Posts

ඌවතැන්නේ සුමනට වරෙන්තු

Image
  මාලිගාවත්ත ශ්‍රී බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් පසුගියදා (10) වරෙන්තු නිකුත් කරන ලදී. කොළඹ 15 පදිංචි ක්‍රිෂ්ණ මූර්ති චෙල්වම් නැමැති ව්‍යාපාරිකයකු 2022 හා 2023 වර්ෂවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි අනුව පවරන ලද නඩු හතරක් සම්බන්ධයෙන් චෝ‍දනා ලබා සිටින සැකකාර හිමි නම එම නඩු සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ. මෙම හිමි නම පැමිණිලිකාර ව්‍යාපාරිකයාට අයිති පොල් තෙල් සමාගමකින් රුපියල් කෝ‍ටි හයක වටිනාකමකින් යුතු පොල් තෙල් ලබා ගෙන ඒ වෙනුවට අගරු චෙක් පත් ලබා දී වංචාවක් කරන ලදැයි චෝදනා ලබා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු සංවිධානයේ හිටපු ⁣ලේකම් ඌවතැන්නේ සුමන හිමි 2010 ජනපතිවරණයට ආසන්න දිනකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ ටී පනස් හය ගිණි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට 2021 ජුනි 01 දා සුමන හිමි ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබා සිටියදී 2021 ජනවාරි 03 වන දින හිටපු ජනපති මෛත්‍රපාල සිරිසේන විසින් ජනාධිපති පොදු සමාව ලබා දෙන ලදී. බලපත්‍ර රහිතව ටී පනස් හය ගිණි ...

ලංකා දවස කර්තෘවරයාට එරෙහිව පොහොට්ටුවේ ළදරු වලිප්පු කාරයන්ගේ මොනිටසෝරි මඩ ගැහිල්ල

Image
  ජාතික ජන බල⁣⁣වේගයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යා⁣මේ වැඩ පිළිවෙලක් පිළිබඳව බුද්ධි සේවා වෙත වාර්තා වී තිබේ. ජාජබයේ මැති ඇමති මන්ත්‍රීවරුන්ට අමතරව ජාජබයට හිතවත් සිවිල් පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිත ඉලක්ක කර ගනිමින් මෙලෙස අසත්‍ය ප්‍රචාරය කෙරෙමින් පවතින බවද මෙහිදී අනාවරණය වී ඇති බවද වාර්තා වේ.ඉලක්‍ක කර ගත් පුද්ගලයන්ට එරෙහිව  සිදු කරන මෙම අසත්‍ය ප්‍රචාරයන්  අපහාසාත්‍මක තොරතුරු ඇතුළත් කරමින් සිදු කරන ඒවා බවට නිරීක්ෂණය වී ඇත.මෙරට නීති පද්ධතිය තුළ අපහාසය අපරාධමය වරදක් ⁣ලෙස නොසැළකීම නිසා බොහෝ පුරවැසියන් වර්තමානයේදී සමාජ මාධ්‍ය තුළින් සිය පෞද්ගලික ජීවිතයට බලපෑමක් ⁣වන ආකාරයට සිඳු කරන යම් යම් අපහාසාත්මක ප්‍රකාශනයන් නිසා බරපතල අපහසුතාවට පත් වෙමින් සිටී. අපහාසය සිවිල් වරදක්⁣ ලෙස සැළකෙන බැවින් ඒ සඳහා නඩු පැවරීමක් කළ යුත්තේ පෞද්ගලිකවය.එසේ අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේද අත මිට මිල මුදල් තිබෙන යමක් කමක් කළ හැකි අයට පමණය.එහෙත් කිසිවක් කර කියා ගත නොහැකි පුරවැසියන්ට සිද්ධ වී ඇත්තේ අපහාසය විඳ දරා ගෙන නිහඬව සිටින්නටය. අප මේ පූර්විකාව ලියන ලද්දේ ලංකා දවස ප්‍රධාන සංස...

බන්ධනාගාරයේ ස්ත්‍රී දූෂකයාට මාලිමාවෙන් සේවා දිගුවක් හිමිවේ

Image
  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වරයා ලෙස කටයුතු කරන සහකාර බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ හට වසරක සේවා දිගුවක් දී ඇති බවට වාර්තාවේ.ජගත් වීරසිංහ ⁣ගේ කෙරුවාවන් දන්නා බොහෝ බන්ධනාගාර නිළධාරීන් ජාජබ රජයේ මේ "ගොන් පාට්" ගැන හිනහෙන්නේ මුඛයෙන් නම්‍ නොවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිශය දූෂිතයකු ලෙස කප් ගසා සිටින ජගත් වීරසිංහ දේශපාලන වැල යන පැත්තට මැස්ස ගැසීමේද දක්‍ෂයෙක් විය. 1986 වර්ෂයේ කදියනාරු එස්ටීඑෆ් කඳවුරේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවය කළ ජගත් වීරසිංහ එම කඳවුරේ සේවය කරන ලද තවත් නිළධාරීන් දෙදෙනෙකු සමග කාන්තවක දූෂණය කිරීමේ වරදට එවකට විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධරියා වූ ලයනල් කරුණා⁣⁣සේන විසින් පොලිස් දෙපාර්තමේන්තු අපකීර්තිමත් ලෙස සේවයෙන් පහ කළ ⁣අයෙකි.ඒ දිනවල කදියනාරු එස්ටීඑෆ් කඳවුරේ අණ දෙන නිළධාරියා වූයේ පොලිස් පරීක්ෂක ජයවීරය. පොලිස් දෙපාර්තමේන්තුවෙන් අප කීර්තිමත් ලෙස සේවයෙන් පහ කරන ලද ජගත් වීරසිංහ අධිකරණ සේවය හා සම්බන්ධ ජේලර් වරයකු ලෙස බන්ධනාගාර දෙපාර්⁣මේන්තුවට බැඳෙන්නේ රාජ්‍ය බුද්ධි සේවා වාර්තා වසන් කරමිනි.එහිදී ඔහුගේ උප්පැන්නය පවා වෙනස් කළ බව කියවේ.ජේලර් වරයකු ල...

දේශපාලු නෑ⁣යන් ලෝක බැංකුවටත් දාර පොලු තියලා

Image
මෙරට වතු කේෂ්‍ත්‍රයේ සංවර්ධනය සඳහා ලෝ‍ක බැංකුව ලබා දෙන ලද ණය ආධාර පසුගිය ආණ්ඩු කාලයේදී ලබා ගෙන ඇත්තේ එම ආණ්ඩුවලට සම්බන්ධ වී සිටි දේශපාලඥයන්ගේ සමීපතම ඥාතීන් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්‍න පසුගියදා (12)පාර්ලිමේන්‍තුවේදී පැවසීය. මෙම දේශපාලන ඥාතීන් විවිධ වැවිලි ව්‍යපෘති ඉදිරිපත් කරමින් ලෝක බැංකුවෙන් ලබා ගෙන ඇති  මුදලේ වටිනාකම ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අටදහස් අටසිය හැටතුනකි.මෙලෙස ණය ලබා ගත් කිසිවකු එම ණය මුදල් යොදවා කිසිදු ව්‍යාපෘතියක් කර නැති බව මේ වන විට අනාවරණය වී ඇතැයිද ඇමතිවරයා මෙහිදී සඳහන් කෙරුවේය. හිටපු අමාත්‍ය දයා ගමගේ ගේ බිරිඳ වන අනෝමා ගමගේ ගේ හිමිකාරිත්වය යටතේ පවතින සමාගමක් සඳහා රුපියල් ලක්ෂ 149.5ක් එම අමාත්‍යංශ⁣යේ හිටපු ලේකම් බන්දුල වික්‍රමආරච්චිගේ පුතාට ලක්ෂ 182 ක් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ බිරිඳට අයත් සමාගමකට රුපියල් ලක්ෂ 180 ක්, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න ගේ පුත්‍රයා වන ඩී.ජේ.පී.සෙනෙවිරත්න ලක්ෂ 375ක් ,හා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර⁣ගේ සහෝදරයකු වන ඩබ්ලිව්.කේ.බන්‍දුල  ලක්ෂ 481 ක් ,මෙලෙස ණය මුදල් ලබා ගෙන තිබේ. ලෝක බැංකුව ණය ලබා දු...

ප්‍රසන්න රණතුංග ඇරස්ට් කරලා

Image
  විදේශ ගතව සිටි ගෘහ සේවිකාවන් පිරිසක් කෝවිඩ් සමයේදී මෙරටට ගෙන්වා ගැනීමේදී සිදු කරන ලද මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත් අඩංගුවට ගත් බව වාර්තා වේ. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ වන විටත් අත් හිටවු සිර දඬුවමක් විඳින වරදකරුවෙකි.ඒ බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී බාහිර පාර්ශවයකින් කප්පම් ඉල්ලා කළ තර්ජනයක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක තීන්දුවකට අනුවය.එම නඩු තීන්දුව අනුව හිටපු අමාත්‍යවරයාට අත් හිටවූ සිර දඬුවමක් දීම සම්බන්ධයෙන්ද සමාජය තුළ  ඒ දිනවල කතාබහට ලක් විය.                    

සබීතාට සැප දුන් දුමින්ද කොටුවෙයි

Image
  යහපාලන ආණ්ඩු සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලියට ගන්නා ලද සිනමා නිළි සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ල සඳහා බදු මුදල් ගෙවීමේදී සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නුදුරේදීම අත් අඩංගුවට ගනු ඇතැයි දැන ගැන්මට තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ  ⁣කොමිසම මෑතකදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලදී. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් එම ගොඩනැගිල්ල බදු ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බවද අනාවරණය වේ. කෙසේවෙතත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ⁣ගේ බලපෑම මත බවද පැවසේ.ඇතැම් විට මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දුරට රනිල් වික්‍රමසිංහට එරෙහිවද නඩු පැවරෙනු ඇතැයිද වාර්තා වේ.එසේ වුව හොත් රනිල් වික්‍රමසිංහද අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ⁣යට ඉදිරිපත් කරනු ඇත.

රුසියන් ජනපති අතින් ශ්‍රී ලාකිකයකුට ගෞරව සම්මානයක් පිරිනැමේ

Image
  ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික,සංස්කෘතික,හා ආර්ථික සබඳතා  අගැයීම සඳහා රුසියානු සමූහ ආණ්ඩුව විසින් විදේශීය සිවිල් පුරවැසියෙකුට  දෙන ඉහළම ගෞරවණීය සම්මානයක් වන මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ වෙත පිරි නමා තිබේ.දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව රුසියාව සමඟ මිත්‍ර සබඳතාවන් පවත්වා ගෙන යාම වෙනුවෙන් වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ ඉටු කරන ලද සේවය ඇගයීමට ලක් කිරීම සඳහා ඔහු වෙත මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ රුසියානු ජනපති පුටින් විසිනි. මෙහිදී රුසියනු ජනපති පුටින් ප්‍රකාශ කර ඇත්‍තේ ⁣වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ ශ්‍රී ලංකාව හා රුසියාව අතර මිත්‍ර සබඳතාවන්  ශක්තිමත් කිරීම සඳහා වි⁣ශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරමින් සිටින ශ්‍රී ලාංකික පුරවැසියකු බවය.    වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කර තිබේ.ඔහු          මොස්කව්හි  වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකි. මේ වන විට වෛද්‍ය  සමන් රංජිත් වීරසිංහ ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව සංඟමයේ මහ ...

කුඩ්ඩන් එල්ලා මරන්නට හදන හිරගෙදර ලොක්කා⁣ගේ ගඳ ගහන පැටිකිරිය මෙහෙමය

Image
  බන්ධනාගාර තදබදය නැති කිරීමට මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු යැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා එහි නියෝජ්‍ය කොමසාරිස් ජගත් වීරසිංහ පසුගියදා ප්‍රකාශ කෙරුවේය. රට තුළ පිහිටි බන්ධනාගාර 36 තුළ රැඳවියන් 10500ක් රඳවා තැබිය හැකි නමුත් ⁣මේ වන විට ඒවායේ 36000ක් රඳවා සිටින බවත් එම සමස්ත සංඛ්‍යාවෙන් සියයට 65 ක් මත් ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් බවද මෙහිදී ඔහු අනාවරණය කරන ලදී. කෙසේ වෙතත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මර්ධනය කළ හැක්කේ එල්ලා මැරීමෙන් පමණක් බව බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස්‍වරයාගේ අදහසයි.මේ නිළධාරියා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයාද වේ. වරදකරුවන් එල්ලා මැරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව සහතික කර තිබියදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ ගේ මේ පැනලා දීම සිය කොමසාරිස් ධුරයේ පැවැත්ම තහවුරු කර ගැනීමට මිස වෙන දෙයක් නොවන බව දන්නෝ දනී. නියෝජ්‍ය කොමසාරිස් ⁣ජගත් වීරසිංහ ගේ පැටිකිරිය හාරා අවුස්සා බලන අයෙකුට ඔහුගේ දූෂිත කෙරුවාව ගැන අනාවරණය කර ගත හැකිය. ජාජබ ආණ්ඩුව ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් තනතුරු වලට පත් කරන විට අමු මෝල් ආකාරයට කටයුතු කරන බවට හොඳම උදාහරණය මේ නියෝජ්‍ය කොමසාරිස් ජගත්...

වැල්ලවාය මහේස්ත්‍රාත් ගේ වැඩ තහනම්‍

Image
  වැල්‍ලවය මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කර ලද මංජුල රත්නායක ⁣ගේ සේවය ඔකේතොම්බර් 30 වනදා සි⁣ෙ අධිකරණ සේවා කොමිසම මගින් තහනම් කර ඇති බව වාර්තා වේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අගවිනිසුරු වරයාට මෙම මහේස්ත්‍රාත් වරයාට එරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂම සිදු කළ විමර්ශනයකින් අනතුරුව එම සේවය අත් හිටුවීම කර ඇති බවද දැන ගැන්මට තිබේ. වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ න පවරා ඇති සැකකරුවනගේ විදේශ ගමන් බලපත්‍ර  හා නඩු භාන්ඩ අනීතික ආකරයෙන් මුදා හැරීම මහේස්ත්‍රාත් මංජුල රත්නායකට එරෙහිව විමර්ශනය කරන ලද චෝදනා  වේ. මීට පෙර කොළඹ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ මංජුල රත්නායක වැල්ලවායට ස්ථාන මාරු කර යැවීම පිළිබඳව විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන් ආණ්ඩුවට චෝදනා පවා කරන ලදී.

ජාතික බුද්ධි ප්‍රධානී පත් කෙරේ

Image
  ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් නලින්ද නියංගොඩ පත් කර ඇති බව වාර්තා වේ.ඔහු එම ධුරයට පත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා පත්වීම් ලිපිය බාර දුන් අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් මාධ්‍ය⁣යේ පල වීම පිළිබඳව ආණ්ඩු විරෝධීන් බරපතල වි⁣වේචනයක නිරත වෙමින් සිටී.⁣⁣මේ විවේචනයන්හී අන්තර්ගතයේ දැක්වෙන්නේ ජාතික බුද්ධි ප්‍රධානී තනතුර සමාජයට අනාවරණය නොවිය යුතු බවය. පසුගිය මාර්තු මාසයේ ඇමරිකාවේ ජාතික බුද්ධි ප්‍රධානී තුල්සි ගිර්බාර්ඩ් ඉන්දියාවේ සංචාරයක නිතර වූ බව ඒ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයන් අනාවරණය කරන ලදී.ඇය එම සංචාරයේදී  වෙස් මුහුණක් පැළඳ සිටි බවට නම් වාර්තා නොවීය. එසේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජාතික බුද්ධි බලකායේ මූලස්ථාන ගොඩනැගිල්ල  ඉඳි කිරීම සඳහා මුල් ගල තැබීම සඳහා කරන්දෙණිය පැවැති උත්සවයට ඔහු සමග එවකට ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දවිතාණ සහභාගි වූ බව ඒ දිනවල ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් මගින් වාර්තා කෙරිණි. එය එසේ වන්නේ නම් ජාතික බුද්ධි ප්‍රධානී තනතුර දරන්නා රහසේ සැඟවී සිටිය යුතු බව ඉන් අදහස් නොවේ. සන්නාහ සන්නද්ධ බලකායේ...

ආණ්ඩුවේ කෙරුම්කාරයන් වෙත සෙනෙහසිනි

Image
  ජාජබ ආණ්ඩුව ⁣අලුත් වැඩකට අත ගසා තිබේ.වැඩේ නම් මාරය.ඒ 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමය.අපරාධ මගින් උපයාගත් දේ විමර්ශනය කිරීම තහනම් කිරීම ,රජය සතු කිරීම,සහ බැහැර කිරීම,සඳහා විධි විධාන සැළසීමත් ඒවා කළමනාකරණය වෙනුවෙන් අධිකරියක් පිහිටුවීමත් එම පනතේ ප්‍රධාන අරමුණ වේ.අපරාධ වලට අදාල වින්දිතයන්ට සහාය වීමට මෙන්ම අපරාධ වලින් උපයාගත් වෙනත් රටවල පවතින වත්කම් මෙරටට රැගෙන ඒමත් පනතේ අනිකුත් අරමුණු අතර වේ. මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා අරඹන ලද නව පොලිස් කොට්ඨශයේ අධ්‍යක්ෂවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත් කර තිබේ. මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා එහි අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද්⁣දේ පොලිස්‍පතිවරයාගේ බලපෑම මත බව පැවසේ.අමාත්‍ය ආනන්ද විජේපාල එම පත් කිරීමට මුලදී අදි මදි කළ බවද පසුව පොලිස්පතිවරයාගේ බලපෑම නිසා එම පත්වීමට අනුමැතිය දුන් බවද අනාවරණය වන්නේ පොලීසිය තුළින්මය. ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය ⁣පොලිස් පති හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයා ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කළ නිළධාරියෙකි.හිටපු ඇමති වජිර අබේවර්ධන හා ඇවන්ගාඩ් සේනාධිපති හා එකට කන බොන ගජයෙකි.ප...

හෙරොයින් රජෙක් දිවි ඇති තෙක් හිරේ

Image
  ශ්‍රී ලංකාවේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වකු කනපති ගනේෂ් හට  ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දුන් බව වාර්තාවේ.2014 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දා ඇලකන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 39.99 ක්  සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි. සැකකරුට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය 10 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දෙන අවස්ථාවේ ඇප මත මුදා හැර සිටි සැකකරු අධිකරණ මග හැර සැඟව සිටියේය.පසුව සැකකරු කොටහේන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන නැවත මහාධිකරණය⁣ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වෙත ලබා දී තිබු ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කෙරිණි. 

තවත් පොලිස් ලොක්කෙක් මාට්ටු

Image
  පොලීසියේ ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පාලන සහකාර පොලිස් අධිකාරීවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලදී. 2007 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරී විභාගය සදහා ව්‍යාජ තොරතුරු ඇතුළත් අයදුම්පත්‍රය හා ⁣කූඨ ලෙස සකස් කළ මුදල්  ගෙවීමේ කුවිතාන්සියක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට  සහකාර පොලිස් අධිකාරීවරයා ⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව පැවසේ සැකකාර සහකාර පොලිස් අධිකාරී වරයා කුරුණෑගල තෝරයාය පදිංචි කරුවෙකි. මොහු පොලිස් සේවාවට එක් වීමට පෙර නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කරන ලද නිල් බලකායේ ක්‍රියා කාරිකයකුව සිටි බවද අනාවරණය වී තිබේ.                                                                                   

මෙන්න හේමාල් ප්‍රශාන්ත ගැන ඇත්ත විස්තරේ

Image
  පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත එම තනතුරෙන් ඉවත් කර ස්ථාන මාර කර යැවීම ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් දැක්වීමි කියවිය හැකිය.විශේෂ⁣යෙන් මෙහිදී ජාජබ ආණ්ඩුවට චෝදනා නැගෙමින් තිබෙන්නේ දක්ෂ පොලිස් නිළධාරියකු ස්ථාන මාරු කර යැවූ බවටය.එහෙත් හේමාල් ⁣ප්‍රශාන්ත ගේ ජීවි⁣තයේ පෞද්ගලික පැටිකිරිය ගැන දැනුවත් කිසිවෙකුත් එම චෝදනා ගැන හිනහෙන්නේ පස්සා පැත්තෙනි.අප මෙි ලියන දේ ගැන තව දුරටත් තහවුරු කර ගන්නට රාජපක්ෂලා මෙරට බලය තහවුරු කර ගෙන සිටි කාලය පිළිබඳව හාරා අවුස්සා බැලිය යුතුමය. දිනය 2018 අගෝස්තු 25 වනදාය.එදින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුව අමතා මෙසේ පැවසීය. "....චන්ද්‍රදාස නයිදුවාවඩු හා නන්දන බාල⁣ගේ යන ජවිපෙ ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීම සම්බන්ධව හා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මතු වී ඇති හැම ගැටළුකාරී තත්ත්වය මේ සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.පසුගිය අඳුරු දශකය තුළ සිදුවූ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ යටපත් වී තිබීම හා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම පොදු තත්ත්වයක් වී තිබුණි.එහෙත් වත්මන් ප...