එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවකු බ්‍රිගේඩියර් ධුරයට උසස් කිරීම ගැන ඇත්ත කථාව
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට චෝදනා ලද යුද හමුදාවේ බුද්ධි බළකායේ නිළධාරීන්ට එරෙහිව මෙි වන විට ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරිපිට නඩුවක් විභාග වෙමින් පවතී.එහි ප්‍රධාන විත්තිකරුවකු වූ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න විසින් සාක්ෂිකරුවන්ට තර්ජනය කරන ලදැයි චෝදනාවකට පසුගියදා ඔහු බන්ධනාගාර ගත කෙරිණි. මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනිකව දිගින් දිගටම චෝදනා කෙරුණේ රාජපක්ෂවරුන්ට එරෙහිවය.ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය තුළද ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව බොහෝ ප්‍රශ්ණ කිරීම් හා චෝදනා කිරීම් සිඳු කෙරුණ අතරම එහිදී සිය පක්ෂය බලයට පත් වූ පසුව ප්‍රගීත්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වූ අවස්ථා නැත්තේද නොවේ.ඒ නිසාම මෙරට වර්තමානයේ පාලන බලය හිමි කර ගෙන සිටින ජාතික ජන බලවේගයට ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය මග හැර සිටිය නොහැකිය. වර්තමානයේදී ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්දයෙන් වූ නඩුව විභාග වන ආකාරය ගැන ප්‍රගීත් ගේ බිරිඳ වන සන...