ජාජබ ආණ්ඩුවට මරු කැන්දන රණවීරගේ පොලීසිය
මහජන ආරක්ෂක ඇමති ඩබලගේ කයිවාරු නම් කෙළවරක් නැත.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නත් පොලිස්පතිවරයාත්රූකඩ විතරමය.මේ වන විට පොලීසිය පාලනය කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර උන්නැහේය.පොලීසියේ කවුරු කවුරුත් උන්දෑගේ කෙරුවාව ගැන කතා කරන්නේ රහසේය.අමාත්‍යංශ ලේකම්වරයාත්පොලිස්පතිවරයාත් අත්සන් කරන්නේ රණවීර උන්දෑ නිවසේ සිට සකස් කර එවන ලිපි වලටය.පලාත් භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේද රණවීරගේ ඕඩර්ස් වලටය.
කෙටියෙන් සඳහන් කරනවා නම් මේ රණවීර උන්නැහේගේ රැකවරණය හා ආශීර්වාදය තියෙන්නේ පොදු ජන පෙරමුණ සමග ගනුදෙනු කරන රාජපක්ෂ වරයෙකු මෙරට ඊළඟ ජනපතිවරයා කරන්නට හිත යට තියාගෙන ඉන්නා පොලිස් කාරයන් හටය.
මේ වන විට පොලීසියේ සෑම තරාතිරකම නිළධාරීන් හා නිළධාරිණියන් ඉන්නේ දැඩි කළකිරීමකිනි.පසුගිය ආණ්ඩුකාලයේ පොලීසියේ බලයේ සිටි දේශපාලඥයන් ගේ රැකවරණයෙන් පොලිස් පාට් වලින් ජීවත්වූ පොලිස් ලොක්කන් ජාජබ ආණ්ඩුව යටතේද කිසිදු බයක් හැකක් නැතුව පැරණි තක්කඩි ජීවිතයම විඳිමින් සිටී.මුන්දැලාගේ කෙරුවාව ගැන හොයා බලන්නට දේශපාලඥයන් කිසිවෙකුත් නැත. ජාතික බුද්ධි සේවාව බිඳ වැටී හමාරය.
පොලීසිය තුළ පවතින බරපතල කරුමක්කාර වටපිටාව ගැන ජනපතිවරයාට වාර්තා නොවන්නේ ඒ නිසාය.මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ගේ අඹ යාළුවා රණවීර උන්නැහේය.අසූ අට අසූ නවය මෙරට භීෂණය පැවැති දිනවල රණවීර උන්නැහේ කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකි.වැලිපැන්නේ තවමත් ජීවත්වක පැරැන්නන් ගෙන් රණවීර එස් අයි මහත්තයාගේ වැඩ කිඩ ගැන ඇඟ කිළි පොලා යන කතන්දර අහගන්නට පුළුවන.එවැන්නකු අප හට පැවසුවේ රණවීර එස් අයි මහත්තයා ඒ දින වල ජවිපෙට සම්බන්ධ තරුණයකු පොලිස් ජිප් රියේ පිටුපස කඹයකින් බැඳ ගෙන මැරෙන තුරු ප්‍රසිද්ධියේ මහ පාරේ ඇද ගෙන ගිය බව තමන්ට තවමත් මතක බවය.ඒ දිනවල වැලිපැන්න පොලීසියේ තිබූ රණවීරගේ වදකාගාරය ඒ ප්‍රදේශයේ තරුණ තරුණයන් බොහෝ දෙනෙකුගේ ඉරණම මෙලේච්ඡ ආකාරයෙන් අවසන් කළ ස්ථානයයි.වර්තමාන පොලිස්පතිවරයාගේ ගමි ප්‍රදේශයද වැලිපැන්නට ආසන්නය.ඔහු පොලිස්පති ධුරයට පත් වූ පසු පැවසුවේ තමන් 89 වර්ෂයේ පොලීසියට බැඳුනේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට බවය.
සැබැවින්ම ඒ දිනවල වැලිපැන්න පොලීසියේ තිබූ රණවීරගේ වදකාගාරය ගැන වර්තමාන පොලිස් පතිවරයාද බියට පත්ව සිටි බව ඉන් වටහා ගත හැකිය.එදා රණවීර එස් අයි මහත්තයාට ප්‍රියන්ත වීරසූරිය තුළ පැවැති බිය තවමත් එහෙමම තියෙන බව වර්තමාන පොලිස්පතිවරයා උපදේශක රණවීර උන්දැ වෙත දක්වන බය පක්ෂපාත කම බයාදු කම හා නිවට කම දකින විට අපට හොඳින් වැටහේ.
ඒ දිනවල කළුතර නායකයා වූ කළු සයිමන් සහෝදරයා වද දී ඝාතනය කෙරුවේද මේ රණවීරය.රණවීර පොලීසියට බැඳෙන්නේ කැස්බෑව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ගේ උදව්වෙනි.ගාමිණි ලොකුගේ රණවීරගේ මාමා බව පැවසේ.
ගාමිණි ලොකුගේ එම භීෂණය පැවැති යුගයේ ජවිපෙ තරුණ තරුණියන් ඝාතනය කෙරුවේ අනුකම්පා විරහිතවය.එහෙව් මිනීමරුවෙකුට බිය නොවී සිටිය හැකිදැයි පොලිස්පතිවරයා සිතා ගෙන සිටිනවා වෙන්ටත් පුළුවන. රණවීර එස් අයි මහත්තයා පොලීසියෙන් විශ්‍රාම යන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසය.මේ උන්දෑ ගේ මුළු සේවා කාලයම ගෙවා දමා තිබුණේ පාහර මදාවිකම් වලිනි.එහිදී තාජුඩීන් ඝාතනය වසන් කිරීම ගැන මුන්දෑට එරෙහිව අධිකරණයේ චෝදනා පවා නැගිණි.මුන්දෑ සිදු කරන ලද ජඩකම් තව බොහෝය.
පසුගිය මැතිවරණ වලදී ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංවිධානයට සම්බන්ධවූ රණවීර ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා බවට පත් කෙරිණි.ජාතික ජන බලවේගය තුළ සිිිටි ජවිපෙ ක්‍රියාකාරිකයන්ට රණවීරගේ මිනීමරු ඉතිහාසය ගැන කිසිදු හිරිකිතයක් ලැජ්ජාවක් නොදැනීම පුදුම සහගතය.තමන්ගේ පක්ෂයේ සහෝදර සහෝදරියන් අමානුෂිකව ඝාතනය කළ මෙලේච්ඡ වදකයෙකු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා කර ගැනීම ගැන ජනපතිවරයා ගේ හා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ගේ අනුමැතිය ලැබුණ බවට කිසිම සැකයක් නැත. රණවීර විසින් සාහසිකව ඝාතනය කළ සහෝදර සහෝදරියන් ගේ ජීවිත ගැන මේ දෙදෙනාට කිසිදු කම්පනයක් කණගාටුවක් නොදැනීම අතිශය පිළිකුළෙන් හෙළා දැකිය යුතු කාරණයකි.සැබෑවටම මෙවැනි මිනිස් ඝාතකයකු පොලීසියේ උපදේශකයකු කර ගන්නවා නම් කොස්ගොඩ සුජී ආණ්ඩුවේ උපදේශකයෙක් කර ගැනීමෙි වරදක් නැත.
කෙසේ වෙතත් මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සියළු රාජකාරි සිද්ධ වන්නේ උපදේශක රණවීරට ඕනෑ විදියටය.මුළු ලංකාවේම පොලිස් නිළධාරීන් දැන් රාජකාරි කරන්නේ ජාජබයේ කෙරුම්කාරයන් ජාතක කළ මව්වරුන් සිහිපත් කරමිනි.
මහජන ආරක්ෂක ඇමති ඩබල ඉන්නේ හීන ලෝකවලය.දෙදෙනාම මොනිටසෝරි බබාලාය.මුන්දැලා දෙන්නාගේ ගොන් කම රණවීරට ඉබ්බා දියේ දැම්මා වැනිිය.
රණවීරගේ හොඳම අතවැස්සා පොලීසියේ පරිපාලන අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාරය.මේ සිසිර කුමාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගේ සට්ටැඹියාය.අදටත් සජින් වාස්
පොලිස් ස්ථාන මාරුවීමි කර දෙන්නේ එක දුරකථන ඇමතුමකිනි.රණවීර හා සිසිර කුමාර පුකට අමුඩය මෙන් රාජපක්ෂ වරුන්ට බලයට ඒම සඳහා බංකර හදමින් වටපිටාව නිර්මාණය කරමින් සිටී.ජාජබ මෝඩයන්ට ඒ ගැන අවබෝධයක් ඇත්තේද නැත.
මෙහි පහත දැක්වෙන්නේ කඩුවෙල අධිවේගයේ රාජකාරි කරන පොලිස් නිළධාරීන්ගේ නේවාසිකාගාරයයි.මේ කරුමක්කාර පොලිස් නවාතැන ඇත්තේ කඩුවෙල අධිවේගයේ පාලම යටය.
මේ පොලිස් නිළධාරීන් කැළණි හිඟනන්ටත් වඩා අන්තය.පොලිස් අමාත්‍යංයේ ඇමති ඩබලට මේ පොලිස් නවාතැන ගැන මොනවා හිතෙනවා ඇද්දැයි අපි නොදනිමු.කෙසේ වෙතත් මුන්දැලාට හිතන්නට මොළයක් නැති නිසා උපදේශක රණවීර ගෙන් ඒ පිළිබඳව අසා දැන ගන්නට අප කැමතිය.
ඊළඟට අපට ප්‍රශ්ණ කරන්නට තියෙන්නේ ජාජබ ආණ්ඩුවේ කෙරුමිකාරයන් ගෙනි.
ඇත්තටම උඹලා හැදෙන්නේ කවදාද යන්න අපි දැන ගැනීමට කැමැත්තෙමු.එසේම ඒ සමගම ජාජබයේ ජන වරමට මුවා වී සැළසුම් සහගතව පාදඩ වැඩ කරමින් සිටින උපදේශක රණවීර ගැන උඹලාට ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නේම නැද්ද යන්නත් අසමු.

Comments
Post a Comment