මිල්ටෙරි නන්දසේනට මුත්‍රා අඩස්සිය හැදුන මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය
- Get link
- X
- Other Apps
- මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු (02)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලද බව වාර්තා විය.මෙලෙස ඇප මත මුදා හරින ලද විශ්‍රාමික සෙබළුන් දෙදෙනා වූයේ මදුරාධිපති ගමගේ උපාලි සේනාරත්න හා රම්බණ්ඩාගේ නිමල් සේනාරත්න යන අයවළුන්ය.කීත් නොයාර් හට පහරදීම පිළිබඳව 2019 වර්ෂයේදී නීතිපතිවරයාගේ උපදෙස් අනුව අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්දැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය මීට පෙර ජනවාරි මාසයේදී මේ නඩුව කැඳවූ අවස්ථාවේ විමසා තිබුණාය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව හා සම්බන්ධ 11 වන හා 12 සැකකරුවන් ලෙස නම් කර ඇති මෙම විශ්‍රාමික සෙබළුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ ඉන් අනතුරුවය.මේ වන විට හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී අමල් කරුණාසේකර යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ප්‍රභාත් සීවලී බුලත්වත්ත ඇතුළු සැකකරුවන් දහ දෙනෙකු මේ වන විටත් ඇප මත මුදා හැර සිටී.ඒ අතරේ සැරයන් දුමින්ද වීරරත්න,සැරයන් හේමචන්ද්‍ර පෙරේරා,කෝප්‍රල් ලසන්ත විමලවීර ,කෝප්‍රල් නිශාන්ත ජයතිලක ,සැරයන් ලලිත් රාජපක්ෂ යන අයවළුන්ද සිටී.මෙම නඩුවෙි සැකකරුවකු වන යුද හමුදා බුද්ධි අංශයේ සැරයන්වරයකු වූ රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ හට මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමට කුමන්ත්‍රණය කිරීම ,ඔහුට හා ඔහුගේ බිරිඳට පහරදී බරපතල තුවාල සිඳු කිරීම හා ඔවුන්ගේ මෝටර් රථයට පහර දී අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ ගම්පහ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 10 දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන්ශ්‍රී ලංකා හමුදාවේ ට්‍රිපොලි කඳවුරේ හිටපු ප්‍රධානී මේජර් ප්‍රභාත් බුලත්වත්ත නිළධාරියාට සම්බාධක පමුණවන බවට ප්‍රකාශ කර තිබේ.2008 මැයි මාසයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදී කීත් නොයාර්ට වද හිංසා පැමිණවීම සහ/හෝ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැළකීම හෝ දඬුවම් කිරීම වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වීම පිළිබඳව 7031(ඇ) වගන්තියට අනුව රාජ්‍යදෙපාර්තමේන්තුව බුලවත්ත නම් කරයි යනුවෙන් ඒ ප්‍රකාශයේ දැක්වේ.ඇමරිකානු ව්‍යවස්ථාවේ 7031(C)වගන්තියේ සදහන් වී ඇත්තේ විදේශ රාජ්‍යයන්හි නිළධාරීන් සැළකිය යුතු දූෂණයකට හෝ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වී ඇති බවට විශ්වාස දායක තොරතුරු තිබේ නම් එම පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බව හා ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කළ යුතු බවය.එසේම මෙහි තවත් සැක කරුවකු වන සැරයන් දුමින්ද වීරරරත්න මෑතකදී කරණ්දෙනිය හමුදා කඳවුරෙන් ටී පනස් හයක් හා පතුරොම් තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කෙරිණි.මොහු එම ගිණි අවිය සොරකම් කෙරුවේ මක් නිසාද යන්න ගැන පොලිස් පරීක්ෂණ වලදී හෙළි දරව් කරගැනීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැති බව අනාවරණය වූ කරුණකි.මේ සෙබළා අවුරුදු විසි දෙකක හමුදා සේවා කාලයෙන් පසු විශ්‍රාම යාම සඳහා නියමිතව තිබුණේද ඉතා කෙටි කාලයකි.විශ්‍රාම යාමට නියමිතව සිටි සෙබළෙකු ගිණි අවියක් හා පතොරම් තොගයක් සොරා ගැනීම දැඩි අවධානයට ගත යුතුව තිබුණිකීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹන ලද්දේ 2015 වසරේ යහපාලන රජය බලයට පත් වීමෙන් පසුවය. ද නේෂන් පුවත්පතේ සම කර්තෘ වරයා ලෙස කටයුතු කරන ලද කීත් නොයාර් පැහැර ගෙන යන ලද්දේ 2008 වර්ෂයේ මැයි මාසයේදීය.2018 වර්ෂයේ අගෝස්තු 20 වන දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කීත් නොයාර් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ විවිධ අපරාධ කිරීම සඳහා යුද හමුදා ඔත්තු සේවා ප්‍රධානියාගේ සහ ඉහළ පෙලේ ආරක්ෂක අංශ බලධරයන්ගේ දැනුවත් භාවය මත නිවාස කුලියට ගෙන වදකාගාර පවත්වාගෙන ගිය බවට කරණු අනාවරණය වී ඇති බවය.මරදාන ට්‍රිපොලි කඳවුර මූලස්ථානය කර ගත් දෙවන සන්නද්ධ බුද්ධි බලකාය විසින් පැහැර ගෙන යන පුද්ගලයන් රඳවා තබා ගෙන කුරිරු වද හිංසා පැමිණවීම සදහා දොම්පෙ බදුවත්ත නිවාස දෙකක් කුලියට ලබා ගෙන ඇති බවට එහිදී වැඩිදුරටත් අනාවරණය වූ බවද එම නිවාස සඳහා එක නිවසකට මාසයකට කුලී වශයෙන් රුපියල් හැට ලක්ෂයක් සෘජුවම ගෙවා ඇත්තේ මෙම නඩුවේ සැකකරුවකු ලෙස අත් අඩංගුවට ගන්නා ලද එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක හා හමුදා මාණ්ඩලික ප්‍රධානී වූ මේජර් ජනරාල් අමල් කරුණාසේකර බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර ඇත.එම වාර්තාවෙන් හෙළි වූ තොරතුරු අනුව මේජර් ජනරාල් අමල් කරුණාසේකර යටතේ එම ඒකකයේ ප්‍රධානියකු ලෙස මේජර් ප්‍රභාත් සීවලී බුලන්වත්ත කටයුතු කර තිබේ.ඔහු ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තරයේද සඳහන් කර ඇත.මේජර් සීවලී බුලන්වත්ත ඒ බව පවසා ඇත්තේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන විටය.මේජර් බුලන්වත්ත එසේ ප්‍රකාශ කෙරුවද මේජර් ජනරාල් අමල් කරුණාසේකර හා එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක එම වධකාගාර ගැන තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණේ බුද්ධි අංශ මගින් කුලියට ගත් එම නිවාස ගැන හෙළි කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමිනි.මෙම ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහයෝගය නොදැක්වීම පිළිබඳව ඒ ගැන කරුණු විමසා එම දෙපාර්තමේන්තුව ඒ දිනවල හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න වෙත ලිපි කිහිපයක් යවා ඇතත් එම ලිපි කිසිවකට ඔහු පිළිතුරු සපයා නැති බවද හෙළි වී තිබුණි.2008 මැයි 22 වන දින මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යන ලද්දේ දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීය.ඔහු පැහැර ගැනීමත් සමගම ක්‍රියාත්මක වූ ඔහුගේ මිත්‍රයන් ගේ මැදිහත් වීම නිසා ඔහුට ජීවිත ආරක්ෂාව සහතික විය.එහෙත් පැය කිහිපයකට පසු කීත් නොයාර් හමුවන විට ඔහු මෙලේච්ඡ වද බන්ධන වලින් අතිශය හිංසාවට පත් වී සිටියේය.කීත් නොයාර් පැහැර ගැනීමට පැය කීපයකට පෙර ඔහු රිවිර මීඩියා කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිළධාරී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ,හා ද නේෂන් හි ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් සමග කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ක්වින්ස් හෝටලයේ රාත්‍රී ආහාරය ගෙන තිබේ.රාත්‍රී දහයට පමණ තිදෙනා වෙන වෙනම ඉන් පිටව ගොස් ඇත.කීත් නොයාර් ඒ එන මගදී සිය බිරිඳට දුරකථන ඇමතුමක් ගෙන තමා නිවස බලා එමින් සිටින බවත් ඉදිරි දොර යතුරු දමා නොතිබන ලෙසටත් ඉල්ලා තිබේ.කීත් නොයාර් ගේ බිරිඳ වූ රෝෂිණී එසේ කර බොහෝ වෙලාවක් ගත වී ඇතත් ඔහුගේ නොපැමිනීම ගැන ඇය නැවත විමසිලිමත් වූවාය.එහිදී ඇයට ඇයට දැක ගත හැකි වූයේ තම නිවසේ ගේට්ටුව ඉදිරිපිට සැමියාගේ මෝටර් රථය ඇති බවත් එහි ඉන්ජිම ක්‍රියාත්මකව රියදුරු අසුන පැත්තේ දොර විවෘතව පවතින බවත්ය.එහෙත් එහි කීත් නොසිටියේය.ඉන් බියට පත් ඇය ඒ පිළිබඳව ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ගාමිණි අබේවර්ධනට දුරකතනය මගින් දැනුම් දුන්නාය.ගාමිණි අබේවර්ධන ඒ බව ලලිත් අලහකෝන්ටදැනුම් දුන් අතර ඔහු ඒ ගැන ක්‍රිෂාන්ත කුරේ දැනුවත් කෙරුවේය.මේ අතරවාරයේ ලලිත් අලහකෝන් සිද්ධිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කෙරුවේය.ක්‍රිෂාන්ත කුරේ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වූ කරු ජයසුරිය හටදුරකථන ඇමතුමක් ගෙන කීත් නොයාර්ගේ අතුරුදන් වීම ගැන පවසා ආව්ගශීව සර් වගේ ශීලාචාර ශිෂ්ඨ සම්පන්න මිනසෙක් මේ වගේ ආණ්ඩුවක ඇමතිකම් දරන්නේ කෙසේද යන්නත් ප්‍රශ්ණ කෙරුවේය.කෙසේ වෙතත් කරු ජයසූරිය අමාත්‍යවරයා ජනපති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ වී පැවසුවේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා.අණ්ඩුවේ ඇමතිවරවරයෙක් විදියට ඇත්තටම මටත් මේ ගැන ලැජ්ජයි.මේ ගැන විවිධ ආරංචි යනවා.වහාම මේ ගැන ක්‍රියා මාර්ගයක් ගෙන කීත් නොයාර් සොයා දෙන ලෙසටය.කරු ජයසූරිය ඇමතිවරයාගේ ඉල්ලීමත් සමග ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහල නිළධාරීන් සමග සිද්ධිය ගැන විමසීය.ඔහු අනතුරුව ලලිත් අලහකෝන්ද ඇමතුවේය. කොළඹ අපරාධ කොට්ඨාශය බාරව සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාාරී අනුර සේනානායක දෙහිවල පොලිස් ස්ථානයට පැමිණෙනු ඇති බවද ජනපතිවරයා එහිදී පැවසීය.කෙසේවෙතත් ඒ වන විටත් කීත් නොයාර්ගේ මාධ්‍ය මිතුරන් කණ්ඩායම ඔහු සොයා ගැනීම සදහා ගවේෂණාත්මක මෙහෙයුමක් අරඹා තිබුණි.කීත් නොයාර්ගේ දුරකථනය හා ඔවුන් සම්බන්ධවීමට ගත් උත්සාහයන් නිරර්ථක විය.එහෙත් කිසියම් අවස්ථාවක කීත් පැහැර ගත් කණ්ඩායම එම දුරකථනය ක්‍රියාත්මක කරනු ඇතැයි යන අදහස ඔවුන් තුළ පැවතුණි.ඒ නිසාම කෙටි පණිවුඩ කිහිපයක් කීත් නොයාර්ගේ දුරකථනය වෙත යැවීමට ඔවුන් කටයුතු කෙරුවේය.මේ අතර රිවිර මීඩියා කෝපරේෂන් හි බෙදාහැරීම් කළමණාකරු ගාමිණි නූකුලසේකර තම ජංගම රථයෙන් කීත් ගේ දුරකථනයට ඇමතුමක් ගත් අවස්ථාවේ එය නාදවුවද ප්‍රතිචාර දැක්වීමක් නොවීය.ඒ අවස්ථාවේ යවන ලද පණිවුඩ බෙදා හැරුණු බවට ඇඟවීමි පණිවුඩද ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමට ලැබිණි.ඉන් පසු ක්‍රිෂාන්ත කුරේ එම දුරකථන සමාගමේ ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ගෙන උපකාර ඉල්ලා සිටියේය.එම දුරකථන සමාගමේ ප්‍රධානියා කීත් ගේ දුරකථනය හා සම්බන්ධ වූ දුරකථන සංඥා කුළුණු පිළිබඳ වාර්තාවක් ලබා දුන් අතර ඒවායේ සඳහන් වූයේ එම දුරකථන සංඥා හුවමාරු වී ඇත්තේ දොම්පේ දෙකටන ප්‍රදේශයේ සංඥා කුළුනක් හරහා බවය.ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමක් එමප්‍රදේශයට ගොස් සැරි සැරූ නමුත් නිශ්චිත ස්ථානයක් පිළිබඳව අදහසක් ඔවුන් තුළ නොවීය.එහෙත් ඒ වන විටත් ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායම දොම්පෙ ප්‍රදේශයට ගිය බව පැහැරගත් කණ්ඩායමට වාර්තා වී තිබුණි.ඒ එම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටි ඔත්තුකරුවෙකුගෙන් බව පැහැදිලිය.මේ අතර තුරේදී පස්වරු පහට පමණ කීත් නොයාර් පැහැර ගැනීම කළ ස්ථානයට ආපසු ගෙන විත් දමා ඇති බව ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමට දැනගැන්මට ලැබුණි.ඔහු ජාතික රෝහළට ඇතුළත් කෙරිණි.ක්‍රිෂාන්ත කුරේ හට එහිදී දුරකථන සංඥා කුළුණු විස්තර ලබා දුන් සමාගම් ප්‍රධානියා මේ වන විට අනුර සහෝදරයාගේ ඩිජිටල් උපදේශකයා බවට පත් වී සිටී.මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට පසුව අත් අඩංගුවට ගන්නා ලද්දේ මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනු ඛණ්ඩයකට අයත් පිරිසකි.කීත් නොයාර් ගේ ජංගම දුරකථනයේ ඇමතුම් විශ්ලේෂණ අනුව ඒ හා සමගාමීව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩයට අයත් සෙබළුන්ට හිමි දුරකථන අංක පහක් ක්‍රියාත්මකව පැවැති බව පොලිස් විමර්ශන වලදී හෙළිවී තිබේ.දොම්පෙ බදුවත්ත වලව්ව නම් ස්ථානය යුද හමුදා බුද්ධි අංශය විසින් බදු ගෙන සිටි බව හෙළි වී ඇති බවට තොරතුරු හෙළි වූයේද ඒ නිසාය.කීත් නොයාර් පැහැර ගෙන ගොස් වද බන්ධන වලට ලක් කරන ලදදේ එම ස්ථානයේ බවට සැක කෙරේ.ගෝඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා සිටි අවදියේ බොහෝ මිනිස් ඝාතන වලට හා පැහැර ගෙන ගොස් වද බන්ධන වලට ලක් කරන ලද්දේ මේ අපකීර්තිමත් ට්‍රිපොලි කඳවුරේ සේවයේ නිරතව සිටි යුද හමුදා බුද්ධි සේවාවට අයත් සෙබළුන් බව පෙනී යයි.ඒ බව වඩාත් තහවුරු වන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම හා රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් මේ කඳවුරේ සේවය කර අයවළුවන් වේ.එම කඳවුර සෘජුවම ආරක්ෂක අමාත්‍යංශ ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය පවත්වා ගෙන ගිය කඳවුරකි.කෙසේ වෙතත් පසුගිය වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේදී කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එහිදී ඔහු ප්‍රශ්ණ කරන අතර තුර මුත්‍රා කිරීමේ අපහසුවක් ඇති වී එම ප්‍රශ්ණ කිරීම අවසන් කෙරුණ බව මාධ්‍ය මගින් ඒ දිනවල වාර්තා කෙරිණි.
- anandadharmapala ajithFrom:ajithdharmapala@yahoo.co.ukTo:ajithdharmapala@yahoo.co.ukMon, 3 Mar at 23:08
මිල්ටෙරි නන්දසේනට මුත්‍රා අඩස්සිය හැදුන මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියමාධ්යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු (02)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලද බව වාර්තා විය.මෙලෙස ඇප මත මුදා හරින ලද විශ්‍රාමික සෙබළුන් දෙදෙනා වූයේ මදුරාධිපති ගමගේ උපාලි සේනාරත්න හා රම්බණ්ඩාගේ නිමල් සේනාරත්න යන අයවළුන්ය.කීත් නොයාර් හට පහරදීම පිළිබඳව 2019 වර්ෂයේදී නීතිපතිවරයාගේ උපදෙස් අනුව අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්දැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය මීට පෙර ජනවාරි මාසයේදී මේ නඩුව කැඳවූ අවස්ථාවේ විමසා තිබුණාය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව හා සම්බන්ධ 11 වන හා 12 සැකකරුවන් ලෙස නම් කර ඇති මෙම විශ්‍රාමික සෙබළුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ ඉන් අනතුරුවය.මේ වන විට හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී අමල් කරුණාසේකර යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ප්‍රභාත් සීවලී බුලත්වත්ත ඇතුළු සැකකරුවන් දහ දෙනෙකු මේ වන විටත් ඇප මත මුදා හැර සිටී.ඒ අතරේ සැරයන් දුමින්ද වීරරත්න,සැරයන් හේමචන්ද්‍ර පෙරේරා,කෝප්‍රල් ලසන්ත විමලවීර ,කෝප්‍රල් නිශාන්ත ජයතිලක ,සැරයන් ලලිත් රාජපක්ෂ යන අයවළුන්ද සිටී.මෙම නඩුවෙි සැකකරුවකු වන යුද හමුදා බුද්ධි අංශයේ සැරයන්වරයකු වූ රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ හට මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමට කුමන්ත්‍රණය කිරීම ,ඔහුට හා ඔහුගේ බිරිඳට පහරදී බරපතල තුවාල සිඳු කිරීම හා ඔවුන්ගේ මෝටර් රථයට පහර දී අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ ගම්පහ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 10 දින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන්ශ්‍රී ලංකා හමුදාවේ ට්‍රිපොලි කඳවුරේ හිටපු ප්‍රධානී මේජර් ප්‍රභාත් බුලත්වත්ත නිළධාරියාට සම්බාධක පමුණවන බවට ප්‍රකාශ කර තිබේ.2008 මැයි මාසයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදී කීත් නොයාර්ට වද හිංසා පැමිණවීම සහ/හෝ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැළකීම හෝ දඬුවම් කිරීම වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වීම පිළිබඳව 7031(ඇ) වගන්තියට අනුව රාජ්‍යදෙපාර්තමේන්තුව බුලවත්ත නම් කරයි යනුවෙන් ඒ ප්‍රකාශයේ දැක්වේ.ඇමරිකානු ව්‍යවස්ථාවේ 7031(C)වගන්තියේ සදහන් වී ඇත්තේ විදේශ රාජ්‍යයන්හි නිළධාරීන් සැළකිය යුතු දූෂණයකට හෝ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වී ඇති බවට විශ්වාස දායක තොරතුරු තිබේ නම් එම පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බව හා ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කළ යුතු බවය.එසේම මෙහි තවත් සැක කරුවකු වන සැරයන් දුමින්ද වීරරරත්න මෑතකදී කරණ්දෙනිය හමුදා කඳවුරෙන් ටී පනස් හයක් හා පතුරොම් තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කෙරිණි.මොහු එම ගිණි අවිය සොරකම් කෙරුවේ මක් නිසාද යන්න ගැන පොලිස් පරීක්ෂණ වලදී හෙළි දරව් කරගැනීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැති බව අනාවරණය වූ කරුණකි.මේ සෙබළා අවුරුදු විසි දෙකක හමුදා සේවා කාලයෙන් පසු විශ්‍රාම යාම සඳහා නියමිතව තිබුණේද ඉතා කෙටි කාලයකි.විශ්‍රාම යාමට නියමිතව සිටි සෙබළෙකු ගිණි අවියක් හා පතොරම් තොගයක් සොරා ගැනීම දැඩි අවධානයට ගත යුතුව තිබුණිකීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹන ලද්දේ 2015 වසරේ යහපාලන රජය බලයට පත් වීමෙන් පසුවය. ද නේෂන් පුවත්පතේ සම කර්තෘ වරයා ලෙස කටයුතු කරන ලද කීත් නොයාර් පැහැර ගෙන යන ලද්දේ 2008 වර්ෂයේ මැයි මාසයේදීය.2018 වර්ෂයේ අගෝස්තු 20 වන දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කීත් නොයාර් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ විවිධ අපරාධ කිරීම සඳහා යුද හමුදා ඔත්තු සේවා ප්‍රධානියාගේ සහ ඉහළ පෙලේ ආරක්ෂක අංශ බලධරයන්ගේ දැනුවත් භාවය මත නිවාස කුලියට ගෙන වදකාගාර පවත්වාගෙන ගිය බවට කරණු අනාවරණය වී ඇති බවය.මරදාන ට්‍රිපොලි කඳවුර මූලස්ථානය කර ගත් දෙවන සන්නද්ධ බුද්ධි බලකාය විසින් පැහැර ගෙන යන පුද්ගලයන් රඳවා තබා ගෙන කුරිරු වද හිංසා පැමිණවීම සදහා දොම්පෙ බදුවත්ත නිවාස දෙකක් කුලියට ලබා ගෙන ඇති බවට එහිදී වැඩිදුරටත් අනාවරණය වූ බවද එම නිවාස සඳහා එක නිවසකට මාසයකට කුලී වශයෙන් රුපියල් හැට ලක්ෂයක් සෘජුවම ගෙවා ඇත්තේ මෙම නඩුවේ සැකකරුවකු ලෙස අත් අඩංගුවට ගන්නා ලද එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක හා හමුදා මාණ්ඩලික ප්‍රධානී වූ මේජර් ජනරාල් අමල් කරුණාසේකර බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර ඇත.එම වාර්තාවෙන් හෙළි වූ තොරතුරු අනුව මේජර් ජනරාල් අමල් කරුණාසේකර යටතේ එම ඒකකයේ ප්‍රධානියකු ලෙස මේජර් ප්‍රභාත් සීවලී බුලන්වත්ත කටයුතු කර තිබේ.ඔහු ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තරයේද සඳහන් කර ඇත.මේජර් සීවලී බුලන්වත්ත ඒ බව පවසා ඇත්තේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන විටය.මේජර් බුලන්වත්ත එසේ ප්‍රකාශ කෙරුවද මේජර් ජනරාල් අමල් කරුණාසේකර හා එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක එම වධකාගාර ගැන තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණේ බුද්ධි අංශ මගින් කුලියට ගත් එම නිවාස ගැන හෙළි කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමිනි.මෙම ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහයෝගය නොදැක්වීම පිළිබඳව ඒ ගැන කරුණු විමසා එම දෙපාර්තමේන්තුව ඒ දිනවල හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න වෙත ලිපි කිහිපයක් යවා ඇතත් එම ලිපි කිසිවකට ඔහු පිළිතුරු සපයා නැති බවද හෙළි වී තිබුණි.2008 මැයි 22 වන දින මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යන ලද්දේ දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීය.ඔහු පැහැර ගැනීමත් සමගම ක්‍රියාත්මක වූ ඔහුගේ මිත්‍රයන් ගේ මැදිහත් වීම නිසා ඔහුට ජීවිත ආරක්ෂාව සහතික විය.එහෙත් පැය කිහිපයකට පසු කීත් නොයාර් හමුවන විට ඔහු මෙලේච්ඡ වද බන්ධන වලින් අතිශය හිංසාවට පත් වී සිටියේය.කීත් නොයාර් පැහැර ගැනීමට පැය කීපයකට පෙර ඔහු රිවිර මීඩියා කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිළධාරී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ,හා ද නේෂන් හි ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් සමග කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ක්වින්ස් හෝටලයේ රාත්‍රී ආහාරය ගෙන තිබේ.රාත්‍රී දහයට පමණ තිදෙනා වෙන වෙනම ඉන් පිටව ගොස් ඇත.කීත් නොයාර් ඒ එන මගදී සිය බිරිඳට දුරකථන ඇමතුමක් ගෙන තමා නිවස බලා එමින් සිටින බවත් ඉදිරි දොර යතුරු දමා නොතිබන ලෙසටත් ඉල්ලා තිබේ.කීත් නොයාර් ගේ බිරිඳ වූ රෝෂිණී එසේ කර බොහෝ වෙලාවක් ගත වී ඇතත් ඔහුගේ නොපැමිනීම ගැන ඇය නැවත විමසිලිමත් වූවාය.එහිදී ඇයට ඇයට දැක ගත හැකි වූයේ තම නිවසේ ගේට්ටුව ඉදිරිපිට සැමියාගේ මෝටර් රථය ඇති බවත් එහි ඉන්ජිම ක්‍රියාත්මකව රියදුරු අසුන පැත්තේ දොර විවෘතව පවතින බවත්ය.එහෙත් එහි කීත් නොසිටියේය.ඉන් බියට පත් ඇය ඒ පිළිබඳව ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ගාමිණි අබේවර්ධනට දුරකතනය මගින් දැනුම් දුන්නාය.ගාමිණි අබේවර්ධන ඒ බව ලලිත් අලහකෝන්ටදැනුම් දුන් අතර ඔහු ඒ ගැන ක්‍රිෂාන්ත කුරේ දැනුවත් කෙරුවේය.මේ අතරවාරයේ ලලිත් අලහකෝන් සිද්ධිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කෙරුවේය.ක්‍රිෂාන්ත කුරේ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වූ කරු ජයසුරිය හටදුරකථන ඇමතුමක් ගෙන කීත් නොයාර්ගේ අතුරුදන් වීම ගැන පවසා ආව්ගශීව සර් වගේ ශීලාචාර ශිෂ්ඨ සම්පන්න මිනසෙක් මේ වගේ ආණ්ඩුවක ඇමතිකම් දරන්නේ කෙසේද යන්නත් ප්‍රශ්ණ කෙරුවේය.කෙසේ වෙතත් කරු ජයසූරිය අමාත්‍යවරයා ජනපති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ වී පැවසුවේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා.අණ්ඩුවේ ඇමතිවරවරයෙක් විදියට ඇත්තටම මටත් මේ ගැන ලැජ්ජයි.මේ ගැන විවිධ ආරංචි යනවා.වහාම මේ ගැන ක්‍රියා මාර්ගයක් ගෙන කීත් නොයාර් සොයා දෙන ලෙසටය.කරු ජයසූරිය ඇමතිවරයාගේ ඉල්ලීමත් සමග ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහල නිළධාරීන් සමග සිද්ධිය ගැන විමසීය.ඔහු අනතුරුව ලලිත් අලහකෝන්ද ඇමතුවේය. කොළඹ අපරාධ කොට්ඨාශය බාරව සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාාරී අනුර සේනානායක දෙහිවල පොලිස් ස්ථානයට පැමිණෙනු ඇති බවද ජනපතිවරයා එහිදී පැවසීය.කෙසේවෙතත් ඒ වන විටත් කීත් නොයාර්ගේ මාධ්‍ය මිතුරන් කණ්ඩායම ඔහු සොයා ගැනීම සදහා ගවේෂණාත්මක මෙහෙයුමක් අරඹා තිබුණි.කීත් නොයාර්ගේ දුරකථනය හා ඔවුන් සම්බන්ධවීමට ගත් උත්සාහයන් නිරර්ථක විය.එහෙත් කිසියම් අවස්ථාවක කීත් පැහැර ගත් කණ්ඩායම එම දුරකථනය ක්‍රියාත්මක කරනු ඇතැයි යන අදහස ඔවුන් තුළ පැවතුණි.ඒ නිසාම කෙටි පණිවුඩ කිහිපයක් කීත් නොයාර්ගේ දුරකථනය වෙත යැවීමට ඔවුන් කටයුතු කෙරුවේය.මේ අතර රිවිර මීඩියා කෝපරේෂන් හි බෙදාහැරීම් කළමණාකරු ගාමිණි නූකුලසේකර තම ජංගම රථයෙන් කීත් ගේ දුරකථනයට ඇමතුමක් ගත් අවස්ථාවේ එය නාදවුවද ප්‍රතිචාර දැක්වීමක් නොවීය.ඒ අවස්ථාවේ යවන ලද පණිවුඩ බෙදා හැරුණු බවට ඇඟවීමි පණිවුඩද ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමට ලැබිණි.ඉන් පසු ක්‍රිෂාන්ත කුරේ එම දුරකථන සමාගමේ ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ගෙන උපකාර ඉල්ලා සිටියේය.එම දුරකථන සමාගමේ ප්‍රධානියා කීත් ගේ දුරකථනය හා සම්බන්ධ වූ දුරකථන සංඥා කුළුණු පිළිබඳ වාර්තාවක් ලබා දුන් අතර ඒවායේ සඳහන් වූයේ එම දුරකථන සංඥා හුවමාරු වී ඇත්තේ දොම්පේ දෙකටන ප්‍රදේශයේ සංඥා කුළුනක් හරහා බවය.ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමක් එමප්‍රදේශයට ගොස් සැරි සැරූ නමුත් නිශ්චිත ස්ථානයක් පිළිබඳව අදහසක් ඔවුන් තුළ නොවීය.එහෙත් ඒ වන විටත් ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායම දොම්පෙ ප්‍රදේශයට ගිය බව පැහැරගත් කණ්ඩායමට වාර්තා වී තිබුණි.ඒ එම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටි ඔත්තුකරුවෙකුගෙන් බව පැහැදිලිය.මේ අතර තුරේදී පස්වරු පහට පමණ කීත් නොයාර් පැහැර ගැනීම කළ ස්ථානයට ආපසු ගෙන විත් දමා ඇති බව ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමට දැනගැන්මට ලැබුණි.ඔහු ජාතික රෝහළට ඇතුළත් කෙරිණි.ක්‍රිෂාන්ත කුරේ හට එහිදී දුරකථන සංඥා කුළුණු විස්තර ලබා දුන් සමාගම් ප්‍රධානියා මේ වන විට අනුර සහෝදරයාගේ ඩිජිටල් උපදේශකයා බවට පත් වී සිටී.මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට පසුව අත් අඩංගුවට ගන්නා ලද්දේ මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනු ඛණ්ඩයකට අයත් පිරිසකි.කීත් නොයාර් ගේ ජංගම දුරකථනයේ ඇමතුම් විශ්ලේෂණ අනුව ඒ හා සමගාමීව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩයට අයත් සෙබළුන්ට හිමි දුරකථන අංක පහක් ක්‍රියාත්මකව පැවැති බව පොලිස් විමර්ශන වලදී හෙළිවී තිබේ.දොම්පෙ බදුවත්ත වලව්ව නම් ස්ථානය යුද හමුදා බුද්ධි අංශය විසින් බදු ගෙන සිටි බව හෙළි වී ඇති බවට තොරතුරු හෙළි වූයේද ඒ නිසාය.කීත් නොයාර් පැහැර ගෙන ගොස් වද බන්ධන වලට ලක් කරන ලදදේ එම ස්ථානයේ බවට සැක කෙරේ.ගෝඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා සිටි අවදියේ බොහෝ මිනිස් ඝාතන වලට හා පැහැර ගෙන ගොස් වද බන්ධන වලට ලක් කරන ලද්දේ මේ අපකීර්තිමත් ට්‍රිපොලි කඳවුරේ සේවයේ නිරතව සිටි යුද හමුදා බුද්ධි සේවාවට අයත් සෙබළුන් බව පෙනී යයි.ඒ බව වඩාත් තහවුරු වන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම හා රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් මේ කඳවුරේ සේවය කර අයවළුවන් වේ.එම කඳවුර සෘජුවම ආරක්ෂක අමාත්‍යංශ ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය පවත්වා ගෙන ගිය කඳවුරකි.කෙසේ වෙතත් පසුගිය වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේදී කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එහිදී ඔහු ප්‍රශ්ණ කරන අතර තුර මුත්‍රා කිරීමේ අපහසුවක් ඇති වී එම ප්‍රශ්ණ කිරීම අවසන් කෙරුණ බව මාධ්‍ය මගින් ඒ දිනවල වාර්තා කෙරිණි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment