කමල් ගුණරත්න විශ්වාස කරන්න එපා ගෝඨා රනිල්ට කියලා - ලබන සතියේ ආරක්ෂක ලේකම් කෙනෙක් ?
ආරක්ෂක ලේකම්ජෙනරාල් කමල් ගුණරත්න විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තුන්වැනි වතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දුරකතනය මගින් දැනුම් දී ඇත.ඔහු පවසා ඇත්තේ මේ ආකාරයටය.
"......මම කමල් ගුණරත්න දැනගත්තේ ඔහු ලුතිනන් වරයෙක් වූ සමයේදී වන අතර ඔහු එවකට ශ්‍රි ලංකා යුද හමුදාවේ රයිෆල් බලකායේ ලුතිනන් වරයෙක් පසුව ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත ඔහු මගේ කනිෂ්ඨ නිලධාරියෙක්.ඔහු පමණක් නොව ජෙනරාල් ශවින්ද්‍ර සිල්වාද මාගේ කනිෂ්ඨ නිලධාරියෙක් බවයි.ඔවුන් දෙදෙනා මා බෙහෙවින්ම විශ්වාස කළා.යුද්ධය පැවති සමයේදී ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව නොයෙකුත් දේ ශවින්ද්‍ර සිල්වා සහ කමල් ගුණරත්න මා වෙත පවසන ලදි.ඒ සියලු දේ මා සිතින් පිළිගන්නා ලදී හේතුව මේ මේ දෙගොල්ල මාගේ ගෝලයන් බැවින් සහ මා හට අතිශය විශ්වාසවන්ත වන බැවිනි. 2019 ජනාධිපතිවරණයේදී කමල් ගුණරත්න මා ළඟින් සිටි අතර ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා යුද හමුදාවේ සිටියදී මා හට නොමද සහයක් වෙන ලදී.එබැවින් ඔහු ද මා තරයේ විශ්වාස කරනු ලැබේ.පසුව ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවමේජර් ජනරාල් කමල් ගුණරත්න මම අතිශය විශ්වාස කළ නිසා ජනාධිපති ධුරයට පත්වූ පසු ඔහු අතිශය වගකිවයුතු විශ්වාසවන්ත දායක තනතුරු ආරක්ෂක ලේකම් ධුරයට පත්කොට ජෙනරාල් ධූරයට ද ඔහු උසස් කරනු ලැබුවා. මා හමුවුණු කමල් ගුණරත්න ජාතික ආරක්ෂක බුද්ධි ඒකකය ප්‍රධානියා ලෙස සුරේෂ් සලේ පත් කළ යුතු බව ප්‍රකාශ කොට සිටියා.ඔහුගේ කීම මත මා බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මේජර් ජෙනරාල් ධුරයට උසස් කොට ඔහුට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.
එවකට සිටි විශ්‍රාමික යුද හමුදාපතිවරු සහ මේජර් ජෙනරාල්වරුන් ගේ සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මෙයට දැඩි ලෙස විරුද්ධ වුවද මං කමල් දැඩි ලෙස විශ්වාස කරනු ලැබුවා එහෙත් කමල් විසින් මගේ විශ්වාස සහ මුලින්ම කඩ කරනු ලැබුවා. ලංකාවේ ප්‍රධාන බුද්ධි ඒකකය වන රාජ්‍ය බුද්ධි සේවය කමල් හිතා මතාම විනාශ කලා කියලා මම හිතනවා . එයට ප්‍රධාන හේතුව නම් ප්‍රථමයෙන්ම පහළොස් දෙනෙක් පමණ පිරිසක් ජුබිලි කණුව අසල විරෝධතාවය සිදුකළ අවස්ථාවේදී.මා කමල්ගෙන් ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී ,එය සුළු දෙයක් බවත් එය ගණන් නොගන්නා ලෙසද ප්‍රකාශ කොට සිටියා .
පසුව ඔවුන් මගේ නිවසට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී කමල් ගුණරත්න විසින් යුධ හමුදාව කැඳවන ලදී.ඉතාමත් සුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණය කරන අවස්ථාවේදී ද මේ පිළිබඳව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විමසූ අවස්ථාවේදී ද ඔවුන් ස්වල්ප මොහොතකින් පිටවූ යනු ඇතැයි , එම අරගල කරුවන් අවතක්සේරුවකට ලක් කරන්නට කමල් සමත් වුණා.
ඊට දවස් 3 හතරක් මට ජනාධිපති ලේකම් කාර්යාලයට යන්නට බැරි බවට පත්වුණා.අරගලය ජුනි නමවැනිදා කමල් මට ප්‍රකාශ කොට සිටී විසි දාහක්, තිස් දාහක් පමණ පැමිණෙන බවත් ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායට මනා හැකියාවක් තිබෙන බවද ප්‍රකාශ කොට සිටියා.එහෙත් පුදුමය නම් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පමණක් මාර්ග බාධක පමණක් පිහිටුවා තිබීම අරගල කරුවන්මගේ දොර ලඟට පැමිණෙන තෙක් කමල් හෝ කමල්ගේ බුද්ධි අංශය නොදැන සිටීම විමතියට කරුණක්. මේ හේතු කොට ගෙන කමල්ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා කිසි දින දා විශ්වාස කළනොහැකි අයෙක් බවත්, මම හැම තිස්සෙම කියා සිටියේ රනිල්ට අවුරුදු තිහකට හතළිහකට අධික කාලයක් හොඳින් දැන සිටි කමල් ගුණරත්න මගේ විශ්වාසය සහ මුලින්ම කඩ කළා....."
එම නිසා ජනාධිපතිවරයාට ඔහු කුමක් කරන්නේ දැයි අවිනිශ්චිත බව එම නිසා කමල් ගුණරත්න කෙරෙහි කිසිදු විශ්වාසයක් නොතබන ලෙස ඔහු හැකි ඉක්මණින් ඉවත් කරන ලෙසත්, එයට සුදුසු අයකු පත්කර ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටතෙවැනි වතාවට දැනුම් දී ඇත.එපමණක් ද නොව ගෝඨාභය ප්‍රකාශ කොට ඇත්තේ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඇතුළු රජයේ මැති ඇමැතිවරුන්ගේ නිවාසවලටජනතාවට ආරක්ෂාවට ලබාදීමට නොහැකි වූ ආරක්ෂක ලේකම්වරයා කෙරේ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම විශ්වාසවන්තම ගෝලයා වන ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ තම ඥාති සහෝදරයා වන.රුවන් විජේවර්ධන මත විමසා ඇත.
ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ ද ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පිළිපැදිය යුතු බවත් , ආරක්ෂක ලේකම්වරයා ඉවත් කළ යුතු බවයි.මේ අනුව ජනාධිපති රනිල්වික්‍රමසිංහ ආරක්ෂක ලේකම්වරයෙකු සඳහා හිටපු හමුදාපතිවරුන් වන මහේෂ් සේනානායක , දයා රත්නායක ක්‍රිෂාන්ත ද සිල්වා.ගුවන් හමුදාපතිවරුන් වන රොෂාන් ගුණතිලක ,හර්ෂ අබේවික්‍රම නාවික හමුදාපතිවරුන් වන.අද්මිරාල් කරන්නාගොඩ යන අය පිළිබඳව අවසන් තීන්දුව නුදුරේම ගනු ඇත.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ බුද්ධි ජාලය ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහ ගේ අවට සැරිසරන බැවින්.මේ අතිශය රහසිගත සාකච්ඡාව කමල් ගුණරත්නට දැනගන්නට ලැබී ඇත.එසැනින් ක්‍රියාතමක වු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අතිශය රහසිගත ලෙස , මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හමුවී ඇත.
තමන් ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් නොකරන ලෙසටත් ,එම ධුරයේ තබා ගන්නා ලෙසටත් ජනාධිපතිවරයාට බලපෑම් කරන ලෙසත්පවසා ඇත.ඉන් පසුව ටිරාන් අලස් ගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා කිසිදු හිරිකිතයකින් තොරව ගාල්ලේ පගා මරුවා ලෙසින් හඳුන්වන ජනාධිපති රනිල් ගේ අතිශය විශ්වාසවන්තයෙකු වන්න වජිර අබේවර්ධන හමුවී ඇත.
වජිර අබේවර්ධන හමුවීමෙන් පසුව ප්‍රකාශ කොට ඇත්තේ ආරක්ෂක ලේකම් ධුරය සුරක්ෂිත කරන ලෙසයි.එහි දී වජිර අබේවර්ධන ප්‍රකාශ කොට ඇත්තේ තමාට වඩා සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන ජනාධිපතිවරයාට සමීප බැවින් තමාට යම් උත්සාහයක් ගත හැකි බවයි.
මේ අනුව කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශය තුළ පරළ වී ඇති බව කාහටත් දැකගත හැක.ඉතාමත් සුළු මොහොතකට දැඩි කෝපයට පත් වන බව දැකිය හැක.නුරුස්සන ගති දැකිය හැක ,ඒ ආරක්ෂක ආතතිය ඔහුට වැළඳී ඇත .
නොඑසේ නම් මානසික ආතතියෙන් පෙළෙන බව , අපේ බුද්ධි නිලධාරින් හෙලි කරගෙන ඇත
හිටපු බුද්ධි නිලධාරි
Comments
Post a Comment