ජාජබ ආණ්ඩුවට පාකින්සන් වැළඳිලාද


 හිටපු පොලිස්පති දේශබන්දු අත් අඩංගුවට ගැනීමට තවමත් පොලීසියට හැකිවී නැත.මේ වන විට පොලීසිය පමණක් නොව හමුදා බුද්ධි අංශවලටද දේශබන්දු සෙවීමේ රාජකාරිය පවරා ඇතැයි වාර්තා වේ.මෙහිදී අපට මතක් වෙන්නේ කුඩා දරුවන් කරන ක්‍රීඩාවකි.

ඒ එක දරුවකු විසින් ⁣දුවන සෙස්සන් අල්ලා ගැනීමේ ක්‍රීඩාවයි.මෙහිදී දිව යන දරුවන් පවසන කියමනක් වේ.ඒ
අත්තාපල් මුත්තාපල් 
රෑන ගලේ ගල කෙටුවත් 
මං නම් අල්ලන්නට බෑ යනුවෙනි.එසේ දිව යද්දී අල්ලයි මගෙ වලිගේ යනුවෙන් විහිළුද කෙරේ.

දේශබන්දු තෙන්නකෝන් සමග ආණ්ඩුව අත්තාපල් මුත්තාපල්⁣ සෙල්ලම කරමින් සිටී.හිටපු පොලිස්පතිවරයා සැඟවී සිටින ස්ථානය ගැන ආණ්ඩුව නොදැන සිටීම මෙරට බුද්ධි අංශ පිළිබඳව පවා ජනතාව තුළ සැකයක් ඇති විය හැකි හේතුවක් වන්නේය.දේශබන්දු අතුරුදන් වූයේ ඔහුගේ මවගේ ආදාහන කටයුතු සිදු කළ දින සවස සිටය.එදින රාත්‍රී මොහු නිදහස් වෙළඳ කළාපයට ඇතුළු වූ බවට බුද්ධි තොරතුරක් ලැබී තිබුණි.එතැන් සිට ඔහු ආගිය තැනක් නැත.

ජනපති අනුර සහෝදරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කෙරුවේ ඊට පසු දින හිටපු පොලිස්පතිවරයා ⁣අධිකරණයට බාර වන බවය.මේ ප්‍රකාශය අනුර සහෝදරයා කරන්නට ඇත්තේ ඔහුට ලැබුණ විශ්වාස දායක තොරතුරක් මත බව අපට විශ්වාසය.එහෙත් එදින දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට බාර වූයේ නැත.එය එසේ වූයේ නම් ජනපති අනුර සහෝදරයාට සාවද්‍ය තොරතුරක් ලබා දීමෙන් ඔහු අපහසුතාවට පත් කරවීමේ කුමන්ත්‍රණයක් ති⁣බු⁣නාද යන්න ගැන සැකයක් මතුවේ.ඒ මන්ද යත් එම තොරතුරු අනුර සහෝදරයාට ලබා දෙන්නට ඇත්තේ බුද්ධි අංශ ප්‍රධානියකු හෝ ආරක්ෂක අංශ ප්‍රධානියකු නිසාය.

අපට ලැබෙමින් පවතින තොරතුර අනුව ජනපති අනුර සහෝදරයා ඇතුළු ජාජබ ආණ්ඩුව අපහසුතාවට පත් කරවීමට මෙවැනි කුමන්ත්‍රණකාරී සැළසුම් ⁣ගණනාවක්ම ඉදිරියේදී මුදා හැරීමට නියමිතය.මේ වන විට ජාතික බුද්ධි සේවාවේ තොරතුරු එක්තරා සුපිරි  ව්‍යාපාරියෙකුට ලබා දෙමින් තිබේ.ඒ සඳහා එම සුපිරි ව්‍යාපාරිකයා විසින් ගෙවන මිල ඉතා ඉහලය.ඒ අතරේම ක්‍රිෂ් ගණුදෙනුවේ සැක කාරයකු වන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරද මේ ගනුදෙනුවල සාමාජිකයෙකි.
ජාතික ජන බලවේගය හා සම්බන්ධ
 පොලිස් විශ්‍රාමිකය ආණ්ඩුවේ සොහොන කපමින් සිටින බව නම් කිව යුතුමය.

ශිරන්ති රාජපක්ෂට හිමි මුදල් බවට සැක කළ හැකි බිලියන දොළහක මුදල් ගිනුම්ගත කරන ලද බැංකු ගිනුම් හයසිය තිස් පහක් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද පාස්ටර් ජෙරම් සතුව තිබේ.එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති කාර්යාලයට තොරතුරු වාර්තා කර ඇත්තේ පාස්ටර් ජෙරම් ගේ බැංකු ගිනුම් හයක ගිනුම් විස්තර පමණකි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ඒ සම්බන්ධයෙන් නීතිපති කාර්යාලයට පවසා ඇත්තේ නාමල් රාජපක්ෂගේ බලපෑම නිසා තමාට එසේ රාජකාරි කිරීමට සිදුවූ බවය.මෙහිදී අතරමැදි පණිවුඩකරු ලෙස පෙනී සිට ඇත්තේ නීතිඥ දොළවත්ත බව අනාවරණය වී තිබේ.අප මේ ලියන්නේ සත්‍යයද නැද්ද යන්න තහවුරු කර ගැනීම⁣⁣ට ජාජබ ආණ්ඩුවේ ප්‍රබලයෙකුට පුළුවන.ඒ නීතිපති කාර්යාලයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ගොනුව ගැන විමසීමෙනි.

මේ සියල්ල ගැන විමසා බලන විට අපට සිතී යන්නේ ආණ්ඩුවේ හිසට ඕනෑ විදියට අත පය හැසිරෙන්නේ නැති බවය.⁣සාමාන්‍ය මිනිසෙකුට මේ රෝගය හඳුන්වන්නේ පාකින්සන් නමිනි. සැබැවින්ම ආණ්ඩුවට පාකින්සන් රෝගය වැළඳී ඇතැයි අපට සිතෙන්නේ කරන කියන හා වැඩ සිද්⁣ධවෙන ආකාරය දිහා බලන විටය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්