ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාර පොලිස් කොස්තාපල් වරයා ජූලම්පිටිය අමරේගේ ලේ ඥාතියෙක්



 පසුගියදා අළුත්කඩේ අධිකරණයේදී ඝාතනය කරන ලද ගනේමුල්ලෙ

සංජීවගේ ඝාතනය සම්බන්ධධ⁣යෙන් මේ වන විට සැකකරුවන් කිහිප දෙනෙක්ම අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන් අතර මේ වන විටත් සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල් වරයකුද සි⁣ටී.ඔහු
අසිත රොෂාන් නම් අතුරුගිරිය පොලීසියේ සේවය කරන්නෙක් වේ.

අසිත රොෂාන් නම් එම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සිඳු කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මොහු දැනට බන්ධනාගාර ගතව සිටින ජූලම්පිටිය අමරේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියකු බවය.
පොලිස් සේවාවට එක් වීමේදී එම තැනැත්තාගේ සමීපතම ඥාතීන් අපරාධ ක්‍රියා වලට සම්බන්ධ වී තිබේදැයි ජාතික බුද්ධි සේවාව මගින් මගින් විමර්ශනය කෙරේ.එම පසුබිම් වාර්තා අයහපත් නම් අදාල තැනැත්තා පොලිස් සේවාවට බඳවා ගැනීමක් සිඳු කරන්නේ නැත.එහෙත් ජූලම්පිටිය අමරේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ලේ ඥාතියකු වන අසිත රොෂාන් පොලිස් සේවාවට බඳවා ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒ දින වල  හිටපු පොලිස්පතිවරයකුට සිදු කළ නිර්දේශය මත හෙළි වී තිබේ.අසිත රොෂාන් ද ජූලම්පිටියේ පදිංචි කරුවෙකි.මේ වන විට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද මේ පොලිස් කොස්තාපල් වරයා සතුව ⁣විශාල වත්කම් ප්‍රමාණයක් තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවද වාර්තා වේ.එම වත්කම් ප්‍රමාණය පොලිස් වැටුපෙන් උපයාගත නොහැකි තරමේ බවද වැඩිදුරටත් දැන ගැන්මට තිබේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා