Posts

හිටපු පොලිස්පති දේශබන්දුට මාංචු වැටෙයි

Image
  හිටපු  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය⁣ට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා අද (28)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුවේය.2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය⁣ සම්බන්ධව නඩු අංක 6314 /23 යටතේ  පවරා තිබූ නඩුවට අදාලව මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ඇන්සලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කිරීම පිණිස සිඳු කළ අපරාධ ක්‍රියාවක් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබු⁣ණි. එදින එම⁣ හෝටලයට වෙඩි තැබීම සදහා ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායම කොළඹ සිට වැලිගම දක්වා ගමන් ගෙන තිබුණේ ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයකිනි. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මේ කණ්ඩායම හෝටලයට වෙඩි තැබීමත් සමගම ඒ පිළිබඳව හෝ⁣ටල් ...

හිටපු පොලිස්පති දේශබන්දුට මාංචු වැටෙයි

Image
  හිටපු  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය⁣ට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා අද (28)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුවේය.2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය⁣ සම්බන්ධව නඩු අංක 6314 /23 යටතේ  පවරා තිබූ නඩුවට අදාලව මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ඇන්සලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කිරීම පිණිස සිඳු කළ අපරාධ ක්‍රියාවක් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබු⁣ණි. එදින එම⁣ හෝටලයට වෙඩි තැබීම සදහා ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායම කොළඹ සිට වැලිගම දක්වා ගමන් ගෙන තිබුණේ ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයකිනි. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මේ කණ්ඩායම හෝටලයට වෙඩි තැබීමත් සමගම ඒ පිළිබඳව හෝ⁣ටල් ...

පුරවැසියන්ට කෲර වද හිංසා කිරීම පොලීසියේ ඇබ්බැහි පුරුද්දක් වෙලා

Image
  පොලිස් දෙපාර්තමේන්තුවේ මදාවි කෙරුවාව ගැන අළුත්ම ආරංචිය ලැබුණේ කොස්ගොඩ පොලීසියෙනි.කොස්ගොඩ පොලීසියේ වර්තමාන පොලිස් ස්ථානාධිපතිවරයා මාරම වාසනාවන්තයෙකි.ඔහු පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දුය.මේ පොලිස් ස්ථානාධිපතිවරයා ගිය අවුරුද්දේ හිටියේ ජම්පරය ඇඳගෙන හිරගෙදරය.මාස දහයකට ආසන්න කාලයක් ජම්පරය ඇඳ ගෙන හිර ගෙදර ලැග්ග මොහු හිර ගෙදරින් නිදහස් කළ දිනම කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.හිර ගෙදරින් නිදහස් කෙරුවා යනු ඇප මත මුදා හැරීමක් මිස ඔහුට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් වීම නම් නොවේ. පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු තිස්සමහාරාමය පොලීසියේ සේවය කරන විට 2003 වර්ෂයේදී සංචාරක නිකේතනයක හිමිකරුවකු ඇතුළු පස් දෙනෙකු පැහැර ගෙන ගොස් රඳවාගෙන කෘර වද හිංසා පමුනවන ලද බවට චෝදනා කර මාතර මහාධිකරණයේ  නඩුවක් පවරන ලද්දේ නීතිපතිවරයා විසිනි.මේ සම්බන්ධයෙන් සංචාරක නිකේතනයේ හිමිකරු ඇතුළු අනෙක් සතරදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් අනතුරුව වග උත්තරකාර පාර්ශවයේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වීමෙන් පසුව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන එකකය විසින් සිදු කළ විමර්ශනයක...

Cybr news lk වෙබ් අඩවිය තක්කඩි හොරෙකු ගේ දෙකයි පනහේ වැඩක්

Image
  මුහුණු පොතේ සිංහල පාඨකයන් විසින් කියවන Cyber news lk නම් වෙබ් අඩවිය  ⁣ලංකා දවස පල කරන සියළුම ප්‍රවෘත්ති කොපි කරමින් පල කරමින් සිටින බව දැනුම් දෙමු.මෙම වෙබ් අඩිවිය හැසිරවූ තැනැත්තා ගරු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන මහාධිකරණයේ නඩු පවරා කොන්දේසි සහිතව ඇප මත මුදා හරින ලද තැනැත්තෙකි.එහෙත් ඔහු මේ වන විටත් ලංකා දවසේ අප විසින් පල කරන ඇතැම් ප්‍රවෘත්ති විකෘති කරමින් අධිකරණය⁣ට අපහාසයක් වන අකාරයටද පල කරමින් සිටී.නැවත නැවතත් අධිකරණයට අපහාසයක් වන ආකාරයට මෙම වෙබ් අඩවිය තුළ ප්‍රවෘත්ති පල කිරීම ඉතා බරපතල කාරණයක් වන්නා සේම සැක සහිතය.එසේ නැතහොත් මේ වන විට ඇප මත මුදා හැර සිටින Cyber news lk වෙබ් අඩවිය හසුරවන්නා මානසික ආබාධිතයෙක් විය යුතුය. එහෙත් මේ වන විට Cyber news lk වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකය⁣ට යම් පුද්ගල කණ්ඩායමකගේ සබඳතාවක් මත බවද අප වෙත නිල නොවන ආකාරයට තොරතුරු ලැබී තිබේ. එහි අරමුණ ලංකා දවස කර්තෘවරයාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹීම බවද පැහැදිලිය.මෙය එක්තරා ආකාරයක කුමන්ත්‍රණකාරී හා අනීතික ක්‍රියාවකි.පොලිස් දෙපාර්තමේන්තුවේ සයි...

ජාජබයේ කෙරුම්කාරයන් ගේ පිස්සු කෙළින වැඩ

Image
  ජාජබ ආණ්ඩුවේ අවබෝධයේ හා දැනුමේ දිග පලල ⁣වටහා ගත හැකි තනතුර ප්‍රදානයක් පිළිබඳව අද වාර්තා විය.ඒ ජනපති අනුර සහෝදරයාගේ උපදේශකයා ලෙස සිරස සේවය කළ චන්දන සූරිය බණ්ඩාරගේ පත් කිරීමයි. එම පත්වීම කාගේ නිර්දේශයක් මත සිදු වී දැයි අප නොදන්නා මුත් ඒ පිළිබඳව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අතර කතා බහ වෙන උපහාසාත්මක විවේචනයන් අපට අසන්නට ලැබෙමින් තිබේ.මේ වන විට ඒ උපදේශක පත් කිරීම පිළිබඳව මුහුණු පොතේද දැඩි විවේචනයන් ලියවෙමින් තිබෙන බවද කියවිය හැකිය. ඒ අතරේ නැගෙනහිර  විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න  මුහුණු පොතේ සිය ගිණුමේ ලියා තිබූ නිර්දය විවේචනය ජාජබ ආණ්ඩුවේ බලධරයන් ගේ අවධානයට ලක් වූයේ නම් ඉතා වැදගත්ය.අමරසිරි වික්‍රමරත්න ගේ බිරිඳ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාජබ ලැයිස්තුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂිකාවකි.අමරසිරි වික්‍රමරත්න ගේ සටහන මෙසේය. "හිතවත් අනුර, උපදේශක කියන්නේ වචනයක් නොවෙයි. උපදේශකයා කියන්නේ දාර්ශනිකයෙක් විය යුතුමයි.ඔබට ජනමාධ්‍ය උපදේශක තෝරාදුන්නේ මොකාද.ඔහු කෙල තොල්ලෙකි.අඩුම තරමින් කැටිපෙවත් උඹලට මතක් වුනේ නැද්ද.ඌ ඡන්ද 53161 අරන් දුන්නා.රට අන...

ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාර පොලිස් කොස්තාපල් වරයා ජූලම්පිටිය අමරේගේ ලේ ඥාතියෙක්

Image
 පසුගියදා අළුත්කඩේ අධිකරණයේදී ඝාතනය කරන ලද ගනේමුල්ලෙ සංජීවගේ ඝාතනය සම්බන්ධධ⁣යෙන් මේ වන විට සැකකරුවන් කිහිප දෙනෙක්ම අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන් අතර මේ වන විටත් සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල් වරයකුද සි⁣ටී.ඔහු අසිත රොෂාන් නම් අතුරුගිරිය පොලීසියේ සේවය කරන්නෙක් වේ. අසිත රොෂාන් නම් එම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සිඳු කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මොහු දැනට බන්ධනාගාර ගතව සිටින ජූලම්පිටිය අමරේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියකු බවය. පොලිස් සේවාවට එක් වීමේදී එම තැනැත්තාගේ සමීපතම ඥාතීන් අපරාධ ක්‍රියා වලට සම්බන්ධ වී තිබේදැයි ජාතික බුද්ධි සේවාව මගින් මගින් විමර්ශනය කෙරේ.එම පසුබිම් වාර්තා අයහපත් නම් අදාල තැනැත්තා පොලිස් සේවාවට බඳවා ගැනීමක් සිඳු කරන්නේ නැත.එහෙත් ජූලම්පිටිය අමරේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ලේ ඥාතියකු වන අසිත රොෂාන් පොලිස් සේවාවට බඳවා ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒ දින වල  හිටපු පොලිස්පතිවරයකුට සිදු කළ නිර්දේශය මත හෙළි වී තිබේ.අසිත රොෂාන් ද ජූලම්පිටියේ පදිංචි කරුවෙකි.මේ වන විට අත් අඩංගුවට ගෙන බන්ධ...

උසාවියේ ඝාතකයා එස්ටීඑෆ් පිල්ලියක්ද

Image
  සංවිධානාත්මක අපරාධකරුවකු වන  ගනේමුල්ල සංජීව ඝාතනය කිරීීම සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබන ලද සැකකරු විශේෂ කාර්ය බලකාය මගින් පුත්තලමේදී අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාල⁣යට එක් කර තිබේ.සුදු කමීසයකින් හා සුදු කලිසමක් හැඳ සිටින සැකකරු පොලිස් අත් අඩංගුවට පත් වන විට සිටින්නේ සිනාමුසු මුහුණෙනි.ඒ මුහු⁣ණේ කිසිදු බියක් හෝ තැති ගැන්වීමක් ඇති බවක් දකින්නට නැත. සැකකරුගේ සිනහවෙන් අරුත් ගැන්වෙන්නේ අත් අඩංගුවට ගැනීමට ආ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම සමග ඔහුගේ සහ සම්බන්ධයක් පැවති බවටද යන්න මෙහිදී සැකයක් මතුවේ. මේ අත් අඩංගුවට ගැනීමේදී ගත් ඡායාරූපයේ දැක්වෙන ආකාරය⁣ට සැකකරු ගේ ශරීර ප්‍රකාශනයන් තුළ දකින්නට ඇත්තේ හොඳින් දැන හඳුනන සමීපතම මිතුරන් පිරිසක් හමුවූ අවස්තාවක් හා සමාන දර්ශනයකි. අළුත් කඩේ ⁣මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ගනේමුල්ල සංජීව⁣ගේ ආරක්ෂාවට වි⁣ශේෂ කාර්ය බලකායේ සෙබළුන් 12 දෙනෙකු⁣ට ආසන්න සංඛ්‍යාවක් සිටි බව දැන ගැන්මට තිබේ.ඒ කණ්ඩායම සමග අවි ගත් බන්ධනාගාර නිළධාරීන්ද සිටින්නට ඇත.අධිකරණ පරිශ්‍රය තුළදී ගනේමුල්ල සංජීවට වෙඩි තබා සැකකරුට ...