අරගලයේදී වෙඩි වැදුන කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික ජනක ජයසේන මියයයි.හමුදා ගෞරවාචාර දෙන්න එපා කමල් ගුණේ නියෝග කරයි
පසුගිය අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට ගොස් වෙඩි වැදී
මහ රෝහළේ ප්‍රතිකාර ගනිමින් සිටි කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විශ්‍රාමික බලලත් නිළධාරී ජනක ජයසේන ජීවිතයෙන් සමුගත් බව වාර්තා වේ.කමාන්ඩෝ රෙජිමෙන්තුවේ බලලත් නිළධාරීවරයකු ලෙස කටයුතු කර විශ්‍රාම ගත් ජනක ජයසේන යුද සමයේදී විශිෂ්ට සේවයක් කළ සෙබළෙක් වේ.කමාන්ඩෝ රෙජිමෙන්තුවේ බුද්ධි ඒකකයේද සේවය කළ ජනක ජයසේන මාතර පදිංචිකරුවෙකි.අරගලය අවස්ථාවේ ජනපති මැදුරට ඇතුළු වීමට ගිය අවස්ථාවේ හිසට වෙඩි වැදීම නිසා මෙතෙක් කල් මහ රෝහළෙහි ප්‍රතිකාර ලැබූ ජනක ජයසේනගේ මරණයට හේතුව ලෙස වෛද්‍ය වාර්තාවේ දක්වා ඇත්තේ හිසට එල්ලවූ පොලු පහරක් නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගිය බවය.මියගිය විශ්‍රාමික හමුදා බලලත් නිළධාරී ජනක ජයසේන ත්‍රස්තවාදියෙකු ලෙස සළකා හමුදා අවමංඟළ උත්සවයක් නොපවත්වන ලෙසට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න හමුදාපතිවරයාට නියෝග කර තිබේ.කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේනා විධායක හා සෙනීන් සිය සහෝදර විශ්‍රාමික සෙබළා වෙනුවෙන් පූර්ණ හමුදා අවමංඟල්‍යය උත්සවයක් පැවැත්වීමට සැළසුම් කර තිබුණද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගය නිසා එම අවස්ථාව වැලකී ඇත.අරගලය අවස්ථාවේ වෙඩි වැදී රෝහළට ඇතුළු කළද ජනක ජයසේනට එරෙහිව මිය යන තුරුම අපරාද චෝදනාවක් නැගී නොතිබුණි.යුද හමුදා විශ්‍රාමිකයෙකු මිය ගිය විට හිමි වන පූර්ණ හමුදා ගෞරචාරය ජනක ජයසේනට අහිමි කිරීම බරපතල මානව හිමිකම් කඩ කිරීමක් බව අපගේ අදහසයි.රණවිරුවන් උඩ දාන සමාජයක මෙම අප්‍රසන්න සිදුවීම මෙරට තක්කඩි දේශපාලඥයන්ගේ කාඩ නිරුවත හෙළි කරන්නක්ද වේ.ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මිය ගිය කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විශ්‍රාමික ජනක ජයසේන ත්‍රස්තවාදියෙකු සළකා කටයුතු කිරීමට නියෝග කර තිබීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්ණයක් තිබේ.වර්තමානයේ මෙරට සේනා විධායක ලෙස බලයට පත් වී සිටින පින් ජනපති රනිල් රාජපක්ෂට එම ධූරය හිමිවූයේ එම අරගලය නිසාය.එසේ නම් මෙරට සිටින භයානකම හා පළමු ත්‍රස්තවාදියා පින් ජනපති රනිල් රාජපක්ෂ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුනරත්න දැන ගත යුතුය.කමාන්ඩෝ රෙජිමෙන්තුවේ බලලත් නිළධාරී ජනක ජයසිංහ .....ඔබට සුබ රාත්‍රියක් .........!!
Comments
Post a Comment