මේ ඇත්ත තේරුම් ගන්නා විට සැමට කෙලවී තිබේද

 


මෙරට සිදුවූ  බරපතල අවි ගණුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා කෙරුණ ඇවන්ගාඩ් ආයතනයේ මේජර් නිශ්ශංක සේනාධිපතිට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිෂම මගින් විමර්ශනයක් අරඹා ඇති බවට වාර්තා වී ඇති පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියකු මෑතකදී අල්ලස් හා දූෂණ කොමිෂමේ ප්‍රධානියෙකු අමතා මේජර් නිශ්ශංක සේනාධිපති හට එම ප්‍රධානියා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙන බව අනාවරණය වේ.එහෙත් අල්ලස් හා දූෂණ කොමිෂමේ ප්‍රධානියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද දැන ගැන්මට තිබේ.


ඇවන්ගාඩි ආයතනයේ මේජර් නිශ්ශංක
සේනාධිපති 2019 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරිය වූ දිල්රුක්ෂි ඩයස් ගෙදර යැව්වේ වජිර අබේවර්ධනගේ දුරකථනයෙන්  ඇයට ඇමතුමක් ගෙන එය පටිගත කර ගත් හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙනි.මේ  වතාවේත් මේජර් නිශ්ශංක සේනාධිපති එවැනිම අංචියක් අල්ලස් හෝ දූෂණ කොමිෂමට අදින්නට කල්පනා කරා වෙන්න⁣ට බැරි නැත. පසුගිය දිනවල මේ මේජර්වරයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කරක් ගැසූ බවට සමාජ මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.

2019 වර්ෂයේ සැප්තැම්බර් 24 වන දා ඇවන්ගාඩ් තක්කඩි උපක්‍රමයෙන් වැඩ තහනමකට ලක්වූ අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරිය වූ දිල්රුක්ෂි ඩයස් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිදොස් කොට නිදහස් කරන ලද්දේ 2023 වර්ෂයේ අගෝස්තු මාසයේදීය.රාජ්‍ය කොමිෂන් සභාව ඇයට එරෙහිව සිඳු කරන ලද පරීක්ෂණයේදී සිද්ධියට අදාල හඬපටය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යලය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවන ලදී.එහිදී අනාවරණය වූයේ එම හඬ පටය සංස්කරණය කරන ලද්දක් බවය.
ඒ අනුව ඇයට එරෙහිව තිබූ චෝදනා වලින් ඇය නිදහස් කෙරිණි.

ඇවන්ගාඩ් මේජර්වරයා ⁣හා සම්බන්ධවී අල්ලස්⁣ හෝ දූෂණ කොමිෂමේ ප්‍රධානියෙකුට දුරකථන ඇමතුමක් ගත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කෙරුම්කාරයා ගේ පැටිකිරිය ගැන අපට ඇතිවන්නේ බරපතල සැකයකි.මේ කෙරුම්කාරයා ජාජබ සිල් රෙද්ද පොරවාගත් රාජපක්ෂ පෝරිසාදයකු බවට අපට සිතේ.

මේ වන විට අල්ලස් හෝ දූෂණ කොමිෂමේ රාජකාරිමය මැදිහත් වීම් සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුවල ජාවාරම්කාරයන් සලිත වී සිටී.ඒ මැදිහත්වීම අවහිර කිරීමට ඔවුන් අල්ලස් හෝ දූෂණ කොමිෂමට එරෙහිව අණ විණ කොඩිවින හූනියම් පවා කරන්නට ඉඩ තිබේ.මේ ජාවාරම්කාරයන් ගේ සිතීම එහෙමය.


අල්ලස් හා දූෂණ කොමිෂමේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රාජකාරි කළ ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයා මේ වන විට එම ධුරයෙන් ස්ථාන මාරු කර යවා ඇති අතර මේ වන විට ඒ සඳහා කිසිම නිළධාරියකු පත් කර නැති බවද පැවසේ.කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ 
ඡ්‍යෙෂ්ඨයකු විසින් එම ධුරය සඳහා දූෂිත පොලිස් ඡ්‍යෙෂ්ඨයකු පත් කිරීමට සැළසුම් කර ඇතැයිද හෙළිවේ.ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු වූ මේජර් නිශ්ශංක සේනාධිපතිට අල්ලස් හා දූෂණ කොමිෂමේ ප්‍රධානියකු  මුණ ගැස්වීමට උත්සාහ කර ඇත්තේද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ එම ඡ්‍යෙෂ්ඨයා බවද තොරතුරු හෙළිවී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීම් සම්බන්ධයෙන් ⁣වර්තමානයේ බොහෝ පුරවැසියන් තුළ සැකයක් පවතී.
⁣ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳවය.⁣බොහෝ ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී කොට්ඨාශවල වගකීම් පවරා දීමට කටයුතු කර ඇත්තේ පසුගිය ආණ්ඩු කාලයේ රාජපක්ෂවරුන් සමග ඉතා සමීපව කටයුතු කරන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට වේ.ඒ ඇතමුන් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන අයවළුවන් බවට චෝදනා එල්ල වුන අයවළුන්ය.තවත් සමහරුන් 
දීර්ඝ කාලයක් රාජපක්ෂවරුන් සමීපයේ  ආරක්ෂක රාජකාරිවල නිරත වූවන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත්  ක්‍රියාත්මකව පවතින්නේ එවැනි දූෂිත පොලිස් ඡ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු යටතේය.

මේ පත්වීම් සිදු කෙරෙන ආකාරය ගැන ඉතා ආසන්නතම උදාහරණය කුරුණෑගල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ පත්වීමය.ඒ සඳහා පත් කරන ලද්දේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පාසැල් පන්ති සගයෙකි.අනෙකුත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බල ප්‍රදේශවල පත් කිරීම්ද ඒ හැඩයේම පත්වීම්ය.එලෙස බොහෝ පත්වීම් ලබා දී ඇත්තේ රාජපක්ෂ වරුන් හා තවමත් ගණුදෙනු කරන පොලිස්කාරයන්⁣ටය. ⁣පොළොන්නරුවේ පොලිස් ඡ්‍යෙෂ්ඨයකු මේ පත් කිරීම් ගැන අපට අපූරු කතාවක් පැවසුවේය.

"පොලීසිවල දැන් සිද්ධ වෙන දේ හරිම මරු.ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලඥයන් සිය පාක්ෂිකයන්ට වෙන අනීතික සිද්ධියක් නිරාකරණය කර ගැනීමටවත් පොලීසියට කතා කරන්නෙ නෑ.නුමුත් පොදුජන පෙරමුණේ හරි සමගි ජන බලවේගයෙ හරි ප්‍රාදේශීය⁣ දේශපාලඥයන් තමන්ගෙ පරණ පුරුදු ⁣සම්බන්ධතා මගින් පොලීසිය ලවා තමන්ගෙ අවශ්‍යතාව ඉටු කර ගනිමින් තිබෙනවා.ජජාබය හා සම්බන්ධ වුන පාක්ෂිකයා ඒ සිස්ටම් එක ඇතුළෙ අසරණ වෙලා.මේ හන්ද ඒ මනුස්සය කරපු පැමිණිල්ලටවත් සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෑ.අන්තිමේදී ඔහු පොලීසියෙන් ⁣එළියට බැහැල ගෙදර යන්නෙ ජනපතිවරයාගෙ මෑණියන් මතක් කර කර.ඕක තමයි ඇත්ත"

මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් අපට ලැබෙන තොරතුරු අනුව ⁣අමාත්‍යංශ ලේකම්වරයා සිටින්නේ නාම මාත්‍රිකවය.
ඔහු තුළ පවතින කළකිරීම නිසාම හෙට අනිද්දා වෙන විට ගෙදර ගිය හොත් පුදුම වෙන්නට දෙයක් නැත.එපමනක්ද නොවේ.ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ පත්වීමද ඇස් බැන්දුමකි.
ඔහුට පවරා ඇති වගකීම ඉටු කිරීම සඳහා රාජකාරිය කිරීමට ඇති ඉඩ කඩ ඇහිරී තිබේ.ඔහු වට කර ගෙන සිටින්නේ රාජපක්ෂ ජානගත පොලිස්කාර බල ඇණියයි.සීඅයිඩීය තවමත් හසුරුවන්නේ 
නාමල් බබා ගේ ජනපති පදවිය සදහා පාවඩ එලන්නට සිහින දකිමින් සිටින පොලිස් ඡ්‍යෙෂ්ඨයන්ය.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කාර්යාලය තුළදී ඈණුමක් ඇරියද එය රාජපක්ෂවරුන්ට වාර්තා කෙරෙන ආකාරයට වැඩේ බරපතල වී තිබේ.

මේවා පිටුපස සිටින්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය හසුරවන  උපදේශක උන්නැහේය.ගහේ පනුවා ගහේ කොල කා අවසන් වෙන තරමට දැන් වැඩේ සීරියස්ය.අප දැන් වටහා ගත යුත්තේ මේ සියල්ල සිද්ධ වන්නේ ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන්ගේ දැනුවත් කම මත බවය.එය එසේ නොමැති නම් සිතා ගත හැක්කේ මේ කෙරුම්කාරයන් ගේ ආණ්ඩුකරණයේ කිරි කෝඩු කමය.
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසන්නේ උපදේශක උන්නැහේ ඉතා හොඳින් රාජකාරි කරන බවය.
අපට රට තොටින් ආරංචි ලැබෙන ආකාරයට ඒ රාජකාරිය නම් "අප්පට සිරි" වෙන ආකාරයේ රාජකාරියකි පොලීසිය තුළ සිද්ධ වෙමින් තිබෙන මේ හෙයියම්මාරුව අඩුම තරමේ ජනපති
අනුර කුමාර සහෝදරයාටවත් සමීපතමයකු පවසා නැත්තේ මක් නිසාද යන්න බරපතල ප්‍රශ්ණයකි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරන රාජ්‍ය නිළධාරීන් මේ නාඩගම් හා විකාර බලමින් රස විඳිමින් සිටී.
අමාත්‍යංශයට සිටින්නේ එක උපදේශකයෙක් නොවේ.⁣ඇවිදගන්නටවත් නොහැකි තවත් උපදේශක පරාණයකි. මෙවුන්දැලා දෙන්නා හෙට අනිද්දා වෙන විට පොලීසිය හපයක් බවට පත් කරන එක නම් අතැඹුලක් බව පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිළධාරීන්ය.අප මේ කියන දේ ඇත්තද නැද්ද යන්න අමාත්‍යංශයේ පියුන් මහත්වරුන්ගේ කැටගරියේ සිට සෙකරතාරිස්ලා දක්වා වූ ඉහළ තරාතිරමට අයත් වූවන් ගෙන් පෞද්ගලිකව අසා දැන ගත හැකිය.
මේ හැමදෙනාම අමාත්‍යංශ තුළ ඕපදූප ලෙස තළුමරණ තොරතුරු අස්සේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබල පමණක් නොව ජාජබ අණ්ඩුවද රූපාන්තරණය වී ඇත්තේ අම්බලන්ගොඩ කෝළම් මඩුවක හැඩයකටය.මහජන ආරක්ෂක ඇමති ඩබල මේ වයසක උපදේශකයන් දෙදෙනාට මෙතරම් ලව් කරන්නේ මක් නිසාද යන්න පැහැදිලි නැත.

බලයට එන්නට පෙර මෙරට සිදු වූ අබිරහස් සාහසික අපරාධවලට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබා දෙන බව ජාජබය පැවසුවේ දහ අතේ දිවුරමිනි.ඒ ලැයිස්තුව ⁣ඉතා දිගය.පාස්කු ඉරු දින ප්‍රහාරය ඒ අතරේ වූ ප්‍රධානතම අපරාධයයි.අපට දැන ගැන්මට ලැබුණ තොරතුරු අනුව පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ⁣සිදු කරන සීඅයිඩී පොලිස් පරීක්ෂණ සිද්ධ වෙන්නේ එපා වාහේට හොදි බෙදන්නා වාගේය.

මහජන ආරක්ෂක ඇමති සිය අමාත්‍යංශ තුළ ධාතු කරඬුවක් ලෙස තියා ගෙන ඉන්නා උපදේශක ඩී.එල්.ආර්.රණවීර ගේ කෙරුවාව ගැන අප මුලින්ම දන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරියගේ කාලයේ සිටය.ඒ දිනවල පොලිස් අධිකාරීවරයකු ලෙස රාජකාරි කළ ඩී.එල්.ආර්.රණවීර පානදුර දුෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා විය.එහෙත් ජනපතිවරිය ඔහු එම ධුරයෙන් ඉවත් කරන ලෙසට පොලිස්පති වරයාට නියෝග කර ඇත්තේ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කාරයන් සමග සම්බන්ධතා පවත්වමින් ඔහු විවිධ දූෂණ වල නිරතව සිටින බවට බස්නාහිර පළාතේ ඇමතිවරයකුගේ කරන ලද පැමිණිල්ලක් 
විභාග කිරීමෙන් පසුවය.ඉන් අනතුරුව 2016 ජුනි මාසයේ 23 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඉදිරියේ විභාග කළ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අබිරහස් ඝාතන නඩුවේදී සීඅයිඩීය අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා ඇත්තේ වසීම් තාජුඩීන් ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පවත්වන ලද විමර්ෂන හිටි හැටියේ නවත්වා එම මරණය රිය අනතුරක් ලෙස වාර්තා සැපයීමට එහි අධ්‍යක්ෂවරයා වන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර කටයුතු කර ඇති බවය.එපමනක්ද නොවේ.මෙහිදී සීඅයිඩීය
අධිකරනය⁣ට සාක්ෂි දෙමින් පවසා ඇත්තේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර විසින් වෙනත් නඩුවක් හා සම්බන්ධ බවට සඳහන් කරමින් වසීම් තාජුඩීන් ගේ දුරකථන වාර්තා ගෙන එවකට බුද්ධි ප්‍රධානී වූ මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණට ලබා දී ඇති බවය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති අංක B 6802 /01/11 දරණ මංකොල්ල නඩුවේ නියෝගයක් උපයෝගී
 කරගනිමින් වසීම් තාජුඩීන් භාවිතා කරන ලද 0777354500 දරණ දුරකථනය  සම්බන්ධ ඇමතුම් වාර්තා මෙලෙස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර විසින් ලබා ගෙන ඇති බවද සීඅයිඩීයට කරුණු වාර්තා කර තිබෙි.අධිකරණය පවා නොමග යවමින් මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බරපතල වෘත්තීය විෂමාචාරයක නිරත වී ඇති බව පැහැදිලිය.එම නඩුවටම අදාලවම 2012 මැයි 17 වන දින 06.20 පැයට කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබියදී වසීම් තාජුඩීන් ගේ මුදල් පසුම්බිය අහුලා ගත් වෙම්බිඩි බාස්කරන් සීඅයිඩීයට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමන් ඒ ගැන නාරාහේන්පිට කිරුළපන පොලීසිවලටත් කොළඹ අපරාධ කොට්ඨාශයට කට උත්තර ලබා දුන් බවය.සීඅයිඩීය ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් විමසූ විට එහි අධ්‍යක්ෂවරයා වූ ඡෙ.පො.අ.රණවීර පවසා ඇත්තේ එලෙස කට උත්තර ලබා⁣
නොගත් බවය. මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වසීම් තාජුඩීන් මරණය සම්බන්ධයෙන් තොරතුරු දැන දැනම වසන් කර ඇති බව සීඅයිඩීය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

දැන් අප ඊළඟට ප්‍රශ්ණ කෙරෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය බාර ඇමති ඩබලය.එහිදී තාජුඩීන් ඝාතන පරීක්ෂණ තමන් බලය⁣ට පත් වූ පසුව අනිවාර්යෙන්ම ආරම්භ කරන බවට ජාජබය බලයට ඒමට ජනතාව⁣ට දුන් පොරොන්දුව මේ ඇමති ඩබලට නැවත සිහිපත් කළ යුතුය.තාජුඩීන් ඝාතන පරීක්ෂණය නොමග යැවූ බවට අධිකරණයේ සඳහන් වී ඇති අපරාධකාරයෙකු සිය අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස තබා ගැනීම හා ඒ මක් නිසාද යන්න ගැනත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබල දැන්  ජනතාවට පිළිතුරු සැපයීම කළ යුතුමය.ඔහු තවදුරටත් ඔඩොක්කුවේ තබා ගෙන හුරතල් කරනවාද එසේ නැති නම් වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය ජාජබ ආණ්ඩුවෙන් සිඳු නොකරන බවට ප්‍රකාශයක් කළ යුතුය.ඒ මන්ද යත් එම අපරාධය වසන්කළ අපරාධකරුවකු අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙස තබා ගෙන ජනතාවට "මෙන්න කොකා" පෙන්වීම විලි ලැජ්ජා නැති වැඩක් නිසාය.

මේ ඇත්ත වසන් කර ගනිමින් ජාජබ ආණ්ඩුව බාල්දු තුරුම්බු පාටියට දමමින් ජනතාව චූන් කරන්නට සිතා ගෙන සිටින බව පෙනී යන්නේ තඩි චාමර ,දුමින්ද දිසානායක මහින්දානන්ද වැනි සිල්ලර දෙකේ ⁣තුනේ තුරුම්බු වාසි උසාවි දක්කාගෙන යාමෙනි.එහෙත් ජනතාව අතර දැන් කතා බහ වෙන්නේ රාජපක්ෂවරුන්ගේ මයිල් ගහකට අත තියන්ටවත් ජාජබයන්ට නොහැකි බවය.මේ ආණ්ඩුව කළ එකම හපන්කම කෙහෙළියට රඹුක්වැල්ලට කළ රිදවීම පමණය.ඉන් එහා සිදු කළ සෑම අත් අඩංගුවට ගැනීමක්ම සංදර්ශනයක් පමණි.මේ සංදර්ශන වල ලාභය විපක්ෂය ගන්නේ තව අවුරුදු දෙක තුනකදී පෝලිමේ නිදොස් කොට නිදහස් විය හැකි යැයි සැක සිතිය හැකි නඩු තොගයෙනි.

පසුගියදා කාන්තාවක හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංඟ කොළඹ පිහිටි රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් කූඨ ලේඛන සකස් කරමින් සන්තකයට පවරා⁣ ගැනීම සම්බන්ධයෙන් සීඅයිඩීයට පැමිණිලි කෙරුවාය.එම පැමිණිල්ලට අදාලව එසේ පවරා ගත් ඉඩම් කැබලි තිහකට ආසන්නය.සීඅයිඩීයේ අධ්‍යක්ෂවරිය එම කාන්තාවට ලිඛිතව දන්වා ඇත්තේ ඇය කළ පැමිණිල්ලට අදාලව සිවිල් නඩුකරයන් පවත්වා ගෙන යන ලෙසය.
සීඅයිඩී අධ්‍යක්ෂවරිය රජයේ දේපොල පිළිබඳව නොදැනුවත් කම නිසා මෙවැනි උපදේශයක් දුන්නාද එසේ නොමැති නම් සිය දේශපාලනික සට්ටැඹිකම නිසා එවැනි තීන්දුවකට එළඹියාද යන්න ජාජබ කෙරුම්කාරයන් විසින් සොයා බැලිය යුතු කාරණයකි.සීඅයිඩීයේ අධ්‍යක්ෂවරිය
 මැද මුලන ආශීර්වාදයෙන් වැජඹෙන මුතු මාලයකි.ඇයගේ රාජපක්ෂ කැරැට්ටුව ගැන පොලීසියේ දන්නෝ දනී.

අප මේවා ලියන්නේ බරපතල හිතේ අමාරුවෙනි.ජාජබ ආණ්ඩුව මේ තරමට පිස්සු කෙළින එක අපට දරා ගත නොහැකි කාරණයක් වී තිබේ.ජාජබ ආණ්ඩුවේ අද නොවේ හෙට කෙරුවාව මේ රටේ දේශපාලනය⁣ට කිසිසේත්ම ගැලපෙන්නේ නැත.අද වැඩේ හෙටට කල් දැමීමෙන් කවදා හරි කෙලවෙන්නේ ජාජබයේ පාක්ෂිකයන්ටය.එහා වඩාත් අවදානම ඇත්තේ ජවිපෙ කාඩරයටය.
ඔවුන්ගේ දරු පවුල්වලටය.මෙරට විපක්ෂයේ සිටින මදාවිකාර පාදඩයන් හා ඔවුන්ගේ හෙංචයියන් ගේ කැරැට්ටු ගැන සිතන විටත් ඒ ගැන බය සිතේ.ජාජබය බිමට සමතලා වුන දවසක වන්දි ගෙවන්නට සිදු වන්නේ පක්ෂික අසරණයන්ට බව අපි නැවත නැවතත් සිහිපත් කරමු.
.
කාමරයේ දොර හැර තබන්න.ඒ තුළින් එන සුළඟින් ආස්වාදය විඳින්න.එහෙත් ඒ සුළඟට ඔබේ කාමරයේ ඇති දේ ගසා ගෙන යන්නට ඉඩ හරින්නට එපා යැයි වරෙක මහත්මා ගාන්ධි ඉන්දියානු ජනතාවට අවවාද කළේය.එකී ප්‍රකාශය අද අප ජාජබ ආණ්ඩුව හා ගලපා ගත හොත් ජනේලයෙන් එන සුළඟ කුණාටුවක් බවට පත් වී අපගේ බලාපොරොත්තු ඈතින් ඈතට ගසා ගෙන යමින් තිබීම අතිශය කණගාටුවකි.

ජාජබ ආණ්ඩුවේ වර්තමාන කෙරුවාව ගැන අපූරු ජන කතන්දරයක් අපට සිහිපත් වේ.අ⁣ටසිල් සමාදන් වන ගැමියෙක් ගමක ජීවත් වූවේය.ඔහු ⁣පසලොස්වක පෝය දිනක සිල් සමාදන්ව ඒ සිල් පවාරණය කර නිවසට යන විට කොලු රෑණක් ඉබ්බෙකු පුච්චන්න⁣ට සූදානම් වෙන හැටි දුටුවේය.
උපාසක මහත්තයා ඉබි මස් කෑමේ රුසියකි.කොල්ලන් ඉබ්බා පුච්චන්නට හදන විදිය වැරදි ලෙසින් බව දුටු උපාසක මහත්තයාට ඉවසුම් නැති විය.
තමාගේ උපාසක කම පැත්තකට දැමූ ඔහු මෙසේ පැවසීය.

"අපට මොටද අප අටසිල් උපාසක
ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට"

පහල ඇවරියේ පාක්ෂිකයන්ද ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට දැන්  පවසන්නේ "අටසිල් උපාසක කම" අත හැරිය යුතු බවය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්