Posts

ඉගෙන ගන්න අයට ඉහළ උසාවියෙන් අපූරු තීන්දුවක් දීලා

Image
පසුගියදා අභියාචනාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දී තිබේ. එම නඩු තීන්දුව විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන හා ඒවායේ පවත්වන විභාග වලට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා වැදගත් තීන්දුවකි. ආර්. ඒ. ඩී. සශින්ද්‍යා රණසිංහ යන ශිෂ්‍යාව වර්ෂ 2023 ජනවාරි මස 08 වන දින ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ව්සින් පැවැත්වූ නීතිවේදි ප්‍රවේශ විභාගයට (LLB Entrance)  පෙනී සිට ඇත.එහෙත් ඇයටඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබෙි.ඉන් අනතුරුව ඇය විසින් විසින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව එකී විභාගයේ ඇය ලියූ පිළිතුරු පත්‍රය (Answer Scripts) හා ලකුණු ලබාදුන් පදනම (Making Scheme) යනාදිය විවෘත විශ්ව විද්‍යාලය පරිපාලනය වෙතින් ඉල්ලා ඇත.  විවෘත විශ්ව විද්‍යාලීය තොරතුරු නිලධාරීයා විසින් 2023. 10. 17 දිනැති ලිපිය මඟින් එම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.එහිදී එම තොරතුරු නිළධාරියා පවසා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (1) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු පෞද්ගලික ඒවා බවත් , ඒවා හෙළිදරව් වීම විශ්ව විද්‍යාලීය විභාග ක්‍රමවේදයට හා එහි කාර්ය පටිපාටියට හානිකර බවය. ...

කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගනී

Image
  ශ්‍රී ලංකා ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත්තේ යැයි පැවසෙන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හරින ලද එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසයි.  ඇප මත මුදා හැර සිටි කපිල චන්ද්‍රසේනට අධිකරණය මගින් ප්‍රකාශිත ඇප අවලංගු   කර ඔහු නැවත අත් අඩංගුවට ගන්නා ලෙසට ඊයේ (07)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කෙරුවේය.ඒ අල්ලස් කොමිසම මෝෂමකින් ⁣මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් කරන ලද ඉල්ලීමක් සළකා බලමිනි. අලුත්කඩේ අධිකරණය සමීපයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 15000ක් බැගින් වූ මුදල් ගෙවා එම පුද්ගලයන් ඇපයට තබමින් කපිල චන්⁣ද්‍රසේන ඇප කොන්දේසි කඩ කර ඇති බව හා අධිකරණයට අපහාස කර ඇති හෙයින් ඔහුගේ ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර  ගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම එම මෝෂම මගින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ⁣ඉල්ලා සිටින ලදී.                 රී ලංකන් ගුවන්  සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සියදිවි නසාගෙ...

ඇමති කියන හැටියට වැඩ කරන්න යැයි අගමැති ලේකම් පැවසුවා හිටපු ලේකම්වරිය සාක්ෂි දෙමින් කියයි

Image
  අධ්‍යාපන සුදුසුකම් නැති පාක්ෂික  හිතවතුන් පිරිසක් රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසට තමන්ට යහපාලන සමයේදී කාන්තා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන  ඇමතිවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි බණ්ඩාර තමන්ට බලපෑම් කළ බව එම අමාත්‍යංශයේ  හිටපු ලේකම් වරිය වන දර්ශනා සේනානායක පසුගිය 05 වෙනිදා කොළඹ මහාධිකරණයේ සාක්ෂි දෙමින් පැවසුවාය. වැඩි දුරටත් සාක්ෂි දුන් හිටපු ලේකම්වරිය මෙසේද පැවසුවාය. ඒ අවදියේදී වියලි කලාප සංවර්ධන වැඩ සටහනට අදාලව කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව සේවකයන් 12 දෙනෙකු බඳවා ගැනීමට තිබුණා. ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් දැන්වීම් ප්‍රසිද්ධ කර අයදුම්කරුවන් නිසි සම්මුඛ පරීක්ෂණ කැඳවා ඉන් සමත් වන අයවළුන් බඳවා ගැනීම නිසි ක්‍රම වේදය වුනා.ඒත් ඇමතිවරිය නිත්‍යනුකූල ක්‍රම වේදයෙන් තොරව අනුරාධපුරයේ පදිංචි තමන්ගේ දේශපාලන පාක්ෂිකයන්  දාල තනතුරු වලට බඳවා ගන්නා ලෙසට මට බලපෑම් කෙරුවා.එහිදී එම තනතුරු වලට බඳවා ගන්නා ලෙසට මට එවන ලද නාම ලේඛනයේ නම් සඳහන් අයවළුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් පවා සටහන් වී තිබුණේ නැහැ. ඊටත් වඩා...

රංඟ රාජපක්ෂ සිය දිවි හානි කරගෙන ඇති බව තහවුරු වේ

Image
  මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා පසුගිය 30 වෙනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි. ඔහුගේ පාදයක සහ අතක කැ.පුම් තුවාල තුනක් දක්නට ඇති බවත් ඒ අනුව මෙය සිය දිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළේය. සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පසුගිය 01 දා පස්වරුවේ සිදු කෙරුණි. ඒ අනුව මෙම මරණය ඔහු විසින් සිදුකරගත් තුවාල මත සිදුවූ දි.වි නසාගැනීමක් බව මරණයට හේතුව සෙවීම සඳහා පත්කෙරුණු අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුව තහවුරු කර ඇත.

සිසුවෙකු අපයෝජනය කළ දහම් පාසැල් ගුරෙකුට සිර දඬුවම්

Image
  පහලොස් හැවිරිදි සිසුවෙකු බරපතළ අපයෝජනයට ලක් කල දහම් පාසැල් ගුරුවරයෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලීන්ද හේවාවසම් මහතා විසින් වසර 24 ක, සිර දඬුවමක් (30) නියම කරමින් සිය තීන්දුව ලබා දෙන ලදි. මෙලෙස මහාධිකරණයෙන් සිර දඬුවම් නියම වූයේ මොණරාගල ඇතිමලේ පදිංචි , ඌරූමුත්ත ගමගේ චන්දන නමැති 47 වියැති දහම් පාසැල් ගුරුවරයෙකුටය. චූදිත 2015 වසරේදී වින්දිත පිරිමි ළමයා සිය පාපැදියේ නංවාගෙන රහසිගත ස්ථානයකට රැගෙන ගොස් එහිදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබූ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.චෝදනා දෙකක් චූදිතට එරෙහිව ඔප්පුවී තිබුණි ,ඒ අනුව එක චෝදනාවකට වසර 12 බැගින් වසර 24 ක ,සිර දඬුවම් නියම කෙරුණු අතර,එම දඬුවම වසර 12 ක ,කාලයකින් ගෙවී යන පරිදි එක්වර ක්‍රියාත්මක කිරීමටද නියෝග කෙරිණි. රජයේ අධිනීතීඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණල්ල වෙනුවෙන් පෙනී සිටියේය.චූදිතට එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක් සහ වින්දිත සිසුවාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 05 ක ,මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කරන ලදි.

හිටපු ජනපති මහින්ද හා හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නඅල්ලස් කොමිසමෙන් කැඳවීමක්

Image
  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ඇමති පියංකර ජයරත්නට මැයි මස 12 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිට එම කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට ගැන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම කොමිසම විසින් සිතාසි නිකුත් කර තිබේ. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි. ඒ ප්‍රංශ එයාබස් සමාගමේ ගනු⁣දෙනු සම්බන්දයෙන් සිදුකළ ජාත්‍යන්තර විමරශනයකදී අනාවරණය වූ කරුණු අනුවය. එහිදී එම සමාගම කපිල චන්ද්‍රසේනලාහට අල්ලස් මුදල් ලබාදී ලංකාවේ අතිවශාල ගනුදෙනුවට සහාය ලබාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත ප්‍රකාරව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගත් අතර පසුව මැයි මස 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ක...

අටමස්ථානාධිපති නායක හිමිට කුලප්පුව හැදිලා

Image
  අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වූ අපරාධමය වරදකට පොලිස් අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. නිට්ටුඹව ප්‍රදේශයේ ලැගුම්හලකදී තරුණයකු සමග සිටියදී මේ බාල වයස්කාර දැරිය අත් අඩංගුවට පත් වී තිබුණි.එහිදී පොලීසියට අනාවරණය වී ඇත්තේ මේ දැරිය මුලින්ම අපයෝජනය කරන ලද්දේ අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නායක හිමියන් බවය.දැරියගේ ⁣මව සහ පියා රුවන්වැලි සෑය ආසන්නයේ මල් විකුනන අයවළුන් බවත් ඔවුන් දෙදෙනා අ⁣ටමස්ථානාධිපති නායක හිමියන් ගෙන් ණය මුදලක් ගෙන තිබී එය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සිය දියණිය ඒ හිමි නමගේ  ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා බාර දී ඇතැයි මෙතෙක් සිඳු කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. පොලීසිය අපහරණයට ලක් කරන ලද දැරිය සමග ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවා සිඳු කර ඇති අතර අනුරාධපුරය තුන් රෝද රථ හිමියන් කිහිප දෙනෙකුගෙන්ද මෙම අපරාධය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගෙන ඇති බව පැවසේ. තමන් දූෂණය කිරීම නිසා ආ රුධිරය තැවරුන රෙදි වලලා දැමූ බවද එම දැරිය පවසා තිබේ. මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා සමාජයේ ඉහල තැන් වලින් පොලීසියට බලප...

කවි පොතක් ලංකාවට

Image
  යාපනයේ දීපචෙල්වන් නම් තරුණ කවියකු රචනා කොට ඉන්දියාවේ මුද්‍රණය කරන ලද කවි පොතක් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසුව රේගුව රඳවා ගෙන ඇත්තේ ඒවා මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු බව ප්‍රකාශ කරමිනි.සංස්කෘතික අමාත්‍යංශයේ ඇමති සමග ඒ පිළිබඳව සිදු  කරන ලද සාකච්ඡාවද අසාර්ථක වූ බවට වාර්තා වේ. (ප්‍රවෘත්තියක්) අඩෝ දීපචෙල්වන් උඹ දැන ගනින් දීපචෙල්වන් මං රණවිරු සෙනෙවි සුනිල්  උඹට නැහැ සිංහබාහු ධාතු චෙල්වන් කියන්නෙම හතුරෙක් අපේ ඕඅයිසී ටිල්වින් නැගිටපල්ලා නැගිටපල්ලා කියා හඬ නගා මොර දුන්නාට තොපි ඉන්නෝන අපි කියන විදියට තොපේ වාරය  නොවෙයි මේ අපේ වාරය ⁣ගෙවෙන්නේ දැන් වැඩිය දඟලන්ට එපා චෙල්වන් අපෙ අනුර අයියා හරි සැරයි  ගාමිණි ලොකුගේ මැරිලා තමා උගේ බෑණා ඉන්නවා අපි ගාව අපට උපදෙස් දෙන්ට ගිණි තියා ගන්නට ආසද  යාපනේ පුස්තකාලය ආයෙත් අඩෝ දීපචෙල්වන් කවි පොත් කන්ටද වාහේ  මම සඟිස්කුරුතික මිල්⁣ටෙරි ඇමති ජාතකෙන්ම රණවිරු සෙනෙවියෙක් ⁣(ලොකු කුමා)

චන්දන කත්‍රීආරච්චි⁣ අත් අඩංගුවට ගැනීම දේශපාලන ගේමක්

Image
  කැස්බෑව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි පොලීසිය මගින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා විය.ඔහු සන්තකයේ තිබී ගිනි අවි පතොරම් සහ ජීව අත් බෝම්බයක් පොලීසිය විසින් සොයා ගත් බවද එහිදී වැඩිදුරටත් වාර්තා කෙරිණි. පිලියන්දල සමූපකාර චන්දයක් පැවැති අවස්ථාවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට චන්දන කත්‍රීආරච්චි අත් අහිටවූ සිර දඬුවම් පවා ලැබූ තැනැත්තෙකි.මෙම මිනීමැරුම් නඩුව පානදුර මහාධිකරණයේ විභාගයට  අවස්ථාවෙි ජූරි සභිකයන්ට කළ මරණීය තර්ජන හේතුවෙන් එම ජූරි සභිකයන් අවස්ථා දෙකකදී නඩුවෙන් ඉවත්වූ බවටද සඳහන්ය .ඉන් අනතුරුව මේ නඩුව විභාග කර ඇත්තේ කොළඹ මහාධිකරණයේය.විත්තිකාර චන්දන කත්‍රීආරච්චි⁣ වෙනුවෙන් පෙනී සිටියේ උපුල් කුමාරප්පෙරුමය.එම නඩුවේදී චන්දන කත්‍රීආරච්චි හට ලබා දුන් දඬුවම පිළිබඳව ඒ දිනවල සමාජය තුළ කතා බහට ලක් වූ අතර ඔහුට එහිදී  අත් හිටවූ සිර දඬුවම් ලබා දෙන ලද්දේ පැවැති ආණ්ඩුවේ මැදිහත් වීම නිසා බවටද චෝදනා නැගිණි. එවකට කැස්බෑව ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි ලොකුගේ ගේ දේශපාලන මැරකම් වලට එරෙහිව නැගී සිටියේ චන්දන කත්‍රීආරච්චිය.පසුකාලීනව ගාමිණි ලො...

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය: සූර්ය මංගල්‍යයට ආසිරි

Image
​අහස් ගැබේ රවි දෙවිඳුන් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟම, සොබාදහම මෙන්ම මිනිස් සිත්සතන් ද අලුත් කරමින් උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, ලාංකීය ජන සමාජයේ පවතින උත්කර්ෂවත්ම සහ අර්ථවත්ම සංස්කෘතික මංගල්‍යයයි. ​ඉතිහාසයේ නෑකම් සහ අතීත උරුමය ​අපේ අලුත් අවුරුදු ඉතිහාසය ඈත අතීතයේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරය දක්වා දිවයයි. මහා සම්මත මනු රජ දවස දක්වා මෙහි මුල් ඇදී ඇති බවට ජනප්‍රවාද සාක්ෂි දරයි. මෙය හුදෙක් උත්සවයක් පමණක් නොව, සොබාදහමට ස්තූති කිරීමේ චාරිත්‍රයකි. අස්වැන්න නෙළා අවසන් කළ ගොවියා, තම අටුකොටු පුරවාගෙන ලොවටම ජීවය දෙන හිරු දෙවියන්ට කෘතගුණ දැක්වීම මෙහි මූලික පදනමයි. එදා රජ මැදුරේ සිට ගැමි පැල දක්වා එකම නැකතකට, එකම වේලාවකට සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර හරහා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට විදහා පෑවේය.සංස්කෘතික වටිනාකම සහ මානුෂීය බැඳීම අලුත් අවුරුද්දේ සැබෑ අලංකාරය රැඳී ඇත්තේ "නැකත" තුළයි. මුළු රටක් එකම වේලාවකට ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම තුළින් පෙන්නුම් කරන්නේ ජාතික සමගිය සහ සාමූහිකත්වයයි. ​වැඩිහිටියන්ට සැලකීම අපේක්ෂාවෙන් බුලත් හුරුල්ලක් දී දෙමාපියන් සහ වැඩිහිටිය...

අඳුරෙන් මිදුණු යුද හමුදාවේ අභිමානවත් පරිවර්තනය‍

Image
  ඕනෑම ස්වෛරී රාජ්‍යයක ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව තීරණය කරනප්‍රධානතම සාධකය වන්නේ එරට සතු සන්නද්ධ හමුදාවන්හි විනය සහ අපක්ෂපාතීත්වයයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදයක් පරාජය කරමින්, ගරිල්ලා සටන් විධි පරාජය කරමින් අභියෝග හමුවේ ජයග්‍රහණය තහවුරු කළ අභිමානවත් බලකායකි. එහෙත්, යුදජයග්‍රහණයෙන් පසු ගෙවීගිය කාලය තුළ, විවිධ දේශපාලන සුළි සුළංවලට හසුවීමෙන් සහ අභ්‍යන්තර පාලන ව්‍යුහයන් ලිහිල් වීමෙන්යුද්ධ හමුදාවේ ස්වාධීනත්වයට සහ විනයට යම් කැළලක් ඇති වූ බවනොරහසකි. විවිධ පටු කල්ලිවාදී දේශපාලන සංකල්ප තුළ පිළිලයක් මෙන් පැතිර යාමනිසා, වෘත්තීය දක්ෂතාවයට වඩා දේශපාලන හිතවත්කම්වලට මුල්තැනලැබුණු අඳුරු යුගය කිසිවෙකුටත් අමතක නැත. වර්තමාන යුද හමුදාධිපතිලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ පත්වීමත් සමඟ ගමන් මඟසම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර, අද වන විට යුද්ධ හමුදාව තුළ"විනය" සහ "සාධාරණත්වය" පදනමක්ලෙස යළිත් ශක්තිමත් වෙමින් පවතී. පසුගිය කාලසීමාව තුළ හමුදා අභ්‍යන්තරයේ වඩාත්ම විවේචනයට ලක් වූකරුණ වූයේ උසස්වීම්, විදේශ පුහුණු අවස්ථා සහ වරප්‍රසාද ලබාදීමේදීක්‍රියාත්මක වූ පටු කල්ලිවාදී...

ජාජබ ආණ්ඩුවට මරු කැන්දන රණවීරගේ පොලීසිය

Image
  මහජන ආරක්ෂක ඇමති ඩබලගේ කයිවාරු නම් කෙළවරක් නැත. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නත් පොලිස්පතිවරයාත් රූකඩ විතරමය.මේ වන විට පොලීසිය පාලනය කරන්නේ ⁣මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර උන්නැහේය.පොලීසියේ කවුරු කවුරුත් උන්දෑගේ කෙරුවාව ගැන කතා කරන්නේ රහසේය.අමාත්‍යංශ ලේකම්වරයාත් පොලිස්පතිවරයාත් අත්සන් කරන්නේ රණවීර උන්දෑ නිවසේ සිට සකස් කර එවන ලිපි වලටය.⁣පලාත් භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේද රණවීරගේ ඕඩර්ස් වලටය. කෙටියෙන් සඳහන් කරනවා නම් මේ  රණවීර උන්නැහේගේ රැකවරණය හා ආශීර්වාදය තියෙන්නේ පොදු ජන පෙරමුණ සමග ගනුදෙනු කරන රාජපක්ෂ වරයෙකු මෙරට ඊළඟ ජනපතිවරයා කරන්නට හිත යට තියාගෙන ඉන්නා පොලිස් කාරයන් හටය.  මේ වන විට පොලීසියේ සෑම තරාතිරකම නිළධාරීන් හා නිළධාරිණියන් ඉන්නේ දැඩි කළකිරීමකිනි.⁣පසුගිය ආණ්ඩුකාලයේ පොලීසියේ බලයේ සි⁣ටි දේශපාලඥයන් ගේ රැකවරණයෙන්  පොලිස් පාට් වලින් ජීවත්වූ පොලිස් ලොක්කන් ජාජබ ආණ්ඩුව යටතේද කිසිදු බයක් හැකක් නැතුව පැරණි තක්කඩි ජීවිතයම විඳිමින් සිටී.මුන්දැලාගේ කෙරුවාව ගැන හොයා බලන්නට දේශපාලඥයන් කිසිවෙකුත් නැ...

මහින්ද විජේසේකර ගේ කරුමය අවසන් වෙයි

Image
හිටපු අමාත්‍යවරයකු වන මහින්ද විජේසේකර අද දින ජිවිතය හැර ගොස් තිබේ.ඔහු අමාත්‍ය ධුරය දරන අවදියේ අකුරැස්ස ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී පුපුරා ⁣ගිය බෝම්බයකින් ලද තුවාල නිසා ඔහු අවුරුදු විස්සකට ආසන්න කාලයක් එක්තැන්ව දුක් වින්දේය.අකුරැස්සේදී පිපිරුණ මේ බෝම්බය පිළිබදව ඒ දිනවල දී විවිධ තොරතුරු ප්‍රචාරය විය.මේ බෝම්බ ප්‍රහාරය එල්ටීටීය විසින් සිදු කරන ලද්දක් බව රජයේ නිල වශයෙන් නිවේදනය කෙරුවද එය එසේ නොවන බවට ඇතමුන් ගේ අදහස වී තිබුණි.හිටපු ඇමති වාසුදේව නානායක්කාරද මෙි බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය.ජාතිවාදයට එරෙහි දේශපාලඥයකු වු වාසුදේව නානායක්කාර වැනි දේශපාලඥයකු එල්ටීටීය විසින් ඉලක්ක කර ගැනීම ඒ සැකයට අත්වැල් සැපයීමක් වූ අදහසකි. ඒ දිනවල මහින්ද විජේසේකර දකුණේ සිය දේශපාලන ආධිපත්‍ය ගොඩ නගා ගෙන තිබුණේ වෙන කිසිදු දේශපාලඥයෙකුට ඔහුට වඩා ඉහළින් වැජඹෙන්නට නොහැකි වටපිටාවක් නිර්මාණය කර ගනිමිනි.සැබැවින්ම මහින්ද විජේසේකර "හොඳ සනීපයෙන්" සිටියා නම් මහින්ද රාජපක්ෂ හට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය පවා නොලැබෙන්නට ඉඩ තිබුණි.බෝම්බ  ප්‍රහාරයට ලක් වීමට සති දෙක තුනකට පෙර මහින්ද විජේසේක...

යුද්ධ හමුදාවේ ගරුත්වය සහ විශ්‍රාමික නිලධාරීන්ගේ වගකීම: මීගවආරච්චිගේ තප්පුලෑම පිළිබඳ විමසුමක්

Image
  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් මව්බිමේ ඒකීයභාවය සුරක්ෂිත කළ, දැඩි විනයකින් හෙබි ආයතනයකි. එවැනි ආයතනයක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ගෞරවයකි. නිසි පුහුණුවක් සහ විනයක් සහිතව සේවය කර විශ්‍රාම ගන්නා යුද්ධ හමුදා නිලධාරියා යුද්ධ හමුදාවට දිවි ඇති තෙක් ආදරය කරන්නෙකි. එවැනි යුද්ධ හමුදා නිලධාරීන් ඕනෑතරම් සිටිති.  එහෙත්, ලුතිතන් කර්නල් නිලයේ සිටියදී විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රවීන්ද්‍ර මීගමආරච්චි වැනි පුද්ගලයින්ගේ වර්තමාන හැසිරීම එම ගෞරවනීය නිල ඇඳුමට මෙන්ම සමස්ත හමුදා සංස්කෘතියටම නිගාවකි . තමන් සේවය කළ ආයතනය තුළ දූෂණ චෝදනාවලට ලක්වී, නිසි ක්‍රියාපටිපාටියක් යටතේ විශ්‍රාම ගැන්වූ පසු, එම ආයතනයටම එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම පටු මානසිකත්වයක ලක්ෂණයකි. රවින්ද්‍ර මීගමආරච්චි විසින් වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා හමුදාපතිවරයාට සහ හමුදාවේ ඉහළ පාලනාධිකාරියට එල්ල කරන චෝදනා කිසිදු සාක්ෂියක් නොමැති අභූත ප්‍රකාශ බව පෙනී යයි. පෞද්ගලිකව තමන් පත්වූ අපහසුතාවයන් සහ තමන්ගේ වැරදි වසා ගැනීමට සමස්ත හමුදාවම අපකීර්තියට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ...