ඉගෙන ගන්න අයට ඉහළ උසාවියෙන් අපූරු තීන්දුවක් දීලා
පසුගියදා අභියාචනාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දී තිබේ. එම නඩු තීන්දුව විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන හා ඒවායේ පවත්වන විභාග වලට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වැදගත් තීන්දුවකි. ආර්. ඒ. ඩී. සශින්ද්‍යා රණසිංහ යන ශිෂ්‍යාව වර්ෂ 2023 ජනවාරි මස 08 වන දින ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ව්සින් පැවැත්වූ නීතිවේදි ප්‍රවේශ විභාගයට (LLB Entrance) පෙනී සිට ඇත.එහෙත් ඇයටඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබෙි.ඉන් අනතුරුව ඇය විසින් විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එකී විභාගයේ ඇය ලියූ පිළිතුරු පත්‍රය (Answer Scripts) හා ලකුණු ලබාදුන් පදනම (Making Scheme) යනාදිය විවෘත විශ්ව විද්‍යාලය පරිපාලනය වෙතින් ඉල්ලා ඇත. විවෘත විශ්ව විද්‍යාලීය තොරතුරු නිලධාරීයා විසින් 2023. 10. 17 දිනැති ලිපිය මඟින් එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.එහිදී එම තොරතුරු නිළධාරියා පවසා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (1) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු පෞද්ගලික ඒවා බවත් , ඒවා හෙළිදරව් වීම විශ්ව විද්‍යාලීය විභාග ක්‍රමවේදයට හා එහි කාර්ය පටිපාටියට හානිකර බවය. ...