පෑලිස් ගේ හැරිසන් උම්බෑ කියයි
ඊයේ පෙරේදා දවසක සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුව පැත්තට කරණමක් ගැසූ පෑලිස්ගේ හැරිසන් ඊයේ බළපිටියේ පැවැති එජාප රැස්වීමකදී මිල්ටෙරි නන්දසේන එළවා දැමීමට සම්බන්ධ වූ අරගල කරුවන්ට අපහාස කරමින් කතා කර තිබේ.
ඔහු එහිදී මෙසේ පවසා තිබුණි
"...තව
මාස දෙකක් අරගලය තිබුණා නම් තාත්තලා නැති දරුවෝ හම්බවෙන්නත්
තිබුණා.පැට්රල් පොලිම් වලත් ඔය වගේ ඒව වෙන්න ඉඩ තිබුණා.රටේ වාසනාවකට රනිල්
මහත්තයා ඇවිල්ලා අරගලය ශුද්ධ කළා..."
පෑලිස් ගේ
හැරිසන්ට මෙහිදී අමතක කළ යුතු කාරණයක් තිබේ.ඒ අරගල කරුවන්ට පහසුකම් සළසා
දීම සඳහා රනිල් හාමු විසින් රුවන් විජේවර්ධනගේ නායකත්වයෙන් කමිටුවක් පත්
කර තිබුණ බවය.යම් පුද්ගලයකු සමාජය තක්සේරු කරන්නේ තමා ලද ජීවිත අත්දැකීම්
වලිනි.පෑලිස් ගේ හැරිසන් අරගල කරුවන් ගැන එසේ කියන්නට ඇත්තේ ඔහුගේ මව බිරිඳ
හා දියණියන් ගිය ගිය තැන රෙද්ද උස්සන නිසා ලද අත්දැකීම් නිසා වන්නට
පුළුවන.ඒ නිසා අපට ඔහු ගැන ඇතිවන්නේ අනුකම්පාවක් පමණි.
ඊළඟට
පෑලිස් ගේ හැරිසන්ට දැනට අමතක වී ඇති ඔහුගේ යට ගිය කෙරුවාව ගැන සිහිපත්
කරන්නට අප කැමතිය.ඒ යහපාලන සමයේ ඇමතිවරයකු ලෙස සිදු කළ පට්ට පජාත හොරකම්
ගැනය.පෑලිස් ගේ හැරිසන් ඇමතිවරයකු විදියට මුලින්ම සිදු කරන ලද වංචාව වූයේ
ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ගසා ගැනීමය.ඒ තෙල් හොරකම රුපියල් 13,42468ක් බව ඒ
දිනවල මාධ්‍ය වාර්තා කරන ලදී.ඒ එළිදරව්ව සමග කර කියා ගන්නට දෙයක් නැති තැන
පෑලිසා මේ මුදල් ගෙවා දැමූ බව අපට මතකය.මේ මුදල් ගෙවීමේදීත් පෑලිසා හත්
පොලේ ගා ගත්තේය.එම මුදල් ගෙවා තිබුණේ ග්‍රාමීය ආර්ථික කටයුතු
අමාත්‍යංශයයි.පුද්ගලයෙක් කළ වංචාවකට අමාත්‍යංශයක් මුදල් ගෙවන්නේ කෙසේද යන්න
ප්‍රශ්ණයකි.
හොරට තෙල් ගසා හසු වූ පෑලිසා ඊළඟට
මාට්ටු වුනේ හරක් හොරකමටය.යහපාලනයට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙරටට
කිරි ගවයන් දෙදහසක් ආනයනය කර කිරි නිෂ්පාදනය කරන දේශීය පෞද්ගලික කිරි
ගොවිපොළවල් වෙත බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සැළසුම් කර තිබුණි.මෙම
ව්‍යාපෘතියට 2014 ජුනි මස පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණ
අතර ඒ අනුමැතියට යටත්ව එවකට පැවැති ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ
ඔස්ට්‍රේලියාවේ වෙලාඩ් ග්‍රාමීය අපනයන පුද්ගලික සමාගම අතර කොන්ත්‍රාතුව
අත්සන් තැබෙන්නේ එම වසරේම ඔක්තෝම්බර් 14 වනදාය.එහෙත් ඒ ආණ්ඩුව පැරදී
යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමගම 2015 වර්ෂයේ සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන්
පසුව මේ ව්‍යාපෘතිය පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශයට පවරා තිබේ.ඉන් පසු
ව්‍යාපෘතියේ ණය ගිවිසුම 2016 දෙසැම්බර් 6වන දින මුදල් අමාත්‍යංශය අදාල
සමාගම් සමග අත්සන් කරනු ලබන අතර ඉන් ලබා ගත් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර්
මිලියන 73.9 කි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඒ වන විට ග්‍රාමීය ආරථිකය පිළිබඳ ඇමති වූ පෑලිස් විසින් අමාත්‍ය
මණ්ඩලයට
සංදේශයක් 2017 මාර්තු 24 වන දින ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අප්‍රෙල් මස
26 වන දින අනුමැතිය ලැබී තිබේ. ඉන්පසු මෙම ව්‍යාපෘතිය යටතේ ගවයන් බෙදා
හැරීම සඳහා 2017 ජනවාරි 08 වන දින හා 15 වන දින පුවත්පත් දැන්වීම් පල කෙරේ.
මෙම
දැන්වීම තුළ එම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව සඳහන්ව
තිබුණද එහි පළමු අදියරේදී බෙදා දෙන ගවයන් ප්‍රමාණය ගැන සඳහන්ව
නොතිබුණි.ගවයන් ලබා දෙන ප්‍රතිලාභීන් තෝරා ගන්නා ක්‍රමවෙිදය හෝ ඔවුන්
සපුරාලිය යුතු සුදුසුකම් ගැන ප්‍රමාණවත් තොරතුරු එම දැන්වීමේ නොතිබුණි.එසේම
එම දැන්වීමේ මෙම ගවයන් බෙදා හරින්නේ නොමිලයේද සහනාධාර ක්‍රමයකටද යන්න පවා
වසන් කර තිබුණි.
මේ දැන්වීම ඇමති පෑලිසා ගේ ගේම්
එකකි.කිරි ගවයන් බෙදුවේ පුවත්පත් දැන්වීම නිසා ලැබුණ අයදුම්කරුවන්ට නොවේ
මෙම දැන්වීමට අනුව ලැබුණ අයදුම්පත් සංඛ්‍යාව 1928කි.ඉන් පලමු වටයේදී කිරි
ගවයන් ලබා දී තිබුණේ 20 දෙනෙකුට පමණි.
මේ අතරේ පේරාදේණිය විශ්ව විද්‍යලයේ
පශු
වෛද්‍ය විද්‍යා අංශාධිපති මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් ගේ බිරිඳ විසින්
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ගව ගාලක් අරඹන්නීය.මෙම ගව ගාලට
එරෙහිව මහජන විරෝධතාවන් එල්ල වීමක් සිදු වේ.එම මහජන විරෝධතාවත් සමගම එම ගව
ගාල සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉඩම ලබා දී ඇත්තේ නීතියට පටහැනි
ආකාරයෙන් බවද එයට ගවයන් ලබා දී ඇත්තේ අමාත්‍ය පෑලිස් බවද අනාවරණය වෙි.ඒ
ගවයන් කිරි ගවයන් 2000ක් බෙදා දීමෙි ව්‍යාපෘතියට ගෙන් වන ලද ගවයන්ය. එම ගව
ගාලට ඇමති පෑලිස් ලබා දී තිබූ ගවයන් සංඛ්‍යාව 20 කි.ජනතා විරෝධයත් සමග එම
ගව ගාලේ සිටි ගවයන් මාතලේ කවුඩුපැල්ලේ පිහිටි ඩයරි ෆාම් නම් ගව ගොවිපොළට
ගෙනි යන ලදී.එම ගොවිපොළෙහි මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ගවයන් 400ක් සිටි
බව හෙළිවිය.මෙහි හිමිකරු හිටපු මන්ත්‍රී ලක්ෂමන් වසන්ත පෙරේරාය.මේ
සියල්ලෙන්ම හෙළි වූයේ ඇමති පෑලිස් අත යට ගනුදෙනුවකට තම හිතවතුන්ට කිරි
ගවයන් බෙදා හැර ඇති බවය.එම ගොවිපොළවල් සඳහා එක ගවයකු ලබා දී තිබුණේ ලක්ෂ
දෙකක මුදලකටය.ඒ අනුව ගවයන් 2000ක් සඳහා කෝටි විස්සක් ලැබිය යුතුය.මේ කෝටි
විස්සක මුදල ලබා ගන්නා ලද්දේ ඇමති පෑලිසා බවද අනාවරණය විය.
අරගලකරුවන්ගේ
කන්‍යා බාවය ගැන අඳෝනා නගමින් ඔවුන් හට නින්දා අපහාස කරන්නේ මේ පෑලිසා
වැනි පට්ට පජාත හොරුන්ය.සමාජය දැනුවත් විය යුත්තේ මේ පට්ට හොරුන්ගේ දූෂිත
කෙරුවාව ගැනය.
Comments
Post a Comment