විකිරණවේදීන් ගේ අඩුව නිසා සෞඛ්‍ය සේවය අවුලක
දිවයින පුරා රජයේ රෝහල්වල විකිරණවේදීන්ගේ හිඟයක් තිබෙන බවත්
මේ නිසා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති බවත් රජයේ විකිරණවේදී තාක්ෂණවේදීන් ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.රෝගී පරීක්ෂණ කටයුතු සදහා විකිරණවේදීන් 1150 ක් සිටිය යුතු නමුත් දැනට සේවයේ නිරතව සිටින්නේ 620 දෙනෙකු පමණක් බව ඔහු කියා සිටී.විකිරණවේදීන් බඳවා ගැනීම රජය මගින් සීමා කිරීම නිසා හා විදේශගත වීම් නිසා මේ තත්වය උදා වී ඇති බව සඳහන් කරන ඔහු මේ වසරේ පමණක් විකිරණවේදීන් 80 දෙනෙකු විදේශගත වූ බවද කියා සිටී.
Comments
Post a Comment