ශානි සීඅයිඩී අධ්‍යක්ෂ ධුරයට පත් කෙරේ

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර පත් කර ඇති බව වාර්තා වේ.වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිඳු කළ නිර්දේශයකට අනුව පොලිස් කොමිසම මගින් මේ පත් කිරීම සිදු කර තිබේ.

පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ශානි අබේසේකර ජාජබ ආණ්ඩුව බලයට පත් වීමත් සමගම කොන්ත්‍රාත් පදනම යටතේ  සේවයට බඳවා ගෙන අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිට විශ්‍රාම ගොස් සිටි නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යලි කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට බඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත් කර තිබේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා