මෙන්න පරණ පොලිස් ඔළුවක වැඩ කිඩ
ඔහු එම ධුරයේ වැඩ බාර ගැනීම සඳහා පැමිණෙන්නේ
ඔහුගේ නිල රථයට ඉදිරියෙන් පොලිස් යතුරු පැදි දෙකක්ද ඒ පිටුපසින් සුඛෝපභෝගී රථයක්ද සමග සංදර්ශනාත්මකවය.
ඔහුගේ නිල රථයට ඉදිරියෙන් පොලිස් යතුරු පැදි දෙකක්ද ඒ පිටුපසින් සුඛෝපභෝගී රථයක්ද සමග සංදර්ශනාත්මකවය.
මෙරට ජනපති අනුර කුමාර සහෝදරයා ගමන් කරන නිල රථය ඉදිරිපසින් පවා පෙර ගමන් යතුරු පැදි ගමන් නොකරන වට පිටාවක ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට වැළඳී ඇති ප්‍රභූ සංදර්ශන මේනියාව ප්‍රශ්ණ සහගතය.
වර්තමානයේදී මහජන ආරක්ෂක ඇමතිවරයාගේ හා නියෝජ්‍ය ඇමතිවරයාගේ නිල රථ ඉදිරිපසින් ගමන් කෙරෙන පොලිස් යතුරු පැදි දකින්නට නැත.ආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන්ද ගමන් බිමන් යන්නේ සාමාන්‍ය පුරවැසියන් යන එන විදියටය.
පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක සිය ෆේස් බුක් පිටුවේ මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ධුරයේ වැඩ බාර ගැනීමට පැමිණි ආකාරය ගැන
සටහනක් ලියා ඇත්තේ ඒ අවස්ථාවේ ඡායාරූපද සමගිනි.
නන්දන ගුණතිලක ලියවිල්ල මෙසේය
"...පානදුරට පරණ ඔළුවක් තියෙන පිස්සු පොරක් එවල....මේ පෙරහැරෙන් පෙන්නුම් කරනවා මෙයා රටේ සිද්ධ වෙච්ච වෙනස්කම් දශමයක්වත් තකන කෙනෙක් නොවෙන බව
SYSTEM CHANGE
ඔය සුදු පාට ජිප් රථය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ නිළ රථයද CAB 3222..."
නන්දන ගුණතිලක සිය සටහනේ සඳහන් කර ඇති වාහනයේ අංකය දැක්වෙන වාහනය එහි ඇති ඡායාරූපවල දැක්වේ.එම සුඛෝපභෝගී රථය ඇතැම් විට ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික වාහනය වෙන්නටද පුළුවන.
මේ පොලිස්කාරයාගේ මේනියාව ගැන අපටත් ලියන්නට ඇත්තේද නන්දන ගුණතිලක ලියා ඇති දේ සම්පූර්ණ ඇත්ත බවය.
ඇත්තටම මේ පොලිස් ලොක්කා පරණ ඔළුවක් තියෙන පිස්සු පොරක් බව නම් හොඳටම පැහැදිලිය.ඒ කෙසේ වෙතත් මෙවැනි පොලිස් ලොක්කන්ගේ ඔළු අලුත් විදියට හැදීම පොලිස්පතිගේ යුතුකම හා වගකීමය.
Comments
Post a Comment