Posts

නාරමිමල ලොරි රථ රියදුරාගේ බිරිඳ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකමි පෙත්සම විභාගයට ගැනේ

Image
යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටියදී නාරම්මල පොලීසියේ  උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ලොරි රථ රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීමෙ තුළින් පොලීසිය මගින් තම මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව⁣ටත් ඒ වෙනුවෙන් තමන්ට මිලියන දෙසීයක් වන්දියක් ලබා දෙන ලෙසටත් ඉල්ලා එම ලොරි රථ රියදුරාගේ බිරිඳ ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වනදා අවසර ලබා දී තිබේ.  ඒ අනුව මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බව පැවසෙන වග උත්තරකාර පාර්ශවය ලෙස නම් කර ඇති උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන,පොසැ චමිදිත බණ්ඩාර කුලසේකර යන අයවළුන්ට මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට වග උත්තර බඳින ලෙසට දන්වා ඔවුන් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොතීසි නිකුත් කෙරිණි. එහෙත් අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සඳහන් කර තිබූ  පොලිස්පතිවරයා හා නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පෙත්සම් විභාගය නොපැවැත්වීමට තීන්දු කළ ⁣⁣පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ල එම වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකරන ලෙසටද නියෝග කරන ලදී. මෙහිදී පෙත්සම ඉදිරිපත් කර තිබූ මියගිය ලොරි රථ රියදුරුගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ...

අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන සෞඛ්‍ය අමාත්‍ය පතිරණ හා දෙකයි පනහේ රනිල් හාමු

Image
    ශ්‍රී ලංකාව සුනාමි ඛේදවාචකයට ගොදුරු වූ අවස්ථාවේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොළක ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල්ද රැඳී සිට තිබුණි.ඒ අවස්ථාවේ ජර්මන් රාජ්‍යයේ මැදිහත් වීමෙන් හෙල්මුට් කෝල් රැගෙන යාමට හෙලිකොප්ටරයක් ගාල්ලට එවන ලද මුත් ඔහු එහි යාම ප්‍රතික්ශේප කරන ලද්දේ සුනාමි විපතින් අසරණ වූ ජනතාවට උපකාරී වීම සඳහාය.එහිදී ඔහු සුනාමි ඛේදවාචකයෙන් විනාශ වූ ජනතාවට පිහිට වෙමින් ගාල්ල අවට විනාශ වූ නිවාස සුන් බුන්  අස් කිරීමට පවා දායක විය. මේ වටපිටාවෙි පිහිටා තිබුණ ගාල්ල මහ මෝදර මාතෘෘ රෝහළට වී තිබුණු විනාශය දුටු හෙල්මු⁣ට් කෝල් එය වෙනත් ප්‍රදේශයක ඉඳි කිරීමට කෝටි 800 ක මුදලක් මෙරටට ප්‍රදානය කිරීමට මැදිහත් වීම සුවිශේෂී සිද්ධියකි.එම මාතෲ රෝහළ කරාපිටිය ප්‍රදේශයේ ඉඳි කිරීමට භූමි භාගයක් වෙන් කෙරිණි. කෙසේ වෙතත් මේ සිද්ධියට සම්බන්ධ හෙල්මුට් කෝල් ගේ හැසිරීම හා සුනාමියට මුහුණ දුන් අපේ දේශපාලඥයකු පිළිබඳව නොදන්නා අයට දැන ගැනීම සඳහා අතුරු කතාවක්ද  මෙහි සටහන් කළ යුතුය. ඒ වර්තමානයේ රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන පිළිබඳවය.ඇමති බන්දුල ගුණවර්ධන සුනා...

පොලිස් විශේෂ කාර්ය බලකාය කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරද්දී මහේස්ත්‍රාත්වරුන් එම බලකායේ බට්ලර් ⁣වරු වෙලා -ලැජ්ජයි හිරිකිතයි කණගාටුයි ස්වාමීනි

Image
  රටේ නීතිය හා සාමය රැකීම කෙරෙහි ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය භාරය සුවිශේෂී වුවද අත් අඩංගුවට ගැනීම් වලදී සැකකරුවන්ට සලකන ආකාරය ගැන නම් ජනතාව තුළ  පොලීසියට පිළිබඳව ඇත්තේ එතරම් හොඳ ගෞරව බහුමානයක් නොවේ.1924 අංක 22 දරණ පනතට අනුව පොලිස් වද හිංසාව යනු මෙරට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අපරාධයකි.මේ පනතට අනුව ඕනෑම පොලිස් නිළධාරියකු විසින් වද හිංසාවක් කළ හොත් එම නිළධාරියා වසර 07 ක සිර දඬුවමකට හා  දඩ මුදලකට යටත් කළ හැකිය.නීතිමය තත්වය එසේවුවද මෙරට පොලිස් වද හිංසා හා අත් අඩංගුවට ගත් සැකකරුවන් මරා දැමීම නැවැත්වීමට එම නීති පද්ධතියට හැකි වී නැත. පොලීසියේ කෙරුවාව ගැන මහජනතාව තුළ පවතින අවිශ්වාසය සැකය හා දූෂිත බව තහවුරු කෙරෙන සාක්ෂි හා තොරතුරු අනන්තය.අප්‍රමාණය.එය එසේ තිබියදී පොලීසියට අනුයුක්ත කර තිබෙන අර්ධ මිල්ටෙරි ඒකකයක් ලෙස සැළකිය හැකි වි⁣ශේෂ කාර්ය බලකාය මේ වන විට අත් අඩංගුවට ගන්නා සැකකරුවන් මරා දැමීම විනෝද ජනක ක්‍රීඩාවක් බවට පත් කර ගෙන තිබේ. එකම පිටපතකට අනුව මෙසේ මරා ⁣දැමෙන සැකකරුවන් පිළිබඳව සමාජය එතරම් අවධානයක් යොමු කර නැතිවීම විශේෂ කාර්ය බලකායේ වාසියට හේතුවක් වී තිබේ.එම ඝ...

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බොරුවට අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් ලොක්කන් වැඳ සමාව ගනී

Image
  පාස්කු දින සිඳුවූ ප්‍රහාරයට සම්බන්ධ බවට අභූත චෝදනා කර තමන් අත් අඩංගුවට ගැනීමෙන් තම මානව අයිතිවාසිකම් කඩ වූ බව⁣ ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබූ පැමිණිලිකරුවන් පස් දෙනෙකු අතුරෙන් තිදෙනෙකු ඉදිරියේ වග උත්තරකාර හොරොව්පතාන හා කැබිලිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා වැඳ සමාව ගැනීමෙන් අනතුරුව එම නඩු අප්‍රේල් 01 වන දින  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමථයකට පත් කෙරිණි. කෙසේවෙතත් පැමිණිලි කරුවන් දෙදෙනෙකු එසේ සමථයකට පත් වීමට එකග නොවීම නිසා ඔවුන් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් පෙත්සම් විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. පාස්කු දින ප්‍රහාරයට පසුව එම ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින්  අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද සංවර්ධන නිළධාරියකු ,ගුරුවරයකු ඇතුළු පස් දෙනෙකු මෙම මානව හිමිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  ඉදිරිපත් කර තිබුණි. තමන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ෂහරාන් හසීම්ගේ කෝටි ගණනක දේ⁣පල තමන් සතුව පවතින බවට ජන මාධ්‍ය වාර්තා කළ බවද එම අසත්‍ය තොරතුරු සමාජගත කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බවද එම පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨ...

චික් විතරක් සිද්ධාලේප බන්දු ගූ වැඩ කරන්න එපා වාහේ

Image
  පාස්කු සැමරුම දින පොලිස්පති සිද්ධාලේප බන්දු කටුවාපිටිය පල්ලියට ගියේය.ඒ ගමන ගැන හිතන්නට බොහෝ දේවල් තිබේ.නුමුත් හිතෙන ඒවා හැම දෙයක්ම මෙතැන ලියන්නට බැරිය.ඒත් ඒ හිතන දේවල් ඇරඹෙන්නේ පොලිස්පතියා උගේ අම්මාට මොකද්ද කෙරුවානම් මීට වඩා හොඳ බව සිහිපත් කරමින් බව සඳහන් කළ යුතුමය. පොලිස්පති සිද්ධාලේප බන්දු පාස්කු සැමරුමදා කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ගොස් කෙරුවේ කතෝලිකයන්ගේ  ඇඟේ ලේ කෝප කරවන කෝචෝක් කිරීමකි.ඒ ගැන ලියන්නට වචන නැත.හරි විදියට ඒ ගැන ලියනවා නම්  ලියන්න ඕනෑ  අමු තිත්ත කුණුහරුපයෙනි. කෙසේවෙතත් කටුවාපිටිය පල්ලියට ගිය පොලිස්පතියා පිළිගන්න කිසිම කතෝලික පියතුමකු නොපැමිණීම ගැන නම් අපට සතුටුය.ඒත් පොලිස්පතියා ඇඳ⁣ ගෙන ගිය කලිසම ගලවා දමන්නට එකෙකු ඒ පල්ලිය අහල පහලවකවත් නොසිටීම ගැන හිතට දුකය.සැබවින්ම මේ තක්කඩියා ඇතුළු නඩයට කුණු බිත්තර වලින්වත් ගැසුවා නම් හොඳය.එහෙත් ජේසු ස්වාමි දරුවන් වහන්සේගේ කන්ද උඩ දේශනය ගැන දැනුවත් කතෝලික බැතිමතුන් වෛරී සහගතව මේ පාදඩ පාහරයා ගැන නොසිතුවා වෙන්නට පුළුවන. පොලිස්පති සිද්ධා⁣ලේප බන්දු යනු ⁣පාස්කු ප්‍රහාරයට වග කිවයුතු විත්තිකරුවකු බව ජනපත...

සාගලට එරෙහිව අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘගෙන් මැතිවරණ කොමිෂම වෙත පැමිණිල්ලක්

Image
  රජයේ සේවකයකු ලෙස සැළකෙන ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂ වේදිකවේ කතා පවත්වන්නේ කෙසේද යන්න හා එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිඳු කර පියවර ගන්නා ලෙස අනිද්දා නියෝජ්‍ය කර්තෘ ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිල්ලක් යොමු කර තිබේ. මාර්තු මස 23 වන දින ලසන්ත රුහුණගේ අත්සනින් යොමු කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් කර  ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (3) වන ව්‍යවස්ථාව අනුව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී රජයේ නිළධාරියකු ලෙස සැළකෙන බවත්,එම තනතුර රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් වන බවත් හා රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරු දරන නිළධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති බවත්ය. එවැනි තත්වයක් තුළ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පසුගිය මාර්තු 10 වන දින කුලියාපිටිය නගර සභා පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැළිය ඇමතූ බවය. එමෙන්ම ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන බවය. පලාත් පාලන ඡන්ද විමසීම් සඳහා එක්සත් ජාතික පක්ෂයද නාම යෝජනා බාරදී ඇති බවත් ඒ නිසා මේ වන විට ඇත්තේ මැතිවරණ සමයක්...

Re: ටිරාන් හා දේශබන්දුගේ හොරා පොලිස් සෙල්ලම නම් මාරයි

Image
  පසුගියදා වාර්තා වූ කරන්දෙණිය සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය   රොෂාන් කුමාර විතානච්චි ගේ ඝාතනය ප්‍රබල දේශපාලඥයකු ගේ මැදිහත් වීමෙන් සිඳුකරන ලද්දක් බවට සැකයක් මතු වී තිබේ.එම ඝාතනය පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් 18 ක් පත් කර ඇති බව පොලීසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණද මෙතෙක් එම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගෙන නොමැති බවද අනාවරණය වේ. මේ අතර යුක්තියේ මෙහෙයුම ⁣නමින් නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ගෙන යන වැඩපිළිවෙල ඉතා කුමන්ත්‍රණකාරී වැඩ සටහනක් ලෙසට සැක සිතිය හැකි බොහෝ සිදුවීම් රට පුරා අසන්නට ලැබේ. එහිදී මාධ්‍ය උපයෝගී කරගනිමින් ⁣නීතිය හා සාමය බාර අමාත්‍යවරයා හා පොලිස්පතිවරයා   ජනතා ආකර්ශනය ලබා ගැනීම සඳහා මෙරට සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය  මර්ධනය කරන බවට ප්‍රකාශ කෙරුවද  මෙහිදී පොලීසිය හා විශේෂ කාර්ය බලකාය මගින් බොහෝ විට අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හා සුළු පරිමානයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව පෙනී යයි.මෙරට නාමධාරී සංවිධානාත්මක අපරාධ කරුවන් ව...