මහින්ද විජේසේකර ගේ කරුමය අවසන් වෙයි





හිටපු අමාත්‍යවරයකු වන මහින්ද විජේසේකර අද දින ජිවිතය හැර ගොස් තිබේ.ඔහු අමාත්‍ය ධුරය දරන අවදියේ අකුරැස්ස ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී පුපුරා ⁣ගිය බෝම්බයකින් ලද තුවාල නිසා ඔහු අවුරුදු විස්සකට ආසන්න කාලයක් එක්තැන්ව දුක් වින්දේය.අකුරැස්සේදී පිපිරුණ මේ බෝම්බය පිළිබදව ඒ දිනවල දී විවිධ තොරතුරු ප්‍රචාරය විය.මේ බෝම්බ ප්‍රහාරය එල්ටීටීය විසින් සිදු කරන ලද්දක් බව රජයේ නිල වශයෙන් නිවේදනය කෙරුවද එය එසේ නොවන බවට ඇතමුන් ගේ අදහස වී තිබුණි.හිටපු ඇමති වාසුදේව නානායක්කාරද මෙි බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය.ජාතිවාදයට එරෙහි දේශපාලඥයකු වු වාසුදේව නානායක්කාර වැනි දේශපාලඥයකු එල්ටීටීය විසින් ඉලක්ක කර ගැනීම ඒ සැකයට අත්වැල් සැපයීමක් වූ අදහසකි.

ඒ දිනවල මහින්ද විජේසේකර දකුණේ සිය දේශපාලන ආධිපත්‍ය ගොඩ නගා ගෙන තිබුණේ වෙන කිසිදු දේශපාලඥයෙකුට ඔහුට වඩා ඉහළින් වැජඹෙන්නට නොහැකි වටපිටාවක් නිර්මාණය කර ගනිමිනි.සැබැවින්ම මහින්ද විජේසේකර "හොඳ සනීපයෙන්" සිටියා නම් මහින්ද රාජපක්ෂ හට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය පවා නොලැබෙන්නට ඉඩ තිබුණි.බෝම්බ  ප්‍රහාරයට ලක් වීමට සති දෙක තුනකට පෙර මහින්ද විජේසේකර මෙරට ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ දකුණු පලාතේ එකම නායකයා තමන් බවය. ඔහු විසින් ජාතික පුවත්පතට කළ එම ප්‍රකාශය නිසා ඔහුට එරෙහිව සැක සහිත කුමන්ත්‍රණ සැලසුමක් ක්‍රියාත්මකව ඔහු ඝාතනය කිරීමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණ බව ඇතමුන් අතර සාකච්ඡා වෙන්නට පටන් ගැණිනි.⁣ඒ සැකය එල්ල වූයේ මහින්ද රාජපක්ෂටය.මහින්ද රාජපක්ෂගේ කෙරුවාවන් ගැන දන්නා කෙනෙකුට ඒ සැකය ගැන අමුතුවෙන් ප්‍රශ්ණ කරන්නටද අවශ්‍ය නොවීය.ඔවුන් ගේ සිතීම තුළ ඒ සැකය නිශ්චිතයක්ම විය.

මහින්ද විජේසේකර ගේ දේශපාලනය පාදඩ මැර භාවිතාවකි.ඔහුට ජනතා විමුක්ති පෙරමුණ නයාට අඳු කොල මෙන් විය.මාතර විශ්ව විද්‍යාල සිසුන්ගේ උපවාසයකට මහින්ද විජේසේකර ඉතා මෙලේච්ඡ ආකාරයෙන් පහර දුන්නේය. මාතර කොටුවේ තිබූ ඉපැරැණි වටිනා ගස් බලහත්කාරයෙන් කපා ගෙන ගිය බවටද ඔහුට එරෙහිව ඒ දිනවල නැගුන චෝදනාවකි.ඔහුගේ සියළු පාදඩකම් මැරකම් වලට එරෙහිව බොහෝ චෝදනා නැගුනද ඒ සම්බන්ධ⁣යෙන් නීතිය ක්‍රියාත්මක නොකෙරෙනි.ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද විජේසේකරගේ බිරිඳ මාතර වරාය තුළ ඉන්ධන පිරහුම්හ⁣ලේ අයිතිකාරිය වූවාය.ඇය බහුදින යාත්‍රා ගණනාවකද හිමිකාරියද විය.
⁣වර්තමානයේ මෙරට විඳවන හෙරොයින් ජාවාරමේ පීතෘවරයා ලෙස සැළකිය හැක්කේ මේ මහින්ද විජේසේකරය.ඒ බව සාක්ෂි සහිතව දන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය.මෙරට හෙරොයින්
ජාවාරම ව්‍යාප්ත වීමත් සමගම එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සපයන ලෙසට හමුදා බුද්ධි අංශ කපිතාන් වරයෙකුට නියෝග කෙරුවේය.මේ බුද්ධි අංශ කපිතාන් වරයා හා ඔහුගේ කණ්ඩායම ඒ පිළිබඳව ර⁣ට පුරා විමර්ශනය කරමින් යද්දී එම කණ්ඩායමට මේ හෙරොයින් ලංකාවට ගෙන එන ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳව බුද්ධි තොරතුරක් ලැබිණි.එම බුද්ධි තොරතුරෙහි සඳහන් වූයේ හෙරොයින් මෙරටට ⁣ගෙන එන්නේ මහින්ද විජේසේකරගේ බිරිඳට අයත් බහුදින යාත්‍රාවලින් බවය.හමුදා බුද්ධි අංශයේ කපිතාන් වරයා ඒ  පිළිබව සිඳු කළ විමර්ශනයෙන් පසුව එම බුද්ධි තොරතුර නිවැරිදි බවටද අනාවරණය වී තිබුණි.
මහින්ද විජේසේකරගේ බිරිඳට අයත් බහුදින යාත්‍රාවල ගෑස් ටැංකි වල සඟවා හොරොයින් ගෙන එන බවටද ⁣වැඩිදුරටත් හෙළි විය.මෙම හෙරොයින් කොළඹට ප්‍රවාහනය කෙරෙන බවත් ඉන් අනතුරුව ප්‍රසිද්ධ දේශපාලඥයකු අතට පත් වී ඔහු විසින් සමාජ ශාලා වෙත බෙදා හරින බවද හමුදා බුද්ධි කණ්ඩායම සොයා ගන්න ලදී.
මාතර සිට එම හෙරොයින් ප්‍රවාහනය කෙරුනේ එවකට ප්‍රධාන පෙලේ දේශපාලඥයන් ඇසුරු කළ රාගම දේවාලයක් පවත්වා ගෙන ලොකු සීයා නමි කට්ටඬියෙකි.මොහු මුසල්මානුවෙකි.
ලොකු සීයාගේ සමීපතමයන් වූයේ මර්වින් සිල්වා ,දුමින්ද සිල්වා වැනි දේශපාලඥයන්ය.ලොකු සීයා කොළඹට ගෙන එන ලද හෙරොයින් බෙදා හැරියේ මේ දෙදෙනාය.කෙසේ වෙතත් හමුදා බුද්ධි අංශ කපිතාන් වරයා මෙරට හෙරොයින් ජාවාරමේ අහු මුළ ගිය තැන් හා ඒ සම්බන්ධ අයවළුන් ගැන වාර්තාවක් සකසා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතට පත් කෙරුවේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ විසින් එම කපිතාන් වරයාට නියෝග කෙරුවේ මාතර සිට කොළඹට හෙරොයින් ප්‍රවාහනය කරන ලොකු සීයා නම් කට්ටඬියා අතුරුදන් කරන ලෙසටය.
මේ කපිතාන්වරයා ඇතුළු කණ්ඩායම ලොකු සීයා පැහැර ගෙන දස වද දී ඝාතනය කිරීමට අක්කරෙයිපත්තුවට ගෙන ගියේය.ඒ යන ගමන අතරතුරේදී  ගෝඨාභය රාජපක්ෂ බුද්ධි අංශ  කපිතාන් වරයාට  දැනුම් දුන්නේ ලොකු සීයා ඝාතනය නොකර මුදා හරින ලෙසටය. ඒ වන විටත් ලොකු සීයා ඝාතනය කර නොතිබුණද කපිතාන් වරයා ලේකම්වරයාට පැවසුවෙි ඔහු ඝාතනය කර මුහුදට දැමූ බවය.
ලොකු සීයා පැහැර ගන්නා විට ඔහු කෝටි ගණනක් වටිනාකමැති රත්රන් පළඳනා පැළඳගෙන සිටි අතර ඒ රත්තරන් තොගයම හමුදා බුද්ධි අංශ කණ්ඩායම බෙදා ගෙන තිබුණි.ආරක්ෂක ලේකම්වරයා ලොකු සීයා ඝාතනය නොකරන ලෙසට ⁣නියෝග කෙරුවද කපිතාන් වරයා ඒ නියෝගය පැහැර  හැරියේ ලොකු සීයා සන්තකයේ තිබූ රන් පළඳනා තොගය⁣ට තන්හාවෙනි.
මේ සිද්ධියට සම්බන්ධ බුද්ධි අංශ කපිතාන් වරයා මේ වන විටත් හමුදා බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටී.ඒ ලුතිනන් කර්නල් වරයකු ලෙසය.මාලිමා සමීපතමයකු බවට රූපාන්තරනය වී සිටින මේ බුද්ධි අංශ ලොක්කා සොයා ගන්නට හැකියාවක් ඇති අයෙකුට මේ කතාවේ ඇත්ත නැත්ත තහවුරු කර ගත හැකිය.

කෙසේ වෙතත් මහින්ද විජේසේකර ගේ ඒ දිනවල පාහර කෙරුවාව එහෙමය.ඔහු අවුරුදු ගණනක් ඇඳ උඩ එක්තැන්ව සිටියේ සිය කක්කා පවා අතින් ගෙන මිරිකා කන ඩිමෙන්ෂියා තත්වයෙනි.ඔහුට දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දුන් බවට බොහෝ දෙනා සාප කරමින් සිටී.කර්මය කෙසේ වුවද ඔහු ජීවත්ව සිටියදී සිදු කරන ලද පාහරකම් මදාවිකම් හා චණ්ඩි කම් වලට එරෙහිව ජනතාව කළ සාප කිරීම් වල ප්‍රතිඵළ මොලොවදීම දැක ගන්නට තිබුණ බව නම් ලියා තැබිය යුතුමය.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා