Posts

ශානි සීඅයිඩී අධ්‍යක්ෂ ධුරයට පත් කෙරේ

Image
  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර පත් කර ඇති බව වාර්තා වේ. වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිඳු කළ නිර්දේශයකට අනුව පොලිස් කොමිසම මගින් මේ පත් කිරීම සිදු කර තිබේ. පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ශානි අබේසේකර ජාජබ ආණ්ඩුව බලයට පත් වීමත් සමගම කොන්ත්‍රාත් පදනම යටතේ  සේවයට බඳවා ගෙන අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිට විශ්‍රාම ගොස් සිටි නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යලි කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට බඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත් කර තිබේ.

ශ්‍රී ලන්කන් උලා කෑ මහින්ද රාජපක්⁣ෂගේ මස්සිනාට විලංගු වැටේ

Image
  රාජපක්ෂ චෞර කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පෝරිසාදයකු අල්ලස් හෝ දූෂණ කොමිස⁣ම මගින් අත් අඩංගුවට  ගන්නා ලදී.මේ පෝරිසාදයා එසේ මෙසේ පුද්ගලයකු නොවේ.ශිරන්ති වික්‍රමසිංගේ  සහෝදරයාවූ නිශාන්ත වික්‍රමසිංහය.එවකට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද ඔහු එම ධුරය දරණ කාලයේදී සිදු කර ඇතැයි පැවසෙන බරපතල දුෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් මෙලෙස අත් අඩංගුවට ගෙන අධිකරණය⁣ට ඉදිරිපත් කිරීමෙන් පසුව ජුලි 01 දා දක්වා⁣ බන්ධනාගාර ගත කෙරිණි. ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා තුනකි.2014 ජනවාරි 01දින මැලේසියාවේ ක්වලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරණ ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් ලංකාණ්ඩුවට ඇමරිකානු ඩොලර් 4512 ක පාඩුවක් කිරීම,2014 ජනවාරි 26 වන දින මාලදිවයින් සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ළංකාණ්ඩුවට ඇමරිකානු ඩොලර් 19,160ක් පාඩු කිරීම හා 2014 දෙසැම්බර් 19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාගනයේ පැවති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ⁣ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රාජ්‍ය මුදල් රුපිය...

"මට මතක නෑ" පොලිස් ලොක්කා ගැන පොලිස්පතිට ලැජ්ජාවක් නැද්ද මන්දා

Image
  හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ධුරයේ කටයුතු කරමින් සිටියදී සිඳු කරන ලදැයි පැවසෙන විෂමාචාර හා බලතල අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව හමුවේ කොළඹ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර විසින් පසුගිය දින (25) ලබා දුන් සාක්ෂිය පොලිස් දෙපාර්තමේන්තුවේ තුළ වර්තමානයේ පවතින ජරාජීර්ණ ඇතුළාන්තය පිළිබඳව අපූරු අනාවරණයක් වේ.නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර 2023 දෙසැම්බර් 31 වැලිගම W 15 හෝටලය කේන්ද්‍රීය කර ගනිමින් සිඳු වූ වෙඩි තැබීම වූ දින වල කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍යපොලිස්පති වරයා ලෙස කටයුතු කෙරුවේය   මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂි දීමේදී ප්‍රකාශ කෙරුවේ W 15 හෝටලය හා සම්බන්ධ සිද්ධියේදී වෙඩි වැදීමෙන් මිය ගිය පොලිස් නිළධාරියා ගැන නොදන්නා බවය. එහිදී අතිරේක සොලිසිටර් දිලීප පීරිස් ඔහුගෙන් විමසා සිටියේ තවමත් ඔබගේ අදහස නාඳුනන වෙඩික්කරුවකු මෙම වෙඩි තැබීම කළ බවද යන්නය.මේ ප්‍රශ්ණයට පිළිතුරු දුන්⁣ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ඔව්,මම ඒ මතයේ තමයි ඉන්නේ යනුවෙන්ය.  කෙසේ වෙතත් අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මේ නියෝජ්‍ය පො...

වර්තමාන කැත දේශපාලනයට අතීතයෙන් රිදෙන ටොක්කක්

Image
  පළාත් පාලන මැතිවරණය අවසන්වී හරියට මූණ කට හෝදාගන්නවත් ඉඩක් ලැබෙන තරමේ දවස් ගානක් ගෙවී ගියේ නැත.දැන් ආරවුල සභාපති උප සභාපති කම ගන්ටය.පුංචි ඡන්දයට තරග කර එක මැම්බර් කමක් හෝ හිමි කර ගත් පක්ෂ නායකයන්ද දැන් ඉන්නේ මහේශාක්‍ය වෙසක් අරගෙනය.⁣අර  මොකද්දෝ එක කහ ගන්නට නිය පොත්ත නැති වුන් පවා ඒ එක මැම්බර් කම නිසා  ප්‍රජාතන්ත්‍රවාදය,ජනතා ජයග්‍රහණය ආදී මහප්පරාණ දේශපාලන වාක්‍ය කියව කියවා ආණ්ඩුවට චලෙන්ජ් කරන තරමට චණ්ඩි වී සිටී.තමන්ට හරියට දිනා ගන්නට බැරිවුන ප්‍රාදේශීය සභා හා නගර සභා පිහිටුවීමේදී මාලිමාව ඉන්නේ උණු නිසා කන්ටත් බැරි බත් ⁣නිසා අහක දාන්ටත් බැරි අදහසකය.කපුටු ගූත් බෙහෙත් වලට ඕනෑ වෙන බව අපේ පරණ උන්දැලා කියා ඇත්තේ කට කහනවාට නොවේ.කට පරිස්සම් කර නොගැනීමත් වරදකි.ඒත් තවමත් ආණ්ඩුව හිතා ගෙන ඉන්නේ  අපට බලය තියෙනවා ඒ නිසා අපට ඕනෑම කෙහුරක් කරන්නට පුළුවන්ය යන කුඩුකේඩු විශ්වාසයෙනි. දේශපාලන හයිරන්කාර කමට වැඩි ආයුෂ නැත.මේ රටේ ⁣දේශපාලන භූමියේ මහසෝන් පාට් දැමූ සිරා පොරවල් පවා බාල්දු වී ගිය හැටි ඉතිහාසයේ ලියවී තිබේ.දේශපාලන බලය සමග ⁣පවතින  කෙරුම්කාර කම බලය අහිමි වීමත් සමගම නෝන්ඩි වෙන ...

වාචාල සුදාගේ අබ්බ ගොබ්බ කයිවාරුව

Image
  අපි සුදාට අභියෝග කරමු.වාචාල කට තිබුණ පමණන් වාචාලයකු ⁣මිස මාධ්‍යවේදියකු නොවේ.යූ ටියුබයේ කෙරුම්කාරයකු ලෙස ගොන් කතා පවසන සුදා ගේ තවත් සුදියකින් පවසා ඇත්තේ අප විසින් හෙළි කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ ශුද්ධවන්තයකු බවය. වාචාල සුදාට අපට ලියන්නට ඇත්තේ වචන තුනක් පමණය ඒ අනේ පව් බං උඹ කියාය.වාචාල සුදා බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ නාවා පිරිසිදු කිරීම පිණිස ලොකු කුට්ටියක් ලබා ගෙන ඇති බවට නම් කිසිම සැකයක් නැත.එසේ නැති නම් මේ ගොන් තඩියා හොඳට ඇන්දී තිබේ. වර්තමාන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක  ජගත් වීරසිංහ ගැන හොඳටම දන්නේ ⁣හිටපු ජනපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයාව සිටි සජින් වාස් ගුණවර්ධනය.ඒ සජින් වාස් ගුණවර්දන ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන විට ජගත් වීරසිංහ ඔහුගේ සමීපතමයකු ලෙස කටයුතු කළ නිසාය.සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරද්දී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇස් කණ්නාඩි බෙදා දෙන ලද්දේ මේ ජගත් වීරසිංහය.ඒ වන විට ජගත් වීරසිංහ බන්ධනාගාරයේ ජේලර්වරයකු ලෙස කටයුතු කරමින් සිට ස්ත්‍රී දූෂණයකට වැඩ තහනම් කර තිබුණි.අවුරුදු පහ...

රෙදි ඉල්ලේ සන්ධානය මරු

Image
  ඊයේ පෙරේදා දවසක කැත අවලස්සන දේශපාලන සන්ධානයක් මෙරට  ගොඩ නැගුණි.ඒ දේශපාලන සන්ධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍යවේදීන්ට අපුල ගඳක් නොදැනුනේ නම් හරිම පුදුමය.ඒ තරමටම එම දේශපාලන සන්ධානය ගඳය.ඔක්කාරයට එන තරමේය.දේශපාලන සන්ධානයට  එක මේසයකට එකතු වූ සිටි දේශපාලන පක්ෂ ගැනත් එවායේ නායකයන්ටත් විලිලැජ්ජාවක් නැති බව නම් අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.ලැජ්ජාවක් බයක් හිරිකිතයක් නැති මෙවුන්දැලා ගැන ගමේ වුන් පවසන්නේ රෙදි නෑ ⁣හලෝ කියාය.ඒ කියුම නිව් ජෙනරේෂන් කොල්ලන්  කෙල්ලන් "රෙදි ඉල්ලේ" යැයි වහරනු අසන්නටද ලැබේ.එම මාධ්‍ය සාකච්චාවට සහභාගි වූ දේශපාලන නායකයන් යට කෑල්ලට කලිසම් සරොම් ඇඳ සිටියාද යන්න ගැනත් පැහැදිලි අදහසක් ගන්නට නොහැකිය.ඒ වාඩි වී සිටිය නිසාය. කෙසේවෙතත් ශ්‍රී ලංකා ,එජාප ,පොදුජන හා සජබ පක්ෂ සන්ධානය ගැන අටුවා ටිකා ටිප්පනී ලියන්නට ඔළුවේ සමනළ ගැට දාගන්නට ඕනෑ නැත.ඒ සන්ධානය තනි වචන දෙක තුනකින් හැඳින්වුව හොත් අප්පට සිරි ජාතියේ එකතුවකි.මෙරට දේශපාලනය තුළ සන්ධාන ඇති වීම අරුම පුදුම කාරණයක් නොවේ.ඒවා ගැන පූර්වාදර්ශත් පවතී. ඉදිරියටත් දේශපාලන සන්ධාන ඇතිවෙන්නට ඉඩ කඩද නැත්තේ නොවේ. එහෙත් ...

තේගිරිස් ආරච්චිගේ නැතිවූ කුඩය හා ජාජබ ආණ්ඩුව

Image
  අළුත්ම ප්‍රවෘත්තියක් වූයේ මෙරට බන්ධනාගාර තුළ සිදු වූ දූෂණ සොයන්නට අපරාධ විමර්ශන දෙපාර්ත මේන්තුව ක්‍රියා කරමින් සිටින බවය. සීඅයිඩීය බන්ධනාගාරය තුළ සිඳුවී ඇති දූෂණ හොයන්නට යන්නේ ජනපතිවරයා විසින් වෙසක් පෝය දින සමාවදී නිදහස් කළ සිරකරුවන් පිළිබඳව ඇති වූ ප්‍රශ්ණයක් ජනපති ලේකම් කාර්යාලයෙන් කළ පැමිණිල්ල නිසාය. සීඅයිඩීය බන්ධනාගාර පීරනවාට වඩා රාජ්‍ය ලේඛනාගාරයට ගියා නම් රාජකාරිය ඉතා පහසුවෙන් කරන්නට තිබුණි.ඒ බොහෝ මුද්‍රිත මාධ්‍ය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින දූෂණ වාර්තා කර ඇති බැවිනි.පසුගියදා පැවති බන්ධනාගාර සංවත්සරයකදී  අධිකරණ අමාත්‍යවරයා දෝත බදා දෙකට නැවී සම්මාන ඵළකයක් දුන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් මෙලේච්ඡ ලෙස ඝාතනය කළ සහකාර බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාටය.මේ තිලිණ ප්‍රධානය ගැන ශිෂ්ඨාචාර සමාජය තුළින් මතු වූයේ විරෝධයකි.එහෙත් ඒ විරෝධය ජාතික ජන බලවේගය ආණ්ඩුව තඹ දොයිතුවකට ගණන් නොගත්තේය. ගොඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී විශේෂ කාර්ය බලකාය ලවා බන්ධනාගාරය තුළ සිඳු කරන ලද සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන්  සැකකරුවකු වූ එමිල් රං...