Posts

අරගලයේදී වෙඩි වැදුන කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික ජනක ජයසේන මියයයි.හමුදා ගෞරවාචාර දෙන්න එපා කමල් ගුණේ නියෝග කරයි

Image
  පසුගිය අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට ගොස් වෙඩි වැදී මහ රෝහළේ ප්‍රතිකාර ගනිමින් සි⁣ටි කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විශ්‍රාමික බලලත් නිළධාරී ජනක ජයසේන ජීවිතයෙන් සමුගත් බව වාර්තා වේ.   කමාන්ඩෝ රෙජිමෙන්තුවේ බලලත් නිළධාරීවරයකු ලෙස කටයුතු කර විශ්‍රාම ගත් ජනක ජයසේන යුද සමයේදී විශිෂ්ට සේවයක් කළ සෙබළෙක් වේ.කමාන්ඩෝ රෙජිමෙන්තුවේ බුද්ධි ඒකකයේද සේවය කළ ජනක ජයසේන මාතර පදිංචිකරුවෙකි.   අරගලය අවස්ථාවේ ජනපති මැදුරට ඇතුළු වීමට ගිය අවස්ථාවේ හිසට වෙඩි වැදීම නිසා මෙතෙක් කල් මහ රෝහළෙහි ප්‍රතිකාර ලැබූ ජනක ජයසේනගේ මරණයට හේතුව ලෙස වෛද්‍ය වාර්තාවේ දක්වා ඇත්තේ හිසට එල්ලවූ පොලු පහරක් නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගිය බවය.   මියගිය විශ්‍රාමික හමුදා බලලත් නිළධාරී ජනක ජයසේන ත්‍රස්තවාදියෙකු ලෙස සළකා හමුදා අවමංඟළ උත්සවයක් නොපවත්වන ලෙසට ආරක්ෂක අමාත්‍යංශයේ  ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න හමුදාපතිවරයාට නියෝග කර තිබේ.කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේනා විධායක හා සෙනීන් සිය සහෝදර විශ්‍රාමික සෙබළා වෙනුවෙන් පූර්ණ හමුදා අවමංඟල්‍යය උත්සවයක් පැවැත්වීමට සැළසුම් කර තිබුණද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ න...

නීතිපතියේ ඔලමොට්ටල දිලීප පිරිස් ගෙනාවෙ "ප්‍රජාතන්ත්‍රවාදට" කළු පැල්ලමක්

Image
  අද වසන්තගේ නඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් තවත් කළු පැල්ලමක් ඉතිරි කල දිනයක්.මෙම නඩුව දෙසැම්බර් 12 දින කැදවුම්කරු අවස්ථාවේදී මහේස්ත්‍රාත් තුමිය මතුකළ කරුණු දෙකක් විය.ඒවා නම් මෙම පරීක්ෂණ මෙතරම් මන්දගාමී වන්නෙ කෙසේද? මාස 4 කට අධික කාලයක් වසන්තව රදවා තබා ගෙන සිදුකල පරීක්ෂණවල වාර්තා ඉදිරිපත් කර නොමැත්තේ ඇයිද? යන කරුණු දෙකයි. ඒ අනුව දූෂිත ත්‍රස්ත විමර්ශන ඒකකයට අද දින ඒ පිලිබදව කරුණු දැක්වීම අනිවාර්ය වී තිබිනි.නමුත් සිදුවන්නේ අනිකකි.බොහෝ අවස්ථාවල සිය සමාජ වගකීම සහ වගවීම පසෙකලා තක්කඩි ආණ්ඩුවල දේශපාලන න්‍යාය පත්‍රය නියෝජනය කරන්නට සිදුව ඇති නීතිපති දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මගින් නැවත වතාවක් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පාදඩ තීරණ වෙනුවෙන් ලැජ්ජාවකින් තොරව පෙනී සිටීමට සිදුවීමය. දිලීප පීරිස්  ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ අතේ තබාගෙන සිටියේය.ඔහුගේ කරුණු දැක්වීමේ සංක්ෂිප්තය වූයේ. " මේ දිවුරුම් ප්‍රකාශ වලට අනුව මහේස්ත්‍රාත් තුමිය මීට මාස 2 කට කලින් නඩුව කැදවන අවස්ථාවේදී ඩෙංගු රෝගය සෑදී දුර්වලව සිටි සිරිධම්ම හිමිගේ සුවදුක් විමසා ඔහුට නිලධාරීන්...

කමල් ගුණරත්න විශ්වාස කරන්න එපා ගෝඨා රනිල්ට කියලා - ලබන සතියේ ආරක්ෂක ලේකම් කෙනෙක් ?

Image
  ආරක්ෂක ලේකම්ජෙනරාල් කමල් ගුණරත්න විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තුන්වැනි වතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දුරකතනය මගින් දැනුම් දී ඇත. ඔහු පවසා ඇත්තේ මේ ආකාරයටය. "......මම කමල් ගුණරත්න දැනගත්තේ ඔහු ලුතිනන් වරයෙක් වූ සමයේදී වන අතර ඔහු එවකට ශ්‍රි ලංකා යුද හමුදාවේ රයිෆල් බලකායේ ලුතිනන් වරයෙක් පසුව ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත ඔහු මගේ කනිෂ්ඨ නිලධාරියෙක්.ඔහු පමණක් නොව ජෙනරාල් ශවින්ද්‍ර සිල්වාද මාගේ කනිෂ්ඨ නිලධාරියෙක් බවයි.ඔවුන් දෙදෙනා මා බෙහෙවින්ම විශ්වාස කළා.යුද්ධය පැවති සමයේදී ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව නොයෙකුත් දේ ශවින්ද්‍ර සිල්වා සහ කමල් ගුණරත්න මා වෙත පවසන ලදි.ඒ සියලු දේ මා සිතින් පිළිගන්නා ලදී හේතුව මේ මේ දෙගොල්ල මාගේ ගෝලයන් බැවින් සහ මා හට අතිශය විශ්වාසවන්ත වන බැවිනි. 2019  ජනාධිපතිවරණයේදී කමල් ගුණරත්න මා ළඟින් සිටි අතර ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා යුද හමුදාවේ සිටියදී මා හට නොමද සහයක් වෙන ලදී.එබැවින් ඔහු ද මා තරයේ විශ්වාස කරනු ලැබේ.පසුව ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවමේජර් ජනරාල් කමල් ගුණරත්න මම අතිශය විශ්වාස කළ නිසා ජනාධිපති ධුරයට පත්වූ පසු ඔහු...