සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

 


  • ජනාධිපති අපේක්ෂකයන් ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරිණි.ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතේ ඇති මුදල රුපියල් 67000 ක් වන  අතර ඔහු විසින් ගෙවීමට ඇති ණය මුදල මිලියන 50 කට වැඩිය.සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳට ඇති බැංකු ගිණුම් සංඛ්‍යාව 14 ක් වන අතර ඒ බැංකු අතර ලංකා බැංකුව ,සෙලාන් බැංකුව,එන්ඩීබී බැංකුව,නේෂන් ට්‍රස්ට් බැංකුව ආදිය වේ.ඒ අතරම ඔහුට සමාගම් දෙකක කොටස් වටිනාකම 2,257,640කි.සජිත් ප්‍රේමදාස පොල් සහ වී වගාවෙන්  යුක්ත ඉඩමක හිමි කරුද වේ.

    ඔහු විසින් 2024 දී ලබා ගත් රුපියල් 3,130,138ක ණය මුදලක් ඒ ආකාරයෙන්ම පවතින අතර දිනය යොදා නැති හා ලබා ගත් ණය මුදල ප්‍රදර්ශනය නොවෙන ලෙස කළු කර ඇති ණය මුදලක ඉතිරිිය වශයෙන් රුපියල් මිලියන 8.41ක් දැක්වේ.

    කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස විසින් ලබා ගත් ණය පිළිබඳව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු වන්නේ ඔහු විසින් එම ණය නොගෙවා ඇති නිසාය.මෙහිදී 2014 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.8ක ,2015 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.285 ක ,2016දී ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.1  2017 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන  2.3ක
    2018 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන 3.15ක ,2019 වර්ෂයේදී ලබාගෙන ඇති රුපියල් මිලියන 3.6ක,2020 වර්ෂයේදී ලබා ගත් රුපියල් මිලියන 2.1ක ,2021 දී ලබා ගෙන ඇති රුපියල් මිලියන 1.5ක 2023 දී ලබා ගෙන ඇති රුපියල් මිලියන 05 ක,හා 2024 වර්ෂයේදී ලබා ගත් මිලියන 36.982 හා රුපියල් මිලියන 2 ක ණය මුදල් සදහා කිසිදු වාරිකයක් නොගෙවා ණය ලබා  ගන්නා ලද අගයන් වලම පවතී.

    සජිත් ප්‍රේමදාස විසින් මෙසේ ලබා ගෙන නොගෙවා සිටින ලද ණය මුදල් ලබා ගෙන ඇත්තේ පුද්ගලයන්ගෙන්ද බැංකු වලින්ද යන්න සඳහනක් නැත.ඔහුගේ ණය ගැති බව කෝටි හැත්තෑවකට ආසන්නය.සජිත් ප්‍රේමදාස මේ ණය මුදල් මෙරට බැංකු වලින් හෝ මුල්‍ය ආයතන වලින් ලබා ගෙන තිබේ නම් ඔහු⁣ට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීමද ව්මතිය දනවන කරුණකි.පුද්ගල ණය වශයෙන් ලබා ගෙන තිබේ නම් මෙලෙස කෝටි ගනන් සජිත් ප්‍රේමදාසට ණය දී අය කිරීමක් නොකරන පින්වත් දාන පතියන් කවුරුන්ද යන්න සමාජය⁣ දැන ගත යුතුමය.

    එලෙසම මේ ආකාරයට හතර අතේ ණය වී සිටින ණය ගැතියකු විධායක ජනපතිවරයා ලෙස පත් කර ගැනීමෙන්  මෙරට භාණ්ඩාගාරයට දෙවියන්ගේම පිහිට බව ඡන්ද දායකයන් සිහියේ තබා ගැනීම හොඳය.තමන් විසින් පෞද්ගලිකව ලබා ගන්නා ලද ණය මුදල් නොගෙවා පැහැර හැර ඇති  පුද්ගලයකු ලෙස සැළකිය හැකි සජිත් ප්‍රේමදාස ජනපතිවරයා වූ පසු මෙරට  ආර්ථිකය ගොඩ දාන බව ප්‍රකාශ කිරීමද බඩ කොරවන තරමේ විහිළුවකි. 

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි