හිටපු පොලිස්පති දේශබන්දුට මාංචු වැටෙයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා අද (28)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුවේය.2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව නඩු අංක 6314 /23 යටතේ පවරා තිබූ නඩුවට අදාලව මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ඇන්සලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කිරීම පිණිස සිඳු කළ අපරාධ ක්‍රියාවක් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබුණි.
එදින එම හෝටලයට වෙඩි තැබීම සදහා ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායම කොළඹ සිට වැලිගම දක්වා ගමන් ගෙන තිබුණේ ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයකිනි.
සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මේ කණ්ඩායම හෝටලයට වෙඩි තැබීමත් සමගම ඒ පිළිබඳව හෝටල් පරිපාලනය පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට වැලිගම පොලීසිය යෙදවූ හමුදා පොලිස් ඒකාබද්ධ ජංගම මුර සංචාර රථය පැමිණ තිබේ.එම ජංගම මුර සංචාර පොලිස් ජිප් රථය ඒ ස්ථානයට පැමිණීමත් සමගම කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඔවුන් පැමිණ සිටි වෑන් රථයෙන් පැන ගොස් ඇති අතර එම වෑන් රථය නැවැත්වීමට පොලිස් ජංගම මුර සංචාර රථයෙන් නියෝග කර ඇතත් ඒ නොතකා වෑන් රථය ධාවනය කරන විට පොලිස් ජංගම මුර සංචාර රථයේ රාජකාරියේ සිටි හමුදා සෙබළෙක් එයට වෙඩි තබා තිබේ.
එම හමුදා සෙබළා එයට වෙඩි තබා තිිිිබුණේ එම වෑන් රථයේ සිටින්නේ අපරාධ කරුවන් යන අදහසිනි.එහෙත් එම වෙඩි ප්‍රහාරයන්ද නොතකා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් රැගත් වාහනය නොනවත්වා ධාවනය කර ඇත්තේ එහි සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී අසාධ්‍යව තිබියදීය.එම වෑන් රථය ඉමදූව අධිවේගී ප්‍රවේශයෙන් කොළඹ යාමට උත්සාහ කෙරුවද අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් එය වලක්වා තිබේ.එම පොලිස් නිළධාරීන් එම වෑන් රථය පරීක්ෂා කරන විට වෙඩි වැදී තිබුණ දෙදෙනාගෙන් එක් අයෙක් වූ පොලිස් සැරයන් වරයා මිය ගොස් තිබුණි.වෙඩි වැදුන අනෙක් තැනැත්තා උප පොලිස් පරීක්ෂකවරයෙකි.ඒ අවස්ථාවේ ඔහු සිට ඇත්තේ ලේ ගලන තුවාල සහිතවය.එම අවස්ථාවේ තමන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් බව හඟවා එම කණ්ඩායම එම ස්ථානයෙන් මිදී යාමට උත්සාහ කෙරුවද අධිවේගී ප්‍රවේශයේ රාජකාරි කළ පොලිස් නිළධාරීන් ගෙන් ඒ සඳහා ඉඩක් ලැබී නැත.එම අවස්ථාව වන විට කොළඹ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ගණනාවක්ම දුරකථන ඇමතුම් ලබා දෙමින් එම වෑන් රථය මුදා හැරීමට නියෝග කර ඇතත් අධිවේගී මාර්ග පොලිස් නිළධාරීන් එම නියෝග වලට පවා යටත් නොවූයේ අපරාධයක් සිදු වී ඇති බවට මතු වූ සැකය නිසාය.
එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයක් කළ නීතිය හා සාමය අමාත්‍යංශයේ එවකට සිටි අමාත්‍ය ටිරාන් අලස් සදහන් කෙරුවේ අපරාධ කරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් පිරිසකට වැලිගම පොලීසිය වැරදීමකින් වෙඩි තබන ලද බවය.එම වෙඩි තැබීම සිදු කරන ලද හමුදා සෙබළා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් එල්ල පවා එල්ල කෙරිණි.එහෙත් වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා සිදුවූ සියල්ල නිවැරිදිව සටහන් තැබීමට කටයුතු කර තිබුණි.
මෙම සිද්ධියෙන් වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන් වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමටත් ඔහු මිය යන ලද්දේ වීර ක්‍රියාවක් ලෙස සළකා ඔහුගේ බිරිඳට තෑගි මුදල් ලබා දීමටත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැදිහත්ව කටයුතු කෙරුවේය.එහිදී රුපියල් මිලියන 2.5 ක මුදලක් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින්ද නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් රුපියල් මිලියන 1.7ක මුදලක්ද එවකට වැඩ බලන පොලිස්පති වරයා වූ දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් දෙපාර්තමේන්තු අරමුදලින් රුපියල් මිලියන 1.7ක මුදල් ප්‍රමාණයක් ලබා දුන් බව වාර්තා වේ.මේ මුදල් ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ කිසිදු පොලිස් නිළධාරියෙකුට නොලැබුණ ත්‍යාග මුදල් ප්‍රමාණයකි.පසුගිය යුද සමයේ ක්‍රියාන්විත රාජකාරි වලදී අභීතව සටන් වැද මිය ගිය පොලිස් නිළධාරීන්ට පවා මෙපමණ විශාල ත්‍යාග මුදලක් ලැබී නැත.
ඉහළ නිළධාරීන්ගේ ඕනෑ එපාකම් අනුව අනීතික රාජකාරියකදී මිය ගිය මෙම පොලිස් සැරයන් වරයා සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය කටයුතු කර ඇති ආකාරය ඉතා සැක සහිතය. සැබැවින්ම ඉන් තහවුරු වන්නේ එම අපරාධ ක්‍රියාව පිටු පස සිට ඇත්තේ දේශපාලන බලවතකු බවය.W 15 හෝටල් දිවයිනේ කිහිප ස්ථානයක පිහිටා ඇති අතර එම හෝටල් සමූහයේ හිමිකරු වන්නේ හිටපු ආණ්ඩුකාර එම්.ජේ.එම්.මුසාමිල් ගේ පුත්‍රයාටය. එවකට රජයේ සිටි බලවත් අමාත්‍යවරයකු ඔහු හා කොළඹ හත පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් හට ගෙන තිබුණ බවද ඒ දිනවල වාර්තා විය.
Comments
Post a Comment