Posts

Showing posts from April, 2026

අඳුරෙන් මිදුණු යුද හමුදාවේ අභිමානවත් පරිවර්තනය‍

Image
  ඕනෑම ස්වෛරී රාජ්‍යයක ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව තීරණය කරනප්‍රධානතම සාධකය වන්නේ එරට සතු සන්නද්ධ හමුදාවන්හි විනය සහ අපක්ෂපාතීත්වයයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදයක් පරාජය කරමින්, ගරිල්ලා සටන් විධි පරාජය කරමින් අභියෝග හමුවේ ජයග්‍රහණය තහවුරු කළ අභිමානවත් බලකායකි. එහෙත්, යුදජයග්‍රහණයෙන් පසු ගෙවීගිය කාලය තුළ, විවිධ දේශපාලන සුළි සුළංවලට හසුවීමෙන් සහ අභ්‍යන්තර පාලන ව්‍යුහයන් ලිහිල් වීමෙන්යුද්ධ හමුදාවේ ස්වාධීනත්වයට සහ විනයට යම් කැළලක් ඇති වූ බවනොරහසකි. විවිධ පටු කල්ලිවාදී දේශපාලන සංකල්ප තුළ පිළිලයක් මෙන් පැතිර යාමනිසා, වෘත්තීය දක්ෂතාවයට වඩා දේශපාලන හිතවත්කම්වලට මුල්තැනලැබුණු අඳුරු යුගය කිසිවෙකුටත් අමතක නැත. වර්තමාන යුද හමුදාධිපතිලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ පත්වීමත් සමඟ ගමන් මඟසම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර, අද වන විට යුද්ධ හමුදාව තුළ"විනය" සහ "සාධාරණත්වය" පදනමක්ලෙස යළිත් ශක්තිමත් වෙමින් පවතී. පසුගිය කාලසීමාව තුළ හමුදා අභ්‍යන්තරයේ වඩාත්ම විවේචනයට ලක් වූකරුණ වූයේ උසස්වීම්, විදේශ පුහුණු අවස්ථා සහ වරප්‍රසාද ලබාදීමේදීක්‍රියාත්මක වූ පටු කල්ලිවාදී...

ජාජබ ආණ්ඩුවට මරු කැන්දන රණවීරගේ පොලීසිය

Image
  මහජන ආරක්ෂක ඇමති ඩබලගේ කයිවාරු නම් කෙළවරක් නැත. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නත් පොලිස්පතිවරයාත් රූකඩ විතරමය.මේ වන විට පොලීසිය පාලනය කරන්නේ ⁣මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර උන්නැහේය.පොලීසියේ කවුරු කවුරුත් උන්දෑගේ කෙරුවාව ගැන කතා කරන්නේ රහසේය.අමාත්‍යංශ ලේකම්වරයාත් පොලිස්පතිවරයාත් අත්සන් කරන්නේ රණවීර උන්දෑ නිවසේ සිට සකස් කර එවන ලිපි වලටය.⁣පලාත් භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේද රණවීරගේ ඕඩර්ස් වලටය. කෙටියෙන් සඳහන් කරනවා නම් මේ  රණවීර උන්නැහේගේ රැකවරණය හා ආශීර්වාදය තියෙන්නේ පොදු ජන පෙරමුණ සමග ගනුදෙනු කරන රාජපක්ෂ වරයෙකු මෙරට ඊළඟ ජනපතිවරයා කරන්නට හිත යට තියාගෙන ඉන්නා පොලිස් කාරයන් හටය.  මේ වන විට පොලීසියේ සෑම තරාතිරකම නිළධාරීන් හා නිළධාරිණියන් ඉන්නේ දැඩි කළකිරීමකිනි.⁣පසුගිය ආණ්ඩුකාලයේ පොලීසියේ බලයේ සි⁣ටි දේශපාලඥයන් ගේ රැකවරණයෙන්  පොලිස් පාට් වලින් ජීවත්වූ පොලිස් ලොක්කන් ජාජබ ආණ්ඩුව යටතේද කිසිදු බයක් හැකක් නැතුව පැරණි තක්කඩි ජීවිතයම විඳිමින් සිටී.මුන්දැලාගේ කෙරුවාව ගැන හොයා බලන්නට දේශපාලඥයන් කිසිවෙකුත් නැ...

මහින්ද විජේසේකර ගේ කරුමය අවසන් වෙයි

Image
හිටපු අමාත්‍යවරයකු වන මහින්ද විජේසේකර අද දින ජිවිතය හැර ගොස් තිබේ.ඔහු අමාත්‍ය ධුරය දරන අවදියේ අකුරැස්ස ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී පුපුරා ⁣ගිය බෝම්බයකින් ලද තුවාල නිසා ඔහු අවුරුදු විස්සකට ආසන්න කාලයක් එක්තැන්ව දුක් වින්දේය.අකුරැස්සේදී පිපිරුණ මේ බෝම්බය පිළිබදව ඒ දිනවල දී විවිධ තොරතුරු ප්‍රචාරය විය.මේ බෝම්බ ප්‍රහාරය එල්ටීටීය විසින් සිදු කරන ලද්දක් බව රජයේ නිල වශයෙන් නිවේදනය කෙරුවද එය එසේ නොවන බවට ඇතමුන් ගේ අදහස වී තිබුණි.හිටපු ඇමති වාසුදේව නානායක්කාරද මෙි බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය.ජාතිවාදයට එරෙහි දේශපාලඥයකු වු වාසුදේව නානායක්කාර වැනි දේශපාලඥයකු එල්ටීටීය විසින් ඉලක්ක කර ගැනීම ඒ සැකයට අත්වැල් සැපයීමක් වූ අදහසකි. ඒ දිනවල මහින්ද විජේසේකර දකුණේ සිය දේශපාලන ආධිපත්‍ය ගොඩ නගා ගෙන තිබුණේ වෙන කිසිදු දේශපාලඥයෙකුට ඔහුට වඩා ඉහළින් වැජඹෙන්නට නොහැකි වටපිටාවක් නිර්මාණය කර ගනිමිනි.සැබැවින්ම මහින්ද විජේසේකර "හොඳ සනීපයෙන්" සිටියා නම් මහින්ද රාජපක්ෂ හට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය පවා නොලැබෙන්නට ඉඩ තිබුණි.බෝම්බ  ප්‍රහාරයට ලක් වීමට සති දෙක තුනකට පෙර මහින්ද විජේසේක...