නීතියෙන් කටිටි පනින දේශබන්දු අළුත්කඩෙන් මතුවේ
අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක පදවියට පත් උයන්ගොඩ මෛත්‍රී මුර්ති නාහිමිපාණන් හට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට පසුගියදා සහභාගිවූ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා සභාව අමතා "නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ ආයතනයේ කෙනා නීතියෙන් කට්ටි පනිමින් ඉන්නවා නම් පොදු පුරවැසියන්ට කෝමද අපි නීතියට යටත් සමාජයක් සඳහා ආරාධනා කරන්නේ කෝමද" යැයි පැවසුවේය
මෙහිදී නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ ආයතනයේ කටිටි පනින කෙනා වශයෙන් ජනපතිවරයා හැඳින්වූයේ මේ වන විට සැඟවී සිටින හිටපු පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් ගැන බව පැහැදිලිය.
දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ මාතර මහේස්ත්‍රාත්වරයා දෙන ලද නියෝගයේ මෙසේ දැක්වේ.
".....අපරාධයකට ආධාර අනුබල දීමක් කළහොත් එම තැනැත්තන්ද අපරාධ වගකීමට යටත් වෙයි.W 15 හෝටලයට වෙඩි තබා අනර්ථයක් සිදු කිරීමේ වරදට
නිත්‍යනුකූල නොවූ නියෝගයක් ලබා දුන් දේශබන්දු තෙන්නකෝන්ගේ එම නිත්‍යනුකූල නොවූ අරමුණ සාක්ෂාත් කිරීමට 7225 වෑන් රියේ ගමන් කළ අට දෙනා පොදු අරමුණක් ඇතිව කටයුතු කර තිබේ.වෙඩි තැබීම ඊට පහසු වන ලෙස රථය මෙහෙයවීම එම ක්‍රියාවට සහාය දැක්වීම ,සිදු වීමෙන් පසු එය අනාවරණය කිරීම වැලැක්වීමට සාමූහිකව කටයුතු කිරීම අනුව සමස්ත ක්‍රියාවලිය තුළ දේශබන්දු තෙන්නකෝන් අනීතිකව කටයුතු කර ඇත.ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් 08 දෙනා W 15 හෝටලයට අනර්ථය සිදු කිරීමට හා සාපරාධී බලහත්කාරය පෑමට කටයුතු කර ඇත.වෑන් රියේ නිළධාරීන් 07 දෙනාට නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ චෝදනාව පැවරිය හැකිය.එම නීති විරෝධී අරමුණ සාක්ෂාත් කර ගැනීමට සිය බලය තනතුර භාවිතා කරමින්ද යටක් නිළධාරීන් මෙහෙයවමින්ද රජය පොලීසියට නිකුත් කළ වාහන ගිණි අවි
උණ්ඩ සහ සෙසු සම්පත් භාවිතා කරමින් වරදක් කිරීමට මෙම නිළධාරීන් පිරිස හිතාමතාම මෙහෙයවීමට කටයුකු කර ඇත.එම ක්‍රියාවලිය අතර මදුරංඟ නිළධාරියා මරණීය ආයුදයක් වන ස්වයංක්‍රීය වර්ගයේ රැළි තුවක්කුවකින් වෙඩි තැබීමෙන් W 15 හෝටලයට අනර්ථයක් කර තිබේ.මෙය සහ තවත් චෝදනා යටතේ දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යා හැකිය.දේශබන්දු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රපොප උපුල් එම විමර්ශන කටයුතු ව්‍යාකූල හා අර්ථ ශුන්‍ය කිරීමට හා සත්‍ය හෙළිවීම වැළැකවීමට කටයුතු කර ඇත.හරක් කටා ගේ ගෝලයන් ගැන වැටලීමකට මෙම නිළධාරීන් යොමු කළ බව හැඟවීමකට ලේඛන සහ සටහන් පසුව ව්‍යාජ ලෙස නිර්මාණය කර අධිකරණයට ඉදිරිපත් කර ඇත.සිඳුවීම පිළිබඳ බොරු සාක්ෂි හා ප්‍රකාශ ලබා දී ඇත.වැලිගම පොලිස් ස්ථානාධිපති උපුල් දේශබන්දු ගේ අසත්‍ය සාක්ෂි නිර්මාණයට හිතාමතාම දායක වී ඇත.මදුරංඟ වෙඩි තැබූ උණ්ඩ සංඛ්‍යාව පිළිබඳ වැරදි සංඛ්‍යාත්මක අගයන් ඔහු ඇතුළත් කර ඇත.වෙඩි තැබීමෙන් ඉතිරි උණ්ඩ සංඛ්‍යාව සහ හිස් පතොරමි කොපු සංඛ්‍යාව ගැන දෝෂ සහිත සටහන් යොදා ඇත .පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමට පටහැනිව හා අකීකරුව ක්‍රියා කර ඇති ඔහුට වෙනම නඩුකරයක් පැවරීමට කටයුතු ඇරඹිය යුතුය.."
මෙහිදී ටිරාන් අලස්ට අපරාධ වගකීමක් තිබේද යන්න පිළිබඳවත් මාතර මහේස්ත්‍රාත්වරයා මෙසේ සඳහන් කර තිබේ.
"....ටිරාන් අලස් කර ඇත්තේ මිියගිය පොලිස් නිළධාරියාට නීතිමය කාර්ය පටිපාටියෙන් බාහිරව පොලිස් තෑගි මුදලින් හා ජනාධිපති අරමුදලෙන් වන්දි ලබා දීමට මැදිහත් වීමයි.ඊට අමතරව ඔහු සිදුවීම සාධාරණීකරණය කිරීමටද මැදිහත් වී තිබේ.එහෙත් ඔහු වැරදි සඳහා මැදිහත් වීමක් නොපෙනේ.එහෙත් මුල් සිඳුවීමට සාපරාධී වගකීමක් ටිරාන් අලස්ගේ ඇත්තේද යන්න තවදුරටත් විමර්ශනය කළ යුතු යැයි..." එහිදී මහේස්ත්‍රාත් වරයා පවසා ඇත.
කෙසේවෙතත් මාතර මහේස්ත්‍රාත්වරයා විසින් දේශබන්දු තෙන්කෝන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ප්‍රකාශයට පත් කරන ලද දින සිට ඔහු අතුරුදන් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරන ලද්දේ පොලිස්පති දේශබන්දු අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණඩායම් හයක් යොදවා ඇති බවය.
දේශබන්දු තෙන්නකෝන් අධිකරණය බාර වීමට නොපැමිණ තව දුරටත් සැඟවී සිටිය හොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති පරිදි ඔහුගේ දේපොල රාජසන්තක කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පැවසීය.
පොලීසිය සිය පොලිස්පතිවරයා අත් අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් දියත් කරන විට දේශබන්දු තෙන්නකෝන් අද (10) දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සදහා ලබා දී ඇති නියෝගය අත් හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලාෆාර් තාහීර් හා සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම සළකා බලන ලද අතර විනිසුරු මඩුල්ල නියෝග කරන ලද්දේ වග උත්තරකරුවන්ට නොතීසි ලබා දීමෙන් අනතුරුව ඉදිරි 12 වන දින පෙත්සම සළකා බලන බවය.
මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා අධිකරණයට කරුණු දක්වමින් පවසන ලද්දේ 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සිඳු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත් අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත් එම නියෝගය නීතියට පටහැනි බවත්ය.ඔහුගේ මූලික තර්කය වී තිබුණේ සිද්ධියෙන් මිය ගිය පොලිස් නිළධාරියා පිළිබඳව සාක්ෂි කිහිපයක් පමණක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවත් එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන් අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයකුට බලයක් නොමැති බවත්ය.එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම වලක්වා ගනිමින් නියෝගයක් හෝ අඩුම තරමේ එවැන්නක් සිදු වූ බවට සහතිකයක් ලබා දෙන ලෙසය.මෙහිදී අභියාචනාධිකරණය සභාපති විනිසුරු ලාෆාර් තාහීර් විසින් පැවසුවේ "පෙත්සම්කරු සතියක් කරදරයක් නැතුව සිටියනේ.ඉදිරියටත් එසේ ඉඳීවි" යනුවෙනි.
කෙසේ වෙතත් අභියාචනාධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන් වෙත ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් මුළු රටම අවධානයෙන් හා උනන්දුවෙන් සිටින බව පැහැදිලිය.ජනපති අනුර සහෝදරයා අමරපුර මහ නිකායේ අක්ත පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේ සඳහන් කළ ආකාරයට නීතිය හා සාමය මෙරට ස්ථාපිත කරන ආයතනයේ කෙනාගේ නීතියෙන් කට්ටි පැන යාම අභියාචනාධිකරණය සාධාරණීකරණය කරාවිද යන්න ගැන අපට අදහසක් නැත.එහෙත් මෑත කාලයේ මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් මේ හා සමාන අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීම සඳහා අභියාචනාධිකරණයෙන් ඉල්ලූ රිට් ආඥා ඉල්ලන ලද අවස්ථා ගණනාවක් අපට සිහිපත් වේ.ඒ සෑම අවස්ථාවකම පෙත්සම්කරුවන් ඉල්ලන ලද සහනයන් ප්‍රදානයන් කෙරුන බවට වූ පූර්වාදර්ශයන්ද බොහොමයකි.මේ නිසාම දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කරන ලද සහනය ඔහුට අභියාචනාධිකරණය වෙතින් හිමි විය හැකි බව මෙරට ජනතාව තුළ මේ වන විටත් සාකච්ඡා වෙමින් තිබේ.එය එසේ වුව හොත් ජාජබයේ කන්‍යා භාවයට බරපතල හානියක් විය හැක්කේ දේශබන්දු තෙන්නකෝන්ගේ පූර්වගාමී චර්යාව පිළිබඳව මෙරට ජනතාව තුළ ඇති අප්‍රසාදය නිසාමය.
අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලාෆාර් තාහීර් ගේ නම පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෝජනා වූ විට අගවිනිසුරු වරිය වන මුරුදු ප්‍රනාන්දු එය නිර්දේශ කිරීම වැලකී සිටි බව වාර්තා වූ බවද අපට මෙහිදී අමතක කරන්නට නොහැකිය. අභියාචනාධිකරණ වැඩ බලන සභාපති විනිසුරු මොහාමඩ් ලාෆාර් තාහීර් දැන් සිටින්නේ සිය ආගමික දර්ශනයේ උත්තරීතර කැප කිරීම් කරන නෝම්බි උපවාස චාරිත්‍රය පිළිපදින සමයේය.රාමසාන් උපවාස සමය අල්ලාහ් දෙවියන් විසින් මුස්ලිම් බැතිමතුන්ට අනිවාර්ය කරන ලද සිවුවන වගකීම වේ.
" විශ්වාසවන්තයෙනි,ඔබට පෙර වූ සමාජයන් වෙත අනිවාර්ය කළ පරිදි ඔබටද උපවාස ශීලය අනිවාර්ය කර තිබේ.(එහෙයින්) ඔබට පවිත්‍ර වීමට අවස්ථාව තිබේ" යනුවෙන් ශුද්ධ වූ කුරාණයේ සඳහන් වී ඇත.
Comments
Post a Comment