. මේ වන විට දඬුවම් ලැබූ හිටපු අමාත්‍යවරුන් දෙපොළ වැලිකඩ බන්ධනාගාරයේ ජම්පර ඇඳුමෙන් සැරසී සිටින බව තහවුරුය.ඔවුන්ට අයිතිවාසිකම් කිව හැකි එකම දේපොළ වන්නේ බෙලෙක් පිඟානත් බාල්දියත් පැදුරක් කොහු කොට්ටයක් ජම්පර ඇදුම් ක...

ජනපති අනුර සහෝදරයා බය වෙලාද

Image
  ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීම සදහා කතිරය ගැසූ බොහෝ පුරවැසියන් අපේක්ෂා කෙරුවේ "චණ්ඩි" ආණ්ඩුවකි. චණ්ඩි ආණ්ඩුව යන්නෙන් ⁣අප අදහස් කෙරුවේ පාතාල අපරාධ වලට ඉඩක් නැති පසුගිය ආණ්ඩුවල සිටි පෝරිසාද ජාවාරම්කාරයන් ලහි ලහියේ වැලිකඩ දක්කන නීතිය අකුරටම ඉටු කරන රාජ්‍ය මැදිහත්වීමය.ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීමට⁣ පෙල ගැසුන පුරවැසියන් කෑම බීම මිල ගණන් අඩු කරන ලෙස ඉල්ලුවේ නැත.මෙරට ආර්ථිකය බිමට සමතලා කළ පෝරිසාද දේශපාලඥයන්ට දඬුවම් දීමට ජාජබ ආණ්ඩුව හැකි වෙනු ඇති යැයි පුරවැසියන් ගේ විශ්වාසය විය. ජාජබ ආණ්ඩුව පිහිටුවා මාස හයක් ගෙවී යද්දී පාක්ෂිකයන් තමන් බොහෝ අපේක්ෂාවන් තුළ පිහිටවූ ආණ්ඩුව දෙස සැකයෙන් බලන වටපිටාවක් මේ වන විට නිර්මාණය වී තිබේ. පසුගිය ආණ්ඩුවල සිටි දූෂිත කෙරුම්කාරයන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව සත්‍යයකි. එසේ නඩු පවරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නන් බොහෝ දෙනෙකු කල් ගෙවන්නේ බන්ධනාගාර රෝහලේය.පසුව ඇප මත මුදා හැරේ.එම ක්‍රියාවලිය පිළිබඳවත් පුරවැසියන් හට ඇත්තේ සැකයකි.මේ සැකකරුවන් ඇප මත මුදා හැරෙන්නේ ඔවුන් වෙත එල්ල වී ඇති චෝදනාවන් හි බර අනුවය.එය ප්‍රශ්ණයක් නොවේ.පුරවැසියන්ට මතුවී ඇති ප්‍රශ්ණය මේ ...

අනතුරු සහිතයි ප්‍රවේශමෙන් කයිවාරු ගහන්න

Image
  හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් අද දඬුවම් කෙරිණි.ඒ මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයකු ලෙස හා නලින් ප්‍රනාන්දු නැමැත්තා සතොස සභාපති තනතුරේ සිටින අවදියේ මහජන මුදල් අවභාවිතාවේ යොදවන ලදැයි ⁣කියවෙන අල්ලස් පනතේ දූෂණය නැමති වරද සිඳු කරන ලද නිසාය. මෙරට දේශපාලඥයන් කිසිදු බයක් හැකක් නොමැතිව මෙරට මහජන මුදල් අවභාවිතාවේ යෙදවීම ඇරඹුන කාල වකවානු පිළිබඳව සිතා ගත හැකි අපූරු  අත්දැකීමක් ඒ.පී ඒ.ගුණසේකර ⁣මහතා සිය "හොරොව්පතානේ පළවෙනි ⁣ඩීයාරෝ" කෘතියේ සඳහන් කර ඇත. හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ කෘතිය ස්වයං චරිතාපදානයකි.එහි රචකයා වූ ඒ.පී.ඒ ගුණසේකර අමාත්‍යංශ ලේකම් වරයකු ලෙස කටයුතු කර මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ. මෙරට දේශපාලඥයන් හට ලැබුණ අසීමිත දේශපාලන බලය යොදා ගනිමින්   මුදල් අවභාවිතාවට පෙළඹුන හැටි ඔහු සිය කෘතියේ සදහන් කර ඇති නිසා ⁣මහින්දානන්ද අළුත්ගමගේත් නලින් ප්‍රනාන්දුත් කිරිකෝඩු වංචාකාරයන් නොවන බව වටහා ගත හැකිය. ආණ්ඩු බලය හිමි දේශපාලඥයන් කිසිම හිරිකිතයක් නොමැතිව මුදල් වංචා කිරීම අරඹන ලද්දේ ජේ....

මේ ඇත්ත තේරුම් ගන්නා විට සැමට කෙලවී තිබේද

Image
  මෙරට සිදුවූ  බරපතල අවි ගණුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා කෙරුණ ඇවන්ගාඩ් ආයතනයේ මේජර් නිශ්ශංක සේනාධිපතිට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිෂම මගින් විමර්ශනයක් අරඹා ඇති බවට වාර්තා වී ඇති පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියකු මෑතකදී අල්ලස් හා දූෂණ කොමිෂමේ ප්‍රධානියෙකු අමතා මේජර් නිශ්ශංක සේනාධිපති හට එම ප්‍රධානියා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙන බව අනාවරණය වේ. එහෙත් අල්ලස් හා දූෂණ කොමිෂමේ ප්‍රධානියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද දැන ගැන්මට තිබේ. ඇවන්ගාඩි ආයතනයේ මේජර් නිශ්ශංක සේනාධිපති 2019 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරිය වූ දිල්රුක්ෂි ඩයස් ගෙදර යැව්වේ වජිර අබේවර්ධනගේ දුරකථනයෙන්  ඇයට ඇමතුමක් ගෙන එය පටිගත කර ගත් හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙනි.මේ  වතාවේත් මේජර් නිශ්ශංක සේනාධිපති එවැනිම අංචියක් අල්ලස් හෝ දූෂණ කොමිෂමට අදින්නට කල්පනා කරා වෙන්න⁣ට බැරි නැත.   පසුගිය දිනවල මේ මේජර්වරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කරක් ගැසූ බවට සමාජ මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. 2019 වර්ෂයේ සැප්තැම්බර් 24 වන දා ඇවන්ගාඩ් තක්කඩි උපක්‍රමයෙන් වැඩ තහනමකට ලක්වූ ...

දැන්වත් ඇත්ත තේරම් ගනිමුද සහෝදරවරුනේ1

Image
මම පසුගිය දවසක මා ඉතා හොඳින් දන්න හඳුනන ජාජබ ක්‍රියාකාරිණියක ඇමතුවෙමි.ඇය මෙවර පලාත් පාලන මැතිවරණයටද තරග කර තිබුණාය.මේ වන විටත් ඇය තරඟ කළ පලාත් පාලන ආයතනයේ සභාපතිනිය ලෙසද ඇය නම් කර සිටින්නීය. කොහොමද ජීවිතේ මම ඇයගෙන් විමසීමි ඇය කතාව පටන් ගත්තාය.පෞද්ගලික තොරතුරු කතා බහෙන් පසුව අප දෙදෙනා දේශපාලනය ගැන අදහස් හුවමාරුව ඇරඹීමු. මම ගොඩක් කළකිරිල ඉන්නේ යැයි ඇය පැවසුවාය ඒ ඇයි ? ඇය එතැන් සිට ඇයගේ කළකිරීමට හේතුව මුල සිට අගට කීවාය.ඒ එකක් නොවේ.ඒ අතර වූ සිද්ධීන් බොහොමයක් සම්ප්‍රදායික දේශපාලන ඇබ්බැහි කම් හා ජාජබ දේශපාලනික මාදිලිය අතර පවතින වෙනස්කම් නිසා ඇතිවූ ගැටුම්ය. එහෙත් ඒවා නොසළකා හරින්නටද නොහැකිය.ජාජබ දේශපාලන මාදිලිය තවමත් පහල ඇවරියේ පාක්ෂිකයන් වටහා ගෙන නැත.අප මෙහිදී පහල ඇවරියේ පාක්ෂිකයන් යනුවෙන් අදහස් කෙරුවේ ජවිපෙ කාඩරය නම් නොවේ. ජාජබයේ ජයග්‍රහණය සදහා අනිකුත් පක්ෂ වල සිට එක්වූ ක්‍රියාකාරිකයන්ය. ඔවුන් තවමත් දේශපාලනිකව සිතන්නේ  පරණ පුරුදු විදියටමය. ජාජබයේ නායකයන් තවමත් තේරුම් ගෙන නැත්තේ මේ සංක්‍රාන්තික වටපිටාවය.එහිදී ජාජබයේ නායකයන් මේ ප්‍රශ්ණය නිරාකරණය කරගන්නට හදන්නේ ජවිපෙ මාදිලිය තුළය.එහෙත් එ...

තුසිත හල්ඔළුවගේ පික්චර් එකට පොලිසියෙන් සම්මාන ලැ⁣බේද

Image
  මේ දිනවල සමාජ මාධ්‍යවල රඟ දක්වන චිත්‍රපටය තුසිත හල්ඔළුවට වෙඩි තැබීමයි.මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක සොයා පොලීසිය මේ වන විට ලුහුබඳිමින් සිටී.ඒ ලුහුබැඳීමට පෙර තුසිත හල්ඔළුවගේ ආරක්ෂාව ආණ්ඩුව තහවුරු කරන්නේ නම් ඉතා හොඳය.එසේ නැතිනම් හදිසියේවත් නාඳුනන තුවක්කු කරුවකු ඔහුගේ ජීවිතය උදුරාගන්නටද බැරි නැත.එය එසේ වුව හොත් සිද්ධිය බරපතල වන්නේ ජනපති අනුර සහෝදරයා⁣ට විදේශ රටක තිබෙන බිලියන 400 ක වත්කම සැබෑ බවට සමාජ මතයක් ගොඩ නගන්නට විපක්ෂයට හැකි වන බැවිනි.තුසිත හල්ඔළුව පොලීසියට ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහුගේ කාරයට වෙඩි තබා පැහැර ගෙන ගොස් ඇත්තේ ජනපති අනුර සහෝදරයාගේ එම මුදල් ගණුදෙනුව සම්බන්ධ ලිපි ගොණුවයි. තුසිත හල්ඔළුවගේ ජීවිතය ආරක්ෂා කර ගත යුතු වන්නේ ඔහුවත් නොදන්නා ගේම් කාරයන් ආණ්ඩුව අමාරුවේ දමන්නට දත මිටි කමින් සිටින බැවිනි. දාමට ඉත්තා සගයෙක් නොවේ යැයි කියමනක් තිබේ.ඒ මැක්සිම් ගෝර්කි⁣ගේ අම්මා පොතේය.හල්ඔළුව ⁣ගේ ඔළුවේ මෝඩකම කෙළවර විය හැක්කේ ඔහුගේම ජීවිතය උකසට තබමින් විය හැකි යැයි අප සැක කරන්නේ ඒ නිසාය. බඩ ලොකු වුනාට වලව්වේ හාමු වෙන්නේ වත් ඔළුව හල් කෙරුවාට උපන්ගෙයි මෝඩකම් නැති වන්නේත් නැතිය.තුසිත ඔළුව හල් කර ගත...