යුද හමුදාපති ආතල් ගනී- ජනතාවට බඩේ බත් නෑ
"......රටේ මිනිසුන්ට කන්න නෑ බොන්න නෑ වැඩිහිටි දීමනාව අවුරුදු ගනනාවක් ගෙවල නෑ.ඒත් මම පහුගිය දවසක ගාල්ල ඉඳල කොළඹ එද්දි තරු ගහගත්තු වාහනයක් එක්ක තවත් වාහන හතක පෙරහැරක් ගියා.ඒ හමුදාපති වෙන්ට ඕන.මිනිසුන්ට කන්න නැතුව දුකි විඳිද්දි පෝලිමට යන ඒ වාහන වල ඉන්ධන වලට ගෙවන්නෙ කවුද.......මං ඒ ගැන ඇමතිතුමාගෙන් අහනවා....."
අද පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්ණය මුදල්
නියෝජ්‍ය අමාත්‍ය සේමසිංහ ගෙන් ඇසුවේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී චන්දිම වීරක්කොඩිය.
හමුදාපතිගේ වාහන
නෙයියාඩම දකින විට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාට මෙරට අධිකරණ ඇමතිකම
ඇතුළු විවිධ ඇමති තානාන්තර දැරූ සිය මාමා ආගිය හැටි මතක් නොවුනා නම්
පුදුමය.
චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාගේ මාම මෙරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ අමරසිරි දොඩංගොඩය.ඔහු
ඇමතිකම් දැරුවේ මෙරට ත්‍රස්ත ක්‍රියාකාරකම් පැවැති කාලයේදීය.
එහෙත්
අමරසිරි දොඩංගොඩ ඇමතිවරයා සිය ගමන් බිමන් ගියේ පරණ ඩබල් කැබ් රථයකිනි.ඔහුට
කිසි දවසක වාහන මෙිනියාවක් නොතිබුණි.ඇමතිවරයකු ලෙස පිරිවරා ගත් සන්නද්ද
මුරකාවල් ඔහු අසල නොවීය.
අද මෙරට දේශපාලන බලය
හිමි ඇමතිවරුන්ටද රජයේ උසස් තානාන්තර දරන අයවළුන්ටද ඇත්තේ ඉස්මුරුත්තාවටම
ගිය වාහන මාන්දමකි. මේ අයවළුන් යන එන ගමනේදී බිමනේදී සිය නිල රථය හැරුණ
විට කොල්ලන් බල්ලන්ද ඉනිකුනන්ද පිරිවරා ගත් තව වාහන හය හතක් පිරිවරාගෙන යාම
මෝස්තරයක් බවට පත් වී තිබේ.
චන්දිම වීරක්කොඩි
මන්ත්‍රීවරයා පැවසූවේ ඇත්තය.මේ රටේ ජනතාව දැන් ඉන්නේ පාන් කියාගන්න
බැරුවය.එහෙත් මහ පාරේ වාහන සංදර්ශන පෙන්නන අධිපතියන්ට ඒ ගැන හැඟීමක් නැත.ඒ
උන්ට දැන් අඩුපාඩුවකට ඇත්තේ චීස් බටර් නිසාය.
හමුදාපතියාට නම් ඒවාත් අඩුවක් වෙන්නට විදියක් නැත.
අප
මීට ඉහතදී ක්‍රිකට් ගහන්නට හමුදාවට ගත් තිසර පෙරේරා හා චන්දිමාල් වැනි
පඟරයන් තමන්ගේ පුද්ගලික වාහන වලට හමුදාා අංක යොදා භාවිතා කරන හැටි අනාවරණය
කෙරුවෙමු .මෙරට රථ වාහන පනතට පටහැනිව වාහන වලට ව්‍යාජ තහඩු අංක යොදා භාවිතා
කිරීම වරදකි.තිසර පෙරේරා හා චන්දිමාල් ව්‍යාජ අංක තහඩු යොදා භාවිතා කරන
වාහනයකට මගියකු යටවී මරණයට පත්වුව හොත් හමුදාව වගකීම බාර ගන්නවාද නැද්ද
යන්න ප්‍රශ්ණයකි.
හමුදාපතිවරයා ගේ වාහන මාන්දමද ඒ
හා සමානය.මේ හැම දෙයකින්ම අපට වටහා ගත හැක්කේ ආණ්ඩුවේ කෙරුවාව මෙහෙම
බවය.ආණ්ඩුවට හිතක් පපුවක් නැති බවය. ඉතින් හමුදාපතිට හිතක් පපුවක් තියා
මොළය ඇබින්දක්වක් වත් තියෙන්න විදියක් නැත. ත්‍රිවිධ හමුදාපතිවරුන් ආණ්ඩුවේ
ලොකු ලොක්කන් හා ජනපති කාර්යාලයේ පිරුවට ඇඳ ගත් වුන්ට අද රට ආතල්
ලන්තයකි.බඩේ බත් නැතුව ජීවත් වීමට සිදු වී ඇත්තේ සිල්ලර මිනිසුන්ටය.
Comments
Post a Comment