අප ජාතික ජන බලවෙිගය පත් කරවීම සඳහා ඒ දිනවල මරාගෙන මැරෙන තරමට විපක්ෂයේ කෙරුවාව ගැන තොරතුරු අනාවරණය කෙරුවෙමු.පොලීසියේ රාජකාරි කළ පාතාල මැරයන් ගැන වාර්තා කෙරුවෙමු. අධිකරණයේ කලු ලෝගුවට වසන් වී සිටින ජරා බායියන් ගැන පෙන්වා දුන්නෙමු.හමුදාවේ මිනීමරුවන් ගැන හෙළි කෙරුවෙමු. දීර්ඝ කාලයක් මෙරට සිටි පාලකයන්ගේ ඕනෑ එපා කම් මත මේ නින්දිත දූෂිත සාහසිකයන් විසින් හසුරවන ලද පොලීසිය හා හමුදාව හා අධිකරණ යන ක්ෂේත්රයන් ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව පිරිසිදු කර විශිෂ්ටත්වයට ඔසවනු ඇතැයි අපට විශ්වාසයක් තිබුණි. ඒ විශ්වාසය තහවුරු කරන්නට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එහි නායකයන් දේශපාලන වේදිකා වල විසි කළ ඇඟ කිළිපොළවන කයිවාරු තුරුම්බු හේතු වූ බව අප මේ ලිපියේ පළමුවෙන් ලියමු.ඉන් අනතුරුව අප ගේ විශ්වාසය සමග ජාතික ජන බලවේගයේ ජයග්රහණයට එක්වූ ලංකා දවසේ පාඨකයන්ගෙන් අපි සමාව අයදිමු.අපට වැරදී තිබේ.ඒ වැරැද්ද එසේ මෙසේ වැරැද්දක් නොවෙි.සමස්ත ජාතියටම කෙලවෙන ආකාරයේ බරපතල වැරැද්දකි. අනුර කුමාර මෙරට ජනපතිවරයා වීමෙන් මෙරට ජනතාවට සාධාරණයක් කරනු ඇතැයි තවදුරටත...
Comments
Post a Comment